Friday, August 1, 2014

අන්තර්ජාල බැංකුකරණය - e-Banking

e-banking එහෙම නැත්නම් Internet Banking ගැන අහලා ඇති හැමෝම වගේ. Online Banking, Home Banking ආදී වශයෙන් වාණිජ්‍ය අධ්‍යාපන විෂයය ධාරාවේ වෙන් වෙන්ව දක්වා ඇතත් මේ හැම නමින්ම කියවෙන්නේ එකම සේවාවක් තමයි.
අන්තර්ජාලය භාවිතා කරන ඕනිම කෙනෙකුට ලබාගතහැකි මෙය ඉතාම වටිනා බැංකු සේවාවක්. වර්තමානයේ වාණිජ බැංකු සියල්ලම පාහේ මේ සේවාව සපයනවා. ඒ වගේම මෙම සේවාව නුදුරැ අනාගතයේදී තව තවත් දියුණු වී පහසුකම් රැසක් සලසනු ඇති. ඔබට තවදුරටත් බැංකුවට යාමට අවශ්‍ය නොවේවි.
ඊ බෑන්කිං මගින් සේවාවන් ලබාගත හැකියි.

1. ගිණුමේ ශේෂය දැනගැනීම
2. පෙර ගණුදෙනු පිළිබද සියලු විස්තර බලාගැනීම
3. තමන්ගේම ගිණුම් අතර මුදල් මාරැකිරීම
4. වෙනත් අයෙකු සතු එම බැංකුවේම ගිණුමකට මුදල් මාරැ කිරීම
5. වෙනත් අයෙකු සතු වෙනත් බැංකුවක ගිණුමකට මුදල් මාරැ කිරීම
6. ලං.වි.ම., ජල සම්පාදන, SLT, Dialog (TV, CDMA, Mobile), Mobitel, Etisalat, Airtel, Lankabell ආදී පාරිභෝගික බිල්පත් ගෙවීම,
7. රක්ෂණ වාරික ගෙවීම
8. සෑම ගණුදෙනුවකටම රිසිට්පතක් ලබාගැනීම ආදී සේවා රැසක් මෙයින් ඉටුකරගත හැකිය.

මෙම මූලික සේවා වලට අමතරව තවත් පහසුකම් ඒ ඒ බැංකු වලට අනන්‍යයයි.

මෙම සේවාව ලබාගැනීමට ඔබ බැංකුව නිකුත්කරන අයදුම්පතක් පුරවා සහ ඊටම යාකල ගිවිසුමක් අත්සන් කර බැංකුවට භාර දිය යුතුයි. මෙහිදී ඔබ දිනකට ගණුදෙනු කිරීමට අපේක්ෂිත මුදල් සීමාව සදහන් කිරීමේදී තරමක් ඉහල සීමාවක් (රැ.1000,000 ක් වගේ) දක්වන්න. නැතිනම් පසුව සැකසීමට තරමක් කරදරයි.


හැබැයි, තමන් ගණුදෙනුකරන ගිණුම් සහ බිල්පත් වලට අදාල අංක (දුරකථන අංක, විදුලි බිල්පත් අංක) ආදිය පසුව තමන්ගේ Profile එක මගින් වෙනස් කල හැකියි. ඒවා ගණුදෙනු කරන සෑම විටෙකම ඇතුලත් නොකර මෙනුවකින් තෝරාගැනීමට මෙමගින් හැකිවෙනවා.

ඉන්පසු ඔබගේ User ID එක හා Password එක තැපෑලෙන් ගෙදරටම ලැබෙනවා. එය මගින් අන්තර්ජාලයට පිවිස තම Password එක සුදුසු පරිදි වෙනස්කරගත යුතුයි. ඉන් පසු ඉහත සේවාවන් ඔබ සදහා විවෘතයි.


නිකම් හිතන්න.
බිල්පත් ගෙවන්න පෝලිං වල ඉන්න ඕනි නැ. ගෙවල්කුලී, රක්ෂණ වාරික, ලීසිං වාරික ගෙවන්න පුලුවන් එක මොහොතින්. තමන්ගෙ යාලුවෙක් නෑදෑයෙක් හෝ ඕනිම කෙනෙක් එක්ක මුදල් ගණුදෙනුවක් ක්ෂණිකව කරගන්න පුලුවන්. රී ලෝඩ් දාලා මල් කඩන්න පුලුවන්.

දවසේ පැය 24 පුරාම අවුරැද්දේ දින 365 (හෝ 366) පුරාම බැංකු ඇරලා තිබුණත් නැතත් මේ ගණුදෙනු නිවසේ සිටම කරන්නට පුලුවනි. ඒ විතරක් නෙමෙයි නිවසෙන් පිට වුනත් අන්තර්ජාල පහසුකම තියෙන ඕනිම තැනකදී හෝ අන්තර්ජාල පහසුකම ඇති ඕනිම ජංගම දුරකථනයකින් (ඇයි ලැප?) වුනත්.

මෙම සේවාව ලබාගැනීමේදී ඔබ ප්රවේසම් වියයුතු තැන්ද තියෙනවා.
1. Identity theft කියන්නේ ලෝකය පුරා පැතිරැණු මහ වසංගතයක්. බැංකු මෙයින් ‍සහමුලින් බේරිලා නෑ. ඔබගේ User ID එක හා Password එක leak වුනොත් අබ සරණං ගච්ඡාමි. ඔබට වියහැකි මූල්‍යමය අලාභය කියා නිමකරන්න බැරිවේවි. ඒ නිසා මේ වගේ අනතුරැ ඇගවීම් බැංකු විසින් පලකරනවා.




