Thursday, September 18, 2014

සල්ලි දෙයියන්ගේ මල්ලිනම් සල්ලි ලක්ෂ්මිගේ කවුද? (4) Brother of God and Goddess Lakshmi (Episode-4)




අපි දැන් දන්නවා 2001 වසරේ සිට අද දක්වා නිකුත් වූ මුදල් නෝට්ටු. හැබැයි කතාව එතනින් ආපස්සට යන්න වෙනවා අපේ මේ ගැන උනන්දු හුදී ජනයාගේ ඔවුන්ගේ සුතන්‍යයන්ගේ මතු ප්‍රයෝජන තකා. 

අපේ ඓතිහාසික උරුමයන්, පැරණි ඉදිකිරීම් ශිල්ප සහ නව සංවර්ධන ව්‍යාපෘති දැක්වෙන නෝට්ටු කාණ්ඩ 2 ක් 1987-1990 හා 1981-1985 කාල පරාසයන් තුල නිකුත් කර තිබෙනවා. එ් තමා එතෙක් අපි වෙනුවෙන් මුදල් අච්චු ගහපු බ්‍රිතාන්‍ය Bradbury Wilkinson සමාගමේ අවසාන මුද්‍රණය. ඉන් පස්සෙ ඩි ල රූ.

හරි, ඩැයිවර් මහත්තයා දාන්න රිවස් එකට....හරේ ඔහොම එන්න...ඔහොම එන්න... හෝව් බස් එක.





මේවායේ රිදී පාට ආරක්ෂණ නූල සහ දිය සලකුණ ලෙස සිංහයා දැකිය හැකියි. අද මෙන් ආරක්ෂණ සලකුණු රාශියක් යොදන්න එදා අවශ්‍ය වුනේ නැහැ, හොර සල්ලි ගහන්න තාක්ෂණික පහසුකම් නොතිබූ නිසා.






ඩැයිවර් මහත්තයා... ආයි පොඩ්ඩක් රිවස් කරන්න... ආ..හරි..හරේ....

මෙන්න බඩු



තවත් අතීතයට ගියොත් අපිට 1979 දි හමුවනවා මේ රටේ ජෛව විවිධත්වය දැක්වෙන අපූරු මුදල් නෝට්ටු කාණ්ඩයක්. ශාක, පක්ෂීන්, සමනලුන්, මතස්‍යයින් ඇතුලු අපේ ඒක දේශික ජීව ප්‍රජාව. 








ඉතිං පිංවතුනි, ඔතනිනුත් පොඩ්ඩක් ආපස්සට ගියාම හම්බවෙන්නේ 1977 ජූලි මාසෙ සිදුවුනු ආණ්ඩු පෙරලියත් එක්ක 1977.08.26 දින නිකුත් කරපු මෙන්න මේ රු.100. මෙහි ඉදිරිපස රාජ්‍ය ලාංඡනය සහ පිටපස පොලොන්නරුව වටදාගේ පිවිසුම් පියගැට පෙළ දැකිය හැකියි. 


මේ තියෙන්නේ එම දිනයේම නිකුත්කල රු.50. මෙහි පිටුපස අපේ තේ වගාව තමා නිරූපනය වෙන්නේ...



ඒ දෙකත් එක්ක 1974 සහ 1975 නිකුත් කල මේ නෝට්ටු දෙක සංසන්දනය කරලා බලන්නකො. මේවා පළමුව මුද්‍රණය කලේ 1971 දි. ඉන්නෙ කවුද, තිබුණෙ මොනවද අටුවා ටීකා ඕනි නෑනෙ.







මෙන්න 1970 දශකයේ මුල්ම මුද්‍රණයන් දෙකක්. රු.50 සහ 100 නෝට්ටු. 50 නෝට්ටුව පිටපස විහාර මහා දේවියගේ පිළිරුවක්ද රු.100 නෝට්ටුව පිටුපස ගැටබෙර වාදකයෙක් හා සබරගමු නැටුම් ශිල්පීන් 3 දෙනෙක් දැකිය හැකියි. 





අපි මේ වනතෙක් සලකා බැලුවා 1970 න් පසු මුද්‍රණය කල මුදල් නෝට්ටු. මේ රිවස් කෙරිල්ල 1951 වෙනකම්ම කොරන්න වෙනවා. වැඩි දුර නෑ, බය වෙන්ට කාරි නෑ. ඒ එක්කම කාසි වල ඉතිහාසයත් පොඩ්ඩක් බලලා මාතෘකා වෙච්චි ලක්ෂ්මි දෙවතාවියගෙන්ම ලිපි පෙළ අහවර කරන්නයි විසිටරයා හිතා ඉන්නේ. තව පෝස්ටුවකින්, දෙකකින් ඇහැකි ආයිබොවන්ඩ...


හැමෝටම සුබ සති අන්තයක්...! යංඤං...ඈෑෑ...

20 comments:

  1. හම්මේ ඉස්කෝතුයි ඈ....
    හැබැයි තියන තරමිං ඔක්කම ලීව නං තමා අපි මනාප... බොරු කියන්නෙ මක්කටද...
    උඩම තියෙන 1000 50 10 ඇර අනික්ව දැකලම නැ කියන්න පුලුවං... මොකෝ ඔය කාලෙඅපි ඉපදිලාවත් හිටියයැ..
    හෙක් හෙක්

    ReplyDelete
    Replies
    1. නිදහසින් පසු මුදල් නෝට්ටු ගැන කතාකරලා අහවර වෙලා අපි වෙන මාත්තුරුකාවකට යං ටික දොහකට. පස්සෙ ආයි වංගියක් පැටිකිරිය අදිංට බැරියැ ආයිබොවන්ඩ...

