Wednesday, October 22, 2014

ඉස්තීර තැංපතුවක් දාමුද? Shall we make a Fixed Deposit?

ස්ථාවර තැන්පතුවක්, සිංහලෙං කියනවානං එෆ්.ඩී. එකක් දාන්නෙ ඉතිං එකපාර කීයක් හරි අතට ආවහමනෙ. ඒක සමහර විට ඊ. පී.එෆ්. (අර්ථ සාධක) එක, ඒකාබද්ධ විශ්‍රාම වැටුප, ලොකු කොමිස් එකක් ඒත් නැත්තං නිතරම ඇදෙන කෝටි ගාණක ලොතරැයි දිනුමක් වගේ විශාල මුදලක් තමා මෙහෙම ස්ථාවර තැන්පතු දාන්නෙ. එහෙම දාපු ස්ථාවර තැන්පතු තමයි බැංකු හා මූල්‍ය සමාගම් වල තියෙන වැඩිම තැන්පතු ප්‍රමාණය වෙන්නෙ. ගොඩක් අය මේවා දැම්මට මුලදිම නිසි අවබෝධයක් ඇතුව නෙමෙයි දාන්නෙ. ඉතිං දාගත්තට පස්සෙ ප්‍රශ්න කෝටියයි. අන්න ඒ ස්ථාවර තැන්පත් දාන අන්ත දුගී ජනතාවගේ හිත සුව පිණිස මෙන්න මේ කරුණු කාරණා ටික එළියට දාන්නෙ.

දැං ඇත්තටම ඕක මොකක්ද?
මේක ඇවිල්ලා ආයෝජනය කොරන උන්දැට නියමිත කල් පිරීමේ දිනයකදි සාමාන්‍ය තැන්පතු ගිණුමකට වඩා වැඩි පොලියක් ලැබෙන තැන්පතු වර්ගයක්. කල් පිරීම කිව්වම ඉතිං ඕක මාසයක් වෙන්ට පුලුවං, මාස 3 ක්, 6 ක් ඒත් නැත්තං අවුරුද්දක්, දෙකක්, තුනක්, හතරක්, පහක් වෙන්ටත් පුලුවං. ඊට වැඩි වෙන්ටත් පුලුවං. හැබැයි, මූල්‍ය සමාගම් සිංහලෙන් කිවුවොත් Financial Companies වල ඔය කාලය දික්වෙන්ට දික්වෙන්ට පොලී අනුපාතයත් වැඩි වෙනවා. හැබැයි රජෝ වාණිජ බැංකුවල ඔය කල්පිරීම සමග පොලී අනුපාතය තීරණය වෙන්නෙ රටේ ආර්ථිකයේ සංසරණ මුදල් ප්‍රමාණය පාලනය කිරීම අනුව. ඒ කියන්නෙ, රජයට මුදල් ඕනි වෙලා තියෙනවා කියමු අවුරුද්දක විතර කාලෙකට. අන්න එතකොට අවුරුද්දෙං කල් පිරෙන ස්ථාවර තැන්පතුවලට වැඩි පොලියක් නියම කරනවා. මේක සිරසෙ මුදුන වගේ. ඊට අඩු සහ වැඩි කාලසීමාවල තැන්පතු දෙපැත්තට අඩුවෙවී යනවා. 

නියම කල පොලී අනුපාතය ලැබෙන්නෙ කල්පිරීමේදී ආපසු ගත්තොත් තමා. අපි උදාහරණෙකට ගමු ලේසියෙන් නොදෙන දුවෙක් ඉන්න ජෝඩුවක්. මේ ජෝඩුව තමං හම්බු කොරපු හැම සතේම එකතුකරල දානවා ඉස්තීර තැන්පතුවක් බැංකුවෙ, තව අවුරුද්දකිං පොලියත් එක්ක මේක අරං දෙන්න දුවට දෑවැද්දට. ඔන්න ඔතෙංදි බැංකුව කියනවාය හිතමු අවුරුද්දට 8% ක පොලියක් දෙනවා කියලා. දැන් මේ තැන්පතුව දැම්මෙ ජනවාරි පළවෙනිදා කියලත් හිතමුකො. ඉතිං දුවට ඉන්ට බෑ එච්චර කල්. දවසක් දුවගෙ කාමරේ ලඟිං යනකොට අපේ ජෝඩුවට පොඩි හම් එකක් ඇහෙනවා. බැලින්නං දෝනියන්දැ ඉන්නවා වයිබරේට‍රේකුත් තියාගෙන! “මොකෑ බං ඔය?“. ඩබලම අහපි. “මං මේ මගේ අනාගත සුවාමි පුරුසයත් එක්ක ඉන්නෙ“ කෙල්ල කියපි.
තව ටිකදොහකිං එක දවසක් අම්මට ඇහෙනවා සාලෙංම මේ සද්දෙ. බැලිංනං තාත්තා ඉන්නවා ටී වී බල බලා වයිබරේටොරෙත් නිකං රිමෝට් කොන්ටරෝල් එක වගේ සැටියෙ පැත්තකින් තියාගෙන. “මොකෑ ඕයි, ඔය?“. මහ මෑන් කියාපි “මං මේ අපේ බෑණත් එක්ක ටී වී බලනවා“ කියල!!!

