Tuesday, September 2, 2014

සල්ලි දෙයියන්ගේ මල්ලිනම් සල්ලි ලක්ෂ්මිගේ කවුද? Brother of God and Goddess Lakshmi (Episode-I)


සල්ලි කියන්නේ දෙයියන්ගේ මල්ලි. වෙනත් විදිහකට කියනවානම් දෙවියන් ලඟට මිනිස්සු සලකන්නෙ සල්ලි වලට. එතකොට සල්ලි වලට අධිපති ලක්ෂ්මි කියන්නේ සල්ලිවල කවුද? මේ ලෝකෙට සල්ලි ආවෙ කොහොමද? ඇයි සල්ලි මේ තරම් මිනිස්සුන්ගෙ ජීවිත වලට වැදගත්? මෙන්න මේක අපි අද සිට කතා කරමු. 

ලෝකයේ මානව ශිෂ්ඨාචාරය ආරම්භයේ මුදල් කියා දෙයක් තිබුණේ නැහැ. මිනිස්සු ශිෂ්ඨාචාරගත වුණා කියන්නේ කැළෑ සතුන් පසුපස හඹායමින් දඩයම් කිරීම සහ කැලේ වැඩුණු අල, කොල, මුල්, ගෙඩි සොයාගෙන ආහාරයට ගැනීම වෙනුවට සතුන් ඇතිකිරීම සහ ශාක වගා කිරීම අරඹමින් ජන සමූහ වශයෙන් ජනාවාස ඇරඹීමයි.

මෙතැනදී එක් එක් මිනිසාගේ ධනය වුනේ ඔහු යෙදුනු ජීවනෝපායෙන් උපයාගත් දේ. ධාන්‍ය, අල, පළතුරු වගේම තමන් ඇතිකරපු එලුවන්, ඌරන්, ගවයන් ආදිය ඔවුන් සතු ධනය වුණා. ඌරන් ඇතිකල ගොවියෙකුට වෙනත් ගොවියෙකුගෙන් ධාන්‍ය ලබාගැනීමට අවශ්‍ය වූ විට ඒ දෙදෙනාට තම ධනය හුවමාරු කරගන්නට සිදුවුණා. හිතන්න, එක් පුද්ගලයෙකුගේ ධාන්‍ය පරිභෝජන කොටස වෙනුවට ඌරෙක් දෙන්න වුනොත්? 


ඒ ගණුදෙනුව කිසිසේත් සමාන නැහැ. ඌරගේ ගාතයක් දෙකක් දුන්නොත් ඊලඟ ඇට අවශ්‍යතාවය තෙක් ඒ සතා තියාගන්නේ කොහොමද? මෙන්න මේ ගණුදෙනුවල අසමතුලිතතාවය නැති කරන්නටනම් පොදු ගණුදෙනු මාධ්‍යයක් අවශ්‍ය වුණා. මේ පොදු මාධ්‍යය විදිහට මුලින්ම සිප්පි කටු භාවිතා වූ බව ඉතිහාස සටහන් වල සඳහන් වෙනවා. ඒවායේ ඇති අපූරු රටා සහ කල්පැවත්මත් සිප්පි කටු ජනප්‍රිය මුදල් ඒකකයක් වීමට බලපාන්නට ඇති.

හැබැයි ලෝහ සොයාගැනීමත් එක්ක මේ භාවිතය වෙනස් වුනා. පැරණිම විධිමත් ශිෂ්ඨාචාරයක් වුණු බැබිලෝනියන් ශිෂ්ටාචාරය (ක්‍රි.පූ. 3000 පමණ) සමග රන්, රිදී හා තඹ කැබලි මුදල් ලෙස භාවිතා වෙන්න පටන්ගත්තා. පසුව ඒ ඒ කලාප වල පාලකයන්ගේ රූප මේ ලෝහ කැබලිවල ඔබ්බවලා විධිමත් මුදල් ඒකක නිර්මාණය වුණා, අද අපි භාවිතා කරන කාසිවල තිඹිරිගෙය බිහි කරමින්.
මිනිස්සු සම් සහ කඩදාසි වලින් මුදල් තනන්නේ ක්‍රි.ව. 7-11 වන සියවස් වල දී පමණ සිට චීනයේ. අදටත් බහුලම මුදල් මාදිලිය කඩදාසි මුදල්.

