Tuesday, October 28, 2014

හවුසිං ලෝං එකක් ගම්මුද? Way for a Housing Loan-1

ලස්සන නියපොත්ත නේ? 
පාට ගාපු දේවල් අතර මං හරිම ආස දෙයක් තමා කාන්තාවන්ගෙ නියපොතු. ඔය විච්චූරණ මල් ඇඳපු එහෙම නැත්තං මැලිබන් රියල් ඩබල් වගේ පාට දෙක ගාපු තොරණ් නෙමෙයි. තනි තද පාටක්. ආ...ආ... ඔය කොයි හවුසිං ලෝං එක ගැනද කියවන්නෙ? අප්පට සිලි, පීල්ල පැන්න නොවැ.

ඉතිං ලමයිනෙ ගියපාර අපි ඉස්තීර තැංපතු ගැනනෙ කතා දැම්මෙ. තැංපතු දාංට සල්ලි එපැයි. අද කියංට යන්නෙ සල්ලි නැතිනං ගෙයක් හදාගන්න හැටි. ඒ කියන්නේ ණය වීමේ කලාව...හුහ්!

නිවාස ණය කිව්වට ඔව්වා විවිධ කාරණා යටතේ ගංට ඇහැකි. 

  1. ගෙයක් සල්ලි වලටම ගංට (Purchasing a House)
  2. ගේ හදංට ඉඩම ගංට (Purchasing a Land)
  3. ගේ හදංට (Construction of House)
  4. ගෙයි වැඩ අහවර කොරංට (Completion of House)
  5. ගෙට කෑලි එක්කහු කොරංට, වෙනස් කොරංට (Additions & Alterations to House)
  6. ගේ රෙපෙයාර් කොරංට (Repair of House)
ඔය මොන කාරණේට ගත්තත් ඉතිං රුපියල් ලස්ස පහකට වඩා එහෙම ගන්නවනං ගේ හරි ඉඩම හරි බැංකුවට උකස් තියංට වෙනවා ආයිබොවං. එහෙම උකස් තියනවානං මෙන්න මේ කරදාසි කොලටිකත් අරංම යංට බැංකුවට.
  • ඉඩමේ දැන් ඉන්න අයිතිකාරයට ලියවුනු ඔප්පුව (Title Deed). 
ඔය ඔප්පුත් ඉතිං විවිදාකාරයි ඈ... ඉතාම බලසම්පන්න එක තමා විකුණුම්කරය හෙවත් පැවරුම් ඔප්පුව (Deed of Transfer). ඊ ළඟට එච්චර පොරබල නැතිවුනත් තෑගි ඔප්පුව (Deed of Gift). ඔය තෑගි ඔප්පු වල දීමනාකාරයා පරාණ බුත්තිය (Life Interest) එහෙම තියාගෙන ලියල තියෙයිනං ඒ ඇත්තාත් බැංකුවෙ උකස් ඔප්පුවට අස්සං කොරංට ඕනි ඈ... එතනිං ගිහාම කලිං බෙදල වෙන් නොකර තිබ්බ ඉඩං පවුලේ ඇත්තො එහෙම කතා වෙලා මැනල වෙංකොරල ලියාගන්න බෙදුං ඔප්පුව (Deed of Partition). ගහ මරාගෙන උසාවි ගිහිං නඩු කියල බෙදාගත්තුවටනං ඒ අවසාන නඩුතීන්දුව (Final Decree). ආණ්ඩුවෙං හම්බ උනානං ඒ දීමනා පත්තරේ (Papers of Grant). එතෙංදිනං බැංකුවට තියංට කලිං පුරාදේසීය ලේකම් තුමාගෙ හරි ඉඩං පොරතිසංස්කොරන කාරියාලෙ (Land Reform Commission) හරි අවසරේ ගංට ඕනි. 
  • ඉඩමේ පිඹුර (ඉතිං අල්ලපංකො පිඹුරෙක්) ඒ කිව්වෙ ඉඩමෙ ප්ලෑන (Survey Plan). 
සමහර නගර බබා, පුරාදේසීය බබා සීමා වල මේ පැලෑන අනුමත කොරන්ට ඕනැ ගරු සබාපොති තුමා ඈ... මේ පිඹුරගෙ වයස එක එක බැංකුව අනුව වෙනස් වෙනවා. සාමාන්නියෙන් අවුරුදු 30 ක් වත් ඇතුලත.
  • එතකොට ඔය බබාගෙන්ම ගංට ඕනෑ සහතික කීපයක් තියෙනවා. 
ඉඩමට වීථි රේඛා සහතිකේකුයි (Street Line Certificate), පවරා නොගැනීමේ (Non Vesting Certificate) සහතිකේකුයි. (සමහරු ඕකට නොපරවා ගැනීමේ සහතිකේ කියනවා. ඒක වැරදී, හරිනං නොපවරා ගැනීමේ සහතිකය). සමහර බබාලා දෙනවා හිමිකම් (Certificate of Ownership) සහතිකයයි වරිපනම් (Rates/Assessment Certificate) සහතිකයයි කියලා දෙකක්. ඕවා සේරම ගංට ඔප්පුවෙයි පැලෑනෙයි ඔරිමජිනල් එක පෙන්නලා ගානක් ගෙවංටත් වෙනවා. 
  • ඔප්පු ලියවුණු පත් ඉරු
මුන්නැහේල දන්වද, ඔය ඉඩං ඔප්පු සේරම දිස්තිරික්කෙට තියෙන ඉඩං කච්චේරිය එහෙම නැත්තං ඉඩං රෙජිස්ට්‍රාර් කාරියාලෙ ලියාපදිංචි කොරන බව. අන්න එහෙම ඔප්පු ලියාපදිංචි කොරපු ලෙජර් සයිස් තඩි පොතක ඒ පිටුවල උපුටාගත්තු (ඇත්තටම පොටෝ කොපි ගහපු) පත් ඉරුත් (Extracts of Registered Folios) ඕනි වෙනවා. මෙතෙංදිත් බැංකුවෙන් බැංකුව ආපස්සට ගිහිං බලන අවුරුදු ගාන වෙනස්. අපි කියම අවුරුදු 15-20 ක් වගේ ඇතුලත ලියවුනු ඔප්පු සේරම රෙජිස්ටර වෙච්ච පිටු ඉල්ලාවි. ඔය පත් ඉරු තියෙනවා නේද? ඕවා ලංකාවෙ එක එක කලාප වලට අකුරු වලට කඩලා පොත් සහ පිටු වලට දාලා මෙන්න මෙහෙමයි කියවන්නෙ. A 216/453 (මෙතන ඒකියන්නෙ පාරෙ...නෑ..නෑ. A කියන්නෙ කලාපය. 216 කියන්නෙ පොත/වෙළුම. 453 කියන්නෙ පිටුව).
මෙන්න මේ ටිකත් එක්ක ගෙහුං මැනේජර් මහත්තයත් හම්බු වෙලා උන්නැහැත් වැඩේට මනාපනං ඉතිං ගොඩ තමා. හැබැයි අමතක කොරංට එපා, තමං ණය ඉල්ලන කාරනේ හැටියට මෙන්න මේවත් ගෙනියංට. 
  • ගෙයක් හරි ඉඩමක් හරි සල්ලි දීලා ගන්නවානං ඒක විකුණන පොරගෙන්, ලෑන්ඩ් සේල් එකෙං එහෙම විකුණන බවට කැමැත්තයි, ඉඩමෙ විස්තරෙයි, විකුණන ගානයි දාපු ලියුං කරදහියක්. මතක තියාගංට බැංකුව ණය දෙංට කැමතිනං ඔය දේපල අයිතිකාරයා අත්සං කොරංට ඕනි “ප්‍රමුඛතා නිවේදනය (Priority Notice)“ කියාල එකක් නොතාරිස් කෙනෙක් ඉස්සරහපිට. ඒක ඉඩං රෙජිස්ට්‍රාර් කාරියාලෙ ලියාපදිංචි කොරංට ඕනි. ඕක දවස් හතලිස් දෙකක් වලංගුයි. ඕකෙං කෙරෙන්නෙ ඒ කාලය ඇතුලත වෙන කෙනෙකුට ඉඩම විකුණන්ට බැරි වෙන එක. 
  • අර උඩිං තියෙන තුනේ ඉඳං හය වෙනකං කාරනා වලදි ඕනි වෙනවා ගෙයි පැලෑන. මේකත් අර බබෙක්ගෙන් අනුමත කොරගංට ඕනි එහෙම කොරංට කියාලා වීථි රේඛා සහතිකේ ගහල තියේනං.
  • ඊ ළඟට මේ කොරංට යන වැඩේට යන වියදම ගණන් බලලා පිළිගත් ගෘහ නිර්මාණ ශිල්පියෙක්, සිවිල් ඉංජිනේරුවෙක් හරි ලියාපදිංචි කොන්තරාත් කාරයෙක් වගේ පොරක් ලව්වා හදෝගන්න ඇස්තමේන්තුවක් (ඕකට BOQ-Bills of Quantities) කියලත් කියනවා.
ඒ වගේම ඉතිං ණයක් ගන්නෙ ගෙවංටනෙ ආයිබොවං. එහෙම ගෙවංට තමංට සත්තිය තියෙනවා කියලා පෙන්නංට තමංගෙ ආදායම ඔප්පුකරංට හැකි කරදාසිත් ඇරං යංට. ඒ කියන්නෙ ඔය පඩි කොලේ (Pay Sheet), ආදායම් බදු සාරාංසෙ (Tax Summary) වගේ දෙයක්. 

දැං ඉතිං මෙතන කෑ කෝ ගහනව නෙමෙයි “බුදු අම්මෝ ණයක් ගංට ඔච්චර ජාති ඕනිද?“ අරක මේක කියලා. ඔය තව ටිකයි ඈ... අතඅරිංට එපා. අහල නැද්ද “උත්සාහවංතයා ණය ගනී“ කියලා. 

අපි ඊළඟ දවසෙ බලමු බැංකුවට මේවා බාරදුංනම මක්කද වෙන්නෙ කියලා.

එහෙනං හැමෝටම ණය බර සුව දිවියක්! යඤ්ඤං ඈ....

Wednesday, October 22, 2014

ඉස්තීර තැංපතුවක් දාමුද? Shall we make a Fixed Deposit?

ස්ථාවර තැන්පතුවක්, සිංහලෙං කියනවානං එෆ්.ඩී. එකක් දාන්නෙ ඉතිං එකපාර කීයක් හරි අතට ආවහමනෙ. ඒක සමහර විට ඊ. පී.එෆ්. (අර්ථ සාධක) එක, ඒකාබද්ධ විශ්‍රාම වැටුප, ලොකු කොමිස් එකක් ඒත් නැත්තං නිතරම ඇදෙන කෝටි ගාණක ලොතරැයි දිනුමක් වගේ විශාල මුදලක් තමා මෙහෙම ස්ථාවර තැන්පතු දාන්නෙ. එහෙම දාපු ස්ථාවර තැන්පතු තමයි බැංකු හා මූල්‍ය සමාගම් වල තියෙන වැඩිම තැන්පතු ප්‍රමාණය වෙන්නෙ. ගොඩක් අය මේවා දැම්මට මුලදිම නිසි අවබෝධයක් ඇතුව නෙමෙයි දාන්නෙ. ඉතිං දාගත්තට පස්සෙ ප්‍රශ්න කෝටියයි. අන්න ඒ ස්ථාවර තැන්පත් දාන අන්ත දුගී ජනතාවගේ හිත සුව පිණිස මෙන්න මේ කරුණු කාරණා ටික එළියට දාන්නෙ.

දැං ඇත්තටම ඕක මොකක්ද?
මේක ඇවිල්ලා ආයෝජනය කොරන උන්දැට නියමිත කල් පිරීමේ දිනයකදි සාමාන්‍ය තැන්පතු ගිණුමකට වඩා වැඩි පොලියක් ලැබෙන තැන්පතු වර්ගයක්. කල් පිරීම කිව්වම ඉතිං ඕක මාසයක් වෙන්ට පුලුවං, මාස 3 ක්, 6 ක් ඒත් නැත්තං අවුරුද්දක්, දෙකක්, තුනක්, හතරක්, පහක් වෙන්ටත් පුලුවං. ඊට වැඩි වෙන්ටත් පුලුවං. හැබැයි, මූල්‍ය සමාගම් සිංහලෙන් කිවුවොත් Financial Companies වල ඔය කාලය දික්වෙන්ට දික්වෙන්ට පොලී අනුපාතයත් වැඩි වෙනවා. හැබැයි රජෝ වාණිජ බැංකුවල ඔය කල්පිරීම සමග පොලී අනුපාතය තීරණය වෙන්නෙ රටේ ආර්ථිකයේ සංසරණ මුදල් ප්‍රමාණය පාලනය කිරීම අනුව. ඒ කියන්නෙ, රජයට මුදල් ඕනි වෙලා තියෙනවා කියමු අවුරුද්දක විතර කාලෙකට. අන්න එතකොට අවුරුද්දෙං කල් පිරෙන ස්ථාවර තැන්පතුවලට වැඩි පොලියක් නියම කරනවා. මේක සිරසෙ මුදුන වගේ. ඊට අඩු සහ වැඩි කාලසීමාවල තැන්පතු දෙපැත්තට අඩුවෙවී යනවා. 

