Monday, September 8, 2014

සල්ලි දෙයියන්ගේ මල්ලිනම් සල්ලි ලක්ෂ්මිගේ කවුද? (2) Brother of God and Goddess Lakshmi (Episode-2)

මෙම පෙළෙහි මුල් ලිපිය සිංහල බ්ලොග් ලෝකයට වඩාත් සක්‍රියව ගෙනගියේ අටම්පහුර. ඔහුට මුලින්ම කෘතඥතාව පළකරමින් අදත් කතිකාව අරඹමු එහෙනං... ඈෑෑ...



අපි ගියපාර කතා කොලා නොවැ මුදල් පිළිබඳ මූලික ලක්ෂණ සහ ලංකාවේ භාවිතාවන කාසි පිළිබඳව. මට එදා කියන්න බැරිවුණා 2005 නිපදවන ලද අද භාවිතයේ ඇති නව කාසි ශ්‍රේණියේ ලක්ෂණ කීපයක් ගැන. 

  • ශත 25 සහ 50 තඹ ආලේපිත ග්‍රෑම් 1.68 ක් හා 2.5 ක් බරැති වානේ කාසි. 
  • රුපියල සහ රු.5 යනු පිත්තල ආලේපිත ග්‍රෑම් 3.65 ක් හා 7.7 ක් බරැති වානේ කාසි. 
  • රු.2 සහ රු.10 යනු නිකල් ආලේපිත ග්‍රෑම් 7.0 ක් හා 8.36 ක් බරැති වානේ කාසි. (රු.10 කියන්නේ 2009 මුද්‍රිත කාසිය)

නමුත් බැංකුවල අදටත් කාසි කාණ්ඩ 3 කට වර්ග කරනවා සටහන් තැබීමේදී. ඒ අනුව ශත 1 හා 2 තඹ (copper) වශයෙන්ද ශත 5 නිකල් (nickel) වශයෙන්ද අනෙක් ඉහල කාසි සියල්ල රිදී (silver) වශයෙන්ද වර්ග කරනවා. මෙයට හේතුව ආරම්භයේදී මෙම කාසි නිපදවීමට යොදාගත් ලෝහ.



දැන් කතා කරමු ලංකාවේ භාවිතා වන මුදල් නෝට්ටු ගැන. ස්කෑන් කරලා ගන්න නෝට්ටු වලට වඩා අන්තර්ජාලයේ ඇති නෝට්ටුවල ඡායාරූප සමහරක් පැහැදිලි නිසා ඒවා යොදන්න වුනා. ඒ වගේම ඔබට අවශ්‍ය වැඩිදුර කරුණු රාශියක් ශ්‍රී ලංකා මහ බැංකුවේ නිළ වෙබ් අඩවියෙන් (http://www.cbsl.gov.lkගත්න පුලුවන් බවත් සඳහන් කරන්න ඕනි. ඔවුන්ට අනුව 2013 වසර අග වන විට සංසරණයේ පැවති මුදල් නෝට්ටු හා කාසි වල වටිනාකම රු. බිලියන 339 ක් හෙවත් රු. කෝටි 33,900 ක්. 

අපේ නෝට්ටු ගත්තම 2001 අවුරුද්දෙන් පස්සෙ මුද්‍රණය කල නෝට්ටු තමා අදටත් බහුලව භාවිතා වෙන්නේ. ඒ නිසා ඒවා ගැන බලමු. මේ නෝට්ටු පැරණි කාණ්ඩය හා නව කාණ්ඩය වශයෙන් දෙකක් තියෙනවා. 

පැරණි නෝට්ටු කාණ්ඩය


ඕං ඔය උඩහ තියෙන්නේ ඒ කාණ්ඩෙ (denomination) තමා. ඔය මැද්ද වැජඹෙන ඔස්ට්‍රේලියන් ඩොලර්  අනුරුව නම් අසාර්ථක වුනේ එම නෝට්ටුව නිපදවූ පොලිමර් වර්ගය අපේ මේ ඝර්ම රටේදි උණු වුන නිසා. අනික අපි පුරුදුවෙලා තියෙන්නෙම නෝට්ටුවක් දෙකට නමල ඔබාගන්නනේ (පර්ස් එකේ...පර්ස් එකේ). ඒ වගේම අපේ බස් කොන්දොස්තර උන්නැහැල එහෙම ඕක අනික් අතට දෙකට නමල ගහගන්නවනෙ (ඇඟිලි අතරෙ...ඈ...). ඔහොම හතරට නැමෙන්න හදපු නෝට්ටුවක් නෙමෙයි ඒක. පපඩම වගේ කැඩෙනවා. මේ රු.200 හඳුන්වා දුන්නේ 1998 දී නිදහස් ස්වර්ණ ජයන්තිය නිමිත්තෙන්. රු. කෝටි 2 ක මුදල් මුද්‍රණය කලා. 

