Friday, November 14, 2014

Leasing & Seizing-1 (ලීසිං සහ සීසිං - 1)


අපේ අර කාපිරි තොල් පිරුණු රැස්ටෝරන්ට් එක කොරන මා මිත්‍ර මහේෂයා ආයිත් මට තර්ජනේ කොලානේ බොලල්ලා ෆන් එකක් දෙන්නෑ, ෆෙඩප් වෙනවා කියලා. ඒ අතරෙ මා මිත්‍ර තිසර පටබැඳිගේ මෙන්ඩා අහල තිබ්බ ලීසිං ගැනත් ලියනවාද කියලා. ඉතිං උං දෙන්නටම බම්බු ගහගන්ඩ කියල මම සුපුරුදු ඒකාකාරි රටවේම ඉඳං ආයි හවුසිං ලෝං ගැන ලියංටයි යන්නෙ. (බලාපල්ල අරුං දෙන්න ගඟේ පනිංඩ ගියාද කියලා.) නෑ...නෑ... ඕං බොලා දෙන්නටම වගේම අපේ වලේ ඔක්කොටම පනිංඩ මං කපනවා, ලීසිං වල.

හැබෑටම ලීසිං කියන්නෙ මක්කැයි?
ලීසිං (Leasing) කියන්නෙ ලමයෝ, අපි හිතමු දැං බොට ඕනි වෙනවා හයිබිරිඩ් කාර් එකක් ගංට. (හීනෙං තමා). අපි කියමුකො රුපියල් ලක්ෂ 40 ක විතර ටොයොටා ඇක්වා (Toyota Aqua) එකක් කියලා. දැං අපි මේකට ලීසිං එකක් දැම්මම වෙන්නෙ, ලීසිං කොම්පැනිය/බැංකුව වාහනේ සල්ලි දීලා ගන්නවා. අරං, අර අපි විදුලි බල මණ්ඩලේට අරකට මේකට කාර් එක කුලියට දෙනවා වගේ අපිට කුලියට දෙනවා. අපි මාස්පතා කුලියක් ගෙවාල වාහනේ පාවිච්චි කොරනවා. වාහනයේ ක්ෂයවීම (Depreciation) හා ගණුදෙනුවේ ලාභය වෙනුවෙන් පොලියක් කොම්පැනිය ගන්නවා. නීතිය අනුව අපිට වාහනයේ අයිතියක් තිබුණත් පරම අයිතිය (absolute ownership) තියෙන්නේ අර ලීසිං කොම්පැනියට. ඒ කියන්නේ ලීසිම ගෙවලා අහවර උනත් අපිට වාහනේ ඉල්ලංට බෑ. (එහෙම උණොත් කුලියට ගෙවල්වල ඉන්න අයත් අන්තිමේ ගෙට අයිතිවාසිකම් කියාවි. එහෙම කියනවා!) හැබැයි, කිසිම ලීසිං කොම්පැනියක්/බැංකුවක් එහෙම වාහනේ තියාගන්නෑ, අපිටම ආපහු ලියලා දෙනවා.

එතකොට මක්කැයි ෆිනෑන්ස් කරනවා කියන්නෙ?
ඒකත් හරියට ලෝන් එකක් වගේ තමා. භාණ්ඩයේ (වාහනයක් කියමු) අයිතිය ෆිනෑන්ස් කොම්පැනියට තිබුණත් අපි ගෙවංට ගෙවංට අපේ පැත්තට භාණ්ඩයේ අයිතිය වැඩි වෙනවා. අර ලීසිං වල වගේ ගෙවල අහවර වුනත් අපිට අයිති නෑ කියන අදහස මෙතන නෑ. සාමාන්‍යෙයන් ෆිනෑන්ස් වල පොලිය තරමක් වැඩියි. නැත්තං හොඳටම වැඩියි. ෆිනෑන්ස් වලට කුලී සින්නක්කර (Hire Purchase) කියලාත් කියනවා.

ලීසිං දෙන්නෙ වාහන වලට විතරද?
අපොයි නෑ. අරුත් නිර්වචනය අනුව නම් රජයෙන් කර්මාන්තශාලවක් ඉදිකරන්න බදු දෙන ඉඩමක් ගත්තොත් ඒකත් ලීසිං එකක්. හැබැයි වැඩිපුරම ලීසිං කියන සංකල්පය යෙදෙන්නෙ වාහන, යන්තර සූත්තර වගේ දේවල් ගන්නකොට තමා.