නියම කල පොලී අනුපාතය ලැබෙන්නෙ කල්පිරීමේදී ආපසු ගත්තොත් තමා. අපි උදාහරණෙකට ගමු ලේසියෙන් නොදෙන දුවෙක් ඉන්න ජෝඩුවක්. මේ ජෝඩුව තමං හම්බු කොරපු හැම සතේම එකතුකරල දානවා ඉස්තීර තැන්පතුවක් බැංකුවෙ, තව අවුරුද්දකිං පොලියත් එක්ක මේක අරං දෙන්න දුවට දෑවැද්දට. ඔන්න ඔතෙංදි බැංකුව කියනවාය හිතමු අවුරුද්දට 8% ක පොලියක් දෙනවා කියලා. දැන් මේ තැන්පතුව දැම්මෙ ජනවාරි පළවෙනිදා කියලත් හිතමුකො. ඉතිං දුවට ඉන්ට බෑ එච්චර කල්. දවසක් දුවගෙ කාමරේ ලඟිං යනකොට අපේ ජෝඩුවට පොඩි හම් එකක් ඇහෙනවා. බැලින්නං දෝනියන්දැ ඉන්නවා වයිබරේට‍රේකුත් තියාගෙන! “මොකෑ බං ඔය?“. ඩබලම අහපි. “මං මේ මගේ අනාගත සුවාමි පුරුසයත් එක්ක ඉන්නෙ“ කෙල්ල කියපි.
තව ටිකදොහකිං එක දවසක් අම්මට ඇහෙනවා සාලෙංම මේ සද්දෙ. බැලිංනං තාත්තා ඉන්නවා ටී වී බල බලා වයිබරේටොරෙත් නිකං රිමෝට් කොන්ටරෝල් එක වගේ සැටියෙ පැත්තකින් තියාගෙන. “මොකෑ ඕයි, ඔය?“. මහ මෑන් කියාපි “මං මේ අපේ බෑණත් එක්ක ටී වී බලනවා“ කියල!!!

කොහොමිං කොහොම හරි දෙන්න දෙමාල්ලො තීරණය කොලා අවුරුද්දක් හමාරක් ගියොත් මොකිං මොකක් වෙයිද දන්නෑ, ඉක්මනට කෙල්ල දීලා දාන්ට ඕනි කියලා. ඉතිං සේරම උප්පරවැට්ටි දාලා මගුලක් පැටලෙව්වා දෝනියන්දැට. දැන් ඉතිං කාසි පනං එපායැ. දෑවැද්දත් එපායැ. මාම යනවා බැංකුවට.

“මැනේජර් මහත්තයො, මං මාස තුන හතරකට කලිං අර දැම්මෙ ඉස්තීර තැංපතුවක්ද මොකක්ද. තව අවුරුද්දකිං හමාරකිං කෙල්ලට හොඳ පෙලවහක් කොරල දෑවැද්දකුත් දෙන්ට තමා ලෑස්ති උනේ. අනේ ඒ උනාට ඉතිං, කෙල්ලට එච්චරකල් ඉංට බෑ කියනවනෙ. ඔන්න ඔය දාපු සල්ලි ටික මට පොලියත් එක්ක ආපහු දුන්නනං“ කියලා මාමා කියාපි.

දැන් මැනේජර් මහත්තයා කියනවා “මේ උන්නැහැ, ඔහේ අවුරුදු දෙහෙකට දැම්මට තමා මාස 4 යිනෙ ගතවුනේ. ඉතිං පොලියෙං කොටහක් තමා දෙන්ට වෙන්නෙ“.

මෙන්න මෙතෙංදි කොහොමද ගෙවන පොලිය ගණන් බලන්නේ. ක්‍රම කීපයක් තියෙනවා.

  • එකක් තමා දැනට ස්ථිර තැන්පතු සඳහා පවතින කෙටි කාලසීමාවන් (මාස 3, 6 ආදී වශයෙන්) අතරින් යෙදිය හැකි උපරිම කාලසීමාවට ගෙවන පොලී අනුපාතය යොදා ගැනීම.
  • තව ක්‍රමයක් තමා ගතවූ මාස ගණනට ඉතිරිකිරීමේ ගිණුමකට ගෙවන පොලී අනුපාතය යොදාගැනීම.
  • තවත් ක්‍රමයක් තමා එහෙම උපරිම කාලසීමාවක් ස්ථිර තැන්පතු පොලිය බලලා තව ඉතිරි මාස තියේනං ඒවාට සාමාන්‍ය ඉතිරි කිරීමේ ගිණුම්වලට ගෙවන පොලිය ගෙවීම. ඒ කියන්නෙ මුල් ක්‍රම දෙකේ හයිබ්‍රිඩ් එක.
  • අනෙක් පජාතම ක්‍රමයක් තමා කිසිම පොලියක් නොගෙවා මුල් මුදල පමණක් ගෙවීම.
  • ඊටත් වඩා පජාත ක්‍රමයක් තියේනං ඒ තමා තැන්පතුව කලිං අවලංගු කරනවට දඩයක් ගහලා තැන්පතුව මුදා හැරීම.


ඔය අන්තිමට කියපු ක්‍රම බැංකුවල සිද්ද වෙන්නෙ නෑ. මහ බැංකුව ඒ අයව සෘජුවම අදීක්සනේ කොරන නිසා. හැබැයි සමහර මූල්‍ය සමාගම් ඕක කරලා තියෙන බවට පැමිණිලි තියෙනවා.

අපි හිතමු මාස තුනේ (3) ඉස්තීර තැංපතුවකට පොලිය 6% යි, ඉතිරි කිරීමේ සේවිංස් පොතකට පොලිය 4% යි කියලා.මෙන්න පොලිය හැදෙන විදිහ.

·         පළමු කරමෙදි තැංපතුව තිබුණෙ මාස 4 නිසා මාස 3 ට පොලිය තමා යොදන්නෙ.

         1,000,000 x  3   x   6      = 15,000
                            12     100

·         දෙවන කරමෙදි මාස 4 ට ඉතිරිකිරීමේ පොලී අනුපාතය යොදනවා.

1,000,000 x  4   x   4       =13,333.33
                  12     100

·         හයිබ්‍රිඩ් කරමෙදි අර පළමු කරමෙන් හදාගත්තු 15,000 ට මෙන්න මෙහෙම ඉතිරිකිරීමේ ගිණුමක් විදිහට මාසෙක පොලිය ගණන් බලාල එකතු කොරනවා.

         1,000,000 x  1   x   4       =3,333.33
                           12     100

         15,000 + 3,333.33          =18,333.33

·         අනික් කෙරම මං හදංට යන්නෑ. එව්වට කිසිම පොරතිපත්තියක්, නීතියක් නැති හිංද.

මාසයක් ගානෙ පොලිය ගන්න
කවුරුත් අහල ඇති මාස්පතා පොලිය ගෙවන ඉස්තිර තැංපතු (Interest payable monthly) කරමෙ ගැන. එතෙංදි කල්පිරීමේදී (Interest payable at maturity) සාමාන‍්‍යයෙන් ගෙවන පොලී අනුපාතයට වඩා තරමක් අඩු ප්‍රමාණයක් තමා ගෙවන්නෙ. හැබැයි තැන්පතුව විශාලනං මේ පොලියෙං කාල ඇඳල ඉංට බැරිකමක්මත් නෑ පැංසොං ගිහාම එහෙම. මෙන්න මෙහෙමයි පොලිය හැදෙන්නෙ. අපි හිතමු මාසිකව ගෙවන කෙරමෙට වාර්ෂික පොලිය 7.5% ක් කියලා. ඔන්න ලස්ස දහයකට හැදෙන පොලිය.

            1,000,000  x  1   x  7.5   = 6,250
                               12     100
මදිදැ ඉතිං එහෙං පිටිං මනුස්ස පරාණ දෙහෙකටයි තව බාගෙකටයි මාසයක් කාල ඇඳල ඉංට!
ඉතිං දරුවනේ දැං අපි බලමු මේ කියන නියම කාලය පිරුණම මක්කැයි වෙන්නෙ කියලා ඉස්තිර තැංපතුවකට. මෙතෙංදි බැංකු ගොඩක්ම යොදන්නෙ ස්වයංක්‍රීය අලුත්වීමේ Automatic Renewal නියාය. ඒ කියන්නේ ඒ ගතවුනු කාලයට හැදුනු පොලිය එයාගෙම වෙනත් ඉතිරිකිරීමේ (Savings Account) හරි ජංගම (Current Account) ගිණුමකට හරි දාලා මුල් මුදල විතරක් අලුත් ඉස්තිර තැංපතුවක් විදිහට අලුත් කොරනවා.

තව විදිහක් තමයි පොලී ගෙඩිය පැලකිරීම (Interest Capitalization). එතෙංදි කොරන්නේ ගතවුනු කාලසීමාවට අදාල පොලියත් තැංපතුවටම එක්කහු කොරල අලුත් ගාණට ඉස්තිර තැංපතුව අලුත් කොරන එක. නිකං අපි හිතමු 8% පොලියට අවුරුදු දෙහෙකට (2) රුපියල් දසලස්සයක් දැම්ම කියල. ඉතිං අවුරුදු දෙකට පොලිය හැදෙනවා මෙහෙම.
         
               1,000,000 x  2  x    8         = 160,000
                                          100

එතකොට ඊ ළඟ අවුරුදු දෙකට රුපියල් 1,160,000 ක් තමා අලුත් වෙන්නෙ. ඔය විදිහට ගිහිං අවුරුදු 10 කදි ඕක දහ අට ලස්සෙත් පනිනවා. දැං ඉතිං අහංට එපා අවුරුදු 10 කින් දහඅටලස්සෙන් කොරංට පුලුවං එව්වා.

හැබැයි අර මං කලිං කියාපු අප්සැට් කට්ටිය අතරෙ ඉන්නවා පොලිය විතරක් වෙන් කොරාල බලං ඉන්නවා අයිතිකාරයා එනකං බලං ඉන්න අය, නියම දිනෙං පස්සෙ සත පහක්වත් පොලී නොගෙවා.
කාල සීමාව මක්ක වුනත් තැන්පතුවලට වගේම ණය වලටත් පොලී අනුපාත පොරකාස කොරන්නේ අවුරුද්දකට මෙච්චරයි කියලා. ඒ කියන්නේ වාර්ෂික පොලී අනුපාතය (Annual Rate of Interest). හැබැයි ඔය පොලී අයියල/අක්කල නං 10% යි කියන්නෙ මාසෙකට. ඒ කියන්නෙ අවුරුද්දට 120% ක්. මේක 360% ක් පමණ වෙන වෙලාවල් තියෙනවා. ඔය දවස ගානෙ බිසිනොස් කරන ඈයො ණයට ගන්නෙ දිනකට 2%-5% ක වගේ පොලියකට. ඒ කියන්නේ අවුරුද්දකදි ඔවුන් නොදනම 700%-1800% ක විතර පොලියක් ගෙවලා. ඉතිං හැදෙයිද මේ රට? මේක ආර්ථික ව්‍යසනයක්!!! නෑ...නෑ...ආර්ථික ඝාතනයක්.
(මං වෙනම පෝස්ට් එකක් දාන්ට ඉන්නෙ ගිනි පොලියට ණය ගැනීමේ ආදීනව ගැනත්!)

ඇත්තටම, තමංගෙ ඉස්තීර තැංපතුවට ඩැමේජ් එකක් නොවී හදිසියකදී මුදලක් ගන්න ක්‍රමයක් තියෙනවා. ඒ තමා ඒ තැංපතුවම ඇපේට තියලා ණයක් (Cash to Cash Loans) ගන්න එක. එතෙංදි තැංපතුවෙන් 75%, 90% වගේම 100% ම වුණත් ගන්ට ක්‍රම තියෙනවා. ඒ ගැන තැංපතුව දාංට කලිං බැංකුවෙං අහල දැනුවත් වෙංට.

