Tuesday, October 28, 2014

හවුසිං ලෝං එකක් ගම්මුද? Way for a Housing Loan-1

ලස්සන නියපොත්ත නේ? 
පාට ගාපු දේවල් අතර මං හරිම ආස දෙයක් තමා කාන්තාවන්ගෙ නියපොතු. ඔය විච්චූරණ මල් ඇඳපු එහෙම නැත්තං මැලිබන් රියල් ඩබල් වගේ පාට දෙක ගාපු තොරණ් නෙමෙයි. තනි තද පාටක්. ආ...ආ... ඔය කොයි හවුසිං ලෝං එක ගැනද කියවන්නෙ? අප්පට සිලි, පීල්ල පැන්න නොවැ.

ඉතිං ලමයිනෙ ගියපාර අපි ඉස්තීර තැංපතු ගැනනෙ කතා දැම්මෙ. තැංපතු දාංට සල්ලි එපැයි. අද කියංට යන්නෙ සල්ලි නැතිනං ගෙයක් හදාගන්න හැටි. ඒ කියන්නේ ණය වීමේ කලාව...හුහ්!

නිවාස ණය කිව්වට ඔව්වා විවිධ කාරණා යටතේ ගංට ඇහැකි. 

  1. ගෙයක් සල්ලි වලටම ගංට (Purchasing a House)
  2. ගේ හදංට ඉඩම ගංට (Purchasing a Land)
  3. ගේ හදංට (Construction of House)
  4. ගෙයි වැඩ අහවර කොරංට (Completion of House)
  5. ගෙට කෑලි එක්කහු කොරංට, වෙනස් කොරංට (Additions & Alterations to House)
  6. ගේ රෙපෙයාර් කොරංට (Repair of House)
ඔය මොන කාරණේට ගත්තත් ඉතිං රුපියල් ලස්ස පහකට වඩා එහෙම ගන්නවනං ගේ හරි ඉඩම හරි බැංකුවට උකස් තියංට වෙනවා ආයිබොවං. එහෙම උකස් තියනවානං මෙන්න මේ කරදාසි කොලටිකත් අරංම යංට බැංකුවට.
  • ඉඩමේ දැන් ඉන්න අයිතිකාරයට ලියවුනු ඔප්පුව (Title Deed). 
ඔය ඔප්පුත් ඉතිං විවිදාකාරයි ඈ... ඉතාම බලසම්පන්න එක තමා විකුණුම්කරය හෙවත් පැවරුම් ඔප්පුව (Deed of Transfer). ඊ ළඟට එච්චර පොරබල නැතිවුනත් තෑගි ඔප්පුව (Deed of Gift). ඔය තෑගි ඔප්පු වල දීමනාකාරයා පරාණ බුත්තිය (Life Interest) එහෙම තියාගෙන ලියල තියෙයිනං ඒ ඇත්තාත් බැංකුවෙ උකස් ඔප්පුවට අස්සං කොරංට ඕනි ඈ... එතනිං ගිහාම කලිං බෙදල වෙන් නොකර තිබ්බ ඉඩං පවුලේ ඇත්තො එහෙම කතා වෙලා මැනල වෙංකොරල ලියාගන්න බෙදුං ඔප්පුව (Deed of Partition). ගහ මරාගෙන උසාවි ගිහිං නඩු කියල බෙදාගත්තුවටනං ඒ අවසාන නඩුතීන්දුව (Final Decree). ආණ්ඩුවෙං හම්බ උනානං ඒ දීමනා පත්තරේ (Papers of Grant). එතෙංදිනං බැංකුවට තියංට කලිං පුරාදේසීය ලේකම් තුමාගෙ හරි ඉඩං පොරතිසංස්කොරන කාරියාලෙ (Land Reform Commission) හරි අවසරේ ගංට ඕනි. 
  • ඉඩමේ පිඹුර (ඉතිං අල්ලපංකො පිඹුරෙක්) ඒ කිව්වෙ ඉඩමෙ ප්ලෑන (Survey Plan). 
සමහර නගර බබා, පුරාදේසීය බබා සීමා වල මේ පැලෑන අනුමත කොරන්ට ඕනැ ගරු සබාපොති තුමා ඈ... මේ පිඹුරගෙ වයස එක එක බැංකුව අනුව වෙනස් වෙනවා. සාමාන්නියෙන් අවුරුදු 30 ක් වත් ඇතුලත.
  • එතකොට ඔය බබාගෙන්ම ගංට ඕනෑ සහතික කීපයක් තියෙනවා. 