කොහොමිං කොහොම හරි දෙන්න දෙමාල්ලො තීරණය කොලා අවුරුද්දක් හමාරක් ගියොත් මොකිං මොකක් වෙයිද දන්නෑ, ඉක්මනට කෙල්ල දීලා දාන්ට ඕනි කියලා. ඉතිං සේරම උප්පරවැට්ටි දාලා මගුලක් පැටලෙව්වා දෝනියන්දැට. දැන් ඉතිං කාසි පනං එපායැ. දෑවැද්දත් එපායැ. මාම යනවා බැංකුවට.

“මැනේජර් මහත්තයො, මං මාස තුන හතරකට කලිං අර දැම්මෙ ඉස්තීර තැංපතුවක්ද මොකක්ද. තව අවුරුද්දකිං හමාරකිං කෙල්ලට හොඳ පෙලවහක් කොරල දෑවැද්දකුත් දෙන්ට තමා ලෑස්ති උනේ. අනේ ඒ උනාට ඉතිං, කෙල්ලට එච්චරකල් ඉංට බෑ කියනවනෙ. ඔන්න ඔය දාපු සල්ලි ටික මට පොලියත් එක්ක ආපහු දුන්නනං“ කියලා මාමා කියාපි.

දැන් මැනේජර් මහත්තයා කියනවා “මේ උන්නැහැ, ඔහේ අවුරුදු දෙහෙකට දැම්මට තමා මාස 4 යිනෙ ගතවුනේ. ඉතිං පොලියෙං කොටහක් තමා දෙන්ට වෙන්නෙ“.

මෙන්න මෙතෙංදි කොහොමද ගෙවන පොලිය ගණන් බලන්නේ. ක්‍රම කීපයක් තියෙනවා.

  • එකක් තමා දැනට ස්ථිර තැන්පතු සඳහා පවතින කෙටි කාලසීමාවන් (මාස 3, 6 ආදී වශයෙන්) අතරින් යෙදිය හැකි උපරිම කාලසීමාවට ගෙවන පොලී අනුපාතය යොදා ගැනීම.
  • තව ක්‍රමයක් තමා ගතවූ මාස ගණනට ඉතිරිකිරීමේ ගිණුමකට ගෙවන පොලී අනුපාතය යොදාගැනීම.
  • තවත් ක්‍රමයක් තමා එහෙම උපරිම කාලසීමාවක් ස්ථිර තැන්පතු පොලිය බලලා තව ඉතිරි මාස තියේනං ඒවාට සාමාන්‍ය ඉතිරි කිරීමේ ගිණුම්වලට ගෙවන පොලිය ගෙවීම. ඒ කියන්නෙ මුල් ක්‍රම දෙකේ හයිබ්‍රිඩ් එක.
  • අනෙක් පජාතම ක්‍රමයක් තමා කිසිම පොලියක් නොගෙවා මුල් මුදල පමණක් ගෙවීම.
  • ඊටත් වඩා පජාත ක්‍රමයක් තියේනං ඒ තමා තැන්පතුව කලිං අවලංගු කරනවට දඩයක් ගහලා තැන්පතුව මුදා හැරීම.


ඔය අන්තිමට කියපු ක්‍රම බැංකුවල සිද්ද වෙන්නෙ නෑ. මහ බැංකුව ඒ අයව සෘජුවම අදීක්සනේ කොරන නිසා. හැබැයි සමහර මූල්‍ය සමාගම් ඕක කරලා තියෙන බවට පැමිණිලි තියෙනවා.

අපි හිතමු මාස තුනේ (3) ඉස්තීර තැංපතුවකට පොලිය 6% යි, ඉතිරි කිරීමේ සේවිංස් පොතකට පොලිය 4% යි කියලා.මෙන්න පොලිය හැදෙන විදිහ.

·         පළමු කරමෙදි තැංපතුව තිබුණෙ මාස 4 නිසා මාස 3 ට පොලිය තමා යොදන්නෙ.

         1,000,000 x  3   x   6      = 15,000
                            12     100

·         දෙවන කරමෙදි මාස 4 ට ඉතිරිකිරීමේ පොලී අනුපාතය යොදනවා.

1,000,000 x  4   x   4       =13,333.33
                  12     100

·         හයිබ්‍රිඩ් කරමෙදි අර පළමු කරමෙන් හදාගත්තු 15,000 ට මෙන්න මෙහෙම ඉතිරිකිරීමේ ගිණුමක් විදිහට මාසෙක පොලිය ගණන් බලාල එකතු කොරනවා.