එහෙම තමංගෙම සල්ලි තමංටම ණයට දෙන එක බොරු වැඩක් වගේ එකපාරටම පෙනුනත් මේකෙ වාසි කීපයක් තියෙනවා.
  • තැන්පතුව එයට අයිති පොලිය ලබමින් අඛණ්ඩව පැවතීම.
  • තැන්පතුවට ගෙවන පොලියට වඩා 2%-3% ක් වැනි සුලු ප්‍රමාණයක් පොලියක් ණයට නියම වීම.
  • ණය මුදල වාරික වශයෙන්  ගෙවන නිසා පොලී අනුපාතය අදාල වෙන්නෙ මුලු කාලයම පැවතුණු සාමාන්‍ය ශේෂයට. ඒ නිසා තැන්පතුවට ලැබෙන පොලියට වඩා අඩු පොලියක් තමා අංතිමේදි ගෙවිලා තියෙන්නෙ. මේ බලංටකො.

තැන්පතුව අවුරුදු පතා පොලී ගෙවි ගෙවී අවුරුදු 5 ක් තිබුණා කියමු.

1,000,000  x   8     x  5   = 400,000
                   100

නමුත් ණය කැපී කැපී යන නිසා, අවුරුදු 5 කින් නෙමෙයි කීයෙං ගෙව්වත් සාමාන්‍ය ශේෂය 500,000 ක් පමණ වෙනවා. එතකොට අවුරුදු 5 ටම ගෙවංට ඕනැ මෙච්චරයි.

500,000  x   10   x  5       =250,000
                 100

ඒ වගේම අවුරුද්දක් ගානෙ තමංට ලැබෙන පොලිය මේ අවුරුදු 5 ඉතිරි කිරීමේ ගිණුමක දැම්මොත් අමතර රු. 10,000 ක් විතර හම්බු වෙනවා.
           
මාස්පතා පොලී ගෙවන තැන්පතුවක් ඇපේට තියලා ණයක් ගත්තොත් අර ණය පොලී අනුපාතය ගණං බලන්නේ ඒ කාලයටම හෝ අවුරුද්දකින් කල්පිරීමේදී ගෙවන පොලී අනුපාතයට 2%-3% ක් එකතු කොරලයි.
ඒ කියන්නෙ, අපි හිතමු රු.1,000,000 ක් අවුරුද්දකිං කල් පිරීමේදී 8% ක් ගෙවනවා, මාස්පතා ගෙවනවානං 7.5% යි කියලා. ඉතිං මෙතනදි ණයට 2% ක් වැඩිපුර ගන්නවානං අපි ගෙවන්නේ 9.5% ක පොලියක් තමා.

තව එකක්. තැංපතුවකට මාස්පතා පොලිය ගෙවනවනං ඒ පොලියෙං ගෙවංට ණයක් ගන්නත් බැරි නෑ. හැබැයි එතෙංදි අතට ලැබෙන ණය මුදලනං සොච්චමයි. අපි හිතම අර දසලස්සෙම තැන්පතුවට කල්පිරීමෙදි 8% ක් සහ මාසික පොලිය ගෙවීමෙදි 7.5% ක් විදිහටයි ගෙවන්නෙ කියලා. දැන්, මාසෙකට ලැබෙන පොලිය,

1,000,000   x   1    x    7.5       = 6,250
                     12        100

ඔතෙංදි සමාන වාරික කරමෙට ණයක් ගන්නවානං ගන්න පුලුවං උපරිම මුදල මෙහෙමයි හැදෙන්නෙ. ලබාගන්ටැහැකි ණය මුදල PV කියලත් පොලී අනුපාතය (Rate)  (මාස්පතා පොලියට 7.5% වුනත් කල්පිරීමේදී 8% නිසා 8% ට 2% එකතුවෙලා) 10% ක් මාසපතා පොලී ගෙවන හින්ද 12 න්බෙදල ගන්නවා. ගෙවන කාලය අවුරුදු 5 ක් ඒ කියන්නේ Nper මාස 60 ක් කියලත් ගමු. එතකොට වාරිකය හෙවත් PMT අර රු.6,250 තමා. මෙන්න එක්සෙල් පන්සොන් එක.

= PV (Rate, Nper, Pmt)
= PV (10% / 12, 60, - 6250)
= 294,158.56

සමාන වාරික නැතිව සාමාන්‍ය වාරික වලිං ගෙවනවානං ලැබෙන්නෙ ටිකක් අඩු මුදලක්. ඕක ගණං බලංට එක්සෙල් සීට් එහෙක උඩම හිස් සෙල් එකක් (අපි හිතම A1 කියලා) ඉතුරු කරලා ඊ ලඟ සෙල් තුනට (A2, A3, A4)  පහලට මෙන්න මේ පෝමියුලා දා ගංට.

A2 සෙල් එකට              = A1 / 60
A3                               = E6/12*10%
A4                               = A2 + A3

දැං ගෝල් සීක් (Dataà What If Analysis à Goal Seek) ගන්ටකො. එතන හිටං එන ඩයලොග් පෙට්ටියේ ඔය පල්ලෙහා රූපෙ විදිහට කරුණු කාරණා එන්ට කොරංටකො. එතෙංදි ඔය කියල තියෙන සෙල් කිලික් කොරල 6250 ටයිප් කොරල ගන්ට.



උත්තරේ විදිහට 250,000 ක් ආවනං හරි. හැබැයි, මේ කරමෙදි වාරිකය එන්න එන්න අඩුවන නිසා අවුරුදු 5 අන්තිමේ රු.62,500 ක මුදලක් අර මාස්පතා ඉස්තිර තැන්පතුවට ලැබෙන පොලියෙං ඉතිරි වෙනවා.

මෙන්න මේකත් කියංට ඕනි. රාජ්‍ය බැංකුවල ඉස්තීර තැංපතුවලට ගෙවන පොලිය සාපේක්සව අඩුයි. පෞද්ගලික බැංකුවල ටිකක් වැඩියි. පෞද්ගලික මූල්‍ය සමාගම් ඒ කියන්නෙ ෆිනෑන්ස් කොම්පැනි වල හොඳටම වැඩියි. මෙතන තියෙන්නෙ අවදානම සහ තැංපතු අවශ්‍යතාවය. අවදානම වැඩි වගේම තමංට තැන්පතු උවමනා කට්ටිය වැඩි පොලියක් ගෙවන එක පුදුමයක් නෑ. තැංපතුව දාන ඇත්තා වැඩි අවදානමක් අරගෙන වැඩි ලාබයක් බලාපොරොත්තු වෙනවනං වැඩි පොලියක් ගෙවන තැනක දැංමට කමක් නෑ. එහෙමනං ඔය පොලියට සල්ලි ණයට දෙන කාණ්ඩෙත් මෙහෙම තැංපතු ගන්නවා. මට මතකයි එහෙම පොරක් හිටියා වතු කම්කරුවො තමංගෙ අර්ථ සාධක අරමුදල ආපහු ගන්නකොට ඒ සල්ලිවලිං ඉස්තීරම තැංපතු දාගත්ත. මයෙ හිතේ මාසෙකට සීයට 3 ක් විතර ගෙවන පොරොංදුව පිට. පස්සෙ මක්කා වුනාදනං දන්නෑ.


ඉතිං, තව කරුණු කාරණා දැනගංට ඕන්නං පහලිං කොටල අහංටකො මයෙ අප්පලා. එහෙනං මං ගොහිං එඤ්ඤංකො ඈ...

Tuesday, October 14, 2014

චන්ද්‍ර නමස්කාරය දන්නවාද? Do you know Moon Salutation?

(පින්තූරය මෙතැනින්)
සූර්ය නමස්කාරය ගැනනං අපේ කස්ටිය අනන්ත අහල ඇතිනෙ. ඔය ගැන දන්න අයගෙං වැඩි පිරිස පහේ සිස්සත්තෙට ලියන බබාල. ඇයි ඉතිං පහුගිය අවුරුදු කීපෙකම අනිවාර්ය පුරස්නයක්නෙ.

ඔය සූර්ය නමස්කාරය කියන්නෙ පුරාණ ඉන්දියානු සෘෂිවරු උදේ ඉර පායාගෙන එනකොට කරපු වතාවතක් නොවැ. මේක ඇවිල්ලා ශරීරයට බොහොම ප්‍රතිපල දෙන ව්‍යායාමයක්. මේකෙදි කෙරෙන්නේ ශරීරය ඉදිරියට හා පිටුපසට නවමින් කෙරෙන චලනයන් ඔස්සේ නම්‍යශීලී හා ශක්තිමත් ශරීරයක් ගොඩනැගීම. එතකොට මට ආපු ප්‍රශ්නෙ තමා එතකොට ශරීරය දෙපැත්තට නම්‍යශීලී වෙන්න මක්කැයි කොරන්නෙ කියන එක. ඕකට උත්තරේ හම්බ උනේ ඉන්දියාවේ පූනායි Pune වල NIBM විජ්ජාලෙදි මට යෝග උගන්නපු මෙන්න මේ සික් ජාතික ගුරුතුමාගෙං. මෙතුමා බොහොම අපූරු ගතිගුණ තිබ්බ ඉතාම සුහදශීලී වගේම වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගුරුවරයෙක්. (ඔය පැත්තකිං පේන නිල්/කහ ටී ෂර්ට් කාරයා ගැන එහෙම අහන්ට ඔට්ටු නෑ හොඳේ)

ඊට පස්සෙ තව තව සොයා බැලීම් කලාම මේ චන්ද්‍ර නමස්කාරය හෙවත් ශරීරය දෙපසට දෝලනය කරන ඉතා අගනා ව්‍යායාම ක්‍රමය ගැන තොරතුරු රැසක් දැනගන්න ලැබුණා. ඇත්තටම සූර්ය නමස්කාරය ජනප්‍රිය වුනත් මට හිතෙන්නෙ මේකත් ඒ සමානව වැදගත්. ඒ වගේම සූර්ය නමස්කාරයේ යෙදිලා ඊට පස්සෙ මේකත් කොලානං ඉතිං වෙන ඇක්සර්සයිසස් ඕනිම නෑ. අනික ඔය බල්ලො එළවද්දි උදේ පාන්දර පාරෙ දුවනවට වඩා, හැන්දෑවට ජිම් යනවා වගේ දිගටම කොරංට බැරි වැඩ කොරනවට වඩා ගෙදර ඉඳං යෝගී ව්‍යායාමවල යෙදෙන එක අපි කාට වුනත් නිදහසේ දිගටම කොරන්ට ඇහැකිනෙ. චන්ද්‍ර නමස්කාරය විදිහට වෙනස් ඉරියව් රටා සහිත පිළිගැනීම් ඇතත් වැඩිපුරම ප්‍රසිද්ධ රටාව තමයි මම මෙතන සාකච්ඡා කොරන්නෙ.

මුලිංම කියන්ටෝනෑ, මේ ඉරියව් මාරුකර අතර ඉක්මනින් මාරු වෙවි කරනවානං ව්‍යායාම වටය කීප වරක්වත් කරන්ට ඕනි. එකවරක් කරනවානම් හිතිං ගැන ගැන මුලදි 10ට පස්සෙ 15ට 20ට ආදී වශයෙන් එක ඉරියව්වක ඉන්න වෙලාව වැඩි කොරංට. ඒක තමා යෝග ව්‍යායාම කරන නියම කෙරමෙ. එහෙනං කට්ටිය පොඩි වෝර්ම් අප් එකක් එහෙම කොරල කාරිය ලෑස්තිවෙන්ටකො. අනේ ඉරෙන්නැති කලිසමක් ඇඳගංට අප්පා. මම විස්තරේ කොරන්නෙ මේ පහල තියෙන් යින් යෝග අඩවියෙන් ගත්තු රූපත් මුලටම දාල තියෙන රෑපෙත් යොදාගෙන ඈ...


