Sunday, September 21, 2014

සල්ලි දෙයියන්ගේ මල්ලිනම් ලක්ෂ්මි කවුද? (5) Brother of God and Goddess Lakshmi (Episode-5)

 
අපේ අහ නොවැරදීම කරක්ගහන අර රැස්ටෝරන්ට් එකේ මහේෂ් ගොයියා මට තර්ජනේ කොලානෙ ආයිබොවන්ඩ මේ හෑල්ල කෙරෝලටම යනකං කුරුටු ගාන්ටැයි කියලා. ඉතිං ඕං මේක තව දික්වුනාට (මේක...මේක...මේ හෑල්ල) මං නං නෑ ඕං.

කලිං අාවෙ නැති ඇත්තංට බලාගන්න මේං...


  1. ගියපාර එක
  2. ඊට කලිං පාර එක
  3. ඊටත් කලිං එක
  4. පටං ගත්තු එක


අපි දැං රිවස් කොලානේ 1970 වෙනකං. අද එතැනිනුත් පස්සට යමු අපේ රටේ ඇත්තෝ පාවිච්චි කොරාපු සල්ලි කොල හොයන්න. ඇත්තටම මේක මුද්දර එකතු කොරානවටත් වඩා රසවත් අත්දැකීමක්. එහෙනං කට්ටිය ඔක්කොම ගොඩවෙන්ටෝ...හරේ...යාං...


1966, 1968 සහ 1969 අවුරුදු වල අච්චු ගහපු ඔය උඩ තියෙන රු.100 කොලේ මහා පරාක්‍රමබාහු රජ්ජුරුවො සහ සීගිරි අප්සරාවන් තමයි හිටියේ. 1969 න් පස්සෙ ගහපු නෝට්ටු ඔක්කොගෙම මහ බැංකුවෙ නම බාසා තුනෙංම තිබ්බා .මෙයින් පස්සේ තියෙන 50, 10, 5 සහ 2 කොලවල ඉතා කුඩාවට (extra small text) ශ්‍රී ලංකා මහ බැංකු ගොඩාරියක් අච්චුගහලා තියෙනවා ඇහැක්නං හොයන්න.



මේ තියෙන්නේ 1967, 1968 සහ 1969 අවුරුදු වල ගහපු 50 කොලේ. පරාක්‍රමබාහු රජ්ජුරුවො වගේම පොළොන්නරුව රත්නගිරි වටදාගේ සඳකඩ පහණත් මේ කොලේ තිබ්බා.



1968, 1969 සහ 1970 ත් ආව මේ දහයෙ කොලේ පරාක්‍රමබාහු රජතුමායි දිසාපාලක මුරගලකුයි තියෙනවා.



මෙන්න මේ පහේ කොලේ පිටුපස තියෙන්නේ පොලොන්නරුවේ අදටත් තියෙන නිශ්ශංක මල්ල රජ්ජුරුවංගෙ සිංහාසනේ කියනවනෙ. 1965, 1968, 1969 හා 1970 අවුරුදු වල මේ නෝට්ටුව එළිබැස්සා. මුදුනෙ තියෙන 5 ඉලක්කං දෙක හැඩ දාලා තියෙන්නෙ මීට කලින් සහ මේ කාණ්ඩ වල.



1965, 1968, 1969 සහ 1970 අවුරුදුවල මැදිරිගිරිය වටදාගේ ඇතුලත් මේ දෙකේ කොලේ අච්චු ගහලා තියෙන්නේ.

දැං  අපි තව පොඩ්ඩක් පස්සට රිවස් කොරාල බලමු. මෙතනිං ටිකක් ආපස්සට යනකං නෝට්ටුවල ඉස්සරහ පැත්තෙ උන්නෙ දිවංගත එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක හිටපු අගමැතිතුමා.


ඔන්න මහතුනේ 1963.06.05 දින ආපු 100 කොලේ. 


ආයිත් 50 කොලේ පොලොන්නරුව රත්නගිරි වටදාගේ සඳකඩපහණත් තිබ්බා. මේවා 1961 සහ 1963 අවුරුදුවල තමා අච්චු ගැහැව්වෙ. මේකෙ රවුමක් ඇතුලෙ තියෙනවා අර මම හොයන්න කියාපු එක.


මේං මේ දහයෙ කොලේ 1964.06.12 සහ 1964.08.28 දිනවල පුරුදු පරිදි දිසාපාලක මුරගලක් එක්ක ආපි.


පහුකාලීනව කොලේ ඉස්සරහට ආව පරාක්‍රමබාහු රජතුමා පිටිපස්සට වෙලා හිටපු සුපියල් පහ 1962 සහ 1964 කියන අවුරුදුවල තමා ආවේ.



