Tuesday, October 14, 2014

චන්ද්‍ර නමස්කාරය දන්නවාද? Do you know Moon Salutation?

(පින්තූරය මෙතැනින්)
සූර්ය නමස්කාරය ගැනනං අපේ කස්ටිය අනන්ත අහල ඇතිනෙ. ඔය ගැන දන්න අයගෙං වැඩි පිරිස පහේ සිස්සත්තෙට ලියන බබාල. ඇයි ඉතිං පහුගිය අවුරුදු කීපෙකම අනිවාර්ය පුරස්නයක්නෙ.

ඔය සූර්ය නමස්කාරය කියන්නෙ පුරාණ ඉන්දියානු සෘෂිවරු උදේ ඉර පායාගෙන එනකොට කරපු වතාවතක් නොවැ. මේක ඇවිල්ලා ශරීරයට බොහොම ප්‍රතිපල දෙන ව්‍යායාමයක්. මේකෙදි කෙරෙන්නේ ශරීරය ඉදිරියට හා පිටුපසට නවමින් කෙරෙන චලනයන් ඔස්සේ නම්‍යශීලී හා ශක්තිමත් ශරීරයක් ගොඩනැගීම. එතකොට මට ආපු ප්‍රශ්නෙ තමා එතකොට ශරීරය දෙපැත්තට නම්‍යශීලී වෙන්න මක්කැයි කොරන්නෙ කියන එක. ඕකට උත්තරේ හම්බ උනේ ඉන්දියාවේ පූනායි Pune වල NIBM විජ්ජාලෙදි මට යෝග උගන්නපු මෙන්න මේ සික් ජාතික ගුරුතුමාගෙං. මෙතුමා බොහොම අපූරු ගතිගුණ තිබ්බ ඉතාම සුහදශීලී වගේම වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගුරුවරයෙක්. (ඔය පැත්තකිං පේන නිල්/කහ ටී ෂර්ට් කාරයා ගැන එහෙම අහන්ට ඔට්ටු නෑ හොඳේ)

ඊට පස්සෙ තව තව සොයා බැලීම් කලාම මේ චන්ද්‍ර නමස්කාරය හෙවත් ශරීරය දෙපසට දෝලනය කරන ඉතා අගනා ව්‍යායාම ක්‍රමය ගැන තොරතුරු රැසක් දැනගන්න ලැබුණා. ඇත්තටම සූර්ය නමස්කාරය ජනප්‍රිය වුනත් මට හිතෙන්නෙ මේකත් ඒ සමානව වැදගත්. ඒ වගේම සූර්ය නමස්කාරයේ යෙදිලා ඊට පස්සෙ මේකත් කොලානං ඉතිං වෙන ඇක්සර්සයිසස් ඕනිම නෑ. අනික ඔය බල්ලො එළවද්දි උදේ පාන්දර පාරෙ දුවනවට වඩා, හැන්දෑවට ජිම් යනවා වගේ දිගටම කොරංට බැරි වැඩ කොරනවට වඩා ගෙදර ඉඳං යෝගී ව්‍යායාමවල යෙදෙන එක අපි කාට වුනත් නිදහසේ දිගටම කොරන්ට ඇහැකිනෙ. චන්ද්‍ර නමස්කාරය විදිහට වෙනස් ඉරියව් රටා සහිත පිළිගැනීම් ඇතත් වැඩිපුරම ප්‍රසිද්ධ රටාව තමයි මම මෙතන සාකච්ඡා කොරන්නෙ.