ඔබ දන්නවාද මුදල්වල කාර්යයන් 4.
  1. විනිමය හුවමාරැ මාධ්‍යයක් ලෙස - භාණ්ඩ හා සේවා සඳහා මිල ගෙවීමට
  2. ගිණුම් ඒකකයක් ලෙස - එනම් ගණුදෙනු සටහන් තැබීමට යොදාගන්නා ඒකකය
  3. වටිනාකමේ සංනිධියක් - එනම් කලකට පසු නැවත භාවිතා කිරීමට (උදා: බැංකු ගිණුම්) සහ
  4. ණය ගෙවීමේ මාධ්‍යයක් ලෙස -ඔබ ණය ලබාගත්තේ භාණ්ඩයක්/සේවාවක් ලෙස වුවත් ආපසුගෙවීමට
ඒ වගේම මුදල් හැඳිනගත හැකි ලක්ෂන 8 ක් මම කියන්නම්,


  1. පිළිගතහැකි වීම -ජනාධිපතිවරයා රටේ නායකයා ලෙස පිළිගන්නවා වගේ මෙන්න මේක මුදල් කියලා ව්‍යවස්ථාපිත හා/හෝ පොදු පිළිගැනීමක් ඇතිවීම
  2. කල් පවත්නා බව- කිකිලි බිත්තර මුදල් විදිහට භාවිතා කලානම්?
  3. විභේද්‍යතාව - කුඩා මුදල් ප්‍රමාණයක් වුනත් ඇද (odd) මුදල් ප්‍රමාණයක් වුණත් ගෙවන්නට හැකි පරිදි විවිධ වටිනාකම් වලින් මුදල් පැවතීම (රැ.1000 නෝට්ටුව දෙකට ඉරුණාම රැ.500 යි! ඇත්තමයි)
  4. සුවහනීය බව- තැනකින් තැනකට ගෙනයාමට හැකියාව (බරින් අඩු/සැහැල්ලු බව නිසා)
  5. හැඳිනගත හැකි බව- තම රටේ මුදල් වෙනත් රටක් මුදල් වලින් වෙන්කරලා වගේම එකම රටේ වෙනස් අගයයන්වල මුදල් වෙන් වෙන්ව හැඳින ගැනීම
  6. දුර්ලභ හෝ සුලභ නොවීම - දෙකම හොඳ නෑ. වැඩිය තිබුණොත් අගයක් නෑ. ගොඩක් හිඟ නම් මංකොල්ල කෑම් එහෙම වෙනවා.
  7. සමරෑපී බව- ඒ කියන්නේ යම් රටක මුදල් නෝට්ටු පොදු ලක්ෂණ වලින් යුක්ත වීම. ඇමෙරිකානු ඩොලරයට යොදන්නේ ජෝර්ජ් වොෂින්ටන්ගෙ ඉඳලා බෙන්ජමින් ප්‍රෑන්ක්ලින් දක්වා ජනාධිපතිවරැන්ගේ රෑප, බ්‍රිතාන්‍ය පවුමට යොදන්නේ රැජිනගෙ රූපය. හැබැයි අපේනම් විවිධයි. විෂමයි.
  8. ව්‍යාජව නිපදවීමට අපහසු බව- හොර සල්ලි අච්චු ගහන්න පහසුවෙන් හැකිනම් ඒ රටේ මූල්‍ය පද්ධතියේ අවසානය තමා ඒ.