ඒවගේම 1962 සහ 1964 අවුරුදුවල මෙන්න මේ මැදිරිගිරිය වටදාගේ ඇතුලත් දෙකේ කොලේ අපිට ලැබුණා.

දැං ආයිබොවන්ඩ, අපි යන්ට තනන්නෙ තව පස්සට. ඒ කියන්නේ එකදාස් නමසිය පනස් ගණන් වලට. මේ නෝට්ටු සේරගෙම තිබ්බ දෙයක් තමා ලංකාවේ වංශ සලකුණ හෙවත් එවකට යටත් විජිත ලාංඡනය (coat of arms). ඒකෙං කියවෙන්නෙ අපි සිංහයො...ඒත් තාම ඔටුන්නට යටත්. මේං බලන්ටකො බොරුනං. හැබැයි මෙව්වයෙ තියෙන අනික් රූප ගැන මම දැං කියලා තියෙන නිසා ආයි කියන්ට යන්නෑ.


මේ 1956.10.24 දින ආපු සීයෙ කොලේ...

 මේක 1956, 1958 සහ 1959 දි ආව පනහෙ කොලේ...

 1956 ඉඳං 1963 වෙනකං 1962 ඇර හැම අවුරුද්දකම අච්චු ගහලා තියෙනවා ඔය පහල තියෙන දහයෙ කොලේ. ටොක්සයිඩ් විදගන්ට ඈ...

1956, 1957, 1958 වගේම 1960, 1962 අවුරුදුවල එලියට දාපු පහේ කොලේ හැඩ තමා මේ. මේකෙත් මලකඩ අප්පා...

ඔය උඩ තියෙන පහේ කොලේට සමගාමීව මේ පහල තියෙන දෙකේ කොලේ ගහලා තියෙන්නේ.

ඒ අවුරුදු වල වගේම 1963 ත් අච්චු ගහපු මෙන්න මේ බඩ්ඩ බලන්ටකො.

මේ තමා රුපියලේ කොලේ. 1963.06.05 අවසාන රුපියලේ කොලේ අච්චුගහලා තියෙන්නේ Bradbury Wilkinson & Co කියන සමාගම (කරුණු කාරණා හොයලා බැලුවම ඩි ල රූ තමා මේ සමාගම පසුකාලීනව පවරාගෙන තියෙන්නේ). මෙයිට කලිං නෝට්ටු වල ඉංගිරිසිය තමා රජ කොරලා තියෙන්නේ. 

මෙන්න මේ පහල තියෙන කොලේ ඉන්නෙ කවුදෑ බලාපල්ලා. 



ඔව් ඔව් දැං ඔය ඇදිලා පැදිලා ගියාට ඒ කාලේ ගිනි කිරිල්ලි වගේ හිටපු එංගලන්තෙ දෙවනි එලිසබෙත් මහ රැජින තමා ඔය බැබලි බැබලි ඉන්නේ. ඔය නෝට්ටුව වගේම පහල තියෙන 50, 10, 5, 2 සහ රුපියලේ නෝට්ටු 1952 සහ 1954 අවුරුදු වලදි කාණ්ඩ 2 කින් එළියට ආවා. 






1952 දි දම්පාටට ආපු ඔය උඩ තියෙන පහේ කොලේම රතට හුරු පාටකින් 1954 දි ආවෙ.




 මෙන්න රැජිනගෙ සුපියල.



අපි කලිනුත් කතාකර ඇති පොලොන්නරුව වටදාගේ කොරවක්ගල, සඳකඩපහන හා දිසාපාලක මුරගල් ඇතුලත් නිර්මාණයක් තමා පිටුපස තියෙන්නේ. මේ කරුණ සොයාදුන්නේ අවන්හලේ මහේෂ් බව ස්තුති පූර්වකව කියන්න ඕනි. 

ඉතිං ආයිබොවන්ඩ, අපි ඇවිල්ලා ඇවිල්ලා නවතින්නේ නිදහසෙන් පසු ලංකාවේ නිකුත්කල මුල්ම මුදල් කාණ්ඩෙට. ඔය උඩ පින්තූරවල හිටපු උත්තමාවිගෙ අප්පොච්චා වෙච්චි හයවන ජෝර්ජ් රජ්ජුරුවො තමා මේ නෝට්ටු කාණ්ඩ දෙකම සැරසුවෙ. 1951 ජනවාරි 20 තමා නිදහසින් පස්සෙ අච්චු ගහපු මෙන්න මේ මුල්ම නෝට්ටු ඩබල අපිට ලැබෙන්නේ.  