මුලිංම කියන්ටෝනෑ, මේ ඉරියව් මාරුකර අතර ඉක්මනින් මාරු වෙවි කරනවානං ව්‍යායාම වටය කීප වරක්වත් කරන්ට ඕනි. එකවරක් කරනවානම් හිතිං ගැන ගැන මුලදි 10ට පස්සෙ 15ට 20ට ආදී වශයෙන් එක ඉරියව්වක ඉන්න වෙලාව වැඩි කොරංට. ඒක තමා යෝග ව්‍යායාම කරන නියම කෙරමෙ. එහෙනං කට්ටිය පොඩි වෝර්ම් අප් එකක් එහෙම කොරල කාරිය ලෑස්තිවෙන්ටකො. අනේ ඉරෙන්නැති කලිසමක් ඇඳගංට අප්පා. මම විස්තරේ කොරන්නෙ මේ පහල තියෙන් යින් යෝග අඩවියෙන් ගත්තු රූපත් මුලටම දාල තියෙන රෑපෙත් යොදාගෙන ඈ...


1         2          3             4               5                  6                     7        
  1. මුලිංම ඔය උඩ 1 රූපෙ විදිහට සීරුවෙන් හිටගංට. දැන් දෑත් එකතු කරල ආයිබෝං කියන තාලෙට වැඳගංට. මේක කවුරුත් දන්න ඉරියව්වක්නෙ. මේකට කියන්නෙ අංජලී මුද්‍රාව anjali mudra කියලයි. ඒ යන්නේ යාඥා/නමස්කාර කිරීමේ ඉරියව්ව.
  2. දැන් අර උඩ 2 රූපෙ තාලෙට අත් උඩට ගෙනිහිං දෙපාවල විලුඹ ඔසවන්නෙ නැතිව ඇඟ හැකිතාක් උඩට අදිංට. 
  3. ඉන්පස්සෙ 3 රූපෙ විදිහට විදිහට අත් ඉහලට ඔසවාගෙනම වමට දකුණට නැමෙන්න, හැකිතරම් ඇඟ නමන්න. 
  4. ආයි කෙලිං වෙලා 4 රූපෙ විදිහට වමට නමංට. මේ 2, 3 හා 4 ඉරියව්වලට කියන්නෙ අඩසඳ මුද්‍රාව half moon කියල. මෙයින් බඩේ ඉස්සරහ කලගෙඩිය සහ දෙපැත්තෙ ටයර් ඇදිල ටියුබ් වෙලා යනවා. කොන්ද හොඳට නැමෙන එකත් අනාගත දේශපාලන වාසියක්. දැන් නැවත 2 රූපයේ ඉරියව්වට එන්ට.
  5. දැන් අපි යන්නෙ දේවතාවී goddess නම් මුද්‍රාවට. ඔය 5 රූපයේ විදිහට දෙපා ඈත් කරල පස්ස බිමට පාත් කොරල කලවා දෙක පොලවට සමාන්තරව තියාගෙන අත් දෙකත් වැලමිටෙන් නමල අත්ල ඉදිරියට හිටිංට අත් වල උඩ බාහුව පොලවට සමාන්තරව තියාගන්ට. මේකෙන් කළවා වල සහ අත්වල උඩබාහුවේ මාංශ පේශි ශක්තිමත් වෙනවා. කට්ස් එන්නෙනං නෑ ඉතිං.
  6. දැන් ඇඟ කෙලිං කොරල නැගී හිටිංට. දෑත් දෙපසට විහිදුවංට පොලවට සමාන්තරව 6 රූපයෙ වගේ. මෙතනදි ටික ටික පුලුවං හැටියට දෙපා පිහිටි ස්ථාන දෙපසට විහිදෙව්වාට කමක් නෑ. මෙයින් උකුල් සන්ධිවල නම්‍යතාව වැඩිවෙනවා වගේම අත් පා වල මාංශපේශි ඇදෙනවා අම්බානට. මේකට කියන්නේ තාරකා මුද්‍රාව කියලයි.
  7. දැන් 7 රූපයෙ විදිහට දෙපා එහෙමම තියෙද්දි ඇඟ දකුණට නමල දකුණු පාදයේ වලලුකර හෝ ඊටත් පහලිං හෝ බිම, දකුණු අතින් අල්ලන ගමං වම් අත හැක් පමණ ඉහලට ඇද හිස හරවා වම් අත දෙස බලන්න. කකුල් නමංට එපා. මේක තමා ත්‍රිකෝණ මුද්‍රාව. මෙයින් උදරයේ දකුණු පැත්තෙ ටයර් ගෙවෙනවා. ඒ වගේම දකුණු පාදයටත් හොඳ බරක් එනවා. මෙතෙංට එනකං වැඩි අමාරුවක් නෑ. 