ඔබ මුදල් නෝට්ටු පසුම්බිය තුල රැඳවීමේදි පසු පසින්ම ඉහල වටිනාකම ඇති නෝට්ටුවත් ඉදිරියෙන්ම අඩුම නෝට්ටුවත් සිටින සේ නෝට්ටු දිග හැර තැන්පත් කරන්න. මේක තම එස් 5 ක්‍රමය පටන්ගන්න හොඳම විදිහ.

පැරණි නෝට්ටු වල ලක්ෂණ හා ආරක්ෂණ සලකුණු
කඩදාසියේ ස්වභාවය
කවර නෝට්ටු කාණ්ඩයක වුනත් නිෂ්පාදිත කඩදාසිය රලු ස්වභාවයක් ගන්නවා. එහි දිස්නයක් නැහැ. ඔබ දැක ඇති Conquer නමැති කඩදාසිය. අන්න ඒ වගේ රලු බවක් තමා නෝට්ටුවේ තියෙන්නෙ. මෙයට හේතුව කපු මිශ්‍ර කඩදාසි පල්පයකින් ඒවා නිපදවීම. සේදුවාට දිය නොවෙන්නේ ඒකයි. 
බුද්ධිමත් හොරු මේ Conquer කඩදාසියද මෝඩ හොරු ෆොටෝකොපි කොලවලද තම නිෂ්පාදනය කරති. (නමුත් ඔය කොයිකත් තුන්වෙනි ගණුදෙනුව පමණ වන විට අහුවෙනවා). සත්‍ය නෝට්ටුවක මුද්‍රිත රටා පවා ඇඟිලි තුඩු වලට දැනෙනවා. මෙම විශේෂ මුද්‍රණ රටාව හඳුන්වන්නේ ඉන්ටැග්ලියෝ (Intaglio) මුද්‍රණය නමින්. ඉහල මැද ඇති ශ්‍රී ලංකා මහ බැංකුව යන වචන හොඳින් අතට දැනෙනවා.





ආරක්ෂක නූල
ඔය ඉහලින් තියෙන නෝට්ටු 4 ම පොලියෙස්ටර් නූලක් ඔබ්බවා තියෙනවා Central Bank of Sri Lanka යන්න මුද්‍රිතව. රු.10 නෝට්ටුවේ අකුරින් දහයයි කියන වචනයේ පළමු යන්න මැදින්, 20 නෝට්ටුවේ විස්සයි යන වචනයේ සහ යි යන අකුරු දෙක මැදින් 50 නෝට්ටුවේ පනහයි යන වචනයේ  යන්න මැදින් වගේම 100 නෝට්ටුවේ මහ බැංකුව යන වචනයේ කු යන්නේ පාපිල්ල හරියෙන් ඔය නූල ගමන් කරනවා.


මේ 500 හා 1000 නෝට්ටු වල ඔය නූල කැඩිලා!!! එය ශ්‍රී ලංකා මහ බැංකුව යන පාඨයෙහි යන්න හරියෙන් යන රිදී පාට පටියක්. ආලෝකයට ඇල්ලුවාම තනි පටියක් (තනි ඈෑෑ) ලෙස පෙනෙනවා. 
වංචා සහගතව නිපදවන නෝට්ටුවල මේ රිදී වර්ණය ලබාගන්න බැහැ. 
500 නෝට්ටුවේ පටිය දිගේ තියෙන්නේ ඩේසි මල් මෝස්තරයක්. 1000 නෝට්ටුවේ තියෙන්නේ නූලෙන් වියාපු පැසක් (මල්ලක්) වැනි මෝස්තරයක්, හැබැයි 500 නෝට්ටුවේ නූලට වඩා පළලින් මි.මී. 1 ක් වැඩියි.

2005 න් පසු නිකුත්කල 500 නෝට්ටුව හා 2006 න් පසු නිකුත්කල 1000 නෝට්ටුව ගත්තොත් මේ ලා රිදී පාට ඉර ඉතා තද රිදී පාටක් ගන්නවා. ඒ වගේ ඩේසි මල් හා පැසක වියමන වෙනුවට නෝට්ටුවේ වටිනාකම ඉලක්කමෙන්ද CBSL යන අකුරුද මාරුවෙන් මාරුවට යොදා තිබෙනවා. එය ගමන් කරන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව යන වචනයේ අග යන්න මතින්. හොඳට බලන්න.
වැරගැන්වූ කොන් හෙවත් නෝට්ටුවේ මුලු 4 හි විකර්ණ රේඛා ඛණ්ඩ කීපයක් ඔබට දැකිය හැකිවනු ඇති.


