Thursday, October 9, 2014

ණය කැපෙන්නෙ කොහොමෙයි?-1 How to recover a Loan?-1


බැංකුවකින් ණයක් ගන්නකොට ඒක අතට ගන්නකං නින්ද යන්නෑ වගේම, ඊට පස්සෙ ඒක ගෙවලා ඉවර වෙනකං නින්ද යන්නෙත් නෑ. ඒ මදිවට සමහර වෙලාවට කලිං මාසෙට වඩා වැඩි මුදලක් ණයට කැපුණාම තමා මලේ හොඳම එක. මෙහෙම වෙන්නෙ ඇයි කියලා අද අපි පොඩ්ඩක් බලමු.

ඒ සඳහා ණය අයවීමේ ක්‍රියාවලිය ටිකක් විතර සරල ක්‍රමේකට අපි සලකාල බලමු.

රු.600,000 ක ණය මුදලක් අපි ගම්මු ගණනය කිරීමේ පහසුව සඳහා.
ඒ වගේම අපි හිතමු මේක අවුරුදු 5 කින් ඒ කියන්නේ මාස 60 කින් ආපසු ගෙවනවා කියලා.
පොලී අනුපාතය වසරකට 12% ක් කියලත් ගම්මු ගණනය ලේසි වෙන්න.

දැන් බලන්න මාස 60 න් රු.600,000 ක් ගෙවනවා කියන්නෙ,

රු.600,000 = මාසෙකට මුල් මුදලෙන් රු.10,000 ක් ගෙවන්න ඕනිනෙ.
  මාස 60

එතකොට පොලිය?
අපි වසරකට 12% ක පොලියක් ගෙවනවානං මාසෙකට එයින් 1/12 ප්‍රමාණයක් ගෙවන්න එපායැ.

රු.600,000 x     12  x   1   = රු.6,000 
                       100     12

එතකොට ආසන්න වශයෙන් මාසෙකට රු.16,000 ක් ගෙවන්න ඕනි. දැං බයවෙන්න එපා යකෝ එතකොට රු.16,000 ගානෙ 60 ක් කියන්නේ රු.960,000 ක්. එතකොට පොලියම රු.360,000 ක් අවුරුදු 5 ට. ඒ කියන්නෙ අවුරුද්දකට රු. 72,000 ක්. මම ගත්තු රු.600,000 ටම හැමදාම පොලිය හදලනෙ කියලා.

නෑ, එහෙම වෙන්නෙ නෑ... මෙතන පොලිය ගණන් බැලුවෙ පටං ගන්න මාසෙට විතරයි. ඊළඟ මාසෙ වෙනකොට මුල් මුදලින් රු.10,000 ක් ගෙවල නිසා ඉතිරි රු.590,000 යිනෙ. පොලිය හැදෙන්නෙ අන්න ඒ විදිහට හීනවන ශේෂයටයි. 

අනික් වැදගත් කාරණය තමයි මෙතන 12 න් බෙදල මාසෙක පොලිය හදල පෙන්නුවට රාෙයා්ගිකව ඔතන සිද්ධ වෙන්නෙ එක් වාරිකයක් අයවූ දින සිට ඊළඟ වාරිකය අයවන දිනය දක්වා දින ගණනට පොලිය හැදෙන එක. ඒ කියන්නේ දින 28 ක් නම් මේක,

රු.600,000 x     12  x   28   = රු.5,523.29
                     100      365

මෙන්න මේ පහල තියෙන වගුවෙ තියෙනවා අපි අර කියාපු ණය පළමු අවුරුද්ද කැපෙන හැටි.


දැන් පැහැදිලිව පෙනෙනවානෙ ණයකට පොලිය අයවෙන්නෙ එහෙම අයකරන දින දෙකක් අතර තිබෙන දින ගණනට කියලා. මෙන්න මේකයි සමහර මාසවල කලින් මාසෙට වඩා වැඩි මුදලක් එහෙම අයිවෙන්නෙ. දැන් පේනවනෙ ඔතනම 01/04/14, 01/06/14, 01/08/14, 01/11/14 සහ 01/01/15 කියන දිනවල කලින් මාසෙට වඩා වැඩි මුදලක් අයවෙලා. පෙබරවාරියට දින ගණන අඩු නිසා මාර්තු වාරිකය ගොඩක් පහල බැහැල අප්‍රිෙයල්වල ආයි වැඩි වෙලා. 
විශේෂයෙන් සති අන්ත නිවාඩු එහෙම අහුවුනොත් මේක සිද්ධවෙනවා අනිවාර්යයෙන්ම.