      Delete
    2. එහෙම බෑ...
      කොරන එක එක පාරම ඉවර කොර...
      නැත්තං වෙඩි තියනව සතොසෙ සීනි දාල හරිද

      Delete
    3. හරි හරි ඉතිං මං බෑ කිව්වෑෑ

      Delete
  2. මේ ලිපි පෙළ ඉතාමත් අගෙයි , පරණ සල්ලි දැක්කමත් මාර ගතියක් දැනෙනවා . ඔය පරණම සල්ලි නෝට්ටු වලට සර්ප කොළ කියලත් කිව්වා නේද

    ReplyDelete
    Replies
    1. ඒ වුණාට සරුපයො දෙන්නයි අනේ හිටියේ...ස්තුතියි ඇගයීමට.

      Delete
  3. පරණ නෝට්ටු දකිනකොට මාරම හැඟීමක් එනවා. ඒ කාලේ මනුස්සයෙක්ට මේ නෝට්ටුවක් කොච්චර වටිනවා ඇත්ද. 1975දි රුපියල් සීයෙ කොලේක වටිනාකම කොච්චරක් ඇත්ද?

    ReplyDelete
    Replies
    1. පාං ගෙඩිය ශත හැටට තිබ්බා මතකයි. 3.50ටත් තිබ්බා මතකයි.

      Delete
    2. 60ට තියෙන කාලෙ අමතකවෙයිද?

      Delete
    3. එම්බා සඳුමල... බිය නොවනු... නුදුරු දිනෙකැ අප මහරජානෝ එයද 25% කින් අඩුකරනු නියතයැ.

      Delete
    4. රෑ වැටුනු වලේ ර්දවල් නෙවෙයි රෑවත් ආයෙනම් වැටෙන්නැතිවෙයි ආයෙනම්.

      Delete
    5. තුනයි පනැහේ පං නං මාත් කෑවා සත හැටේ පාං කාපු උඹට කොච්චර වයස ඇද්ද

      හෙහ් හෙහ් මෙයාටත් විචා මාමගේ වයසද කොහෙද

      ඇ....මොකක්ද ......ඔව්නේ සරත්ල ඩුඩ්ලටත් ඒ වයස තමා

      උඹ කියන්නේ අපේ ...මාතයටද ..කට කට යකෝ ඉන්ඩ හම්බෙන්නේ ‍නැ

      අප්පට ඔව්නේ තිලකයත් සත හැටේ පං කන්ඩ ඇති

      පිස්සුද බං වයස උනාට රවියල කුඹුරු හාල් මිසක් පාං ලෙලි ලොවපු උන් නෙමෙයි

      වෙනියට එච්චර වයස නැ බං බලහන්කෝ ඉන්න හැටි වඩ්වේල් වාගේ

      හරියටම හරි සමරය තමයි ඉන්න වයසකම බුවා , හැලපයා පොරට වඩා අවුරුදු දෙකක්ද කොහෙද බාලයි

      Delete
    6. විසිටරයෝ කවුරුහරි මං දැක්කද ඇහුවොත් නැ කියහං

      Delete
    7. අපිල ඇවිල්ලා හැත්තෑව දශකයේ දරුවො හරිද මල්ලි...මැචුවර්ඩ් පොරවල් ඕ යේස්....
      තව පැංසොං යන්නත් දශක දෙකක් තියේ පුහ්...

      Delete
  4. හරිම වටිනවා බං.. මේකේ ප්‍ර්‍රින්ට් අවුට් එකක කොල්ලට ගිහින් දෙනවා.. ස්තුතියි කියන්නේ උපරිමයි බොට..

    ReplyDelete
    Replies
    1. ගිය සුමානෙ මේ පැත්තෙ නාවෙ මක්කැයි. ඕං කෙහෙල් කැං ඉදි ඉදී වැටෙනවා.
      බොහොම ඉස්තූතියි ඈෑෑ...

      Delete
  5. සෑහෙන්න වටින පොස්ටුවක්, මගේ ප්‍රියතම සබ්ජෙක්ට් එක ඕවගේ කාසි එකතු කිරීම, මමත් ලිපියක් ලියන්න ඕනා. ස්තුතියි මේවා බෙදා හදා ගත්තට.

    ReplyDelete
    Replies
    1. කොලෙක්සොං එකක් නැති හංදා අන්තරෙං අරං තමා පිංතූරු දැම්මෙ. හොඳ විනෝදාංශයක්...ඔහොම යං..ඔහොම යං...

      Delete
  6. මම දවසක මේ ලිපි පෙලෙ ඉල්ල ගන්නවා නැත්නම් අරගෙන තියාගන්නවා තව අවුරැදු 3 කින්4 කින් පොඩි මෙන්ඩාට උවමනා වෙයි..
    බොහොම ලොකු කැපකිරිමක් කරලා ලිපිටික
    එල ද බ්‍රා

    ReplyDelete
    Replies
    1. විනෝදාංශයකට ඕනිම කෙනෙකුට හොඳයි. මේ...ඒක නෙමෙයි...හොබී එකට මෙන්ඩා ප්‍රොඩක්ට් එක එකතුකරන්නයි හිතා ඉන්නෙ...

      Delete