එතකොට මුදල් වර්ග 4 ක් ගැන කියවෙනවා.
  1. ආඥාප්ති ව්‍යවහාර මුදල් Fiat Money - අපි භාවිතා කරන නෝට්ටු හා කාසි
  2. බැංකු මුදල් Bank Money - වාණිජ බැංකුවල පවත්වාගෙන යන ජංගම ගිණුම් ශේෂ
  3. ආසන්න මුදල් Near Money - බැංකුවල ඉතිරැම් ගිණුම්, ස්ථාවර තැන්පතු හා තැන්පතු සහතික වගේම භාණ්ඩාගාර බිල්පත්
  4. විද්‍යුත් මුදල් Electronic Money - ණය කාඩ්පත් හා හර කාඩ්පත් (ATM කාඩ්පත්) ආදිය



විදේශ මුදල්
අපේ රටේ භාවිතාවන විදේශ මුදල් වර්ග දන්නවාද?


මේ මුදල් ඒකක 20 හැර අනෙක් මුදල් ඒකක ඔබට මෙරට වාණිජ බැංකු පද්ධතියෙන් ගණුදෙනු කල නොහැකියි. චීනයේ යුආන් වෙනුවට රෙන්මින්බි හඳුන්වාදුන්නෙ ලඟදි. අපේ රටේ භාවිතයට එය ආවෙත් ලඟදිමයි.

මොනවද මේ මින්ට් කියන්නේ?
මින්ට් කියන්නේ කාසි (Coins) අච්චුගැසීම (Minted Coins). ලංකාවේ කාසි අච්චු ගහන්නේ බ්‍රිතාන්‍යයේ The Royal Mint නම් ආයතනයයි. ඇත්තටම නෝට්ටු මුද්‍රණයට වඩා විශාල සාපේක්ෂ පිරිවැයක් කාසි මුද්‍රණයට වැයවෙනවා. මේ කාසි වලත් තියෙනවා ප්‍රමාණික (Intrinsic Money) මුදල් හා නිමිති මුදල් (Token Money) කියා දෙවර්ගයක්. රන් කාසියක් ගත්තොත් එහි අඩංගු රන් ප්‍රමාණය එම කාසියේ වටිනාකමට සමානනම් අන්න ප්‍රමාණික මුදල්. අපේ රුපියල එහෙම නිමිති මුදල් ඈෑෑ. රුපියල් 5 කාසියේ උපරිම වටිනාකම රු. 100 යි, අර මාලෙ හැදුවම ඈෑෑ. ඒ වගේම ඔබට වැටහෙනවා ඇති සියලුම රටවල පාහේ මුදල් නෝට්ටු යනු නිමිති මුදල් විශේෂයක් බව.

අපේ රටේ නෝට්ටු මුදල් අච්චු ගහන්නේ බ්‍රිතාන්‍යයේ De La Rue PLC පාදක කරගත් De La Rue Lanka Currency & Security Print Pvt Ltd නමැති සමාගම (බියගම තියෙන්නේ!!!). අපේ රටේ චෙක්පත් මුද්‍රණය කරනනේ නම් ලේක්හවුස් එකේ!!!

තවත් දෙයක්. අපේ රටේ කාසි බෙදෙනවා නැවත වර්ග දෙකකට. සීමාසහිත මුදල් හා සීමාරහිත මුදල් ලෙස. ඔබට සත 1, 2 හා 5 කාසි යොදාගෙන ගෙවිය හැකි උපරිම මුදල රුපියලක් පමණයි. ඒ වගේම ශත 10, 25 සහ 50 කාසි යොදාගෙන ගෙවිය හැක්කේ උපරිම වශයෙන් රු. 5 ක් දක්වා පමණයි. මෙන්න මේ ශත 1 සිට ශත 50 දක්වා කාසි සීමාසහිත මුදල්. එතකොට රුපියල, රු.2, රු.5 සහ රු.10 කාසි සීමාරහිත මුදල්; ඒවායින් ඕනෑම මුදලක් ගෙවන්න පුලුවන්.