1949 අංක 58 දරණ මුදල් නීති පණතෙන් පිහිටවාපු ශ්‍රී ලංකා මහ බැංකුව මැදිහත් වෙලා ඉස් ඉස්සෙල්ලම මුද්‍රණය කොරාපු නෝට්ටු කාණ්ඩයත් ඕකම තමා.

මහංසිත් එක්ක අප්පා... ඊ ළඟ දොහේ කාසි පනම් ටිකකුත් අරං මං එඤ්ඤංකො මේක අහවරක් කොරන්ට...ඈ...

හැමෝටම එළ අනාගතයක්...!

18 comments:

  1. ලස්මිගේ සින් එකට පස්සේ දාන්නේ මොනවද

    ReplyDelete
    Replies
    1. ලෝකයේ සහ ලංකාවේ බැංකුකරණයේ ආරම්භය හා විකසනය.

      Delete
  2. මම හිතුවේ සල්ලිය කියලා දෙයියන්ගේ මල්ලි..
    බලාගෙන ගියාම උඹනේ දෙයියන්ගේ මල්ලි..

    ReplyDelete
    Replies
    1. තැන්කුයි...අයියා..!!!

      Delete
  3. කියල වැඩක් නෑ බං.. මාර වටිනවා මේ පරණ බඩු ටික.. දැක්කමත් සන්තෝසයි හරියට ඩොලර් සීයේ මිටියක් දැක්කා වගේ..

    ReplyDelete
    Replies
    1. පරණ වයින් රහයි නේ...ගුරු

      Delete
  4. ෂල්ලි මල්ලි... නියමයි ඈ.... මේ ටික බාගන්න ඕනෑ.

    ReplyDelete
    Replies
    1. මේවා ගැන සිංහලෙන් පලවුණු ලිපි තියෙනවා. ගොඩක්...
      ප්‍රශ්නෙ තියෙන්නේ බ්ලොග් දහස් ගාණක් අතරේ ලිපි ලක්ෂ ගාණක් අතරේ හොයන්න බැරි එක සහ ඒ ඒ බ්ලොග් එකට සීමාවුණු පාඨක සමාජයක් සිටීම. ටික ටික හරි අපිත් සමාජයට දෙයක් කොරාන්ට එපෑ...නේද?

      Delete
  5. මේව හොයාගන්නෙ කොහෙන්ද අප්ප...
    අර 1 කොලේ තියෙන්නෙ අපිට කොරවක් ගල නිදර්සනේට හැම දාම දෙන පිංතූරෙ නේද...
    ඒක නෙවී නං පොළොන්නරුවෙ සදකඩ පහණ... (අර ෆේමස් එක අනේ... ) හරියට පැහැදිලි නැති හන්ද කියන්න බැ... බිසෝ මාළිගේ සදකඩ පහණ වගේ තමා...

    ReplyDelete
    Replies
    1. ජාලෙන් පෙරාපුවා තමයි ආයිබොවන්ඩ...මේක පොලොන්නරුව වටදාගේ එක තමා මහේෂ්. මග පෙන්වීම හා අදහසට බොහෝම පිං ඈෑෑ...ඔන්න උඩිනුත් දැම්මා ඈෑෑෑ...

      Delete
  6. මෙදා පොටෙත් පෝස්ට් එක උස්සලා තියාගත්ත හොඳේ..

    තැන්කූ මචෝ.

    ReplyDelete
  7. හයියෝ සල්ලි, :D බොලා මහා බැංකුවේද බන්, හෙක් හෙක් තැන්කු තැන්කු

    ReplyDelete
    Replies
    1. වෙලාවකට මටත් හිතෙනවා මේක මහ බැංකුවෙ බ්ලොග් එකද කියලා...හෙක්...හෙක්

      Delete
  8. මම ආසම නමක් ලක්ෂ්මි (මගේ පරන කැල්ලක්).
    ලිපිය එල ද බ්‍රා.

    ReplyDelete
  9. නරකද පෝසට් එකක් දැම්මනං එවොලුවේසොං ඔෆ් බ්‍රා කියලා...?

    ReplyDelete
  10. මටත් තියනවා පරණ සල්ලි එකතු කරන පිස්සුවක්. හැබැයි කාසි තමයි වැඩිපුරම. ඔය ඉංගිරිස් කාලේ සල්ලි කොළ ටිකකුත් තියනවා මගේ ළඟ. පොල් ගහකුත් එක්ක, මට මතක හැටියට. එව්වා ඉතින් ගෙදර ගිය දවසක තමයි ආපහු බලනන වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. හඳ අල්ලපු රටේ පරණ කොළ ටිහකුත් ඇහිඳං එන්ටෝ...

      Delete