         1,000,000 x  1   x   4       =3,333.33
                           12     100

         15,000 + 3,333.33          =18,333.33

·         අනික් කෙරම මං හදංට යන්නෑ. එව්වට කිසිම පොරතිපත්තියක්, නීතියක් නැති හිංද.

මාසයක් ගානෙ පොලිය ගන්න
කවුරුත් අහල ඇති මාස්පතා පොලිය ගෙවන ඉස්තිර තැංපතු (Interest payable monthly) කරමෙ ගැන. එතෙංදි කල්පිරීමේදී (Interest payable at maturity) සාමාන‍්‍යයෙන් ගෙවන පොලී අනුපාතයට වඩා තරමක් අඩු ප්‍රමාණයක් තමා ගෙවන්නෙ. හැබැයි තැන්පතුව විශාලනං මේ පොලියෙං කාල ඇඳල ඉංට බැරිකමක්මත් නෑ පැංසොං ගිහාම එහෙම. මෙන්න මෙහෙමයි පොලිය හැදෙන්නෙ. අපි හිතමු මාසිකව ගෙවන කෙරමෙට වාර්ෂික පොලිය 7.5% ක් කියලා. ඔන්න ලස්ස දහයකට හැදෙන පොලිය.

            1,000,000  x  1   x  7.5   = 6,250
                               12     100
මදිදැ ඉතිං එහෙං පිටිං මනුස්ස පරාණ දෙහෙකටයි තව බාගෙකටයි මාසයක් කාල ඇඳල ඉංට!
ඉතිං දරුවනේ දැං අපි බලමු මේ කියන නියම කාලය පිරුණම මක්කැයි වෙන්නෙ කියලා ඉස්තිර තැංපතුවකට. මෙතෙංදි බැංකු ගොඩක්ම යොදන්නෙ ස්වයංක්‍රීය අලුත්වීමේ Automatic Renewal නියාය. ඒ කියන්නේ ඒ ගතවුනු කාලයට හැදුනු පොලිය එයාගෙම වෙනත් ඉතිරිකිරීමේ (Savings Account) හරි ජංගම (Current Account) ගිණුමකට හරි දාලා මුල් මුදල විතරක් අලුත් ඉස්තිර තැංපතුවක් විදිහට අලුත් කොරනවා.

තව විදිහක් තමයි පොලී ගෙඩිය පැලකිරීම (Interest Capitalization). එතෙංදි කොරන්නේ ගතවුනු කාලසීමාවට අදාල පොලියත් තැංපතුවටම එක්කහු කොරල අලුත් ගාණට ඉස්තිර තැංපතුව අලුත් කොරන එක. නිකං අපි හිතමු 8% පොලියට අවුරුදු දෙහෙකට (2) රුපියල් දසලස්සයක් දැම්ම කියල. ඉතිං අවුරුදු දෙකට පොලිය හැදෙනවා මෙහෙම.
         
               1,000,000 x  2  x    8         = 160,000
                                          100

එතකොට ඊ ළඟ අවුරුදු දෙකට රුපියල් 1,160,000 ක් තමා අලුත් වෙන්නෙ. ඔය විදිහට ගිහිං අවුරුදු 10 කදි ඕක දහ අට ලස්සෙත් පනිනවා. දැං ඉතිං අහංට එපා අවුරුදු 10 කින් දහඅටලස්සෙන් කොරංට පුලුවං එව්වා.

හැබැයි අර මං කලිං කියාපු අප්සැට් කට්ටිය අතරෙ ඉන්නවා පොලිය විතරක් වෙන් කොරාල බලං ඉන්නවා අයිතිකාරයා එනකං බලං ඉන්න අය, නියම දිනෙං පස්සෙ සත පහක්වත් පොලී නොගෙවා.
කාල සීමාව මක්ක වුනත් තැන්පතුවලට වගේම ණය වලටත් පොලී අනුපාත පොරකාස කොරන්නේ අවුරුද්දකට මෙච්චරයි කියලා. ඒ කියන්නේ වාර්ෂික පොලී අනුපාතය (Annual Rate of Interest). හැබැයි ඔය පොලී අයියල/අක්කල නං 10% යි කියන්නෙ මාසෙකට. ඒ කියන්නෙ අවුරුද්දට 120% ක්. මේක 360% ක් පමණ වෙන වෙලාවල් තියෙනවා. ඔය දවස ගානෙ බිසිනොස් කරන ඈයො ණයට ගන්නෙ දිනකට 2%-5% ක වගේ පොලියකට. ඒ කියන්නේ අවුරුද්දකදි ඔවුන් නොදනම 700%-1800% ක විතර පොලියක් ගෙවලා. ඉතිං හැදෙයිද මේ රට? මේක ආර්ථික ව්‍යසනයක්!!! නෑ...නෑ...ආර්ථික ඝාතනයක්.
(මං වෙනම පෝස්ට් එකක් දාන්ට ඉන්නෙ ගිනි පොලියට ණය ගැනීමේ ආදීනව ගැනත්!)