    8                        9                         10                       11 
  8. දැන් එහෙංම වම් අතත් පහලට අරං පොලොව අල්ලන්ට අත් දෙකෙම්ම. (8 රූපය) මුහුණ ගාවංට දණහිසේ. දකුණු පාදය දකුණට, වම් පාදය ඉදිරියට හැරිලා දණහිසින් නොනැමී තියෙන්ටෝනෑ. ඉල ඇදෙන වැඩේ. බඩ නෑ. කොන්ද නෑ. ටික ටික තමා නමන්ට පුලුවං වෙන්නෙ. මුලු ඇඟටම දැනෙන මේ ඉරියව්ව පිරමීඩ Pyramid මුද්‍රාවයි. 
  9. Lunge හෙවත් පහරදීමේ ඉරියව්ව තමා ඔය 9 න් පේන්නෙ. මෙතනදි දකුණු දණහිස නමා වම් දණහිස දිගහැරී පාද පෙර පරිදිම හැරී තියෙන්ටෝනෑ. හැබැයි මගේ ගුරු මට කියාදුන්නේ හිස ඉදිරිය (දකුණු පැත්ත) බලා සෘජුව තමයි තියාගන්ටෝනි කියලා. මේකෙන් පාද වලට වැඩි බරක් දෙන ව්‍යායාමයක්.
  10. දහවෙනි රූපෙ තියෙන පුලුල්කල පාද මත උත්කුටියෙන් හිඳගැනීම හෙවත් Wide Leg Squat කරනකොට අර මුලිංම මං දාල තියෙන රූපෙ වගේ පස්ස බිමට බර කරල ඒත් බිම නොගෑවී තියාගන්ටෝනැ. මේ ගෑල්ලමය නිකං ගෙම්බ පනිනව වගේනෙ ඉන්නෙ. (දැං ඔය මොනවද හොයන්නෙ? එහෙම මොකුත් පේන්නෑ) අනික දකුණු දණහිස බිම තැබූ දෑත් අතරින් ඉදිරියට නමාගෙන තමා ඉන්ට ඕනි කියලා තමා මගේ ගුරු මට කියාදුන්නෙ. අනික තමා නිදහස් වම් පාදයේ ඇඟිලි ඉහලට හා හැකිපමණ පසුපසට හැරවීමට හැකිනම් වලලුකර සහ පාදය කොටසට හොඳ ව්‍යායාමයක්.
  11. දැන් ඔය 11 රූපෙ කියන්නෙ අපි මෙතෙක් ආ සඳ මෝරන අවස්ථාවල පළමු අර්ධයේ අවසානය. මෙතන මධ්‍යස්ථ අවස්ථාවක්. Squat හෙවත් උත්කුටියෙන් ඉඳගැනීම හෙවත් පස්ස බිම නොතියා ඇණතියාගෙන මෙවත් ස්කොටිං පෑන් එකක කක්කා දානවා වගේ, වැඳීම. එක එක සද්ද එහෙම ආවට මං දංනෑ ඕං. දෙපා තරමක් ඈතින් තියාගංට. බාහු දණහිසෙන් ඉදිරියට ගෙන වඳිංට. හා වඳිංට, වඳිංට ඉතිං.
    12                                         13                                 14
  12. දැන් ගමන අනික් පැත්තට යන්නෙ. මෙච්චර වෙලා දකුණට කොරපුව ඒ විදිහටම වමට කොරංට. වම් පාදයට බරදීලා දකුණු පාදය දිගඇරල වාඩිවෙන්ට. ඉරියව් වලට කියන නංනං එහෙම්මමයි.
  13. නැවත් වම් පාදය ඉදිරියට හෙවත් වමට නමා දෑත් දෙපසින් බිම තබා හිස ඔහොම නෙමෙයි සෘජුව තියාගන්ට. දකුණු පාදය දිගහැරිලා ඈ...
  14. දැන් පාද තරමක් ලං කරලා නැවත දෑත් හැකි පමණ පහලට ඇද හැකිනම් බිම දෑත තබා මුහුණ දණහිසේ ගාවන්න. පිරමීඩ මුද්‍රාව.