මේකත් කියන්න ඕනි. සීමාසහිත මුදලින් ඕනෑම වටිනාකමක් භාරගන්න මුදල් ලබන්නාට නීතියෙන් බාධාවක් නැහැ. ඒ කියන්නේ එය ඔහුගේ කැමැත්ත.

අදට මේ ඇති වගේ අප්පා...

අපි දෙවනි ඇපිසෝඩ් එකේ ඉඳල කතාකරමු ලංකාවේ භාවිතාවන මුදල් නෝට්ටු ගැන.

එහෙනං ගොහිං එඤඤං ඈෑෑ...





36 comments:

  1. මින්ට් කියන්නේ කාසි හදන තැනට....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ගුරු... නිවැරදි කලා.
      අප්පේ පුදපු ගමන් කාපි දේශා කීවලු.

      Delete
  2. ඉතාම වටින තොරතුරු ටිකක්. ඒක නෙවෙයි, නොදන්න කමටයි මෝඩ කමටයි අහන්නෙ. අඩුම තරමෙ රටේ සල්ලි ටික අච්චු ගහගන්නෙකවත් රජයේ මුද්‍රණාලයකින් කරගන්න බැරිද? ඒකත් PVT LTD. අනේ මංද.

    ReplyDelete
    Replies
    1. (බියගම තියෙන්නේ!!!).

      ඔකේ වෙන රටවල සල්ලිත් අච්චු ගහනවද

      ඔය සල්ලි පටවපු කන්ටේනර් යනකොට මාර ගාඩ් එකක්නේ දෙන්නේ

      පාරේ යන වාහන වලට යන්ඩ ඉඩක් දෙන්නෙම නැ , යකෝ එහෙම කන්ටේනර් එලවිල්ලක්

      මචං එල ඇ ,

      මාර වටිනව

      Delete
    2. @මනෝෂ්,
      එහෙම වුනොත් ඒකත් රජයේ දෙපාර්තමේන්තුවක් වගේම අති කාර්යක්ෂමව මුදල් අච්චු ගහලා මුදල් අතිරික්තයක් හැදෙයි කියලයි ඕක නොකරන්නේ!!!

      Delete
    3. @අටම්,
      //ඔකේ වෙන රටවල සල්ලිත් අච්චු ගහනවද//
      නෑ... හැබැයි De La Rue බ්‍රිතාන්‍ය සමාගම් සමූහය ගත්තොත් රටවල් 150 ක පමණ මුදල් අච්චු ගහන බවයි කියන්නේ.
      හොඳ වෙලාවට බියගම ඉඳලා කොටුවට කන්ටේනර් යන්නෙ. ට්‍රින්කො දිහෑ ඉඳලා ගේන්න වුනානම් කොහොමද?

      Delete
    4. වැඩකරන පොරක් සල්ලි උස්ල මාට්ටු උනෙත් ඔතන නේද

      Delete
    5. මං මේක උස්සනව , .........................දිගටම ලියන්න

      Delete
    6. ඉස්සීම ගැන ඉස්තුතියි. කාට හෝ දැනුම ලබාදීම කියන්නේ පිනක්.

      Delete
    7. මඟදි කන්ටේනරයක් නවත්ත ගත්තානම් මරුනෙ. ඉස්සර හයි වේ එකට වැලි අදිද්දි ඩ්‍රයිවර්ට ගානක් දීලා ලෝඩ් එක වත්තට බාගත්තා වගේ බාගන්න බැරිවෙයිද?

      Delete
  3. බොහෝම වටිනවා මේ වගේ ළිපිත්..

    ReplyDelete
  4. වෙල්කම් වේවා මාතා,
    ඔහෙත් මගේ ගුරෙක් බව කියන්නම ඕනෑ...