1         2          3             4               5                  6                     7        
  1. මුලිංම ඔය උඩ 1 රූපෙ විදිහට සීරුවෙන් හිටගංට. දැන් දෑත් එකතු කරල ආයිබෝං කියන තාලෙට වැඳගංට. මේක කවුරුත් දන්න ඉරියව්වක්නෙ. මේකට කියන්නෙ අංජලී මුද්‍රාව anjali mudra කියලයි. ඒ යන්නේ යාඥා/නමස්කාර කිරීමේ ඉරියව්ව.
  2. දැන් අර උඩ 2 රූපෙ තාලෙට අත් උඩට ගෙනිහිං දෙපාවල විලුඹ ඔසවන්නෙ නැතිව ඇඟ හැකිතාක් උඩට අදිංට. 
  3. ඉන්පස්සෙ 3 රූපෙ විදිහට විදිහට අත් ඉහලට ඔසවාගෙනම වමට දකුණට නැමෙන්න, හැකිතරම් ඇඟ නමන්න. 
  4. ආයි කෙලිං වෙලා 4 රූපෙ විදිහට වමට නමංට. මේ 2, 3 හා 4 ඉරියව්වලට කියන්නෙ අඩසඳ මුද්‍රාව half moon කියල. මෙයින් බඩේ ඉස්සරහ කලගෙඩිය සහ දෙපැත්තෙ ටයර් ඇදිල ටියුබ් වෙලා යනවා. කොන්ද හොඳට නැමෙන එකත් අනාගත දේශපාලන වාසියක්. දැන් නැවත 2 රූපයේ ඉරියව්වට එන්ට.
  5. දැන් අපි යන්නෙ දේවතාවී goddess නම් මුද්‍රාවට. ඔය 5 රූපයේ විදිහට දෙපා ඈත් කරල පස්ස බිමට පාත් කොරල කලවා දෙක පොලවට සමාන්තරව තියාගෙන අත් දෙකත් වැලමිටෙන් නමල අත්ල ඉදිරියට හිටිංට අත් වල උඩ බාහුව පොලවට සමාන්තරව තියාගන්ට. මේකෙන් කළවා වල සහ අත්වල උඩබාහුවේ මාංශ පේශි ශක්තිමත් වෙනවා. කට්ස් එන්නෙනං නෑ ඉතිං.
  6. දැන් ඇඟ කෙලිං කොරල නැගී හිටිංට. දෑත් දෙපසට විහිදුවංට පොලවට සමාන්තරව 6 රූපයෙ වගේ. මෙතනදි ටික ටික පුලුවං හැටියට දෙපා පිහිටි ස්ථාන දෙපසට විහිදෙව්වාට කමක් නෑ. මෙයින් උකුල් සන්ධිවල නම්‍යතාව වැඩිවෙනවා වගේම අත් පා වල මාංශපේශි ඇදෙනවා අම්බානට. මේකට කියන්නේ තාරකා මුද්‍රාව කියලයි.
  7. දැන් 7 රූපයෙ විදිහට දෙපා එහෙමම තියෙද්දි ඇඟ දකුණට නමල දකුණු පාදයේ වලලුකර හෝ ඊටත් පහලිං හෝ බිම, දකුණු අතින් අල්ලන ගමං වම් අත හැක් පමණ ඉහලට ඇද හිස හරවා වම් අත දෙස බලන්න. කකුල් නමංට එපා. මේක තමා ත්‍රිකෝණ මුද්‍රාව. මෙයින් උදරයේ දකුණු පැත්තෙ ටයර් ගෙවෙනවා. ඒ වගේම දකුණු පාදයටත් හොඳ බරක් එනවා. මෙතෙංට එනකං වැඩි අමාරුවක් නෑ. 
    8                        9                         10                       11 
  8. දැන් එහෙංම වම් අතත් පහලට අරං පොලොව අල්ලන්ට අත් දෙකෙම්ම. (8 රූපය) මුහුණ ගාවංට දණහිසේ. දකුණු පාදය දකුණට, වම් පාදය ඉදිරියට හැරිලා දණහිසින් නොනැමී තියෙන්ටෝනෑ. ඉල ඇදෙන වැඩේ. බඩ නෑ. කොන්ද නෑ. ටික ටික තමා නමන්ට පුලුවං වෙන්නෙ. මුලු ඇඟටම දැනෙන මේ ඉරියව්ව පිරමීඩ Pyramid මුද්‍රාවයි. 
  9. Lunge හෙවත් පහරදීමේ ඉරියව්ව තමා ඔය 9 න් පේන්නෙ. මෙතනදි දකුණු දණහිස නමා වම් දණහිස දිගහැරී පාද පෙර පරිදිම හැරී තියෙන්ටෝනෑ. හැබැයි මගේ ගුරු මට කියාදුන්නේ හිස ඉදිරිය (දකුණු පැත්ත) බලා සෘජුව තමයි තියාගන්ටෝනි කියලා. මේකෙන් පාද වලට වැඩි බරක් දෙන ව්‍යායාමයක්.
  10. දහවෙනි රූපෙ තියෙන පුලුල්කල පාද මත උත්කුටියෙන් හිඳගැනීම හෙවත් Wide Leg Squat කරනකොට අර මුලිංම මං දාල තියෙන රූපෙ වගේ පස්ස බිමට බර කරල ඒත් බිම නොගෑවී තියාගන්ටෝනැ. මේ ගෑල්ලමය නිකං ගෙම්බ පනිනව වගේනෙ ඉන්නෙ. (දැං ඔය මොනවද හොයන්නෙ? එහෙම මොකුත් පේන්නෑ) අනික දකුණු දණහිස බිම තැබූ දෑත් අතරින් ඉදිරියට නමාගෙන තමා ඉන්ට ඕනි කියලා තමා මගේ ගුරු මට කියාදුන්නෙ. අනික තමා නිදහස් වම් පාදයේ ඇඟිලි ඉහලට හා හැකිපමණ පසුපසට හැරවීමට හැකිනම් වලලුකර සහ පාදය කොටසට හොඳ ව්‍යායාමයක්.
  11. දැන් ඔය 11 රූපෙ කියන්නෙ අපි මෙතෙක් ආ සඳ මෝරන අවස්ථාවල පළමු අර්ධයේ අවසානය. මෙතන මධ්‍යස්ථ අවස්ථාවක්. Squat හෙවත් උත්කුටියෙන් ඉඳගැනීම හෙවත් පස්ස බිම නොතියා ඇණතියාගෙන මෙවත් ස්කොටිං පෑන් එකක කක්කා දානවා වගේ, වැඳීම. එක එක සද්ද එහෙම ආවට මං දංනෑ ඕං. දෙපා තරමක් ඈතින් තියාගංට. බාහු දණහිසෙන් ඉදිරියට ගෙන වඳිංට. හා වඳිංට, වඳිංට ඉතිං.
    12                                         13                                 14
  12. දැන් ගමන අනික් පැත්තට යන්නෙ. මෙච්චර වෙලා දකුණට කොරපුව ඒ විදිහටම වමට කොරංට. වම් පාදයට බරදීලා දකුණු පාදය දිගඇරල වාඩිවෙන්ට. ඉරියව් වලට කියන නංනං එහෙම්මමයි.
  13. නැවත් වම් පාදය ඉදිරියට හෙවත් වමට නමා දෑත් දෙපසින් බිම තබා හිස ඔහොම නෙමෙයි සෘජුව තියාගන්ට. දකුණු පාදය දිගහැරිලා ඈ...
  14. දැන් පාද තරමක් ලං කරලා නැවත දෑත් හැකි පමණ පහලට ඇද හැකිනම් බිම දෑත තබා මුහුණ දණහිසේ ගාවන්න. පිරමීඩ මුද්‍රාව.

             15                  16                    17              18        19       20        21
  15. ආයිත් පාද දිගහැර වම් අත බිම තබා දකුණු අත ඔසවා ත්‍රිකෝණ මුද්‍රාවට.
  16. තාරකා මුද්‍රාව.
  17. දේවතාවී මුද්‍රාව (මෙහෙම කියල පිරිමි අයට ගැටලුවක් නෑ හොඳේ. ස්ත්‍රී අත්මයක් වුනත් මොකෝ දේවතාවියක් වෙනවනං. නෝ ප්‍රෙග්නන්සි, නෝ මෙන්... - එක්කො ඕන්නෑ)
  18. අඩසඳ මුද්‍රව පළමුව දකුණට.
  19. ‍දෙවනුව වමට- හා නමංට.
  20. කඳ කෙලිං කොට දෑත් ඉහලට අදිංට.
  21. අංජලී මුද්‍රාවෙන් වඳිංට. (අංජලි කරණීයෝ)
හම්මේ...පණ ගියාද? ඇත්තටම වෙලාව අරගෙන එක ඉරියව්වක වැඩි වෙලා රැඳෙමින් කලොත් පණ යනවා තමා. මේ ඉරියව් 21 විනාඩි 21 ක් ඇරං කලොත් හැතැප්මක් දිව්වා වගේ දැනෙයි. බල්ලො පන්නද්දි රන්වන් මයිල් ඕනිම නෑ. වැඩිම උණොත් අර සද්ද බද්ද විතරයි (හූ...). සූර්ය නමස්කාරය දන්න අය උදේම ඒක කොරලා මේකත් කොරලා බලංටකො. ඉං පස්සෙ විනාඩි 10 ක් 15 ක් ඉඳලා නාගත්තනං බුදු ෆිට් තමා. 

තවත් දෙයක්, මේ ව්‍යායාමය කාන්තා අයට බොහොම ගුණ දෙනවා වගේම ඔවුන්ට මෙය අපිට වඩා පහසුවෙන් කොරංට පුලුවං. ඒ හිංද අපේ බස්සිට, උපේක්ෂට එහෙම කියංට ගෙහුං. එහෙම කියලා මේක කාන්තාවංට විතරක් සීමා වුණු එකක් කියල හෙම නෑ හොඳේ. ව්‍යායාම උපකරණවලට දාස් ගණං යටකරල ගෙදර ගෙනත් දාගෙන මලකඩ කංට අරිනවට හොඳා මේ වගේ ව්‍යායාමයක දිනපතා යෙදෙන එක. මුලද සමහර ඉරියව් සම්පූරණයෙං කොරංට බෑ. හැකි පමණට කරංට. ශරීරයේ හැඩය සහ නම්‍යශීලීතාවය පවත්වා ගන්ට මේ ව්‍යායාමය ඉතා වැදගත්. අපේ කංතෝරු මහත්තුරුංගෙ බඩවල් එහෙම මාසෙං සීරෝවෙලා එයි. මගේ පොඩි කෙල්ලො දෙන්න හෙන කැමතියි මේ යෝග දෙකටම. ඔහෙලත් මේක දිගටම කොරගෙන යන්ටෝන්නං පොඩි දරුවව අල්ලාගංට. ලොකු දරුවත් ඈඳගත්තනං කාටද ආඩම්බර අප්ප. අපේ විසිටරස් නං වෙලාවකට එනවා.

සූර්ය නමස්කාරයනං (sun salutation) ගොඩක් අය දන්නවා ඇතිනෙ. කොයිකටත් මං ඒකෙ රූපයක් දාංනං. (නොදන්නැත්තො බැරිවෙලාවත් උන්නොත්, නේද?) වම්පැත්තෙ කෙලිං හිටගෙන ඉන්නතැනිං පටං අරං දකුණට ඉහලට ඔරලෝසුවෙ කටු ක්ලොක්වයිස් කැරකෙන අතට රූප බලාගෙන කොරගෙන යන්ට.

මේ දෙකම ඔබ බටෙත් තියෙනවා. අලී ලාලිත්තයයි.
මේ ඒවායින් දෙකක් පමණයි.
www.youtube.com/watch?v=Gmu3n5e-VPM
www.youtube.com/watch?v=3Yrp9wBQGzo

හරි. එහෙනං මං ගෙහුං එඤ්ඤං. මයෙ අප්පල පරිස්සමෙං ඈ...

Sunday, October 12, 2014

ණය කැපෙන්නෙ කොහොමෙයි?-2 How to recover a Loan?-2



අපි කලින් ලිපියෙන් කතා කලේ ණය කැපෙන්නෙ කොහොමද කියලයි. මෙවර අපි ඒ ඇසුරෙන් නිතර ඉදිරිපත් වෙන ගැටලු කීපයක් කතා කරමු.

