Wednesday, August 27, 2014

මොකක්ද මේ වී ?- What the hell is this "V"?




අද කියන්න යන්නෙ Profile Picture එක විදිහට යොදාගත්ත පින්තූරෙ ජාතක කතාව. ඒ තමයි 1980 දශකය අගදි ප්රචාරය වුනු V (tv series) නැමැති විද්‍යා ප්රබන්ධ කථා මාලාව. මේක විසිටර් බොහොම ආශවෙන් බලපු කතාවක්. එයාගේ පංතියෙ යාලුවො කීප දෙනෙකුත් හිටියා ඕකට වහ වැටුණු. ඒ කාලෙ අද වගේ නෙමෙයි, ඔය රෑපවාහිනී ඉංග්රීසි වීරකතා වුනු (Action Series)  Knight Rider, Street Hawk, McGyver, Robin of Sherwood, Tarzan, Miami Vice, The "A" Team, Bonanza, Air Wolf විතරක් නෙමෙයි Little House on the Prairie, Butterfly Island වගේ ලමා මනස ඉලක්ක කරගත්තු කතාත් (Dynasty, Return to Eden වගේ ගොඩක්ම ලාබාල අයට හදපුවත්) අපි හරි ආශවෙන් බැලුවා.

ඒ කාලෙ විද්‍යා ප්රබන්ධ අඩුයි. තාක්ෂණය ඒ තරම් දියුණු නැති නිසා අද ඒ කතා බැලුවාම හිනාත් යනවා තමා. ඒත් ඒ කාලේ ඔය කතාවක තේමා වාදනය ඇහෙද්දිත් හිතට අමුතු තිගැස්මක් එනවා.
අපේ මාතෘකා වුණු V නමැති කතාව ඇත්තටම කාණ්ඩ 4 කින් හදා තියෙනවා. V (1983 miniseries) V: The Final Battle, V (1984 TV series) සහ V (2009 TV series). අපි බැලුවෙ 1984 sequel එක.
කතාව කෙටියෙන් මෙහෙමයි.


පිට ග්රහ ලෝකෙකින් යානා 50 ක් (බලන්නකො ඒකෙත් හැටි. හරියටම 50 යි ඈ...) අපේ ලෝකෙට එනවා. ඒවයෙ ඉන්නෙ මිනිස්සුම තමයි (ඕක ඉතිං විද්‍යා ප්රබන්ධ කාරයො වරද්දාගන්නම තැනක්නෙ). ඔවුන් එන්නෙ ෂේප් න්‍යායෙන්. අණ දෙන්නා තමයි බොහොම අයස්කාන්ත රෑපයක් තියෙන ඒත් අති දුෂ්ඨ Diana නම් කාන්තාව. Lydia කියන්නේ ඇගේ දෙවැනියා. ඇයත් බොහොම ලස්සන Blonde කෙනෙක්. මේ කාන්තාවො දෙන්නගෙ වැඩේ ඉතිං එකාට එකා කපාගන්න එක තමා (බලන්නකො පිට ග්රහලෝක වලත් මෙහෙ වගෙනෙ- අපෙන් බෝ වුනාද දන්නෙ නෑ). 

මේ ගොල්ලෝ අපෙන් ඉල්ලනවා එයාලට උවමනා රසායන ද්රව්‍ය සහ ඛණිජ වර්ග. ඊට හිලව් වශයෙන් ඔවුන් දෙන්න හදන්නේ ඔවුනගේ දියුණු තාක්ෂණය. නමුත් එක් මාධ්‍ය වේදියෙක් (Mike Donavan) පිටසක්වලයින්ගේ මව් යානයට රිංගලා හොයාගන්නවා මේ ජීවින්ගේ මිනිස් ස්වරෑපය කෘතිම එකක්, ඔවුන්ගේ කෘතිම හමට යටින් ඉන්නේ මාංශභක්ෂක උරග වර්ගයට අයත් භයානක ජීවීන් පිරිසක් වග. ඔවුන්ගේ අරමුණ පෘථිවියේ පාලනය අල්ලාගෙන ජලය සම්පූර්ණයෙන් ලබාගැනීමත් ආහාර පිණිස මිනිසුන් වගා කර ඒ මත යැපීමත් බව. 