ඔය අපි කතාකලේ සාමාන්‍ය වාරික ක්‍රමය. එතකොට මොකක්ද මේ සමාන වාරික ක්‍රමය කියන්නෙ?
එතනදි වාරිකය හැදෙන්නෙ මෙන්න මේ MS-Excel Function එක එනම් ශ්‍රිතයක් භාවිතයෙන්.

=PMT (Rate, Nper, PV)

මෙතන PMT කියන්නෙ Payment කියන එක. මෙතන Rate කියන්නෙ පොලී අනුපාතය, Nper කියන්නෙ වාරික ගණන (Number of Periods), PV කියන්නෙ ණය මුදල එනම් Present Value. දැන් මේක ශ්‍රිතයේ යොදන කොට පොලී අනුපාතය වාර්ෂික නිසාත් අපි ගෙවන්නෙ මාසිකව නිසාත් මේක යොදන්නෙ පොලී අනුපාතය 12 න් බෙදල මෙන්න මෙහෙම 12% / 12 ප්‍රතිශත ලකුණත් එක්ක. ප්‍රතිශත ලකුණ නැතිවනං 0.12 / 12 විදිහට. එතකොට ශ්‍රිතය ලියවෙන්නෙ මෙහෙමයි.

=PMT (12% / 12, 60, -600,000)

රු.600,000 ඉස්සරහින් ( - ) ලකුණ නොදැම්මොත් උත්තරේ සෘණ වෙනවා. ඉතිං ඔහොම එන වාරිකය තමා මාස්පතා වෙනසක් නැතිව (සාමාන වාරික) ගෙවන්න වෙන්නෙ. මාසිකව වැටුප් ලබන වගේ අයට මේ ක්‍රමය පහසුයි, මොකද මාසෙකට ඒ ගණන වෙන්කරලා තියන්න හැකි නිසා. 

එක්සෙල් ඕපන් කොරාල නිකමට එකක් දෙකක් ගහලාම බලන්ටකෝ.

මෙතනදි මේ විදිහට හදාගත්තු සමාන වාරිකය ඇතුලෙ මුල් මුදලින් කොටසකුත් දින ගණනට ගණන් බැලූ පොලියත් ඇතුලත්. එතකොට මේ සමාන වාරිකයෙන් දින ගණනට පොලිය අඩුකලාම ඉතිරි මුදල මුල් මුදලෙන් අඩුවෙනවා. ඒ නිසාම මෙම ක්‍රමයේදී මුල් මුදල මුලදි කැපෙන්නෙ අඩුවෙන්. එන්න එන්න පොලිය අඩුවෙනවා, මුල් මුදලෙන් කැපෙන ප්‍රමාණය වැඩිවෙනවා. මේ බලන්න.


මම ඉහත කියාපු මුලදි මුල් මුදලින් අඩුවන ප්‍රමාණය අඩුකම නිසා පේනවනේ මාස 12 කට පස්සෙත් ශේෂය රු.506,781.48 ක්. හැබැයි, සාමාන්‍ය වාරික ක්‍රමයෙදි මේ ශේෂය රු.480,000 දක්වා අඩුවෙලා තියෙනවා.

සමාන වාරිකවල අනික් අවාසිය බලන්න ඒ අවුරුද්ද තුල ගෙවපු පොලී ප්‍රමාණයේ එකතුව. මෙතනදිනං ඇත්තටම හේතුව මුල් මුදල කැපෙන්නේ හෙමින් වීම. ඉහල ශේෂයක් තියෙන නිසා වැඩි පොලියක් අයවෙනවා. ඒ වගේම නියමිත දිනය පහුවුනාම පොලී මුදල වැඩිනිසා මුල් මුදලින් අයවෙන්නෙ තරමක් අඩු ප්‍රමාණයක්. ඉතිං වැඩි ශේෂය වැඩි පොලියක් ගෙවන්න හේතුවෙනවා. අවසානයෙත් මේ ක්‍රමයට යම්කිසි වැඩි මුදලක් අයවී ඇති බව පෙනේවි. එමෙන්ම ඇතැම්විට ණය සම්පූර්ණයෙන් ගෙවී අවසන් වියයුතු දිනයටම එසේ නොවෙන්නත් මෙය බලපානවා. 

එතකොට ලීසිං?
හැමෝම දන්නවා ඇති, ලීසිං එහෙම නැත්තං කල්බදු වලදිත් සමාන වාරිකයක් තමා ගෙවන්න වෙන්නෙ. හැබැයි, ලීසිං වල දින ගණනට පොලී හැදීමක් නැහැ. තිබෙන ශේෂයට වාර්ෂික පොලිය 12 න් බෙදලා තමයි හදන්නෙ. ඒ හැර ලීසිං වාරිකය ගණනය කරන්නෙ අර මුලදි කියාපු PMT ශ්‍රිතයෙන්ම තමා. 