1. ණයක් ගෙවන්න ණයක් ගන්න බැරිද?
සාමාන්‍යයෙන් ණයක් ගෙවන්න තවත් ණයක් එම බැංකුව හෝ වෙනත් බැංකුවක් දෙන්නෙ නැහැ. නමුත් එම බැංකුවේ පාලනාධිකාරියට හෝ ඉහල කළමණාකාරිත්වයේ අනුමැතිය මත විශේෂ අවස්ථාවල එහෙම නොදෙන්නෙත් නැහැ. ඒ වුණාට අලුත් ණයක් ලබාදීමේදී ඒ ණය ලබාදෙන්නේ කුමන කරුණකටද සහ තියෙන ණය ලබාගෙන ඇත්තේ කුමන කරුණකටද යන්න මත අලුත් ණය මගින් පැරණි ණය අයකරගන්න පුලුවන්. උදාහරණයක් ලෙස ඉඩමක් ගන්න ලබාගත් ණයක් පසුව වෙනත් ඉඩමක් ගන්න ලබාගන්නා ණයකින් අයකරගන්න බෑනෙ. 
2. ලබාගත් ණයක් නියමිත කාලයට පෙර හදිසියේ ලැබුණ මුදලකින් ගෙවා අවසන් කරන්න පුලුවන්ද? 
අපෝ පුලුවං. කිසි ප්‍රශ්ණයක් නෑ. ප්‍රශ්ණෙ තියෙන්නෙ හදිසියේ ලොකු මුදලක් ලැබුණාම හිමිං සීරුවේ ඔහේ කැපි කැපී යන ණය ගෙවන්ව හදිස්සි වෙනවද, නැත්තං හිතේ තියෙන වෙනත් සැලැස්මක් ක්‍රියාත්මක කරනවද කියන එකයි. ගොඩක් දෙනා ණය ගනිද්දි ඔය ප්‍රශ්ණෙ ඇහැවට ක්‍රියාකරන්නෙ වෙනස් විදිහකට.
 3. එහෙම එකවර ගෙව්වොත් කොච්චර පොලියක් ගෙවන්ට ඕනිද?
තමන් ගත්තු ණය සඳහා අවසාන වාරිකය ගෙවූ දිනයේ සිට ණය ගෙවා අවසන් කරන දිනය දක්වා පොලිය පමණයි. උදාහරණයක් විදිහට රු.600,000 ක ණයක් අරගෙන රු.360,000 ක ශේෂයක් තිබුණොත් අවසන් වාරිකය ගෙවලා තියෙන්නෙ 2014.10.02 වනදා නම් අද 2014.10.13 නම්, ඔබ ගෙවිය යුත්තේ මේ ගතවූ දින 11 සඳහා පොලිය පමණයි. හැබැයි, සමහර ආයතන ලීසිං හා ණය කල්තියා ගෙවා අවසන් කරද්දි දඩ මුදලක් අයකරන බව පෙනෙනවා. අපි දන්නෑ ඕං ඒවා. ඒ ඒ අයගේ ප්‍රතිපත්ති තමා.
 4. එකවර මුලු ණය මුදලම නොගෙවා ඒත් තරමක මුදලක් එකවර ගෙවන්න පුලුවන්ද?
ඒකත් පුලුවං. එතනදි පවතින ශේෂයෙන් එසේ ගෙවන මුදල අඩු වෙනවා. එදා ඉඳං පොලිය අයවෙන්නෙ ඉතිරි මුදලට. හැබැයි මුල් මුදලින් මාස්පතා කැපෙන ගානනම් වෙනස් වෙන්නෙ නෑ. ඒ කියන්නෙ රු.500,000 ක් අද අරගෙන හෙට රු.200,000 ක් ගෙව්වොත් හෙට ඉඳං පොලිය හැදෙන්නෙ ඉතිරි රු.300,000 ට තමා. ඒත් මුලදි එකඟවුණු විදිහට මාසෙකට මුල් මුදලින් අයවෙන ගණන රු.10,000 නම් ඒක රු.6,000 ට අඩු වෙන්නෙ නෑ. ඒ වෙනුවට මුලදි මාස 50 කින් අයවෙන්න නියමිත වුණු ණය මුදල මාස 30 කින් ගෙවී අවසන් වීමත් පොලියේ වාසියත් තමා තියෙන්නෙ.
 5. ණයක් ගෙවීම නොගෙවා හැරියොත් මොකද වෙන්නෙ?
අබ සරණයි තමා. බැංකු මේ සඳහා විවිධ පියවර ගන්නවා. ණය නොගෙවීම කියන්නේ ඔවුන්ගේ ලාභයෙන් මුලු ණය මුදලම සඳහා පාඩු විඳින්න සිදුවීමක්. අනික එවැනි ප්‍රවණතාවයන් හොඳ ආදර්ශයන් නෙවෙයි. ණයට දීලා තියෙන්නේ ජනතාවගේ මුදල්. ඒවා ආපසු ජනතාවටම දිය යුතුයි. ඒ නිසා ණය නොගෙවෙනවිට බැංකු තද ක්‍රියාමාර්ග ගන්නවා. සාමාන්‍යයෙන් රු.250,000 දක්වා ණයක්නම් සමථ මණ්ඩලයට යොමුකරලා බලනවා. එතනින් විසඳුමක් නැත්තං නිරවුල් නොකිරීමේ සහතිකය කියලා එකක් දෙනවා. ඒකත් අරං බැංකුව උසාවි යනවා. රු.250,000 සිට රු.5,000,000 දක්වා ණය සඳහා කෙලින්ම නඩු පැවරිය හැකියි. එතනිං එහාට? ඔය ගාන වෙනකොට ඉතිං ඉඩමක් කඩමක් නැතිව ණය දෙන්නෙ නෑනෙ. අන්න එතනදි උසාවි මැදිහත්වීමක් නැතිවම ලඝුවිධ ඇස්කීසි බලය හෙවත් දේපල වෙන්දේසි කිරීමේ අයිතිය බැංකුව සතුවෙනවා. මේ පියවර වලට යන්නේ වෙනත් ක්‍රම සේරම ට්‍රයි කරලා බැරිනං තමා. ඉස්සෙල්ලම සෙනෙහෙ කොල එවනවා, “අනේ දාන්නකො“ කියලා. ඊ ලඟට ටිකක් තදිං කියනවා “දැම්මෙ නැත්තං දන්නවනෙ?“ කියලා වගේ. බැරිම තැන තමා අර මුලිං කීව පියවර වලට යන්නේ. ඒ අතරෙ දැන් අලුත්ම ක්‍රමේට ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශය Credit Information Bureau-CRIB කියන ණය වාර්තා කිරීමේ ආයතනය දැන් සියලුම බැංකු හා මූල්‍ය ආයතන එක්ක on-line නිසා ණය වාරිකය දිනක් ප්‍රමාද වුණත් ඒ බව සඳහන්. ණය විතරක් නෙමෙයි බම්ප් (return) වෙන බවුන්ස් වෙන චෙක්පත් පවා එහි සඳහන් වෙනවා. ණය නම් දින 30 දක්වා, දින 30-90 අතර සහ දින 90ට වැඩි ලෙස කොල, කහ, රතු සිග්නල් දාලම රිපෝර්ට් එක දෙනවා. ඉතිං මස්කඩේ වගේ නැත්තං අර පරණ ගෙවල්වල ස්කර්ටිං එක වගේ තිබ්බොත් ආයි ණය ගන්නවා බොරු. අතීතයේ එහෙම තිබිලා දැන් හොඳ වුණත් බලපෑමක් නැත්තෙම නෑ.
6.  ණය වාරිකය ගෙවීම නියමිත දිනට වඩා පමාවුනොත් මොකද වෙන්නෙ?
මෙතනදි දඩ පොලියක් ගෙවන්න වෙනවා. ගොඩක් බැංකුවල මේක මුල් මුදලට අවුරුද්දට 2% ක් (ලීසිං වල නම් ආයතනය අනුව වෙනස් වෙනවා) වෙනවා. එතරම් සැලකිය යුතු නොවුනත් ලොකු ණය මුදලකදි මේක දැනෙනවා ඇඟට. සතියේ නිවාඩු දිනක් ණය අයවීමේ දිනය විදිහට වැටිලානම් ඊ ළඟ වැඩකරන දිනයේ ඉඳලා මේ ක්‍රමය අදාල වෙනවා. ඉස්සර දඩ පොලිය 4% ක්. දැං හොඳයි තව.
7. මගේ ණය මුදල කැපෙන දිනය වෙනස් කරගන්න පුලුවන්ද?
පුලුවං හැබැයි නිතරම නෙමෙයි. මෙතනදි හොඳම දේ, තමන්ට වැටුප හෝ වෙනත් ආදායමක් ලැබෙන දිනය අල්ලලාම හෝ ඊට දිනකට දෙකකට පසුව ණයක් ගන්නා එක. එතකොට ආයි පස්සෙ ඤං ඤුං ගාන්න ඕනි නෑනෙ.
8. වැටුපෙන් සෘජුවම ණය කැපෙන්න හදාගන්නේ කොහොමද?
මාණ්ඩලික ණය යෝජනා ක්‍රම වලදි මේක සිදුවුනත් වැටුප් සකසන ආයතනය බැංකුව නොවන නිසා බැංකු ණය වලදි වෙනම වැටුපෙන් අඩුකරගැනීමේ බලය පවරන ලිපියක්/පෝරමයක් (Authority to Deduct from Pay) පුරවලා ඒකේ ණය වාරිකය හා පොලිය එකතුව ආසන්න වැඩි මුදලක් සඳහන් කරලා තමන්ගෙ ආයතනයේ ගණකාධිකාරිවරයා ලවා අත්සන් කරවාගෙන බැංකුවට භාරදිය යුතුයි. එවිට රැකියා ආයතනයේ වැටුප් සැකසීමේදී ඒ මුදල වැටුපෙන් අඩුකර බැංකුව වෙත මාස්පතා එවීමට කටයුතු කරාවි. තමන්ගේ වැටුප බැංකු ගිණුමට මාස්පතා බැරවෙන අයගෙන් වුණත් මේ බලය ලබාගන්නට බැංකු කටයුතු කරනවා. හේතුව තමන්ට අවශ්‍ය විටෙක වෙනත් බැංකුවකට වැටුප් හැරවීමට ඇති හැකියාවයි. මෙතනදි මේ පෝරමය නිසා ගණකාධිකාරී බැඳිලා ඉන්නවා නියමිත මුදල වැටුපෙන් අඩුකර බැංකුවට එවන්න. 
9. වැටුපෙන් කොපමණ ප්‍රමාණයක් ණය සඳහා වෙන්කල හැකිද?
මේක ආයතනයෙන් ආයතනයට වෙනස් වෙනවා. රාජ්‍ය ආයතන වල මුලු අඩුකිරීම් එකතුව වැටුපෙන් 40% ට වඩා අඩු වියයුතු බවයි කියවෙන්නෙ. එතකොට බැංකු ණයකට කැපෙන මුදලත් මේ 40% තුලමයි. පෞද්ගලික ආයතන වල මේ ප්‍රතිශතය 50%-60% වැනි අගයක් විය හැකියි. ඊට වඩා වැඩි මුදලක් අයවුනොත් තමන්ට ජීවත්වීමට ප්‍රමාණවත් වැටුපක් නොදෙනවාය කියා කම්කරු උසාවියේ නඩුදාන්න පුලුවන්නේ. හැබැයි, රාජ්‍ය සේවකයන්ට දෙන අර 4%-8% නිවාස ණය හා සීමිත ණය යෝජනාක්‍රම කීපයකදි වෙනත් ආදායම් තහවුරු කර වැටුපෙන් 100% දක්වා අයවෙන්න වුනත් ණය ලබාගත හැකියි. මගේ පෞද්ගලික අදහස නම් මේක එච්චර බුද්ධිගෝචර නොවන බවයි.
10. තැන්පතුවලට අඩු පොලියක් ගෙවද්දි ඇයි ණය වලට වැඩි පොලියක් ගෙවන්න වෙන්නෙ? 
යමක් කමක් වැඩිපුර නොදන්න අය තමා මේ ප්‍රශ්නෙ අහන්නෙ. මෙතනදි වෙන්නෙ බැංකු සහ මූල්‍ය ආයතන පවත්වාගෙන යාමේ පරිපාලන පිරිවැය, තැන්පතු වලට පොලී ගෙවීමේ මූල්‍ය පිරිවැය සහ අපේක්ෂිත ලාභය යන සියල්ල ණය පොලිය තුල ඇතුලත් වීමයි. ලාභ නැත්නම් දුවන්න බෑනෙ. තැන්පතු ඇතිතරම් තියෙන සහ මුදලේ ආරක්ෂාව පිළිබඳ වැඩි විශ්වාසයක් තැබිය හැකි දීර්ඝකාලීන කීර්තිනාමයක් ඇති බැංකු හා මූල්‍ය ආයතන අඩු පොලියක් ගෙවනවා. තැන්පතු රැස්කරගන්න දඟලන සහ අනෙක් ලක්ෂණ දෙක අඩු අය ආකර්ෂණීය පොලියක් ගෙවනවා. මතක තියාගන්න වැඩි අවදානම කියන්නේ වැඩි ප්‍රතිලාභය (The greater the risk the greater the reward). ණය සඳහා පොලිය නම් දැන් සෑහෙන්න පහල බැහැලා. පුද්ගල ඇපමත දෙන ණයකට 29% ක සහ තාවකාලික අයිරා සඳහා 36% ක වාර්ෂික පොලියක් අයවුනු කාලයක් තිබුණා. දැන් මේ අගයයන් 13%-14% සහ 24% දක්වා අඩුවෙලා තියෙනවා. 
දස පැන වැඩසටහන අවසානයි. තව පැන ඇත්නම් දාන්නකො පුතාලා ටික.