ආගන්තුක 2000


2005 දී හඳුන්වාදුන්නා අලුත්ම අලුත් 2000 නෝට්ටුව. මෙය සාමාන්‍ය මුදල් නෝට්ටු ඛණ්ඩනය වන 1, 2, 5 ශ්‍රේණියට අනුකූලයි. මෙහි තිබෙනවා තරමක් වෙනස් රතු හා කොල පැහැයෙන් දිලිසෙන පොදුවේ රිදී පාට (මහ බැංකුව යන වචන වල  යන්න මතින් යන) ඉරක්. එහි දැක්වෙන්නේ සමනල රූප රටාවක්.
මේ 2000 නෝට්ටුවේ දෙපස මැද අන්ධ අයෙකුට වුවත් දැන හඳුනාගත හැකි රේඛා ඛණ්ඩ සමූහයක් තියෙනවා පෙනෙනවා ඇති. වැර ගැන්වූ කොන් මෙහිත් තිබෙනවා.

දිය සලකුණ
මේ නෝට්ටු සියල්ලගේම වම් පස මැද කඩුව අතින් ගත් සිංහ රූපය ආලෝකයට ඇල්ලූ විට පැහැදිලිව පෙනෙනවා. එහි කඩුව විශේෂයෙන් කැපී පෙනෙනවා තද වර්ණයකින්. 

බොහොමයක් නෝට්ටුවල පහල මැද ඇති විශේෂ හැඩය තුල නෝට්ටුවේ වටිනාකම ඉලක්කමෙන් ඒ වගේම වෙනස්ම මෝස්තරත් දක්වා තිබෙනවා තරමක් කැපී පෙනෙන වියමන් රටා මගින්. නෝට්ටුව අත්ලමත තබා ආලෝකයට හැඩ කර ඇල්ලූ විට මතුපිටින් මේ රටා දැකිය හැකියි. 

පාරජම්බුල ආලෝකය
බැංකුවල තියෙන UV Lamp නම් උපකරණය තුල මුදල් නෝට්ටුවල පියවි ඇසට හසු නොවන රූ රටා මැවෙනවා. මේ...


සත්‍ය මුදල් නෝට්ටුවල නිමාව හා මුද්‍රණය ඉතා ඉහලයි. ව්‍යාජ නෝට්ටු යනු ස්කෑන් කරගත් රූප නිසා ඒ නිමාව ගන්න අමාරුයි. ඉතිං හිතටත් අමාරුයි. අහුවුණාම ගතටත් අමාරුයි.

අනුක්‍රමික අංක සහ නිකුත් කල දිනයන්
අපි දැන් බලමු මෙතෙක් කතාකල මුදල් නෝට්ටු මොන මොන කාලවල මොන මොන අංක යටතේ නිකුත් කලාද කියා. මේ වගු වල අදාල නෝට්ටුවේ වටිනාකමත් එහි අනුක්‍රමික අංකය හා ඊට ඉදිරියෙන් යෙදෙන prefix එකත් නිකුත්කල දිනයත් සඳහන් වනවා.







බලන්න M අකුරෙ ඉඳලා ආපස්සට L, K, J, H සහ G වශයෙන් අකුරු අවරෝහන පිළිවෙලටයි යෙදෙන්නේ. (I, O සහ ඇතැම්විට X  අකුරු අනුක්‍රමික අංකකරණයේදී බොහෝවිට භාවිතා වෙන්නේ නැහැ ඊට සමාන ඉලක්කම් සහ සලකුණු තිබෙන නිසා). P අකුර 2000 නෝට්ටුවට යෙදෙනවා. 
දැන් ඔබට ප්‍රශ්නයක් ඇති රු.1000 මොකද එක පාරට Q අකුරකින් එන්නෙ කියලා. 
දිනය බලන්න. මේ පහල තියෙන නෝට්ටුව බලන්න.
නෝට්ටුවේ වටිනාකම රැගත් ආරක්ෂක නූල වගේම සිංහයාගෙ රූපයත් පෙර පරිදිම මේ නෝට්ටුවේ දැකිය හැකියි. 

නව නෝට්ටු කාණ්ඩය, ව්‍යාජ මුදල් නෝට්ටු පිළිබඳ ගතයුතු ක්‍රියා මාර්ග වගේම මුදල් නෝට්ටු භාවිතයේ සාරධර්ම ගැනත් ඉදිරියේදී කතා කරමු. 

ඉතිං නෝට්ටුව යන වචනය දහස් වරක් භාවිතා කිරීම නිසා ලේඛකයා අද තරඟයෙන් ඉවතව යනවා. මී ලඟ ලිපියෙන් නව නෝට්ටු කාණ්ඩය ගැන සොයා බලමු.

යංඤං ඈෑෑ...