ඉඩමට වීථි රේඛා සහතිකේකුයි (Street Line Certificate), පවරා නොගැනීමේ (Non Vesting Certificate) සහතිකේකුයි. (සමහරු ඕකට නොපරවා ගැනීමේ සහතිකේ කියනවා. ඒක වැරදී, හරිනං නොපවරා ගැනීමේ සහතිකය). සමහර බබාලා දෙනවා හිමිකම් (Certificate of Ownership) සහතිකයයි වරිපනම් (Rates/Assessment Certificate) සහතිකයයි කියලා දෙකක්. ඕවා සේරම ගංට ඔප්පුවෙයි පැලෑනෙයි ඔරිමජිනල් එක පෙන්නලා ගානක් ගෙවංටත් වෙනවා. 
  • ඔප්පු ලියවුණු පත් ඉරු
මුන්නැහේල දන්වද, ඔය ඉඩං ඔප්පු සේරම දිස්තිරික්කෙට තියෙන ඉඩං කච්චේරිය එහෙම නැත්තං ඉඩං රෙජිස්ට්‍රාර් කාරියාලෙ ලියාපදිංචි කොරන බව. අන්න එහෙම ඔප්පු ලියාපදිංචි කොරපු ලෙජර් සයිස් තඩි පොතක ඒ පිටුවල උපුටාගත්තු (ඇත්තටම පොටෝ කොපි ගහපු) පත් ඉරුත් (Extracts of Registered Folios) ඕනි වෙනවා. මෙතෙංදිත් බැංකුවෙන් බැංකුව ආපස්සට ගිහිං බලන අවුරුදු ගාන වෙනස්. අපි කියම අවුරුදු 15-20 ක් වගේ ඇතුලත ලියවුනු ඔප්පු සේරම රෙජිස්ටර වෙච්ච පිටු ඉල්ලාවි. ඔය පත් ඉරු තියෙනවා නේද? ඕවා ලංකාවෙ එක එක කලාප වලට අකුරු වලට කඩලා පොත් සහ පිටු වලට දාලා මෙන්න මෙහෙමයි කියවන්නෙ. A 216/453 (මෙතන ඒකියන්නෙ පාරෙ...නෑ..නෑ. A කියන්නෙ කලාපය. 216 කියන්නෙ පොත/වෙළුම. 453 කියන්නෙ පිටුව).
මෙන්න මේ ටිකත් එක්ක ගෙහුං මැනේජර් මහත්තයත් හම්බු වෙලා උන්නැහැත් වැඩේට මනාපනං ඉතිං ගොඩ තමා. හැබැයි අමතක කොරංට එපා, තමං ණය ඉල්ලන කාරනේ හැටියට මෙන්න මේවත් ගෙනියංට. 
  • ගෙයක් හරි ඉඩමක් හරි සල්ලි දීලා ගන්නවානං ඒක විකුණන පොරගෙන්, ලෑන්ඩ් සේල් එකෙං එහෙම විකුණන බවට කැමැත්තයි, ඉඩමෙ විස්තරෙයි, විකුණන ගානයි දාපු ලියුං කරදහියක්. මතක තියාගංට බැංකුව ණය දෙංට කැමතිනං ඔය දේපල අයිතිකාරයා අත්සං කොරංට ඕනි “ප්‍රමුඛතා නිවේදනය (Priority Notice)“ කියාල එකක් නොතාරිස් කෙනෙක් ඉස්සරහපිට. ඒක ඉඩං රෙජිස්ට්‍රාර් කාරියාලෙ ලියාපදිංචි කොරංට ඕනි. ඕක දවස් හතලිස් දෙකක් වලංගුයි. ඕකෙං කෙරෙන්නෙ ඒ කාලය ඇතුලත වෙන කෙනෙකුට ඉඩම විකුණන්ට බැරි වෙන එක. 
  • අර උඩිං තියෙන තුනේ ඉඳං හය වෙනකං කාරනා වලදි ඕනි වෙනවා ගෙයි පැලෑන. මේකත් අර බබෙක්ගෙන් අනුමත කොරගංට ඕනි එහෙම කොරංට කියාලා වීථි රේඛා සහතිකේ ගහල තියේනං.
  • ඊ ළඟට මේ කොරංට යන වැඩේට යන වියදම ගණන් බලලා පිළිගත් ගෘහ නිර්මාණ ශිල්පියෙක්, සිවිල් ඉංජිනේරුවෙක් හරි ලියාපදිංචි කොන්තරාත් කාරයෙක් වගේ පොරක් ලව්වා හදෝගන්න ඇස්තමේන්තුවක් (ඕකට BOQ-Bills of Quantities) කියලත් කියනවා.
ඒ වගේම ඉතිං ණයක් ගන්නෙ ගෙවංටනෙ ආයිබොවං. එහෙම ගෙවංට තමංට සත්තිය තියෙනවා කියලා පෙන්නංට තමංගෙ ආදායම ඔප්පුකරංට හැකි කරදාසිත් ඇරං යංට. ඒ කියන්නෙ ඔය පඩි කොලේ (Pay Sheet), ආදායම් බදු සාරාංසෙ (Tax Summary) වගේ දෙයක්. 