Thursday, October 9, 2014

ණය කැපෙන්නෙ කොහොමෙයි?-1 How to recover a Loan?-1


බැංකුවකින් ණයක් ගන්නකොට ඒක අතට ගන්නකං නින්ද යන්නෑ වගේම, ඊට පස්සෙ ඒක ගෙවලා ඉවර වෙනකං නින්ද යන්නෙත් නෑ. ඒ මදිවට සමහර වෙලාවට කලිං මාසෙට වඩා වැඩි මුදලක් ණයට කැපුණාම තමා මලේ හොඳම එක. මෙහෙම වෙන්නෙ ඇයි කියලා අද අපි පොඩ්ඩක් බලමු.

ඒ සඳහා ණය අයවීමේ ක්‍රියාවලිය ටිකක් විතර සරල ක්‍රමේකට අපි සලකාල බලමු.

රු.600,000 ක ණය මුදලක් අපි ගම්මු ගණනය කිරීමේ පහසුව සඳහා.
ඒ වගේම අපි හිතමු මේක අවුරුදු 5 කින් ඒ කියන්නේ මාස 60 කින් ආපසු ගෙවනවා කියලා.
පොලී අනුපාතය වසරකට 12% ක් කියලත් ගම්මු ගණනය ලේසි වෙන්න.

දැන් බලන්න මාස 60 න් රු.600,000 ක් ගෙවනවා කියන්නෙ,

රු.600,000 = මාසෙකට මුල් මුදලෙන් රු.10,000 ක් ගෙවන්න ඕනිනෙ.
  මාස 60

එතකොට පොලිය?
අපි වසරකට 12% ක පොලියක් ගෙවනවානං මාසෙකට එයින් 1/12 ප්‍රමාණයක් ගෙවන්න එපායැ.

රු.600,000 x     12  x   1   = රු.6,000 
                       100     12

එතකොට ආසන්න වශයෙන් මාසෙකට රු.16,000 ක් ගෙවන්න ඕනි. දැං බයවෙන්න එපා යකෝ එතකොට රු.16,000 ගානෙ 60 ක් කියන්නේ රු.960,000 ක්. එතකොට පොලියම රු.360,000 ක් අවුරුදු 5 ට. ඒ කියන්නෙ අවුරුද්දකට රු. 72,000 ක්. මම ගත්තු රු.600,000 ටම හැමදාම පොලිය හදලනෙ කියලා.

නෑ, එහෙම වෙන්නෙ නෑ... මෙතන පොලිය ගණන් බැලුවෙ පටං ගන්න මාසෙට විතරයි. ඊළඟ මාසෙ වෙනකොට මුල් මුදලින් රු.10,000 ක් ගෙවල නිසා ඉතිරි රු.590,000 යිනෙ. පොලිය හැදෙන්නෙ අන්න ඒ විදිහට හීනවන ශේෂයටයි. 

අනික් වැදගත් කාරණය තමයි මෙතන 12 න් බෙදල මාසෙක පොලිය හදල පෙන්නුවට රාෙයා්ගිකව ඔතන සිද්ධ වෙන්නෙ එක් වාරිකයක් අයවූ දින සිට ඊළඟ වාරිකය අයවන දිනය දක්වා දින ගණනට පොලිය හැදෙන එක. ඒ කියන්නේ දින 28 ක් නම් මේක,

රු.600,000 x     12  x   28   = රු.5,523.29
                     100      365

මෙන්න මේ පහල තියෙන වගුවෙ තියෙනවා අපි අර කියාපු ණය පළමු අවුරුද්ද කැපෙන හැටි.


දැන් පැහැදිලිව පෙනෙනවානෙ ණයකට පොලිය අයවෙන්නෙ එහෙම අයකරන දින දෙකක් අතර තිබෙන දින ගණනට කියලා. මෙන්න මේකයි සමහර මාසවල කලින් මාසෙට වඩා වැඩි මුදලක් එහෙම අයිවෙන්නෙ. දැන් පේනවනෙ ඔතනම 01/04/14, 01/06/14, 01/08/14, 01/11/14 සහ 01/01/15 කියන දිනවල කලින් මාසෙට වඩා වැඩි මුදලක් අයවෙලා. පෙබරවාරියට දින ගණන අඩු නිසා මාර්තු වාරිකය ගොඩක් පහල බැහැල අප්‍රිෙයල්වල ආයි වැඩි වෙලා. 
විශේෂයෙන් සති අන්ත නිවාඩු එහෙම අහුවුනොත් මේක සිද්ධවෙනවා අනිවාර්යයෙන්ම.

ඔය අපි කතාකලේ සාමාන්‍ය වාරික ක්‍රමය. එතකොට මොකක්ද මේ සමාන වාරික ක්‍රමය කියන්නෙ?
එතනදි වාරිකය හැදෙන්නෙ මෙන්න මේ MS-Excel Function එක එනම් ශ්‍රිතයක් භාවිතයෙන්.

=PMT (Rate, Nper, PV)

මෙතන PMT කියන්නෙ Payment කියන එක. මෙතන Rate කියන්නෙ පොලී අනුපාතය, Nper කියන්නෙ වාරික ගණන (Number of Periods), PV කියන්නෙ ණය මුදල එනම් Present Value. දැන් මේක ශ්‍රිතයේ යොදන කොට පොලී අනුපාතය වාර්ෂික නිසාත් අපි ගෙවන්නෙ මාසිකව නිසාත් මේක යොදන්නෙ පොලී අනුපාතය 12 න් බෙදල මෙන්න මෙහෙම 12% / 12 ප්‍රතිශත ලකුණත් එක්ක. ප්‍රතිශත ලකුණ නැතිවනං 0.12 / 12 විදිහට. එතකොට ශ්‍රිතය ලියවෙන්නෙ මෙහෙමයි.

=PMT (12% / 12, 60, -600,000)

රු.600,000 ඉස්සරහින් ( - ) ලකුණ නොදැම්මොත් උත්තරේ සෘණ වෙනවා. ඉතිං ඔහොම එන වාරිකය තමා මාස්පතා වෙනසක් නැතිව (සාමාන වාරික) ගෙවන්න වෙන්නෙ. මාසිකව වැටුප් ලබන වගේ අයට මේ ක්‍රමය පහසුයි, මොකද මාසෙකට ඒ ගණන වෙන්කරලා තියන්න හැකි නිසා. 

එක්සෙල් ඕපන් කොරාල නිකමට එකක් දෙකක් ගහලාම බලන්ටකෝ.

මෙතනදි මේ විදිහට හදාගත්තු සමාන වාරිකය ඇතුලෙ මුල් මුදලින් කොටසකුත් දින ගණනට ගණන් බැලූ පොලියත් ඇතුලත්. එතකොට මේ සමාන වාරිකයෙන් දින ගණනට පොලිය අඩුකලාම ඉතිරි මුදල මුල් මුදලෙන් අඩුවෙනවා. ඒ නිසාම මෙම ක්‍රමයේදී මුල් මුදල මුලදි කැපෙන්නෙ අඩුවෙන්. එන්න එන්න පොලිය අඩුවෙනවා, මුල් මුදලෙන් කැපෙන ප්‍රමාණය වැඩිවෙනවා. මේ බලන්න.


මම ඉහත කියාපු මුලදි මුල් මුදලින් අඩුවන ප්‍රමාණය අඩුකම නිසා පේනවනේ මාස 12 කට පස්සෙත් ශේෂය රු.506,781.48 ක්. හැබැයි, සාමාන්‍ය වාරික ක්‍රමයෙදි මේ ශේෂය රු.480,000 දක්වා අඩුවෙලා තියෙනවා.

සමාන වාරිකවල අනික් අවාසිය බලන්න ඒ අවුරුද්ද තුල ගෙවපු පොලී ප්‍රමාණයේ එකතුව. මෙතනදිනං ඇත්තටම හේතුව මුල් මුදල කැපෙන්නේ හෙමින් වීම. ඉහල ශේෂයක් තියෙන නිසා වැඩි පොලියක් අයවෙනවා. ඒ වගේම නියමිත දිනය පහුවුනාම පොලී මුදල වැඩිනිසා මුල් මුදලින් අයවෙන්නෙ තරමක් අඩු ප්‍රමාණයක්. ඉතිං වැඩි ශේෂය වැඩි පොලියක් ගෙවන්න හේතුවෙනවා. අවසානයෙත් මේ ක්‍රමයට යම්කිසි වැඩි මුදලක් අයවී ඇති බව පෙනේවි. එමෙන්ම ඇතැම්විට ණය සම්පූර්ණයෙන් ගෙවී අවසන් වියයුතු දිනයටම එසේ නොවෙන්නත් මෙය බලපානවා. 

එතකොට ලීසිං?
හැමෝම දන්නවා ඇති, ලීසිං එහෙම නැත්තං කල්බදු වලදිත් සමාන වාරිකයක් තමා ගෙවන්න වෙන්නෙ. හැබැයි, ලීසිං වල දින ගණනට පොලී හැදීමක් නැහැ. තිබෙන ශේෂයට වාර්ෂික පොලිය 12 න් බෙදලා තමයි හදන්නෙ. ඒ හැර ලීසිං වාරිකය ගණනය කරන්නෙ අර මුලදි කියාපු PMT ශ්‍රිතයෙන්ම තමා. 

දැන් ඉතිං ලමයින්ට පුලුවං පොලී අනුපාතය දන්නවනං ඕනි ණයක් ඕනි කාලෙකිං ගෙවංට වාරිකේ හදාගංට. 

එහෙඤං මං ගොහිං ඤයක් දෙකක් කපල එඤ්ඤංකො...ඈ...

Saturday, October 4, 2014

සිංහල වෙළෙන්දනි අවදිවව්!!! Wake up you, Sinhala Merchants!!!

පින්තූරුව මෙතනිං
මේක දෙබරෙකට ගල් ගැහිල්ලක්. හැබැයි, නොකියත් බෑ.
අපිට අහන්ට ලැබෙනවා මුස්ලිම් ප්‍රජාව මේ රට අල්ලන්න හදනවා කියලා මොරදෙන හඬක් ජාලෙ ප්‍රධාන වෙනත් මාධ්‍ය බොහොමයක. මෙහෙම ප්‍රවණතාවක් ඇතැයි කියා ඊට විරුද්ධව අවි අමෝරාගත් පිරිසකුත් ඉන්නවා. ඔවුන්ට අනුග්‍රහය දක්වන්න සිංහල ව්‍යාපාරික ප්‍රජාවත් පෙළගැසී ඉන්න බව මම දන්නවා පෞද්ගලිකවම. වෙනත් රටවල මෙසේ මුස්ලිම් ආධිපත්‍යය පැතිරීයාමක් සිදුවී ඇති බවත් සත්‍යයක්. එහෙම වෙන්නෙ ඒ ඒ රටවල ආර්ථික, දේශපාලන හා ජනානුපාතික ආධිපත්‍යයක් මුස්ලිමුන් ලබාගත් නිසා. ජනානුපාතික ආධිපත්‍යය සමග දේශපාලන ආධිපත්‍යය ඉබේම ලැබෙනවානෙ. නමුත් යම් රටක ආර්ථිකය තුලට රිංගීමට ඔවුන් යොදාගන්නා ක්‍රමයයි වැදගත්. මෙන්න මෙතැන තමා අපට වැරදුනු තැන.

ඇයි මුස්ලිම් ව්‍යාපාරිකයන් ලාභ ලබද්දි සිංහල ව්‍යාපාරිකයා වේලෙන්නෙ? මේකට මුස්ලිම් ව්‍යාපාරිකයන්ටවත් ඔවුනගේ කඩවලට යන සිංහලයන්ටවත් බැණලා වැඩක් නැහැ. වරද අපේ සිංහල ව්‍යාපාරිකයන්ගේම බව නොකියා බෑ.

අපි ගම්මු දැනට දශක ගණනකට පෙර ගමේ එක කඩයක් විතරක් තිබුණු කාලය. ඒ කාලෙ කඩේ මුදලාලි කියන්නෙ දිසාපති, ග්‍රාමසේවක, විදුහල්පති වගේම ප්‍රභූවරයෙක්. පාන් ගන්නත්, පත්තරේ ගන්නත්, එළවලු ගන්නත්, බීම බෝතලේ ගන්නත් තියෙන්නෙ ඒ කඩේ විතරයි. ඉතිං මුදලාලි හෙන සැරයි. බඩු දෙන්න පරක්කු වෙනකොට දෙවනි පාර ඉල්ලුවොත් මුදලාලි කියයි “පොඩ්ඩක් ඉන්නව ලමයො“ කියලා. නැත්තං කියයි “වෙන කඩේකට යනවා“ කියලා. ඉතිං යන්න කඩයක් තියෙන එකක්යැ. ඒකනේ මේ ලබ්බටම එන්නෙ.