             15                  16                    17              18        19       20        21
  15. ආයිත් පාද දිගහැර වම් අත බිම තබා දකුණු අත ඔසවා ත්‍රිකෝණ මුද්‍රාවට.
  16. තාරකා මුද්‍රාව.
  17. දේවතාවී මුද්‍රාව (මෙහෙම කියල පිරිමි අයට ගැටලුවක් නෑ හොඳේ. ස්ත්‍රී අත්මයක් වුනත් මොකෝ දේවතාවියක් වෙනවනං. නෝ ප්‍රෙග්නන්සි, නෝ මෙන්... - එක්කො ඕන්නෑ)
  18. අඩසඳ මුද්‍රව පළමුව දකුණට.
  19. ‍දෙවනුව වමට- හා නමංට.
  20. කඳ කෙලිං කොට දෑත් ඉහලට අදිංට.
  21. අංජලී මුද්‍රාවෙන් වඳිංට. (අංජලි කරණීයෝ)
හම්මේ...පණ ගියාද? ඇත්තටම වෙලාව අරගෙන එක ඉරියව්වක වැඩි වෙලා රැඳෙමින් කලොත් පණ යනවා තමා. මේ ඉරියව් 21 විනාඩි 21 ක් ඇරං කලොත් හැතැප්මක් දිව්වා වගේ දැනෙයි. බල්ලො පන්නද්දි රන්වන් මයිල් ඕනිම නෑ. වැඩිම උණොත් අර සද්ද බද්ද විතරයි (හූ...). සූර්ය නමස්කාරය දන්න අය උදේම ඒක කොරලා මේකත් කොරලා බලංටකො. ඉං පස්සෙ විනාඩි 10 ක් 15 ක් ඉඳලා නාගත්තනං බුදු ෆිට් තමා. 

තවත් දෙයක්, මේ ව්‍යායාමය කාන්තා අයට බොහොම ගුණ දෙනවා වගේම ඔවුන්ට මෙය අපිට වඩා පහසුවෙන් කොරංට පුලුවං. ඒ හිංද අපේ බස්සිට, උපේක්ෂට එහෙම කියංට ගෙහුං. එහෙම කියලා මේක කාන්තාවංට විතරක් සීමා වුණු එකක් කියල හෙම නෑ හොඳේ. ව්‍යායාම උපකරණවලට දාස් ගණං යටකරල ගෙදර ගෙනත් දාගෙන මලකඩ කංට අරිනවට හොඳා මේ වගේ ව්‍යායාමයක දිනපතා යෙදෙන එක. මුලද සමහර ඉරියව් සම්පූරණයෙං කොරංට බෑ. හැකි පමණට කරංට. ශරීරයේ හැඩය සහ නම්‍යශීලීතාවය පවත්වා ගන්ට මේ ව්‍යායාමය ඉතා වැදගත්. අපේ කංතෝරු මහත්තුරුංගෙ බඩවල් එහෙම මාසෙං සීරෝවෙලා එයි. මගේ පොඩි කෙල්ලො දෙන්න හෙන කැමතියි මේ යෝග දෙකටම. ඔහෙලත් මේක දිගටම කොරගෙන යන්ටෝන්නං පොඩි දරුවව අල්ලාගංට. ලොකු දරුවත් ඈඳගත්තනං කාටද ආඩම්බර අප්ප. අපේ විසිටරස් නං වෙලාවකට එනවා.