    ReplyDelete
  5. ඔන්න මමත් හොම්බ දැම්මා . ඉස්සරහට කොමෙන්ට් නොකලත් දිගටම මේ පැත්තෙ එනවා
    ++++++
    මම ආතම්මගෙ පෙට්ටගමේ ලොකු ජෝන්

    ReplyDelete
    Replies
    1. Welcome!!!
      මාත් වරින් වර පෙට්ටගම බලලා තියෙනවා. ක්‍රියාකාරීව සිංහල බ්ලොග් ලෝකෙට ආවෙ බොහොම ලඟදි. දැන්නම් හැකි හැම විටම කමෙන්ට් එකකුත් දානවා.

      Delete
  6. මෙච්චර කල් සල්ලි පාවිචිචි කරලාත් අදනේ මේ ටික දැන ගත්තේ...ඇත්තටම V කොහෙන්ද මේ තොරතුරු හොයාගත්තේ..? අපිනම් හොයාගත්තේ අටම්ගේ බ්ලොග් එකෙන් ඔයාට පාර පෙන්නුව නිසා....අටම්ටයි V ටයි දෙන්නාටම තැන්කූ වේවා...
    ලක්ෂ්මී කියන්නේ දෙයියන්ගේ මල්ලිගේ බේබි සිටර් නැත්නම් ආයා....හෙක්..හෙක්..

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. පාසැල්වල වාණිජ්‍ය සිසුන්ට මම දේශන කරනවා බැංකු හා මූල්‍ය සේවා ගැන. ඒ Presentation සඳහා සොයාගන්නා තොරතුරු සහ වෘත්තීය අත්දැකීම් තමා ඉතිං මේ හුදී ජන පහන් සංවේගය සඳහා දාන්නේ.
      සාදරයෙන් පිළිගන්නවා, ස්තුතියි.

      Delete
  7. සා නියමයි.තැන්කස් දැනුවත් කිරිමට

    ReplyDelete
    Replies
    1. අටමගෙ පාරෙන් ආවෙ

      Delete
    2. වෙල්කම් ඇන්ඩ් තෑන්ක්ස්... අගය කිරීමට. අටම්ටත් පිං ඈෑෑ...

      Delete
  8. අටං අයියාගේ ඔත්තුවක් මත පැමිණියෙමි.....!! ජය

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. සාදරයෙන් පිළිගන්නවා!!!

      Delete
  9. මමත් ආවා. නලින් අයියන්ඩිගෙන් චෙක් පොත් 2ක්3ක් ඉල්ල ගන්න ඔිනේ.
    එල ද බ්‍රා

    ReplyDelete
    Replies
    1. වෙල්කම්... බ්‍රා...!!!
      නැද්ද වික්ටෝරියා සීක්‍රට් එහෙම?

      Delete
    2. නැත අපි ලග තියෙන්නේ
      Best form, Komer, lee mystere, BLI, GAP
      එල ද බ්‍රා

      Delete
  10. වැදගත් තොරතුරු ගොඩක්ම දැනගත්තා ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,

    ReplyDelete
  11. සාදරයෙන් පිළිගන්නවා. ස්තුතියි ඇගයීමට.
    මේ තමා අපි වගේ අයට කලහැකි හොඳම යුග මෙහෙවර.

    ReplyDelete
  12. නොදන්නා දේවල් ටිකක් දන ගත්තා ...පහුරෙන් තමයි ගොඩ උනේ
    ජය වේවා ......

    සල්ලි සල්ලි ලොකු ලොකු සල්ලි ..
    කවුරු කොහොම මැව්වද සල්ලි ..
    අනුන් අතට යන සල්ලි යලිත් අතට එන සල්ලි
    දෙයියෝ දුන්න බලගතු සල්ලි .....//

    සල්ලි පිරුන දාට අතේ
    මන්දිර වල සැප ලබතේ
    නැති නෑයොත් ලං වෙයි මල්ලි ....
    නැති උනාම සල්ලි අතේ
    කොයි කවුරුත් අයින් වෙතේ
    අනේ අපොයි තව තැනකට යනවනේ සල්ලි ...