ලීසිං වල පොලිය කොහොමද?
ඔය පොලිය ගැන නම් සමහර ෆිනෑන්ස් කොම්පැනි විනිවිද බාවයෙන් කටයුතු කොරන්නෙ නෑ. හැබැයි තමුන්නැහැලට පුලුවං ලීසිං වාරිකය (Lease Rental) දන්නවනං ඒ පොලිය හොයාගංට. ඔය කොයි කොම්පැනියත් කියන්නෙ අපි ගන්නේ ලස්සෙට අච්චරයි, මෙච්චරයි, වනචරයි කියලා. ඉතිං පොලිය ගනං බලන්නේ මෙන්න මෙහෙමයි.

අපි හිතමු, එක වාරිකයක් (down payment) මුලිංම දාලා ගත්තොත් රුපියල් 100,000 (ලක්සෙකට) අවුරුදු 4 කින් ගෙවංට මාසික ලීසිං වාරිකය වැට් (VAT-Value Added Tax) එකත් එක්කම රු.2,894/- යි කියලා. මේක කියන්නෙ ෆිනෑන්ස් කොම්පැනිය. අපි ගෙහුං අහගංට ඕනෑ.

දැන් ඕකෙන් අඩුකරංට වැට් එක. ඒ කියන්නේ 11% ක් (ඉස්සර 12% යි), මෙන්න මේම... ඒ කියන්නේ 2,894 හැදෙන්නේ 11% ක වැට් එකත් එක්ක නම්, ඒක 111 න් බෙදලා 100 න් වැඩිකරමු, මේම...

2894 x  100 / 111 = 2607


මේ රු.2,607 තමා වැට් නැති ශුද්ධ වාරිකය. දැන් අවුරුදු 4 (මාස 48) ක්ම ඔය ගාන ගෙවන්ට එපෑ. එතකොට ගෙවිලා ඉවර වෙන ගාන මේං... 

2607 x 48 = 125136

ඔතනිං ලක්සයක් අයිං කොලාම මුල් මුදලට, පොලිය විතරක් රු.25,136 ක් වෙනබව ඔය ඇත්තංට තේරෙනවනෙ. හැබැයි, ඔය පොලිය අවුරුදු 4 ටමනෙ. ඉතිං අවුරුද්දකට බලංට ඕක බෙදංට 4 න්.

25136 / 4 = 6284

මේ එක අවුරුද්දක පොලිය. හැබැයි පුතෝ, ඔය ලස්සෙම මුලු අවුරුදු 4 ම තියෙන්නෙ නෑනේ. ගෙවිලා අඩුවෙනවානෙ. පොඩ්ඩ පොඩ්ඩ අඩුවෙලා බිංදුව වුනාමනෙ අපි ණයෙං නිදහස් වෙන්නෙ. එහෙනං, අවුරුදු 4 ම තිබුණු සාමාන්‍ය සේසය රු.50,000 යි කියලා කිව්වොත් මං වැරදිද? හරි, එහෙනං, රු.50,000 කට අපි අවුරුද්දකදි ගෙවනවා රු.6,284 ක්. දැන් බලන්න ප්‍රතිශතය මේම...පනස් දාහට 6284 නම් සීයට කීයද?

6284 / 50000 x 100 = 12.56%

ඒ වගේම කියංට ඕනි, මුලිං දාන වාරික ගාන වෙනස් වෙනකොට ඔය පොලී අනුපාතෙත් වෙනස් වෙලා වාරිකෙත් වෙනස් වෙනවා. උදාහරණෙකට ගත්තොත්, වාරික 5 ක් එකපාර මුලිංම දැම්මම, අර උඩහ කියපු රු.2,894 වෙනුවට රු.2,788 ක් වගේ මුදලක් ගෙවංට ඕනැන්නෙ. එතකොට පොලී අනුපාතය වෙන්නෙ 10.29% ක්. හදල බලංටකො. එහෙම වෙන්නෙ අපිත් යම් දායකත්වයක් දාලා ණය වන ප්‍රමාණය අඩුවන නිසා.

මං ලියනවා දිග වැඩි හිංද, හිතුවා කොට කොරංට. අදට පාඩම ඔච්චරයි. බලාසිටි ඔබ සැමට ඉස්කෝතුයි. පුරස්න ඇත්තං අහංට ඈ...

මහේෂයෝ, අනේ බයිංටනං එපා ඈ... 

ප/ලි: ඒ පාර ලැච්චර බයිනවා, සරලව පැහැදිලි කොරංටලු. 



32 comments:

  1. පැහැදිලි කරා මදි.. පැහැදිලි කරා මදි.. තව පැහැදිලිව ලියහං.. උඹ සරලව පටන් ගත්තට අන්තිම හරිය අප්‍රබංස කරලා..