සූර්ය නමස්කාරයනං (sun salutation) ගොඩක් අය දන්නවා ඇතිනෙ. කොයිකටත් මං ඒකෙ රූපයක් දාංනං. (නොදන්නැත්තො බැරිවෙලාවත් උන්නොත්, නේද?) වම්පැත්තෙ කෙලිං හිටගෙන ඉන්නතැනිං පටං අරං දකුණට ඉහලට ඔරලෝසුවෙ කටු ක්ලොක්වයිස් කැරකෙන අතට රූප බලාගෙන කොරගෙන යන්ට.

මේ දෙකම ඔබ බටෙත් තියෙනවා. අලී ලාලිත්තයයි.
මේ ඒවායින් දෙකක් පමණයි.
www.youtube.com/watch?v=Gmu3n5e-VPM
www.youtube.com/watch?v=3Yrp9wBQGzo

හරි. එහෙනං මං ගෙහුං එඤ්ඤං. මයෙ අප්පල පරිස්සමෙං ඈ...

25 comments:

  1. මම නම් කැමති ඩිප්ස් දාන්න තමයි...

    ReplyDelete
    Replies
    1. අර 11 ත් ට්‍රේන් කොරංට.

      Delete
    2. මතක් කරන්නෙපා ඩිප්ස්, මාසෙකින් මගේ කෙට්ටු සරීරෙ බර කිලෝ තුනකින් අඩුකලා.

      Delete
    3. මාතේ මෙන්න මු ඩිප්ස් ගහල කිලෝ 3ක් අඩුවෙලාලු ...හැක්

      Delete
    4. මාතේ .. හැක හැක හක ..... අපිනම් දන්නවා ඔය ඩිප්ස්

      Delete
    5. මනෝෂ්,
      සාපේක්ෂ ඝණත්වය වතුරට සමානයි කියලා ගත්තත්, අඩුම ගානෙ පැයකට සැරයක් ඩිප්ස් ගහන්න ඕනි.
      අනෙ අම්මෙ!

      Delete
    6. @ විසිටරයෝ මචන් මනොට හරි කරමේ කියා දියන් ....නැත්නම් ඌ මනොකයක්ම වෙයි ..හැක හැක

      Delete
  2. විසිටරයත් නුවර පැත්තෙද මංද ට යන්න එනව තැං තැං වල....
    සූරිය නමස්කාර චන්ද්‍ර නමස්කාර කියල අහල තිබ්බට ඒව ගැන දැනගත්තෙ අදඔන්න...
    කෝ බං දිසා නමස්කාරෙ....

    ඔහැක් හෙක් හෙක්

    ReplyDelete
    Replies
    1. දිසා නමස්කාරෙ කොරංඩ ගත්තොත් බුදියංට වෙන්නෑනොවැ. අල්ලල දැම්ම.

      Delete
  3. මිත්යාදුරුස්ටිකයෝ..

    ReplyDelete
  4. හෙක් හෙක් විසිටර්ටුත් යොගා කොරලා එහෙනම්, ඔය දෙකටම වඩා මේ දවස් වල මහත් පල මහානිසන්න්ස දාකයක්යි රජාපුක වන්දනාව. පීන් නැද්ද ආනිසන්න්ස එවෙලේම හම්බ වෙනවා බෙල්ල අතුරුදන් වී හිස කන්දට ඇලීම, ලොකු පුටුවක් හම්බ වීම, ලොකු බඩක් ඒම. අපි නම් ඉතින් ෆ්ලෙෂිබල් කොල්ලොනේ එකෙන්ම, මේ බැරිද ඔය අංග බැස්ස ගන්න ඒවා නැතිව ටිකක් හදා ගන්න ඒවා දෙන්න. :D දැන් ඔය රාජපක්ෂ වන්දනාව වගේ.

    ReplyDelete
    Replies
    1. ඇයි තානාපති/මහ කොමසාරිස්ලට පහරදීමේ බලතල?
      //ටිකක් හදා ගන්න ඒවා දෙන්න// බොන්න පීඩියා ප්‍රෝ.

      Delete
  5. ව්‍යායාම නම් මට අප්‍රම අප්‍රසන්නයි. ඕ යේස්!