මේ මාධ්‍ය වේදියා බොහොම සුන්දර වෛද්‍ය ශිෂ්‍යාවක් (Juliet "Julie" Parish) හා තරමක් මුරණ්ඩු, හිටපු CIA නියෝජිතයෙක් (Ham Tyler) සමග ගොඩනගනවා ප්රතිවිරෝධී කණ්ඩායමක් පිටසක්වලයින්ට විරැද්ධව. ඒ අතරෙ මිනිස්සු සොයාගන්නවා red dust නමැති බැක්ටීරියාවක් මේ ජීවීන්ට මාරාන්තික ලෙස හානිකර. ඒ බැක්ටීරියාව නිපදවන විද්‍යාගාරයේ හිමිකරැ (Nathan Bates) පිටසක්වලයින් සමග එක් වෙලා
ලොස් ඇන්ජලිස් නගරයේ බලය අල්ලාගෙන ආණ්ඩුකාරයා වෙනවා. හැමතැනම වගේ මෙතනත් පිටසක්වලයින් අතර ඔවුන්ටම විරැද්ධ කණ්ඩායමක් ඇතිවෙනවා පස්වන කුලුණ නමින්. ඔවුනුත් අර ප්රතිවිරෝධී කණ්ඩායමත් එකතුවෙලා පිටසක්වලයින්ට එරෙහිව කරන සටන තමා කතා මාලාව පුරාම යන්නෙ. ඔය අතරෙ පිටසක්වලයෙකුයි මනුස්ස දුවෙකුයි එකතුවෙලා හයිබ්රිඩ් ලමයෙකුත් (Elizabeth Maxwell) ලැබෙනවා. ග්රහ දරැවෙක් (Star Child) කියමුකො. මේ දැරිය බොහොම ඉක්මනින් සර්පයො හැව අරිනවා වගේ වැඩිවියට පැමිණිලා අපූරැ තරැණියක් වෙනවා අසාමාන්‍ය හැකියාවන් ඇති. ඇයව අවසානයේ පිටසක්වලයින්ට භාරදෙනවා ආපහු එයාලගෙ ලෝකෙට ගෙනියන්න. යුද්දෙ අවසන් වෙන්නේ සාම සාකච්ඡාවකින්, පුදුම වෙන්න එපා.

කතාව කොටස් 19 යි. හැබැයි ඒ කාලෙ හරිම ත්රිල් ඕක බලන කොට. රෑපවාහිනියෙත් ගිය Beast Master හි (අනේ මන්දා ඒ කතාවේ කොයිතරම් සාර්ථකව මෙයා පෙනීහිටියද කියලා) ප්රධාන චරිතය පණපෙවූ Marc Singer මේ කතාවෙදි Mike Donavan චරිතය නිරෑපනය කරනවා. Juliet Parish ලෙස සුන්දර Faye Grant නම් නිලියත් Nathan Bates ලෙස Lane Smith, Michael Ironside නම් කැනේඩියානු නලුවා Ham Tyler ලෙසත් Friday the 13th Jason Lives හි පෙනීසිටි Jennifer Cooke මෙහිදී Elizabeth Maxwell ලෙසත් Diana ලෙස Jane Badler හා Lydia ලෙස June Chadwick යන නලුනිලියන් සෑහෙන සාර්ථක රංගනයක යෙදෙනවා. ආයි අනෙක් පැත්තට අසාර්ථක දර්ශන නැතුවාම නොවෙයි. යානයක Cannon එක Fire කරද්දි ඇත්තටම එහෙම නොවෙන නිසා නලුවන්ට එය මුහුණෙන් පෙන්වන්න වෙනවා මාංශ පේශි හකුලලා. මේ දර්ශනය ඉතාම අතාත්විකයි. මොකද බොත්තමක් ඔබන්න මූණ අකුලන්න ඕනියැ. හිස් අවකාශේ යානයක් ලුහු බැදගෙන යද්දි අපි වාහන එලවද්දි වගේ වමට දකුණට ඇලවෙවී එබී බලන්නේ ඇයි කියලාත් සුක්කානම් lever එක එහා මෙහා කර කර යන්නෙ ඇයි කියලාත් මට ඒ කාලෙත් ගැටලුවක් තිබ්බා.
කොහොම වුනත් V කියන්නෙ 1980 ගණන්වල සාපේක්ෂව සාර්ථක නිර්මාණයක්. දර්ශන පසුතල ව‍ගේම පිට සක්වල ජීවීන් ලෙස නලු නිලියන් ක්රියාකරන ආකාරය සෑහෙන්න තාත්ත්විකයි.
ලේසර් වැනි කිරණ විශේෂයකින් පහරදෙනකොට පහර වදින අන්දම හරි අපූරැවට නිර්මාණය කරලා තිබුණා. ඒක අපිට වදිනවා වගේ දැනෙන්නේ. (දර්ශන බලන්න www.youtube.com/watch?v=Wa2aCC-1JEs, www.youtube.com/watch?v=M77HfZu24bw).