අපි කෙලින්ම link එකෙන් ගියාම හරි. කාටවත් Keystroke අල්ලගන්න බැරිවෙන්න. ඒ වගේම මුදල් සම්බන්ධ කටයුතු වලදි කාවවත් විශ්වාස කරන්න එපා. තමන්ගෙ ගිණුම් තොරතුරැ leak වෙන්න දෙන්න එපා. 

2. Online කීවාට අනෙක් බැංකුවල ගිණුමකට මුදල් මාරැකරන කොට ඒක එවේලෙම ගිණුම්ගත කරන්නේ (real time processing) නෑ. කාණ්ඩ ක්රමයට (Batch processing) තමා කරන්නේ. ඒ නිසා දවස අවසානයේ තමා බැර වෙන ගිණුමට මුදල් ලැබෙන්නේ. නමුත් වඩාත්ම ව්‍යාපාරික අදහසින් නොබලා විශ්වාසය තහවුරැ වීම හා ගණුදෙනුකරැගේ මුදලට උපරිම ආරක්ෂාව සලසන බැංකු තමා මේ ක්රමය ක්රියාත්මක කරන්නේ. එවැනි බැංකුවක් තම ගණුදෙනු සදහා තෝරාගැනීම ඉතා වැදගත්, පාඩුවෙල් පෙට්රල් හොයනවට වඩා.

3. තාක්ෂණය සර්ව සම්පූරණ හෝ සහමුලින් විශ්වාසකල හැකි දෙයක් නොවන බව ඔබ දන්නවා. එසේනම් අන්තර්ජාලයෙන් මේ කෙරෙන ගණුදෙනුත් එම රීතියට යටත්. තමන් කල ගණුදෙනුව ඇතුලත් රිසිට්පත මුද්රණය කරගැනීම ඉතාම වැදගත් වගේම අත්‍යවශ්‍යයයි, පසු පරීක්ෂාවකට. 

හැමදේටම pros and cons තියෙනවානෙ. ගැඹුර දැනගෙන බහින්න. පීනන්න. ඒ ආශ්වාදය ලබන්න. ඊ බෑන්කිනුත් ඒ වගේ. 

නැවත හමුවෙමු. ගැටලු ඉදිරිපත් කරන්න. 









10 comments:

  1. වෙරි ගුඩ්.. බ්ලොගර් ෆටලා්වර ගැජට් එක දාන්න.. මං ඇහැගහගෙන ඉන්නේ මේක හොදද??? දිගටම ලියන්න..

    ReplyDelete
    Replies
    1. එහෙමයි. ඕන් දැම්මා. ඔබතුමාගෙ මෙව්වා එකටත් මං ඔලුව දානවා නිතරම. පළවෙනි කමෙන්ට් එකම අන්ඩර දෙමලෙන් දැම්මා. එච්චර වෙලා කරපු එක අනික් පැත්ත කරලා බලනු මැනවි.

      Delete
  2. ඉතාම වටිනවා. හැබැයි දිගටම ලියාගෙන යමු. මේ තාක්ෂණික තොරතුරු ඇත්තටම අපි ගොඩක් දෙනෙක් හරියටම දන්නෙ නෑ. ෆලෝවර් එක දාගන්න. ආ.. තව දෙයක්, මේක නොදන්න නිසා අහන්නෙ. බැංකු වලින් අපිට ලබා දෙන ඩෙබිට් කාඩ්පත් මඟින් අන්තර්ජාලය තුල ගෙවීම සිදුකල හැකි ආකාරයට සකස් කර ගැනීමට ක්‍රමයක් තියෙනවද?

    ඔබට සුබ පැතුම්. ඉතාම දිගු සාර්ථක ගමනකට ආසිරි පතනවා.

    ReplyDelete
    Replies
    1. වර්ඩ් වෙරිෆිකේශන් අයින් කලානම් කමෙන්ට් කරන්න ලේසියි.

      Delete
    2. e-bay වගේ එව්වයෙ මෙව්වා කරන්නනම් International Visa/Master/Amex ණයපත් (Credit Cards) ඕනි වෙනවා. ඉතිං ආදායම්, මුදල් ප්රවාහ පෙන්නුවාම හරි. තැන්කුයි හොදේ.

      Delete
    3. VISA DEBIT CARD වලින් බැරිද ඕක කරන්න?

      Delete
    4. මෙහෙමයි මනෝෂ්, ඔය Credit Card වල තියෙනවා නේද CV/CVV Number (Card Verification Value) කියාලා අංක 3 ක කේතයක් පස්ස පැත්තෙ (ඇමෙක්ස් වල ඉස්සරහ පැත්තෙ). ඒක බොහොමයක් Debit Card වල නැහැ නේද? අන්න ඒ CVV Number එක ඕනි වෙනවා internet shopping වලදි. සමහර බැංකු මේ පහසුකම සපයනවා ඇති Debit Card වලටත්.
      ඇතැම් ප්රශ්නවලට උත්තර හොයන්නම වෙනවා. කොහොම හරි හොයලා දාන්නං ඈෑෑෑ.

      Delete
  3. HSBC ලගේ ඉ සර්වර් එකවුන්ට් එක ඊ බැන්කින් සේවාවක් නේද?

    ReplyDelete
    Replies
    1. නලින් ඕක ඊ-සේවර් (e-saver) නේද? ඒකනම් e-banking සේවාවක් තමා. හැබැයි ඒක ක්රියාත්මක කරන්නෙ Standard Chartered Bank එක.

      Delete