    ReplyDelete
    Replies
    1. තරුණකම රැකගන්න අදහසක් නැතෙයි?

      Delete
    2. කොළොම්තොට නැත මහළු වී
      අවන් හල නැත පැරණි වී
      එදා හඳමයි අදත් යෞවනයේ
      එහෙත් අප දෙදෙනා

      බලන් කැඩපත සොඳුරියේ
      කුඹ ගසක්‌ උඩ නැවතිලා
      සිනා තලමින් සඳේ ඇයි සරදම්
      බලන් කැඩපත සොඳුරියේ
      පාට වත්සුනු දෙකොපුලෙන් පිසදා

      පෙරුම් පුරමින් හමුවෙලා
      උනුන් රහසින් බැන්ද ආදර පෙම්
      බලන් කැඩපත සොඳුරියේ
      කුමන අරුමද නර කෙසක්‌ පැහිලා

      http://www.youtube.com/watch?v=qLQEY4Ev6vM

      Delete
    3. @ඉවාන්,
      //කොළොම්තොට නැත මහළු වී
      අවන් හල නැත පැරණි වී//
      අන්න ඒකනෙ කියන්නෙ මේක තරුණ වී සහ අලුත් වී හෙවත් විසිටර් වී

      Delete
  6. හඳ මාමා උඩින් යතේ
    අපෙ මාමා බිමින් යතේ...

    හඳ මාමයි අපෙ මාමයි දෙන්නා
    එක කන්තෝරුවෙ වැඩ කෙරුවේ
    දෙන්නට දෙන්නා කිරි පැණි වාගෙයි
    කන්තෝරුවෙ නිලතල දැරුවේ...
    හඳ මාමා හැම මොහොතෙම ඉදිරියෙ 
    අනාගතය ගැනමයි බැලුවේ
    අපෙ මාමා ඔහෙ කකුල් වන වනා 
    එදා දවස ගැනමයි හිතුවේ...

    දියුණු වන්න වේලාවක් නැති විය
    අපෙ මාමා තව පහළ ගියා
    රාජකාරි හරි අකුරට ඉටුකළ 
    හඳ මාමා තව ඉහළ ගියා...
    නිතරම තමන්ගෙ අනාගතය ගැන 
    සිතීම වැදගත් නොවෙද කියා
    ආකාසේ ඉඳ තැන්පත් ගතියෙන්
    ඇත හඳ මාමා දෙනෙත අයා...


    පද රචනය: ප්‍රේමකීර්ති ද අල්විස්
    තනුව හා සංගීතය: වික්ටර් රත්නායක
    ගායනය: ෆ්‍රෙඩී සිල්වා

    ReplyDelete
    Replies
    1. අම්මපා සින්දූර්, හදපංකො බ්ලොග් එකක්. දාපං මේ කලෙක්ෂන් එක ආටිස්ට් අනුවයි සෝං අනුවයි ඉන්ඩෙක්ස් එකක් එක්ක. බොට වරදින්නෑ. මං කියනවට කොරහං.

      Delete
  7. අඩේ අප්පා.. එක්කොත් බෑ වගේ බන් කම්මැලි..

    ReplyDelete
    Replies
    1. දිවැසිං දැකල නේද ආවෙ.

      Delete
  8. චන්ද්‍ර නමස්කාරය දන්නවාද?
    දන්නේ නැහැ ඒ වුනාට දෙකක් දාලා ගිය දවසට අපේ ගැනි නම් මට දන ගහලා කතා කරන්නේ...
    තමුසේ ඇද යටින් එලියට එනවද නැද්ද කියලා අහන්නේ...?

    ReplyDelete
    Replies
    1. එහෙම යටට යනකොට මෙන්ඩා, උඹේ ප්‍රොඩක්ට් රේන්ජ් එකේ එයා පාවිච්චිකරන මෙව්ව ටික ඔක්කොම ඇරං පලයං. දණ ගහල නෙමෙයි සුමේධ තාපසය වගේ වඳියි.

      Delete