මේ කියන කාලයන් වල නැත්තං ඊටත් පෙර තමා මුස්ලිම් වෙළෙන්දො රෙදි පොට්ටනි කරේ තියං ගමේ අක්කලට, නංගිලට ඇඳුං කැඩුං විච්චූරණ අරං එන්නෙ. ඒ මුදලාලි හරිම බයාදුයි. ණයටත් දෙනවා. යටහත් පහත්ව කතා කරනවා. උන් ඒ කාලේ අර මුදලාලිගෙ කඩේ තියෙන බඩු ගෙනාවනං එක්කො ඒ මුදලාලිට අබ සරණයි. නැත්තං මේ මුදලාලිට එම සරණයි. දැන්නං හැම තැනම කඩ දාල හිංදා මේ ඒකාධිකාරය අබ නෙමෙයි සුන් සාල් වෙලා ගිහිං. 

අදත් මුස්ලිම් ව්‍යාපාරිකයා තමන්ගෙ කඩේට එන මනුස්සයට ගෞරවය දීලා කතා කරනවා. පාරෙ යද්දිත් “එන්න මිස්, එන්න සර්“ කියලා අඬගහනවා. තමන් ගාව අවශ්‍ය භාණ්ඩය නැත්තං වෙන කඩේකිං ගෙනත් හරි දෙනවා. තමන්ගේ පාරිභෝගිකයාව කඩේ යවන්නෙ නෑ. ඒ වගේම මුලදි ගාන වැඩියෙන් කියලා හරි එන මනුස්සයට සලකන බව පේන්න ගාන බොහොම අඩුකරනවා. ඉල්ලපු දේ දීලා තව මොනවද ඕනි කියලත් අහනවා. බොහොමයක් කුඩා මුස්ලිම් කඩවල ඉන්නෙ එක ගෝලයයි නැත්තං දෙන්නයි. තව බොහොමයක මුදලාලිම තමා ගෝලයා. ඔහු නිතරම හිතන්නේ තම ව්‍යාපාරය ගැන. පතන්නේ තව එක ගණුදෙනුකරුවකු හෝ තම වෙළඳසැලට වැඩිකර ගැනීම. එක් වරක් පැමිණි පුද්ගලයා නැවත ගෙන්වාගන්න එක ඔවුන්ට සුලු දෙයක්. මේක තමා ඔවුන්ගේ රහස. මොකක්ද?

ගණුදෙනුකාර සත්කාරය!!!
මම මෙතෙන්දි මහත්මා ගාන්ධිගෙ ප්‍රකාශයක් දක්වන්නම්. 

ඉල ඇදෙන වැඩේ කියන්නෙ මේක සිංහලට පෙරලලා රාමු කරලා මේසේ උඩ තියං හඳුංකූරු ගහන්නෙත් සිංහල වෙළෙන්දොමයි. මට තියෙන ප්‍රශ්නෙ මේ මුදලාලි ගණුදෙනුකරු ලෙසත් අපි ව්‍යාපාරය ලෙසත් කටයුතු කරනවාද කියන එක. මෙන්න බලන්ට.

A customer is the most important Visitor, on our premises.
මම දන්න මුද්‍රණාලයක් තියෙනවා කාන්තාවකට අයිති. ඒකෙ ඉස්සරහ කොටසෙ කොයි වෙලේ බැලුවත් කවුරුත් නෑ. සේරම ඉන්නේ වීදුරු දොරකින් අැතුලෙ. දොරේ ගහලා තියෙනවා Staff Only කියන ප්‍රසිද්ධ දැන්වීම. අපි ඉතිං ඉඳගෙන ඉන්නවා. ගහන්න බෙල් එකකුත් නෑ. ලොකුවට ලස්සනට රාමුකරලා ගහගෙන තියෙනවා අර උඩ පින්තූරෙ තියෙන ගාන්ධිගෙ ප්‍රකාශය ඒ විදිහටම. ටිකකිං නෝනා එනවා මොනවා හරි කාලා කටපිහදදා හරි, ඇතුලෙ කාටහරි බැණ බැණා හරි. ඇවිත් ගන්නවා දුරකතන ඇමතුමක්. ඒකෙ එල්ලිලා පැය කාලක් විතර තව කාටහරි බනිනවා. අන්තිමට අපි දිහා බලලා “ඔව්?“ කියනවා. හරියට පොලෝසියට ගියා වගේ. 

හැමතැනම නොවුනත් අඩු වැඩි වශයෙන් අපේ ව්‍යාපාරික ස්ථාන බොහොමයක තත්ත්වය ඔහොමයි. මේ ආවේ මොකෙක්ද කියලා බලන්නෙ අන්තිමට. තමන්ගේ පෞද්ගලික හෝ වෙන වෙන වැඩ ඔක්කොම කරලා තව වෙලාව ඉතුරුනං තමා ගණුදෙනුකාරයා ගැන බලන්නෙ. පොඩි ව්‍යාපාර වුනත් අපේ කට්ටියට ඕනි පටං ගත්තුගමං ලොකු කැරකෙන පුටුවක් දාගෙන ලැපකුත් පුලුවංනං මේසෙ උඩ අටෝගෙන ෆෝන් එක කනේ තියාගෙන මං හෙන ව්‍යාපාරිකයා කියලා ඉන්න. තමං ලඟට එන මනුස්සයාගෙ අවශ්‍යතාවය බලන්නෙ මේ කැටයං ඔක්කොම ඒ මනුස්සයා බැලුවට පස්සෙ තමා. 

අන්න එතෙංදියි අර මුස්ලිම් ව්‍යාපාරිකයා පාරෙ යන මනුස්සයටත් අඬගහන ස්වරූපය අදාල වෙන්නෙ. බලන්න, ඔහු ගණුදෙනුකරුවා තුල මිලදීගැනීමේ අවශ්‍යතාවයක් මවනවා “එන්න මිස්, එන්න සර්, ඇඳුමක් බලමුද?“ වගේ ආලවට්ටමක් දාලා. ඔහු එක් අයෙකුට භාණ්ඩයක් තෝරන අතර තව කෙනෙක් ආවොත් එයාගෙනුත් අඩුම ගානෙ අහනවා “මොනවද මිස් බැලුවෙ?“ කියලා. අපේ අයියල පොලේ එළවලු විකුණනන්නෙත් ලස්සන කෙල්ලෙක්/ගෑනියෙක් ඉස්සරහිං යනවනං “මෑ ලස්සනයි, මෑ ලපටියි, මෑ ලාබයි“ කියලා. දරුවො ඉන්න අම්මෙක්, අප්පෙක් ජීවිතේට යන්නෑ උගෙං මෑ ගන්න.

ගණුදෙනුකරුවා තමන්ට ඒ මොහොතේ වැදගත්ම පුද්ගලයා බව ඔහුට ඇඟවීම තමා ඔහුට කරන ලොකුම සත්කාරය. කවුද අකමැති තමන්ට යම් ගෞරවයක් ලැබෙනවනං? මේ සරල දේ තේරෙන්නෙ නෑනෙ අපේ අයියලට.

He is not dependent upon us. We are dependent upon him.
අපේ සමහර වෙළෙන්දො හිතා ඉන්නෙ උන් නැත්තං අපි බඩගින්නෙ, රෙදි නැතුව, නින්ද නැතුව ඉඳී
කියලා. ඒකනෙ අපි රෙද්දක් මහගන්න ගියාම මාසෙකිං විතර පස්සෙ දවසක් දෙන්නෙ. ඒකනෙ වාහනේ හදාගන්න ගියාම හවස එන්න කියන්නෙ. ඒකනෙ අද හරියට වැඩ, තව දවස් තුනකිං විතර බලමු කියන්නෙ. මහන්න දීපු රෙද්ද හරි අනික් මොක හරි ගන්න කලිං කියපු දවසටම ගියත්, “මේ දවස් වල වැඩ ගොඩගැහිල, තව ටික දවසකිං එන්න“ කියන්නෙ.
ඇයි යකෝ? තමන්ට කරගන්න බැරි තරං වැඩ තියේනං, ඒ තරං වැඩ කියන්නෙත් තමංගෙ සාක්කුවට වැඩිපුර කීයක් හරි එන දෙයක්නං කුණු ලෝබකං නැතුව ගංකො තව එකෙක් වැඩට ඒ ටික දොහට හරි. 
මෙහෙම දේකුත් තියෙනවා. සමහර තැන්, ඒ කියන්නෙ ඔය රෙස්ටෝරන්ට්, හෝටල් වගේ ඒවයෙ ගෝලයො පුරුදු වෙලා “ටිප්“ එකට විතරක් සේවය කරන්න. ටිප් හොඳට දෙන උන්ට සලකනවා, අනික් උන්ට පොල්කුඩු. වැඩ වැඩි වෙලාවට එන මිනිස්සු ගණන් ගන්නෙම නෑ. වචනයකිං හිතවත්කම පාන්නත් ලෝබයි. "ඇයි යකෝ, කඩ නැතිවටද තව?" කියාල යනවා මිනිස්සු දොට්ට බැහැලා. 
මුස්ලිම් ව්‍යාපාරිකයා හොඳටම දන්නවා තමන්ට කන්න හම්බවෙන්නෙ එන මිනිහට හොඳට සැලකුවොත් මිසක් එන මිනිහට කන්න හම්වවෙන්නෙ තමං කියන කියන තාලෙට වැඩකලොත් නෙමෙයි කියන එක. ව්‍යාපාරිකයා කොන්දේසි දාන තරමට ඔහු පිරිහෙනවා. ගණුදෙනුකරුගේ කොන්දේසි හැකි පමණ ඉටුකරන තරමට ඔහු දියුණු වෙනවා. කරුමෙට අපේ මුදලාලිලා තාම අර ගමේ කඩේ තමා කොරන්නෙ.

He is not interruption on work. He is the purpose of it.
මම මේ ලඟදි පොත් කඩේකට ගියා පිටකවර දාන පොලිතින් ගන්න. කඩේ ටිකක් සෙනග. නමුත් මුදලාලි ඉන්නවා ගණං වගයක් හද හදා, එයා ළඟ කවුරුත් නෑ. ගෝලයො වැඩ. මං ඇහුවා පිටකවර දාන
පොලිතින් තියෙනවද කියලා මුදලාලියගෙං. මූ ඔලුව උස්සලවත් බැලුවෙ නෑ “නැහ්“ ගෑවා. ඇයි යකෝ? හිනා වෙලා “අනේ පොලිතින් ඉවර වෙලා“ ‍කියලවත් කිව්වනං, මං ආයි ගිය පාඩුවට වෙන දෙයක්වත් ගන්නවා. මේ සුලු දේවල් අපේ මිනිස්සු හිතන්නෙ නෑ. හොයාගන්න තරමක් අමාරු දෙයක්නං ආයි හොයන්න මහන්සි වෙන්නෙම නෑ “නැහ්“ ගානවා. සමහරු කර කර හිටි වැඩේට මහා බාධාවක් උනා වගේ දාලා පිච්චිලා යන්න රවනවා. අත් දිග ෂර්ට් එකක් ඇඳලා ගියොත් විතරයි සමහර මුදලාලිලා “මහත්තයා, සර්“ කියන්නෙ.
මුස්ලිම් කඩේකට ගිහිං අහන්න එහේ නැතිබව දන්න දෙයක් (මං කියන්නෙ හාඩ්වෙයාර් එකකට ගිහිං කැරට් ඉල්ලන්න නෙමෙයි). ඔහු කියයි “අපේ ස්ටෝර්ස් වල තියෙන්නෙ, මහත්තය. ඉන්න ටක් ගාල ගෙන්නල දෙන්නං“ කියලා, ගෝලයට සල්ලි දීලා දෙමලෙං කියනවා වෙන කඩේකිං ගේන්න කියලා. අන්න එහෙමයි ගනුදෙනු කාරයාව රඳවාගන්නෙ. අපි යනකොට මොකද මරණාසන්නෙට බේත් බිබී ඉන්නවා නෙමෙයිනෙ මුදලාලි. ඇයි, ඔලුව උස්සලා කාරුණිකව කියන්න බැරි. 
තොග/සිල්ලර කඩවල තත්ත්වය ගැනත් කියන්න ඕනි. ඔව්වයෙ ඉඩකඩ අඩුනෙ ඉතිං. පස්ස පැත්තෙ කරවල ගැවෙයි කියලා ඉස්සරහට උනාම ඉස්සරහ පැත්තෙ මිරිස්කුඩු ගැවෙනවා. ඒ අස්සෙ, මුට්ටයක් කරගහගෙන එකෙක් එනවා “සයිඩ්, සයිඩ්“ කිය කියා. උගේ ඇඟේ තියෙන දාඩිය කරවල ගැවුනොත් මාසයක් නෝන එන්නෑ ලඟට. ඇයි බැරි මේ බඩු අදින්න වෙනම ඉඩක් තියාගන්න ගණුදෙනුකරුවන්ට හිරිහැරයක් නොවී? ඒ අයගෙ වැඩ කටයුතු වලට බඩු ගන්න ආව අපිද අන්තිමට ඇණේ?