දැං ඉතිං මෙතන කෑ කෝ ගහනව නෙමෙයි “බුදු අම්මෝ ණයක් ගංට ඔච්චර ජාති ඕනිද?“ අරක මේක කියලා. ඔය තව ටිකයි ඈ... අතඅරිංට එපා. අහල නැද්ද “උත්සාහවංතයා ණය ගනී“ කියලා. 

අපි ඊළඟ දවසෙ බලමු බැංකුවට මේවා බාරදුංනම මක්කද වෙන්නෙ කියලා.

එහෙනං හැමෝටම ණය බර සුව දිවියක්! යඤ්ඤං ඈ....

42 comments:

  1. හවුසිං ලෝං නම් මතක් කරන්න එපා ....බැංකු වල කාපු චාටර් මතක් වෙද්දී අන්ගේ මාළු නටනවා ...
    හවුසිං ලෝං ඕනත් බැංකුත් ඕනා නැ කියලා අවා ...

    මචෝ නොදන්නා දේවල් ගොඩක් ඉගෙන ගත්තා ..ස්තුතියි
    (බ්‍රෑන්ඩ් එක ගල් )


    දාගැබ් මහා වැව් බැන්දේ නුඹයි පුතේ
    සීගිරි ගලේ කවි ලීවේ නුඹයි පුතේ
    නඟුලෙන් එදා රජ කෙරුවේ නුඹයි පුතේ
    පැදුරේ මෙදා නිදියන්නේ නුඹයි පුතේ …..//

    අමරස දිව බොජුන් ගිජු කුසයට වළඳා
    සිලි සිලි සිනිඳු දිව සළු පිළි හැඳ පළඳා
    මජනයාට වැදි බණ කියමින බොලඳා
    සැප විඳි එකා නිරයට නොයතිද මළ දා

    දාගැබ් මහා වැව් බැන්දේ නුඹයි පුතේ
    සීගිරි ගලේ කවි ලීවේ නුඹයි පුතේ
    නඟුලෙන් එදා රජ කෙරුවේ නුඹයි පුතේ
    පැදුරේ මෙදා නිදියන්නේ නුඹයි පුතේ

    ඉර හඳ අදත් පායනවා හද අරණේ
    මගෙ රට ණයට කෑවේ නැහැ නොව පොරණේ

    හෙළ දරුවන් එදා මේ සිංහල දෙරණේ
    ඔවුනගෙ දහඩියයි ලද උත්තම සරණේ ….////

    ගායනය: ආචාර්ය වික්ටර් රත්නායක
    පද රචනය: ආර්. ප්‍රේමදාස
    තනුව: ආචාර්ය වික්ටර් රත්නායක

    ReplyDelete
    Replies
    1. හැක් මම එක වෙලා ...