    සල්ලි සල්ලි .....

    මුළු ලෝකෙම පිස්සු කරයි
    හැමදේටම ඉස්සර වෙයි
    කුල මල ගැන නොදන්න සල්ලි....
    මිතුරු වෙසින් ළඟටම එයි
    තුරු උනොත් දිවි නැතිවෙයි
    සත්තකින්ම අමුතුම ජාතියක්නේ සල්ලි ..

    සල්ලි සල්ලි ලොකු ලොකු සල්ලි ..//

    ගායනය - නිහාල් නෙල්සන්

    (http://www.topsinhalamp3.com/songs/nihal-nelson-mp3-songs/salli-salli-loku-loku-salli-mp3-song.php)

    ReplyDelete
    Replies
    1. දයාබර රසික රසිකාවියනි, ඔබේ උණුසුම් අත්පොලසන් නාදය මැද පිළිගන්න,
      සිංහල බ්ලොග් ලෝකයේ අසම සම සංගීත සම්ප්‍රාප්තිය...
      සින්දු ඇනෝ...!

      Delete
    2. ස්තුතියි ...

      බ්‍රෑන්ඩ් එක ගල් ..

      Delete
  13. ඔබේ වටිනා ලිපියට ස්තුතියි. පාර කිව් අටම්ටත් ස්තුතියි . දිගටම ලියන්න . ජය !

    ReplyDelete
  14. සාදරයෙන් පිළිගන්නවා. ඇගයීමට ස්තුතියි. සාකච්ඡා කලයුතු මූල්‍ය විෂයය කරුණු බොහොමයි. බලමු ඉදිරියෙදි.

    ReplyDelete
  15. අටමගේ පාරෙන් ආවේ, සල්ලි වලින් වැඩ කළා විතරයි වගේ මෙච්චර කල් බලන් යනකොට, මේවා දැනගෙන හිටියේ නෑනේ

    ReplyDelete
    Replies
    1. වෙල්කම් කිව්වා...!
      අල්ලගන්නමයි හිටියේ එල්ලන්න.

      Delete
  16. 1.//ඌරන් ඇතිකල ගොවියෙකුට වෙනත් ගොවියෙකුගෙන් ධාන්‍ය ලබාගැනීමට අවශ්‍ය වූ විට ඒ දෙදෙනාට තම ධනය හුවමාරු කරගන්නට සිදුවුණා.// මෙන්න මේ විදිහේ භාණ්ඩ හුවමාරු වෙන තැන් අදටත් දකින්න පුළුවන්. පොළවල් එහෙම ඉවර වේගන යනකොට වෙළෙන්ඳෝ තමුන් විකුණන්න ගෙනාපු බඩුවලට තමුන්ට අවශ්‍යය බඩු හුවමාරු කරගන්නවා අනිත් අයත් එක්ක.

    2.//අපේ රටේ නෝට්ටු මුදල් අච්චු ගහන්නේ බ්‍රිතාන්‍යයේ ඪෙ ළ ර්‍උඑ ඵ්ළ්C පාදක කරගත් ඪෙ ළ ර්‍උඑ ළන්ක Cඋර්‍රෙන්cය් & Sඑcඋරිට්ය් ඵ්‍රින්ට් ඵ්ව්ට් ළ්ට්ඩ් නමැති සමාගම (බියගම තියෙන්නේ!!!). අපේ රටේ චෙක්පත් මුද්‍රණය කරනනේ නම් ලේක්හවුස් එකේ!!!

    /ඇදනෙ දන්නෙ මම හිතුවා පිටරටක මුද්‍රණය කරලා ගේනවා කියලා.. මුදල් නෝට්ටුත් කාසිත් මුද්‍රණයට යන වියදම පියවා ගන්නෙ කොහොමද?