ඇත්තටම, තමංගෙ ඉස්තීර තැංපතුවට ඩැමේජ් එකක් නොවී හදිසියකදී මුදලක් ගන්න ක්‍රමයක් තියෙනවා. ඒ තමා ඒ තැංපතුවම ඇපේට තියලා ණයක් (Cash to Cash Loans) ගන්න එක. එතෙංදි තැංපතුවෙන් 75%, 90% වගේම 100% ම වුණත් ගන්ට ක්‍රම තියෙනවා. ඒ ගැන තැංපතුව දාංට කලිං බැංකුවෙං අහල දැනුවත් වෙංට.

එහෙම තමංගෙම සල්ලි තමංටම ණයට දෙන එක බොරු වැඩක් වගේ එකපාරටම පෙනුනත් මේකෙ වාසි කීපයක් තියෙනවා.
  • තැන්පතුව එයට අයිති පොලිය ලබමින් අඛණ්ඩව පැවතීම.
  • තැන්පතුවට ගෙවන පොලියට වඩා 2%-3% ක් වැනි සුලු ප්‍රමාණයක් පොලියක් ණයට නියම වීම.
  • ණය මුදල වාරික වශයෙන්  ගෙවන නිසා පොලී අනුපාතය අදාල වෙන්නෙ මුලු කාලයම පැවතුණු සාමාන්‍ය ශේෂයට. ඒ නිසා තැන්පතුවට ලැබෙන පොලියට වඩා අඩු පොලියක් තමා අංතිමේදි ගෙවිලා තියෙන්නෙ. මේ බලංටකො.

තැන්පතුව අවුරුදු පතා පොලී ගෙවි ගෙවී අවුරුදු 5 ක් තිබුණා කියමු.

1,000,000  x   8     x  5   = 400,000
                   100

නමුත් ණය කැපී කැපී යන නිසා, අවුරුදු 5 කින් නෙමෙයි කීයෙං ගෙව්වත් සාමාන්‍ය ශේෂය 500,000 ක් පමණ වෙනවා. එතකොට අවුරුදු 5 ටම ගෙවංට ඕනැ මෙච්චරයි.

500,000  x   10   x  5       =250,000
                 100

ඒ වගේම අවුරුද්දක් ගානෙ තමංට ලැබෙන පොලිය මේ අවුරුදු 5 ඉතිරි කිරීමේ ගිණුමක දැම්මොත් අමතර රු. 10,000 ක් විතර හම්බු වෙනවා.
           
මාස්පතා පොලී ගෙවන තැන්පතුවක් ඇපේට තියලා ණයක් ගත්තොත් අර ණය පොලී අනුපාතය ගණං බලන්නේ ඒ කාලයටම හෝ අවුරුද්දකින් කල්පිරීමේදී ගෙවන පොලී අනුපාතයට 2%-3% ක් එකතු කොරලයි.
ඒ කියන්නෙ, අපි හිතමු රු.1,000,000 ක් අවුරුද්දකිං කල් පිරීමේදී 8% ක් ගෙවනවා, මාස්පතා ගෙවනවානං 7.5% යි කියලා. ඉතිං මෙතනදි ණයට 2% ක් වැඩිපුර ගන්නවානං අපි ගෙවන්නේ 9.5% ක පොලියක් තමා.

තව එකක්. තැංපතුවකට මාස්පතා පොලිය ගෙවනවනං ඒ පොලියෙං ගෙවංට ණයක් ගන්නත් බැරි නෑ. හැබැයි එතෙංදි අතට ලැබෙන ණය මුදලනං සොච්චමයි. අපි හිතම අර දසලස්සෙම තැන්පතුවට කල්පිරීමෙදි 8% ක් සහ මාසික පොලිය ගෙවීමෙදි 7.5% ක් විදිහටයි ගෙවන්නෙ කියලා. දැන්, මාසෙකට ලැබෙන පොලිය,

1,000,000   x   1    x    7.5       = 6,250
                     12        100

ඔතෙංදි සමාන වාරික කරමෙට ණයක් ගන්නවානං ගන්න පුලුවං උපරිම මුදල මෙහෙමයි හැදෙන්නෙ. ලබාගන්ටැහැකි ණය මුදල PV කියලත් පොලී අනුපාතය (Rate)  (මාස්පතා පොලියට 7.5% වුනත් කල්පිරීමේදී 8% නිසා 8% ට 2% එකතුවෙලා) 10% ක් මාසපතා පොලී ගෙවන හින්ද 12 න්බෙදල ගන්නවා. ගෙවන කාලය අවුරුදු 5 ක් ඒ කියන්නේ Nper මාස 60 ක් කියලත් ගමු. එතකොට වාරිකය හෙවත් PMT අර රු.6,250 තමා. මෙන්න එක්සෙල් පන්සොන් එක.