    ReplyDelete
    Replies
    1. හම්මපා...ඕං සරල කොලා, දැංවත් බලකො. (අපබ්‍රංස කොතන මොකක්ද කිව්වනං රෙදි ගලෝලම දෙනවනෙ අප්පා)

      Delete
  2. WELL EXPLAINED. THANKS

    ReplyDelete
  3. ඔය තියෙන්නේ එල ද බ්‍රා ෆෝම් කප් ඩබල් පුෂප් වගේ..
    උඔගේ ලියවිල්ල උඔටම ආවේනිකයි මචං..ඒ ගැන නිහතමානිව ආඩම්බර වෙයන්...(හා..ඉතං ඇගිල්ලෙන් පොලව හාරන්න එපා..ලමස්සි වගේ..)
    අම්මට හුඩු මම හිතන් හිටියේ ලිසිං ෆිනෑන්ස් දෙකම එකයි කියලා..
    මචං.බ්‍රා වල 36 B, 36 C, 38D, 36DD ඔිනම එකක Bottom measurements එකයි සමානයි වෙනස් වෙන්නේ කූක්කූවේ Cup size එක විතරයි ඒ කියන්නේ උක්කුං බබාගේ තොප්පියේ ප්‍රමානය විතරයි
    Ex- 36B, 36C, 36D, 36 DD Bottom M/M 76 cm,
    40 B, 40C, 42C, 44C Bottom M/M 80 cm

    ReplyDelete
    Replies
    1. ස්තුතිය මචෝ, උඹේ වචන ලොකු ශක්තියක්.
      ඒ උඹට 44DD ලොකු වැඩියි. මාලු අල්ලන්න බෑ, උන් රිංගල යනවා. හරිය? :D :D
      අම්මප ඔව්වම එක්ක දිවා රෑ නැතිව ඉන්නකොට ඔව්වයෙ පැක් කරන එව්වයෙ අගයත් දැනෙන්නැතිව ඇති බොට!

      Delete
  4. චැහ් සතියකට කලින් පොස්ට් එක දැම්මනං..

    ReplyDelete
    Replies
    1. කෙලියා හුටා! ගත්තද ලීසිං එකක්?
      සාදරයෙන් පිළිගන්නවා කොහොම වුණත්. ඒ පැත්තෙත් ගිහිං ආවෙ බලංට.

      Delete
  5. හහ් හහ් හහ්.. ස්තරම් මචෝ.. අනික් එක ඉක්මනට දාමු..
    මට පස්න කොටියක් විතරයි තව ටිකකුත් තියනවා අහන්ඩ...

    ජ ය වේ වා !!1

    ReplyDelete
    Replies
    1. //කෝටියයි තව ටිකකුත්//. හනේ හම්මපා!
      උඹ අහන ප්‍රශ්නත් කෝටියයි තව ටිහකුයි වටිනවා මචෝ.

      Delete
  6. අම්ම්ප මෙච්චරකල් හිතන් හිටියේ ෆිනෑන්ස් එකෙයි ලීසිං එකෙයි වෙනසක් නෑ කියලනේ. ම්ං හිතුවෙ ෆිනෑන්ස් කියන්නෙ මූල්‍ය කියන එකනෙ. ඒ නිසා ෆිණෑන්ස් කියන්නෙ මූල්‍ය සමාගම්. ඒවයින් අපි වාහනයක් ගත්තම ඒකට තමයි ලීසිං එකක් කිඅන්නෙ කියලයි.

    ඒකියන්නෙ සෙන්ටර් ෆිනෑන්ස්, ද ෆිනැන්ස් වගේ ආයතන ෆිනෑන්ස් සමාගම්. ඒවායේ ලීසිං නෑ?

    ReplyDelete
    Replies
    1. මනෝෂ්, පොඩි නිවැරදි කිරීමක් කරන්න ඕනි මචෝ.
      ෆිනෑන්ස් පහසුකම ගැනයි මම පෝස්ට් එකේ කිව්වෙ. ඒක ලීසිං පහසුකමට වඩා වෙනස්. හරිය?
      ෆිනෑන්ස් කොම්පැනි කියන්නෙ මූල්‍ය සමාගම්, ඒක හරි. මූල්‍ය සමාගම් වල ලීසිං නෑ කියන එක වැරදියි.
      ඒවයේ ෆිනෑන්ස් (හයර් පර්චස්) පහසුකම් වගේම ලීසිං පහසුකම් තියෙනවා. අලිද...?

      Delete
  7. කොමර්ෂල් එකේ උන් මට දෙන්න බෑ කිව්වා බම් ලීසිම... අජූතයි බම්... :3

    ReplyDelete
    Replies
    1. හේතුව මොකක්ද? වෙන තැනක බැලුවෙ නෑ?

