Friday, November 28, 2014

චෙක්පත්-1 Cheques-1



අපිල කාටත් කවදා හරි දවසක ඔය උඩ රූපෙ තියෙන කඩදාසිය අතට ලැබිලා ඇති. මේක නිකංම නිකං කඩදාසියක් නෙමෙයි. බොහොම සරල ආකුර්තියක් උනාට බොහොම සංකීර්ණ නීතිමය පසුබිමක් තියෙන ලියවිල්ලක්. ඒ වගේම දවසකට මේ වගේ කඩදාසි ලක්ස ගානක් අපි අවට මේ සමාජයේ එහෙ මෙහෙ යනවා ලක්ස කෝටි ගානක ගණුදෙනු සිද්ද කරමින්. එහෙනං අද පටං මම මෙන්න මේ වැදගත් කඩදාසිය ගැන තරමක් ගැඹුරෙන් කතා කොරංටයි යන්නෙ. 

මේ කඩදාසිය එහෙම නැත්තං චැක්  එක ලංකාවේ පවත්නා නීතිය යටතේ විනිමය බිල්පත් ආඥා පණත (Bills of Exchange Act) කියලා එහෙකට තමා යටත් වෙන්නේ. ඒකෙ මේ චැක් එක මෙන්න මේම අර්ත දක්වනවා.

නිශ්චිත මුදලක් නියම කල දිනකදී අණකරු හෝ ආදායකයාට ගෙවන ලෙස බැංකුවක් වෙත කරනු ලබන කොන්දේසි රහිත ලිඛිත නියෝගයකි

අප්පට සිලි, පේනවනෙ කතංදරේ. මේක බැලුවාම වචනෙං වචනෙ පැටලිලි ටිකක් තියේ ලිහන්න. 

කවුද මේ අණකරු (Drawer)? 
උන්දැ තමයි මේ චැක් එක අස්සන් කොරන්නෙ. ඒ කියන්නේ මේ චැක්එක නිකුත්කරන ජංගම ගිණුමෙ (Current Account) අයිතිකාරයා. ජංගම ගිණුම් ගැන මම පස්සෙ දොහක කියා දෙන්නංකො. දැනට මතක තියාගංට චැක් එකක් නිකුත්කරන්ට නං එහෙම ගිණුමක් තියෙන්න ඕනි කියාල. 

කවුද එතකොට ආදායකයා (Payee) කියන්නේ?
ආදායකයා කියන්නේ චැක්පතේ ඉදිරිපිට නම සඳහන්කර ඇති පුද්ගලයා. 

එතකොට මෙහෙම තේරුම් ගංට. චැක්පත අස්සන් කොරන උන්නැහැ ඒකේ ඉදිරිපිට නම ලියා ඇති ඇත්තාට මෙහි සඳහන් මුදල ගෙවන්න තියෙනවා. ඒක ගෙවංට බැංකුවට නියෝග කරනවා, තමංගෙ ජංගම ගිණුමෙ තියෙන මුදල් වලින්. (මුදල් නැත්තං? පැහෙන්නැතුව ඉංටකො, හොඳ හොඳ සෙල්ලං ඉස්සරහට!)

හොඳයි, වැඩිදුර යංට කලිං අපි බලමු මේ චැක්පතේ ඇතුලත් වෙලා තියෙන කලහලමනා මොනවද කියලා.


ඔය උඩහ පිංතූරෙ තියෙන චැක් එකේ 1 ඉඳං 7 ට යනකං නං කොරලා තියෙන්නේ මේකෙ ඇතුලත් අංග ටික තමා. ඒ මෙහෙමයි,

  1. දිනය (Date)- චැක් එක ලියාපු දිනය හෝ වලංගු වන දිනය
  2. අණලාභී බැංකුව (Drawee Bank) - මේ චැක්එක නිකුත්කල බැංකුව
  3. ආදායකයාගේ නම (Payee's Name)- සල්ලි ගෙවංට ඕනි කාටද කියන එක
  4. මුදල අකුරින් (Amount in words)
  5. මුදල ඉලක්කමින් (Amount in figures)
  6. අණකරුගේ අත්සන (Drawer's Signature)- චැක්එක අයිති ගිණුම් හිමියාගේ අස්සන
  7. MICR තීරය - චුම්බක ක්‍රමයට කියවිය හැකි අංක
මම අගිං පටං ගන්නං. එතකොට වෙනසක් තියෙනවා. ඔය එම්අයිසීආර් තීරුව කියන්නෙ මක්කද?