    3.//ඔබට සත 1, 2 හා 5 කාසි යොදාගෙන ගෙවිය හැකි උපරිම මුදල රුපියලක් පමණයි. ඒ වගේම ශත 10, 25 සහ 50 කාසි යොදාගෙන ගෙවිය හැක්කේ උපරිම වශයෙන් රු. 5 ක් දක්වා පමණයි. මෙන්න මේ ශත 1 සිට ශත 50 දක්වා කාසි සීමාසහිත මුදල්. එතකොට රුපියල, රු.2, රු.5 සහ රු.10 කාසි සීමාරහිත මුදල්; ඒවායින් ඕනෑම මුදලක් ගෙවන්න පුලුවන්.// කොහෙද මෙහෙම සඳන් වෙන්නෙ. එතකොට අපිට කැටය තිබ්බ කාසි එකතු කරන් ගිහින් බඩුවක් ගන්න බැරිද කඩෙන්. උදාහරණයකට සත 50 කාසි කියමු..

    4.//මේකත් කියන්න ඕනි. සීමාසහිත මුදලින් ඕනෑම වටිනාකමක් භාරගන්න මුදල් ලබන්නාට නීතියෙන් බාධාවක් නැහැ. ඒ කියන්නේ එය ඔහුගේ කැමැත්ත.// ඔහුට ප්‍රතික්ශේප කරන්න පුලුවන්ද?

    5.මේ කාලෙ සත විසි පහ්හේ පනහේ කාසියක් ඇහැකට දකින්න නැතිවෙන්න හේතුව මොකක්ඩ? තිබ්බ කාසි වලට මොකද උනේ?

    ReplyDelete
  17. 1. ඇත්ත..බාටර් ක්‍රමය අදටත් ලෝකයේ දියුණු වෙළඳ ක්‍රමතුල පවා තිබෙනවා...
    2. නෝට්ටුවක් නිමිති මුදල් නිසා එහි මතුපිට වටිනාකමට පිරිවැය දැනෙන්නේවත් නෑ...නමුත් කාසිවල කතාව වෙනස්. මෙම පිරිවැය මහා භාණ්ඩාගාරය දරනවා. එය රජයේ වියදමක් (අපේ බදු)
    3. මම මේ කරුණ මතුකලේ එය නීතියෙන් එසේ දක්වා ඇති නිසා. නමුත් ප්‍රායෝගිකව මුදල් භාරගන්නා පුදගලයා කැමති නම් ඕනිම මුදලක් සතේ කාසිවලින් වුනත් භාරගන්න නීතියෙන් බාධාවක් නෑ.
    4. ප්‍රතික්ෂේප කරන්නත් ඒ වගේම පුලුවන්.
    5. අපි මිලදී ගන්නා මිල අඩුම භාණ්ඩයක මිල සහ එහි කොපමණ ප්‍රමාණයක් මිලදී ගන්නවාද යන්න මත ඒ ඒ වටිනාකම් ඇති කාසිවල භාවිතය වෙනස් වෙනවා. අපිට තවදුරටත් කාසිය පසුම්බියට බරක් වුණාම මොකද වෙන්නේ? අඩු වටිනාකම් ඇති කාසි පන්සල්/දේවාල ආදියේ කැට වලට හෝ තමන්ගේම කැටයට දැමීමත් නේද?. ඒවා අවසානයේ බැංකු වල රැස් වෙනවා. බැංකු, තමන්ට ඒ මුදල් සඳහා ඉල්ලුමක් නැතිනම් මහ බැංකුව වෙත යවනවා. මහ බැංකුව වෙනත් තැනකින් ඉල්ලුමක් නැතිනම් ඒවා විවිධ සංචිත ලෙස රඳවා ගන්නවා. අවසානයේ පැරණි කාසි සියල්ලටම වගේ වෙන්නේ මේකයි.
    හොඳම ප්‍රශන ටිකක්...මෙන්න මේකයි වෙන්න ඕනි. බුද්ධි කලම්භනය

    ReplyDelete