= PV (Rate, Nper, Pmt)
= PV (10% / 12, 60, - 6250)
= 294,158.56

සමාන වාරික නැතිව සාමාන්‍ය වාරික වලිං ගෙවනවානං ලැබෙන්නෙ ටිකක් අඩු මුදලක්. ඕක ගණං බලංට එක්සෙල් සීට් එහෙක උඩම හිස් සෙල් එකක් (අපි හිතම A1 කියලා) ඉතුරු කරලා ඊ ලඟ සෙල් තුනට (A2, A3, A4)  පහලට මෙන්න මේ පෝමියුලා දා ගංට.

A2 සෙල් එකට              = A1 / 60
A3                               = E6/12*10%
A4                               = A2 + A3

දැං ගෝල් සීක් (Dataà What If Analysis à Goal Seek) ගන්ටකො. එතන හිටං එන ඩයලොග් පෙට්ටියේ ඔය පල්ලෙහා රූපෙ විදිහට කරුණු කාරණා එන්ට කොරංටකො. එතෙංදි ඔය කියල තියෙන සෙල් කිලික් කොරල 6250 ටයිප් කොරල ගන්ට.



උත්තරේ විදිහට 250,000 ක් ආවනං හරි. හැබැයි, මේ කරමෙදි වාරිකය එන්න එන්න අඩුවන නිසා අවුරුදු 5 අන්තිමේ රු.62,500 ක මුදලක් අර මාස්පතා ඉස්තිර තැන්පතුවට ලැබෙන පොලියෙං ඉතිරි වෙනවා.

මෙන්න මේකත් කියංට ඕනි. රාජ්‍ය බැංකුවල ඉස්තීර තැංපතුවලට ගෙවන පොලිය සාපේක්සව අඩුයි. පෞද්ගලික බැංකුවල ටිකක් වැඩියි. පෞද්ගලික මූල්‍ය සමාගම් ඒ කියන්නෙ ෆිනෑන්ස් කොම්පැනි වල හොඳටම වැඩියි. මෙතන තියෙන්නෙ අවදානම සහ තැංපතු අවශ්‍යතාවය. අවදානම වැඩි වගේම තමංට තැන්පතු උවමනා කට්ටිය වැඩි පොලියක් ගෙවන එක පුදුමයක් නෑ. තැංපතුව දාන ඇත්තා වැඩි අවදානමක් අරගෙන වැඩි ලාබයක් බලාපොරොත්තු වෙනවනං වැඩි පොලියක් ගෙවන තැනක දැංමට කමක් නෑ. එහෙමනං ඔය පොලියට සල්ලි ණයට දෙන කාණ්ඩෙත් මෙහෙම තැංපතු ගන්නවා. මට මතකයි එහෙම පොරක් හිටියා වතු කම්කරුවො තමංගෙ අර්ථ සාධක අරමුදල ආපහු ගන්නකොට ඒ සල්ලිවලිං ඉස්තීරම තැංපතු දාගත්ත. මයෙ හිතේ මාසෙකට සීයට 3 ක් විතර ගෙවන පොරොංදුව පිට. පස්සෙ මක්කා වුනාදනං දන්නෑ.


ඉතිං, තව කරුණු කාරණා දැනගංට ඕන්නං පහලිං කොටල අහංටකො මයෙ අප්පලා. එහෙනං මං ගොහිං එඤ්ඤංකො ඈ...

37 comments:

  1. අවන්කවම ගොඩක් ඒවා තේරුනේ නෑ.. අයෙ පාරක් පාඩුවේ කියවල බලන්නම්...

    ReplyDelete
    Replies
    1. කල් වේලා ඇති වෙලාවක ඔය කොම්පීටරෙංම ගණන් හදලා බලලා දැනුවත් වෙන්ට.

      Delete
  2. අන්න මං ඉල්ලපු පෝස්ට් එක. උඹට තැන්කිවු වේවා. අපේ සමහරු ඉන්නව අලුත ළමෙක් උපන්නම ළමයගේ නමින් එකවුන්ට් එකක් ඕපන් කරල ඒකට 500ගානෙ හරි 1000ගානෙ හරි මාසෙන් මාසෙ කැපෙන්න අරින. ඕක ළමා ගිණුමක් නිසා ළමයට සල්ලි ගන්න වෙන්නෙ 18 පිරුණම. එතකල් ඕනිත් නෑනෙ. ඉතින් මං අහන්නෙ, ඔහොම නොකර, ළමය උපන් දවසෙ දානවා 50000 විතර ස්ථීර තැන්පතුවක්, ණයක් තුරහක් වෙලා හරි. ඊළන්නගට ආයෙ කීයක්වත් නොදා ඔහේ ඉන්නවා. ඒක දාන්නෙ අවුරුදු 18කට! ඒක වාසි වැඩක් නෙවෙයිද? මොකක් හරි අවාසියක් තියෙයිද අර ක්‍රමේට වඩා?