      Delete
    2. "අන්ගේ මාළු නටනවා ..." ඇඟේ මාළු නටනවා වෙන්න ඕනි ..

      Delete
    3. බොට අන්නුත් තියෙනවද සින්දුවා? ණය කියන වචනෙ තිබ්බත් ඇති නේද? මං හිතුවෙ සිංදුවක් අහුනොවෙයි කියලා. බලනකොට මේං මූ දාලා.......!
      ඔය කට්ටනං ඉතිං එහෙම තමා. හැමදේකම දෙපැත්තක් තියෙනවා වුනත් අපේ බැංකු පද්ධතියෙ කාරියස්සොමතාවෙ සහ නීති රෙගුලාසි ගොන්න ගැනනං එකෙංම පුරස්නයක් තියෙනවා.

      Delete
    4. බැංකු වලට ගියාම තමයි තේරෙන්නේ අපිට අං තියනවා කියලා ...ඇයි බන් උන් අපිට කතා කරන්නේ එහෙම හිතාගෙන වගේ ...

      Delete
    5. ඔය සේරම කාලයත් එක්ක වෙනස් වෙයි මචෝ...

      Delete
    6. දන්නවද වැඩක්.. ඔය සිංදුව ලීවෙ ඩෝල්ටන් අල්විස් ඒත් නම ගියෙ පේමදාස ගොයියගෙ...
      හිහි..
      අන්තිමට ඕ ගැන කවියකුත් ලීව...
      දාගැබ් මහා වැව් බැන්දේ ඩෝල්ටන් කියල...
      ඒ විස්තරේ තියෙන ලිංක් එක මගෙ අතිං නැති වෙලා ඒත් අරූ අය්ය මෙහෙ ආවොත් ඔයලිංක් එකයි විස්තරෙයි දෙයි

      Delete
    7. මහේෂ් තවත් සින්දු වගයක් තියනවා නේද මේවගේ ලියා ගත්තු ....

      Delete
  2. හ්ම්... අනාගතේට බොහෝ පොරෝජනයි... ඉඩමක් අරන්ම අලුතින්ම ගෙයක් හදාගන්න එපැයි!!

    ReplyDelete
    Replies
    1. උඹ කූඩුවක් හදාගෙන සඳුමලී එක්ක සිංදු කිය කියා ඉන්නවා මැවිල පේනවා මචෝ.

      Delete
    2. හුකෑස්!!!! අරලිය මල් ආරාමෙ වගේ තියාගන්නෙ බොල!!

      Delete
    3. මං කිව්වෙ ගේ..නැත්නම් තොපි ආයෙ මඟුලක් අහනව මගෙන් මං දන්නවා.

      Delete
    4. ආ...Gay...
      ඒක මිසක්කා...මං හිතුවෙ ඒත් මේ.......

      Delete
    5. ඔය බලපල්ලකෝ ඉතින්... Home! Home!! Home!!!

      Delete
  3. හෙක් හෙක්

    කවදද කුඩු තනන්නට වෙන්නේ,
    කවදද කුඩුවේ ලැග සැනසෙන්නේ
    බැංකුව තවනම් නෑ නය දෙන්නේ
    පොලිය ඇතේ බන් ඉහට උඩින්නේ

    ජය වේවා, අනාගතේ කුඩු හදන කාලෙක කියවන්න බුක් මාක් කර ගත්තා.

    ReplyDelete
    Replies
    1. ඔය ගෙවිල්ල සංසාරෙදි ඉවර වෙන්නෑ සොමියො. බැඳපං ආණ්ඩුවෙ රස්සාවක් කොරන කෙල්ලෙක්. මං පස්සෙ කියන්නං මොටද කියලා.

      Delete
    2. එකෙන්ම, බොලා හිත කියවනවා නේ, බැංකුවක ඉන්න එකියක්ම තමා බඳින්නේ, ඕ යේස්.