He is not an outsider to our business. He is part of it.
ඔය සොයං සේවා නැති කඩේක අපිම බඩුවක් සොයංඩ ගියොත් නැත්තං ශීතකරණය ඇරල බීම බෝතලයක් ගත්තොත් කඩේ අයිතිකාරයො දුසිමක් විතර එනව හරියට අපි ඒක උස්සං දුවයි කියල වගේ “කිව්වනං අරං දෙනවනෙ. කෝ ඉන්න අරං දෙන්න“ වගේ බයිලයක් ගහගෙන. හරියට උන්ගෙ බඩු අපි අල්ලන්න හොඳ නෑ වගේ. කාන්තාවො රෙදි ගන්න මුස්ලිම් කඩවලට යන්නෙ මුලු කඩේම තියෙන රෙදි ෂෝකේස් එක උඩට දාලා බලන්න දීලා මොකුත් නොගත්තත් මොකුත් නොකියන හිංද. අපේ කඩේකට ගියොත් රෙදි කෑලි දෙකක් අතගානකොට කියයි “නෝනා, ගන්නවනං ගන්න, නිකං අතගාල කිලුටු කොරංට එපා“ කියලා. 
මෙතන වෙන්නෙ ව්‍යාපාරයෙන් පරිබාහිර පුද්ගලයෙකු ලෙස ගණුදෙනුකරුවාව දැකීම. නැහැ. ගණුදෙනුකරු කියන්නේ ව්‍යාපාරයක අත්‍යවශ්‍යම කොටසක්. එය ඔහුගේ තැනය කියන හැඟීම දෙන්න පුලුවංනං ඒ වගේ ව්‍යාපාරයකට යා හැකි දුර මේ යයි කියන්න බෑ. 

We are not doing him a favour by serving him. He is doing favour by giving us the opportunity to do it. 
ඔය මෙච්චර වෙලා කියපු දේවල තේරුම තමා අවසානෙට තියෙන්නෙ. ගණුදෙනුකරුට සේවය කිරීමෙන් ව්‍යාපාරය ඔහුට උපකාරයක් කරන්නේ හෝඅනුග්‍රහයක් දක්වන්නේ නෑ. ඔහු තමා ව්‍යාපාරයට අනුග්‍රහය දක්වන්නෙ සේවය සැලසීමට අවස්ථාවක් දීලා. 

දවසක් මම සැලූන් එකකට ගියා පොඩි දෙන්නගෙ කොණ්ඩෙ කප්පන්න. එදා බාබර්ගෙ පවුලෙ ලමයිත් කොණ්ඩෙ කපන්නද වෙන මොනවටද මන්ද ඇවිත්, නෝනත් එක්ක. පොඩි උන් පුටු වලට පැන පැන නටනවා. දැන් අපේ කට්ටියට වාඩිවෙන්න ඉඩදෙන්න වුණාට නෝනටයි, ළමයින්ටයි හරි මොකක්ද වගේ. තිබුණ නිදහස නැතිවෙලා ගිය නිසා. රවනවා. ගස්සනවා. බාබර්ටත් ගානක් නෑ. තමන්ගෙ දඟකාර දරුවන් ගෙදර ඉන්න අරින එක තමා ඕනිම ව්‍යාපාරිකයෙකුට හොඳ. මොකද, අර උඩ කියන අවස්ථාව තමා නැතිවෙන්නේ එහෙම නොකලොත්. අපි ගණුදෙනුකරු/පාරිභෝගිකයා විදිහට ඔහු වෙත යන්නේ ඔහුට තවත් මුදලක් උපයාදීමේ අවස්ථාව රැගෙන. ඒ අවස්ථාව අහිමිවීම කියන්නේ ඔහුගේ පවුලේ අය භුක්ති විඳින යම් වරප්‍රසාදයක්/වාසියක් අහිමිවීමයි. මොකද, ගෙදර පුටු නැතිව නෙමෙයිනෙ සැලුන් එකට එන්නෙ වාඩිවෙන්න. සල්ලි නැත්තං ගෙදර පුටුත් නැතිවෙයි.

අර මම මුලදි කියාපු අච්චු කංතෝරුවෙ නෝනාටත් අමුතු උණක් තියෙනවා. එන මනුස්සයා හරියට තමංගෙං කීයක් හරි ඉල්ලගෙන ආවා වගේ තමා සලකන්නෙ. 

මේ ගැනත් හිතන්න
යම් භාණ්ඩයක් හෝ සේවාවක් ලබාගැනීමට තමන් වෙත එන පාරිභෝගිකයා/ගණුදෙනුකරුවා නැවත ගෙන්වා ගැනීමත්, ඔහු මිලදීගත් භාණ්ඩයට/සේවාවට අමතරව තවත් යමක් ඔහුට විකුණාගැනීමට උත්සාහ කිරීමත් ඔහු සමග හිතවත්කමක් ගොඩනගා ගැනීමත් ඉතා වැදගත්. ඉල්ලුම මැවිය හැකියි. ඒ සඳහා මනා සම්බන්ධතාවයක් හා සුහද බවක් තිබිය යුතුයි.

මුස්ලිම් ජනතාව නගරයේ ඉඩම් අල්ලාගෙන පල්ලි හදනවා කියා මොරදෙන අය සොයා බලන්න. ඔය ඉඩම් ගොඩනැගිලි කලකට පෙර සිංහල අයට අයිතිව තිබුණු ඒවා. නමුත් මුදල් ආශාව හා වෙනත් වාසි නිසා ඒවා මුස්ලිම් ජනතාවට විකුණා තියෙනවා. නැතිව උඩිං පහල වුණ ඉඩං නෙවෙයිනෙ. මුස්ලිම් අය තමන් අත්පත් කරගත් දේපලක් බැහැර කරන්නේ නෑ. ඒක සත්‍යයක්. ප්‍රසිද්ධ මුස්ලිම් ඇඟලුම් අලෙවිසල් ජාලයක එක වෙළඳසැලක් පිහිටි කුලී ගොඩනැගිල්ල අයිති සිංහල ව්‍යාපාරිකයෙකුට. ඔහු කියනවා “සිංහල මිනිහෙකුට දීලා කවදාවත් ඔය වගේ ගානක් ගන්න බෑ“ කියලා. මෙතන කියවෙන එකම පණිවිඩය සිංහල ව්‍යාපාරිකයින් එකෙකුට එකෙක් නෑ කියන එකයි. එක ව්‍යාපාරිකයෙක් නැගී සිටින විට අනික් උන් ගහනවා කුඩුවෙන්නම. සාර්ථක අලුත් ව්‍යාපාරයක් පටං අරං ටික දවසක් යනකොට හිතනවා යකෝ මේක තමා බිස්නස් එක කියලා අනික් උනුත් ගහක් ගලක් ගානේ ඒ ජාතියෙම එව්වා දානවා. 

දැං මොකෝ වෙලාතියෙන්නේ? හැම තැනිම ෆ්‍රයිඩ් රයිස් කඩ, සංචාරක හෝටල්, සිල්ලර කඩ, කොමියුනිකේෂන්, සීඩී කඩ, ත්‍රී රෝද රථ. අලුත් දෙයක් නෑ. අනිකා කරන නිසා කරනවා. අන්තිමේ මිල තරඟය නිසා පාඩුවටත් විකුණනවා. ඔක්කොම කඩාවැටෙනවා අටෝපු කාඩ් කුට්ටම වගේ. මුස්ලිම් ව්‍යාපාරිකයන් ප්‍රධානම නගරවල හැර අනෙක් සෑම තැනම අත්පත් කරගෙන තියෙන්නේ රෙදිපිලි, පාවහන්, රන්භාණ්ඩ ආදී සීමිත ව්‍යාපාර පරාසයක්. ඒ වගේම 90% ක් මුස්ලිම් නොවන ගණුදෙනුකරුවන් ඔවුන්ට විවෘතයි වගේම වෙනත් ඕනෑම ආකාරයක ව්‍යාපාරයකට 100% ක් මේ රටේ ගණුදෙනුකරුවන් විවෘතයි. කවුරුවත් නීති දාලා නෑ මුස්ලිම් කඩවලටම පලයල්ලා කියලා. ඒ එක්කම කාටවත් නීති දාන්නත් බෑ මුස්ලිම් කඩ වර්ජනය කරපල්ලා කියලා. එය කලයුත්තේ ආකල්ප වෙනසකින්. මේ රටේ පාරිභෝගිකයාගේ පොදු පිළිගැනීමක් තියෙනවා මුස්ලිම් ව්‍යාපාරිකයා තමන්ට සලකනවා කියා. මෙන්න මේ පසුබිම සිංහල ව්‍යාපාර තුල ඇතිකල යුතුයි. සිංහල ව්‍යාපාරිකයා එකිනෙකාට ඊර්ෂ්‍යා නොකර, අනෙකා කොපි නොකර නිර්මාණශීලී ව්‍යාපාර අදහස් ක්‍රියාවට නැංවිය යුතුයි. හැබැයි දැං ඔය ගණුදෙනුකරුවන්ට සලකන ඈලි මෑලි හෝ නුරුස්නා රටාවෙන් සහමුලින්ම මිදිලා. අන්න එදාට අර්බුදකාරී තත්ත්වයන් මග හැරේවි.

පොඩි කතාවක් කියලාම අහවර කරන්නම් Cross Selling හෙවත් දෙයක් මිලදීගන්න ආ අයට තවත් දෙයක් විකිනීම ගැන. මේක ලස්සන කතාවක් නිසා මිසක් මාතෘකාවට ඒ තරං අදාල නෑ.

එක්තරා වෙළඳ සැලක (මේකත් අර කොයිවත් තියෙන ජාතියෙ කඩයක් ඈ...) මුදලාලි තමන් අලුතින්
ගත් ගෝලයාට මේ Cross Selling උගන්වලා ප්‍රායෝගිකව ඒක කරන හැටි පෙන්නුවා. ඔන්න කඩයට මහත්තයෙක් ආවා. මුදලාලි ඇහුවා, “මොනවද ඕනි මහත්තයා“ කියලා. මහත්තයා ඉල්ලුවා හොඳ තණකොල ඇට පැකට් එකක්. ඒක දෙනගමන් මුදලාලි අහනවා “මහත්තයා, නරකද තණකොල කපන මැෂිමකුත් ගත්තනං?“ කියලා. මහත්තයා “ඇයි“ කියලා ඇහුවම මුදලාලි කියනවා “මේක බොහොම වේගෙන් වැවෙන තණකොල ජාතියක්. ඒ නිසා ටික දොහකිං අඩියක් විතර උසට වැවෙයි. ආයි මැෂින් හොයන්න ඕනියැ. මේ ගමංම අරං යන්න“ කියලා. මහත්තයා අන්තිමට තණකොල කපන මැෂිමකුත් ඇරං තමා ගියේ. දැන් මුදලාලි ගෝලයට කියනවා “උඹත් එහෙම මොනව හරි විකුණලා පෙන්නපං කියලා“.
ඔන්න තව මහත්තයෙක් ආවා. ඉල්ලුවා අර කාන්තා පක්ෂෙ සමහර දාට අඳින මෙව්වා පැකට් එකක්. ගෝලයා ඒක දෙන ගමං අහනවා “මහත්තයා, නරකද තණකොල කපන මැෂිමකුත් ගත්තනං?“. දැං මුදලාලිට මල. මහත්තයට විළි. “ඇයි, ඒ?“ දෙන්නම අහනවා. කොල්ලා කියපි,
“ඔය විදිහට ඉතිං මහත්තයට දවස් දෙක තුනක් නිකංමනෙ ඉන්ඩ වෙන්නෙ. නිකං ඉන්න එකේ වත්තෙ තණකොල ටිකවත් කැපුවනං හරිනෙ“ කියලා.......!!!

මං එහෙනං ගොහිං තණකොල ටිහකුත් කපලා එඤ්ඤංකො ඈ....