දැන් පොඩි පොදු විචාරයක් ලියමු.


මම මුලින් කීවා වගේ ඒ කාලෙ නෙමෙයි අදත් විද්‍යා ප්රබන්ධ සිනමා කරැවන් එකම රාමුවකට කොටු වෙනවා.
·         ඒ කියන්නේ ඔවුන් පිට සක්වල යානා ලෙස පෙන්වන්නේ සීමිත ආකෘති කීපයක්. එක්කො පීරිසිය     නැත්නම් අර පොඩි කාර් එකක් වගේ පස්සෙන් දුම් දාන එක.
·         පිටසක්වල ජීවීන් හැමෝම වගේ ස්වරෑපයෙන් හැඩයෙන් මිනිස්සුන්ට සමානයි හෝ ඉතා ආසන්නයි. අඩුම ගණනෙ අපේ ලෝකෙ ජීවත්වෙන සතෙකුට (හෝ සත්ව මිශ්රණයකට) සමානයි. මේක විය යුතුමද, නෑ නේද?
·         අනික තමයි කිසිම සංනිවේදන ප්රශ්නයක් නෑ අපේ භාෂාවන් වහාම ඉගෙනගන්නවා හෝ එන්නෙම ඉගෙනගෙන.
·         එන්නෙත් අපිව කන්න බලාගෙන. යුද්ධ කරනඑක නම් මිනිස් (නෑ නෑ සත්ත්ව) ස්වභාවය කියමුකො.
·         විශේෂ දෙකක් මුහුන් කරන්නත් සෑගෙන ගේමක් දෙන්න ඕනි එකේ මේ ගොල්ලො සහ අපි අතර ප්රජනන ක්රියාවලිය සිදුවන බව පෙන්වීමත් විහිලුවක්.
·         තවත් එකක්. පිටසක්වලයින් අපේ මිනිස් ක්රියාකාරකම්ම කරන එක. කන, බොන, ඇවිදින, නිදන ආදී ක්රියාකාරකම්.
·         අනික මේ පොලොවේ තියෙන විෂබීජ, බැක්ටීරියා ආදියට ඔවුන්ගේ ශරීරය ප්රතිචාර දැක්වීම. ඔවුන් ලෙඩවීම හෝ මියයාම.
·         අවසාන වශයෙන් මිනිස් ලෝකෙ කළමණාකරණ න්‍යායන්, උපක්රම සහ ඒවා ප්රායෝගිකව යෙදීම පිට සක්වලයින් ඒ විදිහටම අනුකරණය කරනවා.

විද්‍යා ප්රබන්ධ ලියන අය වගේම චිත්රපට හදන ඈයොත් සුපුරැදු රාමුවෙන් පිටට ගිහින් මේ ලෝකේ නැති දෙයක් පිට සක්වලයින් එක්ක පෙන්නුවොත් තමා වඩාත් නිර්මාණශීලී වෙන්නෙ.

මේ දේවල් ඒ තරම් හිතන්න අවශ්‍ය නැතත් උපකල්පන හෝ සංකල්ප තමා විද්‍යාව ගොඩනගලා තියෙන්නෙ. ඉතිං විද්‍යාඥයොත් උනන්දු වෙන මේ දේවල් ගැන අපිත් හිතලා බැලුවට කමක් නෑ. ඇත්තටම විශ්වයේ තවත් ජීවයක් තිබේද යන්න සෑහෙන්න පර්යේෂණ වලට මුල්වුණු මාතෘකාවක්.

Hollywood සිනමාවේ අදටත් බාල චිත්රපට (low budget) නිපදවෙනවා. උදාහරණයක් විදිහට 2010/11 තරම් මෑතකදි නිපදවුණු Mega Piranha සහ Super Shark  වගේ චිත්රපට බැලුවම හිනා යනවා ඉල කැඩෙනකම්. ඒවායේ භයානක බව දැනෙන්නෙම නැහැ. Super Shark සෑදීමට මුල්වූ 1975 තිරගත වූ Jaws ඒ කාලේ හැටියට ඉතාම ඉහල නිර්මාණයක් (මම ඊ ලග Entertainment Post එකෙන් ඒ ගැන කතාකරන්නයි හිතා ඉන්නෙ).



12 comments:

  1. ඇයි X-Files, Spell Binders, Silver Sun, Space Cases....