      Delete
    3. ඒකත් නරකම නෑ. හැබැයි පුතෝ තොට තමා උයන්ට, ලමයි බලංට වෙන්නෙ.

      Delete
    4. හෙක් පිස්සු හැදෙයි සඳ බැබලෙයි, මන් බන්දියිද බැංකු එකක්, හෙක් ඔන්න විසිටරේ එහෙනම් අහගන්නකෝ.

      බැංකු නොනෙක් බැඳ ගත්තොත් මට අහගන්න වෙන්නේ මොනවාද කරන්නේ, ගිහිල්ල පෝලිමේ එන්න කියලා තමා :P

      නර්ස් නෝනා කෙනෙක් බැඳ ගත්තොත් මට අහගන්න වෙන්නේ අනිත් පැත්ත හැරිලා නිදා ගන්නවා කියලා තමා :P

      දොස්තර නෝනා කෙනෙක් නම් සලකා බලන්න පුළුවන් මොකද එයා කියනෙ දිව දාන්න කියලවත්, ෂෙක් දිවදාලා මක් කොරන්නද, එයත් හරියන්නේ නැහැ. :P

      ටෙලිපොන් ඔපරේටර් ගානුලමයෙකුත් හොඳයි, මොකද එයා අහන්නේ තව මගෙන් මොනවාද වෙන්න ඕනා කියලනේ, එත් විසිටර් කියන විදියට ණයක් ගන්න බහ එයාව බැඳගෙන. :D

      ඒ නිසා මම බඳිනවා ටීචර් කෙනෙක්ව, මොකද එතකොට එයා කියනෙ ඊයේ නවත්තපු තැනින් අද පටන් ගමු කියලා :D :D :D

      Delete
    5. :D x 4
      විනෝදාංශය ලෙස මුද්දර එකතුකොරන බඩ්ඩක් බැඳගන්ට.

      Delete
    6. සොමියෝ++++++++++++++++++ හතර වරම් කිවුවලු.

      මාත් පුංචි ටීච කෙනෙක් හොයා ගන්න ඕන ලොකු උනාම කසාඳ බඳින්න! :D

      Delete
    7. ඈ ප්‍රියෝ, පුංචි ටීචල හොයන්නෙ වඩාගංටද? අනික, දෙන්න පාරෙ යයි නිකං මේ වගේ - lo

      Delete
  4. හම්මේ ඉතින් දැම්ම නේ... ඉතුරු ටික ඉක්මනට දාන්ටෝ...

    ReplyDelete
    Replies
    1. දැංනං ඉවසංටම බෑ වගේ නේ?

      Delete
  5. ලමයි විසිටොර මහත්තයා ලියන කියන පිලිවෙලට හවුසින් ලෝං එකක්, ඔය ඕනම බැංකුවකින් අරගෙන, එන්නයි තියෙන්නේ මං ගාවට..

    මගේ ගානේ ලස්සන ගෙයක් ඩිසයින් කොරලා දෙඤ්ඤං...

    ReplyDelete
    Replies
    1. අන්න මස්සිනා නියම පිට කසා ගැනීම. ඔහොම එනවනං මක්කැයි කොරංට බැරි.
      ලමයි, ඔය බිල්ඩිං ප්ලෑනයි, බී ඕ කියු එකයි චෙෆාකි මහත්තයගෙංම හදාගංට ඈ...

      Delete
    2. චෙෆාකි මහත්තයෝ අනේ ඔය ගෙවල් ඩිසයින් කිරිල්ල, ප්ලෑන් හැදිල්ල ගැන කොටින් ම නුතන තාක්ෂණික ක්‍රමත් එක්ක ගෙවල් හදන විදිය ගැන පොස්ට්ටුවක් ලියන්නකෝ .. අපි දැන් මේ මඩට බහින්න අමුඩ ගහන ගමන් ඉන්නේ ..