20 comments:

  1. ඔ යේ....!
    සමහර දේවල් දැනන් හිටියා. එත් නොදන්නා දේ ගොඩක් තිබුනා. ජය...!!!

    ReplyDelete
    Replies
    1. හොඥා...හොඥා...1
      ඇත්ත... ගොඩක් අය දන්න දේවල් මෙහි ඇති. නමුත් අලුත් දේ ඉගෙනගන්න කැමති පොඩි මාලුන්ට ඒවා ගොඩක් වටිනවා ඇතිනෙ.

      Delete
  2. එල ද බ්‍රා..
    නොදන්න ගොඩක් දේවල් දැනගත්තා.

    ReplyDelete
    Replies
    1. සතුටුයි ඒ ගැන...
      හොරසල්ලි අරං බ්‍රා ගන්න ආවොත් කරන්න ඕනි ටිකත් ඉක්මනිං දාංඤං ඈෑෑ....

      Delete
    2. එහනම් ඩොලර් ගැනත් ලියමු

      Delete
  3. දන්න දේ කොච්චර තිබ්බත් ඒව නිතරම අමතක වෙනව නෙ...
    ඊටත් මේකෙ තියන සමහර සවිස්තරාත්මක තොරතුරු නං දැනන් උන්නෙම නෑ...
    ස්තූතියි ඈ....
    ඉතුරු ටිකත් දැම්ම නං

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මහේෂ්... ප්‍රශ්න එහෙම අහනවානම් බුද්ධි කලම්බනය කරන්න තිබ්බා. පාසැල් වල සමහරක් ලමයි අහනවා අපිව ඇඹරිලා යන ප්‍රශ්න. පස්සෙ තමා හොයලා උත්තර යවන්නේ ඉතිං. ඇයි අප්පා...

      Delete
  4. ඔක්කෝම පත්තර වලට යවන්න... ඒ තරම් වටිනවා... බැංකුවල වැඩ කරන උන්වත් මේව දන්නේ නැතිව ඇති...

    ReplyDelete
  5. චැහ්... කෝ මේ සත පහ? බඩ කපාගන්න.

    ReplyDelete
  6. ෂහ්!! තොරතුරු ටිකේ වටිනාකමනම් අපරිමිතයි. කවද හරි කාටහරි මේව ප්‍රයෝජනවත් වෙයි. විශේෂයෙන්ම පාසැල් යන අයගේ ව්‍යාපෘති වලට එහෙම. ඒ නිසා මං මේ ලිපි සේව් කරගන්නව හොඳේ..

    ReplyDelete
    Replies
    1. හොඤා...හොඤා... ඇගයීමට ස්තුතියි!

      Delete
  7. නියමයි ඈ.... නොදැන හිටපු.. ගොඩක් දැනගත්ත...!

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගන්නවා අපේ අහට. දැනුමක් ලැබුණානම් සතුටුයි.

      Delete
  8. ඔක්කොමත් හරි මට නම් පෙන්නන්නම බැරි අර 200 කොලෙයි , අපේ රජතුමා පියාඹන්න හදන දාහේ කොලෙයි තමා

    ReplyDelete
  9. ඔය දාහෙ පිටිපස්ස ගැන ජාත්‍යන්තර කමෙන්ට්ස් ලැබුණා...හොහ්...හොහ්...

    ReplyDelete
  10. ස්තුතියි෴ ඔබගේ විස්තරයට

    ReplyDelete
    Replies
    1. සතුටුයි...දැනුමක් ලද්දේනම්...

      Delete
  11. 1.//ඔබ මුදල් නෝට්ටු පසුම්බිය තුල රැඳවීමේදි පසු පසින්ම ඉහල වටිනාකම ඇති නෝට්ටුවත් ඉදිරියෙන්ම අඩුම නෝට්ටුවත් සිටින සේ නෝට්ටු දිග හැර තැන්පත් කරන්න. මේක තම එස් 5 ක්‍රමය පටන්ගන්න හොඳම විදිහ.//ස්තුතියි. අදම කරන්නම්. මම සල්ලි ගුලි කරලා දානවා කියලා අම්මා බනිනවත් එක්ක.

    2. රු. 200 නෝට්ටු වෙනත් ක්‍රමයකට හෝ මුද්‍රණය කළේ නෑ නේද?

    3.//20 නෝට්ටුවේ විස්සයි යන වචනයේ ස යනු දෙක මැදින්// ස යන්නයි යි යන්නයි අතර නේද?

    ReplyDelete
  12. 1. එය ඇමෙරිකානු ජාතිකයින් බහුලව භාවිතා කරන ක්‍රමයක්.
    2. නෑ...ආවෝ ගියෝ...
    3. නිවැරදි කලා...ගොඩක් ස්තුතියි

    ReplyDelete