      Delete
    2. ලස්ස දෙකක් දෙන්නම් කිව්වා බම්... :v

      Delete
    3. ත්‍රී වීලර් එකකටද බම්? :D

      Delete
    4. කව්ද දන්නේ බම්... :3 තියාගනින් කියල ආව බම්...

      Delete
  8. මචෝ මට පොඩි අව්ලක් තියනවා.. 12.56% උත්තරේ ගණනය කිරීම තේරුනේ නැහැ.. රු 100,000.00 ෆිනෑන්ස් කරලා අවුරුදු 4 කින් ගෙවන්න අරන් මාසෙකට 2607 ගානේ ගෙව්වොත් අයවෙලා තියන පොලි අනුපාත වෙන්නේ flat rate 6.29% සහeffective rate (IRR) 11.47% වගේ නේද?? පුලුවන්නම් පොඩ්ඩක් පැහැදිලි කරන්න..

    ReplyDelete
    Replies
    1. උඹ කියන දේ ඇත්ත මචෝ. ඒ වුනාට මෙතනදි මම ඇඩ්‍රස් කරන්නෙ සරල ගණනයකින් පොලී අනුපාතය ගැන අදහසක් ගන්න විදිහ. ඔය රෙන්ටල් එකට IRR=11.47% තමා. IRR=Internal Rate of Return සහ Actual Rate අතර වෙනස ගැන වෙනම ලිපියක් ලියන්න වෙනවා. මම මුලින් කියපු මූලික ගෙවීම (down payment) එක 0 වුණානම් IRR එක ඉතාම ආසන්න වශයෙන් 12%ට යි සමාන වෙන්නෙ. ඇත්තටම 12.56% උත්තරය ලෙස ඉහත ගණනයේදි ලැබුණත් එය ආසන්න අගයක් පමණයි. මට අවශ්‍ය වුණේ පොලී අනුපාතය ගැන සාමාන්‍ය ගණුදෙනුකරුවෙක් දළ අදහසක් ගන්නෙ කොහොමද කියන එක පැහැදිලි කරන්නයි.

      Delete
    2. මේ කරන වැඩේ සැහෙන්න වටිනවා... සමහර බැංකු හා මුල්‍ය සමාගම් වලින් මිනිස්සුන්ව රවට්ටලා සල්ලි ගරාගන්න කොට මේ ගැන දැනුවත්කමක් තිබ්බොත් අහු නොවී ඉන්න පුළුවන්.. වැඩේ දිගටම කරගෙන යමු.. ජයවේවා!!

      Delete
    3. දැනුම සහ නොදැනුම අතර පරතරය නේද හොදම ආදායම් මාර්ගෙ?

      Delete
  9. නියමයි.. මෙලෝ අදහසක් තිබ්බ නැති පැත්තක් ගැන යම් අදහසක් ගත්තා..එල

    ReplyDelete
    Replies
    1. දැනුමක් ලද්දේනම් සතුටු වෙමි.

      Delete
  10. නෑ නෑ මං බයින්නෙ නෑ...
    ලීසිං කොමැපැණි අස්සෙ රිංගලම ඒ ගැන යම් අදහසක් තිබ්බ මේ ලිපිය හංද උං කොරන වැඩ ගැනත් අයිඩියාවක් ආව...
    බයින්නෙ නෑ මොකද මේක ටිකක් තේරුණා
    ටිකක් කියන්නෙ ටිකක් නෙහ්

    ReplyDelete
    Replies
    1. අප්පේ ඇති යංතං හුහ්

      Delete
  11. ලිසිං ෆිනෑන්ස් දෙකම එකයි කියල මං මෙතුවක් කල් හිතං හිටියේ....!! අලෙ තැන්කු මචං.....!!!

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ගොඩදෙනා දන්නෑ මයෙ හිතේ

      Delete
  12. අඩා මේ පැත්තෙ ආවෙ අදමද කොහෙද! සෑහෙන්න වැදගත් ලියමන් ටිකක් තියනවනෙ.

    ReplyDelete
    Replies
    1. හලෝ රාජ්,
      මමනම් ඒ පැත්තේ එනාව මතක ඇතිනෙ?

      Delete
  13. තිසර පටබැඳිගේ මෙන්ඩා
    එල ද බ්‍රා නම..
    ගහමු බෝතලයක්

    ReplyDelete
    Replies
    1. වරෙං මචං, බොලාට ඉතිං අපිම දෙන්ටෝනෑ වාසගම....හුහ්

      Delete
  14. එල සුපිරි ලිපියකක්.

    ReplyDelete