      Delete
  6. ගෙයක් හැදුවෙ නැතත් ණයක් ගන්න හිතෙනවා.. සෑහෙන්න වටිනව.. ඉතුරු ටිකත් බලලම තීරණේ කරමු.. පොලී අනුපාත ගැන, ණය ගන්ඩ හොඳ බැංකු ගැන එහෙමත් කියයි මයෙ හිතේ..

    අපි ගාව පොලිය අඩුයි.. නිකං ගොඩවෙලා බලන්න සී/ස කලාහිත හා සමාගම පැත්තෙත්.. ජය ශ්‍රී!

    ReplyDelete
    Replies
    1. බැංකුවල නම් දැම්මොත් කඩේ ගියා වෙයි නේද? අනික්වා කියන්නං.
      අනිවා...එනවා...ඒ පැත්තේ. ස්තුතියි.

      Delete
    2. මේ පෝස්ට් එකේ වටිනාකම අද තමයි වැඩියෙන්ම දැනෙන්නේ.. :p

      Delete
    3. ඒ මොකද බොල , දැන් තියෙන්නේ UNP රජයක් නොවැ .උඹ බය නැතිව හිටින් ...මාත් මේ වැස්සක් එනකල් ඉන්නේ බයික් එක දීලා කාරෙකක් නිකම් ගන්න ...තව ..එක්කෝ ඕන නැ .කාරෙක ගත්තාම අනික කියන්නම් ...

      Delete
  7. රයිට් මාත් නයක් ගන්න ඉන්නේ, මැනේජරයත් එක්ක කථාබහ කරල, වැඩි විස්තර සඳහා විසිටර්ව කොන්ටැක් කරගන්නං කෝ

    මචෝ වටින ලිපියක්..

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. එළ මචං... බොක්කෙංම දෙඤ්ඤං සපෝර්ට්ටුව. තෑන්ක්ස්!

      Delete
  8. පට්ට ස්තූතියි මේ වගේ ලිපි ලියනවට ඈ...
    බුක්මාක් නං දැම්මෙ නෑ කොපියක් දාගත්ත කමන් නෑ නෙව... මට ඉස්සරහට බෝම පරයෝජං වෙයි...
    ඉස්කෝතුයි ඈ
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. මක්ක වෙනවද? පොරෝජං ගංට තමා දාන්නෙ. කෝ අර අප්‍රිකාවෙ...(එක්කො ඕන්නෑ...)

      Delete
  9. ශික් විසිටර්ව දැනගත්තේ හොඳ වෙලාවට, මේ ලෝන් කියන ජාතිය ගැන මතක් කරන්නත් බයයි මම නම් . හැබැයි මේ ලිපියෙන් ලබාගත් දැනුම නම් අපමණයි වී . ස්තුතියි

    ReplyDelete
    Replies
    1. ස්තුතියි! “මීරියබැද්ද සහ පොම්පේ“ අද පාන්දර 5 ට කියෙව්වා. මම හිතුවෙ කතා ලියන්ට තමා හපං කියලා. බැලුවම බහුස්රැත නේ:D

      Delete
  10. සෑහෙන්න ප්‍රොයෝජන තියෙන ලිපියක් විසිටරෝ. හැබැයි ඔය ඉල්ලන මඟුල් ගැන ඇහුවමත් පණ යනෝ.

    ඉස්කෝතු වේවා!

    ReplyDelete
    Replies
    1. ඔය ඉල්ලන එව්වයින් ටිකයි:D
      ලිපිපෙලත් හෙන දිගයි :D :D
      ඉස්කෝතු හදංටත් ණය දෙනවා :D :D :D

      Delete
  11. එල ද බ්‍රා..
    එහෙනං හැමෝටම ණය බර සුව දිවියක්//
    අම්මෝ ඇගට දැනෙන සනිපේ..

    ReplyDelete
    Replies
    1. අප්පට සිලි මෙන්ඩා!
      කොයිදෑ බොල මකබෑවිලා හිටියෙ. මං හිතං උන්නෙ අර ප්‍රොඩක්ට් එකක්කත් උගුරෙ හිරවෙලා හොස්සපිටල් එකේ කියලා. උඹ නැතුවම නිකං යටට ඇඳල නෑ වගේ.

      Delete