MICR -Magnetic Ink Character Recognizer Code
නමින්ම කියවෙන විදිහට චුම්බකිත අක්ෂර හඳුනාගැනීමේ යන්තරේකින් කියවන්ට ඇහැකි කෝඩ් එකක් තමා ඔය. ඕකෙ බලන්ට මුලිංම තියෙනවා අංක 6 ක්. ඒ කියන්නේ චැක්පතේ අංකය.
ඊළඟට තීන ඉලක්කං 4 න් කියන්නෙ බැංකුවේ සංකේත අංකය. ලංකාවෙ ඕක මෙහෙමයි.


  • 8004 - ශ්‍රී ලංකා මහ බැංකුව (Central Bank of Sri Lanka)
  • 7010 - ලංකා බැංකුව (Bank of Ceylon)
  • 7056 - කොමර්ෂල් බැංකුව (Commercial Bank)
  • 7083 - හැටන් නැෂනල් බැංකුව (Hatton National Bank)
  • 7135 - මහජන බැංකුව (Peoples Bank)
  • 7278 - සම්පත් බැංකුව (Sampath Bank)
  • 7287 - සෙලාන් බැංකුව (Seylan Bank)

ලංකාවෙ වාණිජ බැංකු (commercial banks) තියෙනවා 25 ක් (13 ක් දේශීය, 12 ක් විදේශීය- පස්සෙ...පස්සෙ...). ඒ හැම බැංකුවටම ඔහොම අංකයක් තීනවා. ඒක නැතත් ඉතිං චැක් එක මුදුනෙ වම් කෙලොරෙ ඔය තියෙන්නෙ දිලිසි දිලිසි බැංකුවෙයි සාකාවෙයි නම. ඔය මං දාපු චැක් එකේ තීන්නෙ බොරු නමක් ඈ. 

එතකොට ඊළඟට තියෙන ඉලක්කං 3 න් කියන්නෙ බැංකුවේ ශාඛාවේ අංකය (branch code). ඕක ඉතිං වෙනස්වෙනවා, වැඩිය දැනගංට අවශ්‍යම දේකුත් නෙමෙයි. 

ඔය තීරුවෙ අන්තිමට තියෙන අංක කීපය තමා චැක්පත අයිති ජංගම ගිණුමේ අංකය (current account number). සමහර බැංකුවල ගිණුම් හිමියාගෙ නමත් කොටල තියෙනවා ඔය තීරුවට ටිකක් ඉහලින් හරි චැක්පත මුදුනෙම හරි. ඒවා ඉතිං ඒ ඒ බැංකුවල හැටියට වෙනස් වෙනවා.

මං හිතන්නෙ අදට ලිව්වා ඇති කියලා. තව දෙතුං දොහකිංම දාන්නංකො ඉතිරි කළහලමනා මක්කද කියලත්.

කමක් නෑනෙ? එහෙනං ආයිබොවන්ඩ, මං ගෙහුං එඤ්ඤං ඈ...

21 comments:

  1. අඩේ ඇත්තටම මං ඔය චෙක් ගැන මෙලෝ හසරක් දන්නෙ නෑ. දැනගන්න පුදුම ආසාවකින් හිටියේ. තව ප්‍රශ්න තියෙනවා. ඉදිරි පෝස්ට් වලින් ඒ ගැන නිරාකරණය කරගමුකෝ.

    සරලයි, සමීපයි, නියමයි.

    ReplyDelete
    Replies
    1. ජීවිතේ කවද හරි හැඬල් කොරංට වෙන දෙයක්නෙ මචෝ. දැනගෙන ඉන්න එක හොඳා කෝකටත්.
      මේවා ඉදිරි කාලෙදි නැත්තටම නැතිවෙයි ඉන්ටර්නෙට් බෑන්කිං වගේ දේවල් එක්ක.
      තෑන්ක්ස්!

      Delete
  2. එල ද බ්‍රා..පාවිච්චි නොකරට දැනන් ඉන්න එක හොදයා..උඔ ලියලා තියන විදිහ සරලයි..

    ReplyDelete
    Replies
    1. පුදුමයි පාවිච්චි වෙන්නෙ නෑ කිව්වම ඔය බිසිනොස් එකේ හැටියට!

      Delete
    2. මචං...ගනුදෙනු හැඩල් වෙන්නේ ගිනුම් අංශයෙන්..අපි ඒවාට අතවත් තියන්නේ නෑ..අනික බං ඒවා ඡාතයනනර ගනුදෙනු..සැට් වෙච්ච වෙලාවක කියන්නම්කා් රස කතා ටිකක්.

      Delete
    3. අවතක්සේරු කොලා හෙම නෙමේ අඩා...
      හරිනෙ ඉතිං ඇක්ස්පෝට් වලට මොන චැක්ද?