    ReplyDelete
    Replies
    1. මචං ඉතිරිකිරීමේ ගිණුමක නියමිත කාලසීමාවක් නෑ. නමුත් ස්ථිර තැන්පතුවකට එහෙම එකක් තියෙනවා. වයස 18ට අඩු ළමයෙක් වෙනුවෙන් ගිණුමක් විවෘත කරන්නෙ එයාගෙ දෙමාපියො හරි භාරකාරයා හරි. ඒ වැඩිහිටියට ළමයාගෙ ගිණුමෙන් මුදල් ගන්න බෑ. ළමයා වයස 18 වෙනකං එයාටත් ගිවිසුම් වලට එන්න බෑ. අන්න ඒ නිසා ලමයි වෙනුවෙන් මං දන්න නීතියේ තරමිංනං ස්ථිර තැන්පතු දාන්ට බෑ.

      Delete
    2. ඉතින් මචෝ, සල්ලි ගන්න නෙවෙයිනෙ ස්ථීර තැන්පතුව දාන්නේ? ඒ කියන්න ස්ථීර තැන්පතුවක් පවත්වාගෙන යන්න උපරිම කාල සීමාවක් තියෙනවද? අවුරුදු කීයක්ද?

      Delete
    3. උඹ හරි මචං. ළමයෙක් වෙනුවෙං ස්ථිර තැන්පතු භාරගන්න බැංකුත් තියෙනවා තමා. (ඒවා සාමාන්‍ය නීතයට ව්‍යතිරේඛ. හිරියට අර අවුරුදු 14 ට වැඩි ලමයිංට ඒ.ටී.එම්. කාඩ් දුන්න වගේ). එතකොට පොලිය එකතු වෙවී ස්වයංක්‍රීයව අලුත්වෙවී යන්න කියලයි උපදෙස් දෙන්න ඕනි. ඇත්ත. වැඩි පොලියකුත් ලැබෙනවා.
      ස්ථිර තැන්පතු අලුත්කරමින් ඕනි තරං කල් ගිහෑකි. එහෙම සීමාවක් නෑ.

      Delete
    4. ළමයිගෙ වැඩේ නම් හොදයි වගේ තමා. නිකම්ම ඉතිරිකිරීමේ ගිණුමකට වඩා.

      Delete
    5. පොලී ගෙඩිය පැලකරන්නෙ (Interest Capitalization) නැත්තං වැඩක් නෑ.

      Delete
  3. මෙන්න මේක මාත් බලාපොරොත්තුව හිටපු පොස්ට් එකක්, මේ පොලි ගණනය කිරීම් ගැන උන් කියන දේවල් අපබ්‍රංශ වගේ, මොකද කොහොමත් උන් කියන්නේ නොතේරෙන්න . මේක එල . උඹේ මේ පොස්ට් සෙට් එකම බුක් මාක් කරලා තියෙන්නේ . ඒ තරම් වැදගත් , ස්තුතියි V

    ReplyDelete
    Replies
    1. ජනතාව දැනුවත් නැති නිසානෙ මගඩි සේරම.
      ඇගයීම ගැන ස්තුතියි ඉවාන්.

      Delete
  4. මරු ඈ...
    විසිටරයො බැංකුවකද වැඩ කරන්නෙ හැබෑටම. කියවන්න ටිකක් වෙලා ගියත් පංකාදු පහට ලියල තියෙනව...
    වෙනද වගෙල් ම ගණං නං අපබ්‍රංස ඒත් කෝම හරි ඇද්ද...
    ලියන්න මේ වගේ දිගටම ජයවේවා

    ReplyDelete
    Replies
    1. අයියෝ මේ ගණං වෙරි සිම්පල්නේ. මහේෂයා ගණං පේල්ද?

      Delete
    2. ඔව්නෙව දෙන්න බෑ කියල හිටං බී අකුරක් ඇදල එවල තිබ්බ
      හුකැස්..
      අය් හේට් ගණං

      Delete
    3. අලේ බී ද? කෝ මේ කමෙන්ට් ඩිලීට් කොරන එක...චැහ්!
      උඔ මචං නරකද අංග රචනය කලානං?

      Delete
  5. රුපියල් සීයක් විතර එප්ඩී කරන්න බැරිද බං...

    ReplyDelete
    Replies
    1. ඒව්වට කියන්නෙ එච්. ඩී. (Hikz Deposits)

      Delete
    2. සීයක් කියන්නෙත් ශත දාහක්නෙ! නැත්ද මම අහන්නෙ? :D

      Delete
    3. ශත දාහක්? අන්න ප්‍රියාත් ගණං පේල්!

      Delete
  6. විසිටර........කීයක් හරි දාලා මට එකවුන්ට් එකක් ඇරලා දියන්කෝ බං.

    ReplyDelete
    Replies
    1. උප්පැන්නෙ කොපියක් එවහං මචං.