    ReplyDelete
    Replies
    1. ඔය කාලවකවානුව ටිකක් මෑතයි (95 න් පස්සෙන). අපි ඇවිල්ල ටිකක් මැන්ටල් ඈෑෑ. Spell Binder නම් ගති. මට වැදුනෙම රියානා. ඇයි... ස්කලිත් නරකම නෑ.

      Delete
  2. V, A Team, Automan මාත් බැලුවා.. ජය වේවා... දිගටම ලියනවනේ.. ??

    ReplyDelete
    Replies
    1. ලියන්න ඇහැකි දේශකයා. හැබැයි මගේ දුර්වලකම තමා ඒකාකාරිත්වයෙන් පීඩාවට ලක් වීම. ඒ නිසා මාතෘකා හැම අතේම යයි ඈෑෑෑ. බැංකු කටයුතු ගැනනම් ටිකක් ලියන්න ඕනි වැඩිපුර. මං හිතන්නෙ ගොඩක් අයට ප්රයෝජනවත් වෙයි. විශේෂයෙන් ණය සම්බන්ධව ලොකු දැනුමක් දෙන්න හිතා ඉන්නවා. තැන්කුයි.

      Delete
    2. ණය සම්බන්ධව ලොකු දැනුමක්

      පුලුවන්නං නයක් දියං

      Delete
  3. ණය සම්බන්ධව ලොකු දැනුමක්

    නෙමෙයි බං පුලුවන්නං නයක් දියං

    ReplyDelete
    Replies
    1. දෙඤ්ඤංකො. එක එක ණය ජාතිවලට ඕනි ජාති මං යථා කාලෙදි කියඤ්ඤං ඈ... ඇත්තටම ණයක් ගන්න අදහසක් තියේනම් හදිසිත්නං විස්තර දාඤ්ඤකො ඊයක්.

      Delete
  4. //විද්‍යා ප්රබන්ධ ලියන අය වගේම චිත්රපට හදන ඈයොත් සුපුරැදු රාමුවෙන් පිටට ගිහින් මේ ලෝකේ නැති දෙයක් පිට සක්වලයින් එක්ක පෙන්නුවොත් තමා වඩාත් නිර්මාණශීලී වෙන්නෙ//

    ඔන්න ඕක නම් සහතික ඇත්ත..

    හැබැයි ඉතින් ඔය විදියට හිතන්න පුල්වුඅන් ය ඉන්නේ බොහොම අතලොස්සක් වෙන්න ඕන...

    ReplyDelete
    Replies
    1. අපේ සිනමාව ගැන ලියන්නම දෙයක් නැති තරං. Low Budget වුනත් අලුත් දෙයක් කරනවානම් බලන්න මිනිස්සු ඉන්නවා. අලුත් අදහස් එක්ක එන ව්‍යාපාර දියුණු වෙන්නෙ ඒකනෙ.

      Delete
  5. මනෝෂ්, දේශකයා, නලීන්, අටම්, විභීෂණ,
    විසිටරයාට ඔබ දිගුකල මිත්‍රත්වයේ දෑතට නොවක් තුති!

    ReplyDelete
  6. මට නයිට් රයිඩර් තරං එකක්වත් වැදුනෙ නෑ...
    ඊට පහුකාලෙක වුණත් අයිටීඑන් එකේ ශීනා..(ස්වර්ණවාහිනී, අයිටීඑන් කියල දෙන්නෙක් හිටියනෙව) ඇමසෝන් හල්ක්... පට්ට ආසාවෙන් බලපු කතා සෙට් එකක්...
    ඒ විතරක්යැ
    ස්පෙල් බයින්ඩර් රොබින් හුඩ්...
    හිහි...
    එක්ස් පයිල්ස් නං දැනුත් බලනව... හැමදාම හසව දෙකට ජාතිකේ යනව නෙ

    ReplyDelete
  7. නයිට් රයිඩර් කාර් එකේ තියෙන ඔප්ෂන්ස් අදටත් ප්‍රාෙයා්ගිකව කරන්න බැරි වුණාට ඒ කාලේ ඒවා අපි හැබැහින් දකින්න ප්‍රියකල රසවත් සිහින. එක එක ටෙම්පෝ වලින් දෙන තේමා වාදනය වුනත් පට්ටයි. රොබින් හුඩ් නම් ඇත්තටම ක්‍රියාදාම චිත්‍රපටයකට වඩා බොහොම කලාත්මක එකක්.
    Anyway, Welcome!!!

    ReplyDelete