      Delete
  3. මට හැමදාම ටපලෙන දේ තමා චෙක් අංකෙ... :3 දාන්න ගියොත් සිකුරිටි අන්කල් ගෙන් අහල තමා ලියන්නේ :3

    ReplyDelete
    Replies
    1. දැං හරිනෙ, ආයි කාගෙංවත් අහන්නෙ මොකටැයි?

      Delete
  4. //අපිල කාටත් කවදා හරි දවසක ඔය උඩ රූපෙ තියෙන කඩදාසිය අතට ලැබිලා ඇති.//

    මට කවදාවත් හම්බෙලා නැ බැරිද එකක් දෙන්ඩ ගාන මම දාගන්නං

    ReplyDelete
    Replies
    1. ඔය උඩ තියෙන්නෙ. ගංකො ඕනි ගානක් ලියලා.

      Delete
  5. අද තමයි මචො බලන්න ආවෙ.
    එතකොට ඉදිරි දිනයක් දාල චෙක් දෙන එක ලිගල් ද?
    ඉස්සෙල්ල එකෙ අහපු ප්‍රශ්නෙට උත්තරෙ නම් ඇරියස් තිබුනම ලිසින් එකෙන් ඉල්ලුවම එකට චෙක් එක දෙනව.න් අමුත් ඉන්ෂුවර්ඩ් කෙස් එකක් ඇද්දොත් අමරුවෙ වැටෙන්නෙ ඉඩ තියෙනව.මිනිස්සු ඉන්ෂුරන්ස් දාන්නෙ හැපුනම හදාගන්න නේ.එ සල්ලි ටික ලිසින් එකට දුන්නම එ යොදය වාහනේ හදාගන්නෙ අහවල් එකෙන්ද

    ReplyDelete
    Replies
    1. ඉදිරි දින දාපු චැක් එකක් නීතිය ඉදිරියේ වලංගු නෑ ඒ දිනය ලබන තුරු.
      නමුත් පෝස්ට් ඩේටඩ් චෙක් සංසරණයේ තියෙනවා අනන්ත.

      Delete
    2. මචන් මෙහෙම කෙස් එකක් වුනොත් මොකද වෙන්නෙ.ඔන්න කවුරුහරි දෙනව තව කෙනෙක්ට ඉස්සරහට මාස දෙකක් දාල ලොකු ගානක චෙක් එකක්.ඉටපස්සෙ මිනිහ එකවුන්ට් එක වහල දාල පොලිසියෙ එන්ට්‍රියකුත් දානව චෙක් පොත නැතිවුනා කියල .ඉට පස්සෙ චෙක් එක ගත්ත එකා එක බැන්ක් කලාම ඇතිවෙන තත්වෙ මොකක්ද

      Delete
    3. මචෝ ගිණුම තිබුණත් නැතත් චෙක් එකක් ලිව්වොත් ඒකෙ තියෙන මුදල චෙක්පත ලැබුණු පුද්ගලයාට ගෙවන්න අනිවාර්යයෙන් බැඳිලා ඉන්නවා. චෙක් පොත නැතිවුණානම් ඒ බව බැංකුවට දන්වන්න ඕනි නොලියූ චෙක්පත් ගෙවීම අත්හිටුවන්න. මොන මගුල කලත් අත්සන හරිනම් ගිණුම වහලා තිබුණත් චෙක්පතේ සඳහන් දිනයෙන් පසු ඒ මුදල අයකරගන්න නඩු දාන්න පුලුවන්. චෙක් එක බෑන්ක් කලාම බැංකුව ගිණුම වසා ඇත කියලා රිටර්න් කරනවා. ඒක අරගෙන නඩු යන එකයි කරන්න තියෙන්නෙ.

      Delete
  6. විසිටරයෝ ...

    විස්තරේ නම් බොහොම වටිනවා....දන්න අයටත් නොදන්නා අයටත් එක වගේම ..

    මතු සම්බන්ද කෑල්ල බලන්නත් අනිවා මෙහෙට ගොඩ වෙනවා...

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් මචෝ...අනිවා වරෙං...බොලාලගෙ ආශිර්වාදෙ නැත්තං මේවා මෙලහටත් මගම හැලිලා.

      Delete
  7. අපිත් ගණුදෙනු කරන්නෙ චැක් වලින් තමයි. අපේ නං සෑහෙන්න නීති තියනව. දෙන්නෙක්ම අස්සන් කරනවත් එක්ක

    ReplyDelete
    Replies
    1. ඉස්සරහට ඒ හැම දේම ගැන කියන්නයි ඉන්නෙ රාජ්. නිළ චෙක්පත් ගැනත් කතාකරමු.

      Delete
  8. This comment has been removed by the author.

    ReplyDelete
  9. මචං චෙක් රිටර්න් වෙනවා කියන්නේ මොකක්ද?

    ReplyDelete