      Delete
    2. සතාගේ උසේ හැටියට උප්පැන්නෙත් අම්පාරෙ ඡන්ද පත්‍රිකාව වගේ ඇති නේ?

      Delete
  7. අම්මා අප්පා දැක්කා වගේ බොලේ, මෙන්න තියනවා එක්සෙල් ඵන්ෂන් රාලේ, නිල්පාට බොලේ ඇතුලේ ප්‍රශ්නාර්ථ ලකුණේ, කෙටුවානම් තෙරේ මී හරකට වාගේ.

    :D

    විසිටර් ගොයියෝ, ස්ථීර තැන්පතු වලින් රජයට කොටහක් ගන්න සීන් එකක් තියෙනවාද, මොකක්ද ලියුමක් එනවා පුරවලා දියෝ කියලා ඔඩිට් එකට කලින්, එතකොට සමහරු ඉන්නවා නේද ඔය fd වල මාසේ පොලියෙන් ගේම ගහන, හ්ම්ම් තව fd එක්ක බාන්ඩාගාර බිල්පත් සැසඳුවොත් කොහොමද? මොනවාද ඒ දෙකේ වාසි අවාසි,? එතකොට fd එකකත් එක්ක ආයතනයක තියෙන්න ඕනා විශ්වාසනීය භාවය ගැන, (,ඔකද වැඩි පොලී අරගන්න ගිහින් හා ගන්න බැහැනේ) ලොකු ගානක් තියෙන fd එකක මාසික පොලිය නොර්මල් එකවුන්ට් එකකට හරවන්න බැරිද? fd එක පිරුණත් ගත්තේ නැත්තන් ඒක ආයේ අප්ඩේට් වෙන්නේ මොන පොලී රේට් වලටද?

    fd එකක් දාල තියෙන කොට දාපු බුවා කජ්ජ ගැහුවොත් කොහොමද වැඩ සිද්ද වෙන්නේ?

    ReplyDelete
    Replies
    1. ස්ථීර තැන්පතු වලින් රජයට කොටහක් ගන්න සීන් එකක් තියෙනවාද, මොකක්ද ලියුමක් එනවා පුරවලා දියෝ කියලා ඔඩිට් එකට කලින්, = ඒක ශේෂය තහවුරු කිරීමක් විතරයි. රජයට ගන්න ඇහැකි ආදායම් බද්ද, වසරකට ලැබෙන පොලිය රු.500,000/- ට වැඩිනං.
      එතකොට සමහරු ඉන්නවා නේද ඔය fd වල මාසේ පොලියෙන් ගේම ගහන= ඒකනෙ මාසික පොලියෙං ජීවත්වෙනවා කිව්වෙ
      තව fd එක්ක බාන්ඩාගාර බිල්පත් සැසඳුවොත් කොහොමද? මොනවාද ඒ දෙකේ වාසි අවාසි,? භාණ්ඩාගාර බිල්පත් ගැන් පස්සෙ දාංනං මචෝ
      එතකොට fd එකකත් එක්ක ආයතනයක තියෙන්න ඕනා විශ්වාසනීය භාවය ගැන, (,ඔකද වැඩි පොලී අරගන්න ගිහින් හා ගන්න බැහැනේ) - ඒක තමා අර මම රාජ්‍ය බැංකු, පෞද්ගලික බැංකු හා වෙනත් කියලා කැඩුවෙ.
      ලොකු ගානක් තියෙන fd එකක මාසික පොලිය නොර්මල් එකවුන්ට් එකකට හරවන්න බැරිද? වයි නොට්. කවුරුත් වගේ එහෙම තමා කොරන්නෙ.
      fd එක පිරුණත් ගත්තේ නැත්තන් ඒක ආයේ අප්ඩේට් වෙන්නේ මොන පොලී රේට් වලටද? ඒ දිනයට බලපාන පොලී අනුපාතය
      fd එකක් දාල තියෙන කොට දාපු බුවා කජ්ජ ගැහුවොත් කොහොමද වැඩ සිද්ද වෙන්නේ? මුලදිම නාමිකයෙක් නම් කල හැකියි. එහෙම නොතිබුණොත් බූදල් නීතිය අනුව තමා බෙදෙන්නේ.
      ඉතාම වටිනා, කාලීන ප්‍රශ්න ටිකක් සොමියා. මේ හැමදේම ඉදිරි පෝස්ට් වලදි විස්තරාත්මකව කතාකරමු.
      ස්තුතීයි..බ්‍රෑන්ඩ් එක මෙන්ඩිස් ඕල්ඩ්!

      Delete
  8. ඒකත් හරි. ස්ථාවර තැන්පතු ගැනත් සෑහෙන්න දෙයක් දැන ගත්තා. දැන් ප්‍රශ්ණෙ තියෙන්නෙ සල්ලි හොයා ගන්න එක තමා. එක්කො බැංකුවක් කඩලා හරි හොයාගන්නවා. :D :D

    සිරාවටම වැදගත් පෝස්ට් එකක් විසිටර්.! තෑන්ක්ස් වේවා.