දැන් ඉතිං ලමයින්ට පුලුවං පොලී අනුපාතය දන්නවනං ඕනි ණයක් ඕනි කාලෙකිං ගෙවංට වාරිකේ හදාගංට. 

එහෙඤං මං ගොහිං ඤයක් දෙකක් කපල එඤ්ඤංකො...ඈ...

16 comments:

  1. හම්මේ ඉතින්.... දැන් බය නැතුව ලෝන් ගාන හොයාගන්න පුළුවන්.. තැන්කු වේවා.... :D

    ReplyDelete
    Replies
    1. ලෝන් ගාන හොයන්න මේකෙං =PV(Rate, Nper, PMT)
      :D

      Delete
  2. ඕක කලින් කියන්න එපායැ.. ඔන්න දැක්ක නේ උඹ වගේ එකෙක් මේ ලෝකේට අවශ්‍යමයි..

    ReplyDelete
  3. ඔය ගණනය කිරීම් වලට කාලයත් එක්ක මුදලට ඇති වටිනාකම හා පිළිගැනීම එකතු වෙනවද? පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද? වටින ලිපියක්. ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ආයෝජන ක්‍රම ගැන එතකොට (NPV - Net Present Value) සහ (IRR - Internal rate of return) වගේ දේවල් ගැනත් මේ ලිපි පෙළ ලියවෙයි කියලා හිතෙනවා විස්තර සහිතවම. ජය වේවා.


    ReplyDelete
    Replies
    1. මුදලේ අනාගත වටිනාකම මෙතනට අදාල කරගන්නේ නැහැ. ඒක ඇතුලත් වෙන්නෙ පොලී අනුපාතයට. ඒ වගේම බැංකු ණය වැඩිපුරම දෙන්නේ විචල්‍ය පොලී අනුපාතිකයකට (Variable Interest Rate). ඒ නිසා කාලානුරූප මුදලේ වටිනාකමේ වෙනස එසේ වෙනස්වන පොලී අනුපාතිකය තුලට ගන්නවා. FV = PV(1+rt) කිව්වාම r මගින් පොලී අනුපාතයත් t මගින් කාලයත් දැක්වෙනවා.
      ආයෝජන ක්‍රම ගැනත් බලමු අනාගතේදි.

      Delete
  4. අගේ ඇති තොරතුරු ටික. ඔය ටික කලින්ම බැංකුවෙන් කිව්වනම් අපිත් යමක් කමක් තේරුම් ගන්නවනේ. බොහෝම ස්තූතියි විසිටරයෝ.

    ReplyDelete
    Replies
    1. වැඩේ මචං ණය ගන්නකොට ඔය මොනවා කිව්වත් ආ ෂරි ෂරි කියලනෙ පටං ගන්නෙ. මොකෝ අපි බඳින්න කලිං කෙල්ල කියන ඕනිදෙයක් පිළිගන්නේ. ඒ වාගෙ තමා.

      Delete
  5. ඊළඟ සැරේ ණය ගන්න ගියාම ,දෙන්නං බැටේ. ඕකනේ මම උඹට කිව්වේ econ ක්ලාස් එකක් හරි Accounts ක්ලාස් එකක් හරි දාගන්නය කියල . නියමයි

    ReplyDelete
    Replies
    1. අරින්ට එපා. ඇරං පලයං ෆයිනෑන්ෂල් කැල්කියුලේටරයක්.

      Delete
  6. බොහොම ටැන්කිවු කියල දුන්නට.මෙක තවසැරයක් කියවන්න ඔන

    ReplyDelete
    Replies
    1. ලොකු දෙයක් නෑ දම්ගුණේ.

      Delete
  7. මේඅක වටිනව. මගෙත් තීනවනෙ ගණු දෙනු පියවිච්ච නැති.

    ReplyDelete
  8. ඕකත් සමාන වාරික වලිං ගෙවංට මුලදිම එකඟකොරගත්තනං අහවරනෙ සිංහයො?

    ReplyDelete
  9. අම්මෝ පිස්සු වගේ විසිටරයො.... මට නං සමාර ඒවතේරුනේම නැ...බොරු කියන්න ඕන නෑ

    ReplyDelete
    Replies
    1. ඔය තියෙන සූත්‍ර අනුව ඔය තියෙන ගණං හැදෙන්නෙ. පොඩ්ඩක් ආයි බැලුවනං.

      Delete