    ReplyDelete
    Replies
    1. බැංකුව කඩලා සල්ලි අරං ඒකෙම ස්ථාවර තැන්පතු දාමු. පොලීසියටත් ලේසිනෙ.

      Delete
  9. සෑහෙන්න තේරුනා එක්සෙල් කෑලි ඇරෙන්න..මොකෝ මට ගනන් විතරක් නෙමෙයි පාටත් බෑ...
    මචං....එෆ් ඩී එකකයි මනි මාර්කට් අකවුන්ට් එකකයි අතර තියෙන වාසිය (කස්ටර්මර්ට හොඳේ) මොකක්ද?
    මම කියන්නේ ස්වීපින් ෆැසිලිටි එකක් තියෙන කරන්ට් අකවුන්ට් එකක් ලින්ක් කලොත් මනි මාර්කට් අකවුන්ට් එකකට තියෙන වාසිය පොලිය අතින්...හේතුව අපි උදාහරනයකට ගත්තොත්, ආයතනයක මාසික ස්ථීර ආදායමක් තියේ නම් මිලියන දහයක විතර සහ ඒ ආයතනයේ වියදමත් ඒ කිට්ටුවට වගේ එනවානම්, පඩි දවස වෙනකන් (සාමාන්‍යයෙන් වැඩිම වියදම පඩිනඩි නිසා ඒ ආදායමින් පොලියක් ගන්න පුලුවන් වීම )ආදායම වැඩි පොලියක තියෙනවාද මනි මාර්කට් අකවුන්ට් එකක..?
    මනි මාර්කට් අකවුන්ට් එකක තියෙන රිස්ක් එක මොකක්ද?
    මේ වගේ එව්වා ඇහුවාට කමක් නැහැ නේද මචං..?

    ReplyDelete
    Replies
    1. බැංකුවෙන් බැංකුවට එෆ්.ඩී. රේට් වෙනස් නිසා පොදුවෙ උත්තරයක් දෙන්න බෑ රේට් එක ගැන. නමුත් කෙටිකාලීන (මාස 1, 3 වගේ) ස්ථිර තැන්පතුවලට වඩා මනි මාකට් රේට් එක අඩුයි වගේ තමා පේන්නෙ. අනික මාස 1 ට ගන්න ස්ථිර තැන්පතුත් මනි මාකට් එකවුන්ට් වගේම තරමක් ලොකු ඒවා. ඒවා මාසෙට පෙර ගත්තොත් පොලියකුත් නෑ නේද? ඒ අතිං මනි මාකට් එකවුන්ට් එකක අවශ්‍යවිට පොලිය අහිමි නොවී මුදල් ආපසුගැනීමේ (දින 7 සීමාව තියේනම් බැක් ඩේට් ලිපියක් දීම වැනි නම්‍යශීලී ක්‍රමත් එක්ක) වාසිය තියෙනවා. රිස්ක් එක නං මචෝ බැංකුවෙන් බැංකුවට වෙනස්නෙ ඉතිං.
      කිසි අවුලක් නෑ මචෝ...දැනට එහෙම මනි මාකට් එකවුන්ට් එකක් තියේනං, ඒකෙ මිනිමම් බැලන්ස් එක්ක ගෙවපු පොලිය චැක් කොරලා බලන්ට. ඉන් ඩීටේල් ඊයක් දැම්මනං වැඩේ ලිහල දෙන්නං.

      Delete
  10. විසිටර් අයියා නම් කියයි..අරම දාන්නලු මෙහම දාන්නලු...අරම හම්බ වෙනවාලු..මෙහෙම හම්බ වෙනවාලු...
    දාන්න කිව්වට දාන්න කොයි..?

    ReplyDelete
    Replies
    1. මල්ලි, ලොකු කෝටා එකක් යවපු වෙලාවක දාමු ඔන්නොහෙ.

      Delete
  11. ඇෆ්. ඩී. දාන්න තරං මෙව්වා ගතමන්ට් එකක් තියනවනං බැරියැ. මොනව උනත් හොද විස්තර ටිකක් විසිටර්...
    ස්තුතියි දැනුවත් කලාට..

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගනිමු!
      මෙව්වත් කවද හරි වැදගත් වෙයි විදානේ.

      Delete
  12. පික්ස් ඩිපොසිට් දාන එක හොදයිද නැද්ද කියලා කෙලින්ම කියන්නකෝ...... ලක්ෂ 5 ක් අවුරැදු 5 කට දැම්මොත් මාසෙට කීයක් එනවද කියන්කෝ....... ගනන් හදා ගනන් තේරෙන්නෑ......

    ReplyDelete
  13. තව එකක්.. බදු වලට අහුවෙනවද?

    ReplyDelete