Saturday, November 22, 2014

Leasing & Seizing-2 (ලීසිං සහ සීසිං - 2)


කලිං දොහේ කතා දැම්මෙ ලීසිං කියන්නෙ මක්කද, පොලී අනුපාතෙ හොයාගන්නෙ කෝමද වගේ එව්වනෙ. අද කියංට යන්නෙ ලීසිං එක්කම කියවෙන අනික් වචනෙ වෙච්ච සීසිං ගැනයි, ලීසිං ගැන හිත් පොජ්ජට එන පුරස්න ගැනයි. ඊ ළඟ පෝස්ට් එකේ ඉඳං බැංකුවල බාවිතාවෙන චැක්පත් ගැන ටිකක් දීර්ඝ ලිපිමාලාවක් දාංට හිතා ඉන්නෙ. ඔය සාමාන්ය පෙළ උසස් පෙළ වාණිජ්‍ය විසය හදාරන නංගිල, මල්ලිල, දූල, පුතාල ඉන්න පාඨක වැඩිහිටියො ඒක තමංගෙ ඒ කියාපු පොඩිහිටියන්ට කියවංට සැලැස්සුවොත් වරදක් වෙනඑකක් නෑ මයෙ හිතේ. 

සීසිං (Seizing) කියන්නේ කාර් එකක් හරි ඒ වගේ මෙව්ව එකක් ලීසිං කොරල අරං තියෙද්දි මාසික වාරික හරියට නොගෙවීම නිසා කල්බදු ගිවිසුම ඒ ලීසිං කොම්පැනිය විසින් සමාප්ති (Termination) කොරලා වාහනේ ආපහු ගන්න එක. මේ ක්‍රියාවලිය වගේම ඒක කරන කෙනාත් සීසර් (Seizure) කියලා හඳුන්වනවා. (ජුලියස් සීසර්-Julius Caesar තමා ඉස්සෙල්ලම ඕක කොලේ). මේක තරමක් අප්‍රසන්න සිද්ධියක්. මොකද සීස් කොරනකොට ඒක කරන්නෙ බලහත්කාරෙන්. ගොඩක් වෙලාවට මහපාර මැද. ඉතිං විලිලැජ්ජාවෙ තන්තෝසෙ බෑ. ගෙදර තියෙන වාහනයක් වුනත් ගෙනියන්න පුලුවං එහෙම. යතුර දුන්නැත්තං කොම්පැනියෙ තියෙන් ඩුප්ලිකේට් යතුර (duplicate key) ගෙනල්ලා අරං යනවා. ඒත් බැරිනං ඉග්නීසොං (ignition) එක කඩලා හොට් වයර් කොරලා අරං යනවා. ඒත් බැරිනං අර උඩ පිංතූරෙ විදිහිට පටෝගෙන හරි ටෝ ටොයියෙක්ගෙන් (tow truck) ඇදගෙන හරි අරං යනවාමයි. අර අසරණයට බෑ පොලීසි යන්ට. ඇයි?

වාහනේ දීලා තියෙන්නෙ කුලියට. කුලිය ගෙව්වෙ නැත්තං ආපහු ගන්නවා. ඒක වලක්වන්ට බෑ. ඔය සීසර්ලා එන්නෙ ඩැයිවර් උන්නැහැව එළියට ඇදලා දාලා හරි වාහනේ අරං යන්ටම තමා. ඉතිං ඔය ඔක්කොම සිද්ද වෙන්නෙ හරියට කුලිය ගෙව්වෙ නැත්තංනෙ. සමහර කොම්පැනි වාරික දෙක ගිය ගමං උස්සනවා. බැංකු ඒ තරම්ම තද නෑ.

හොඳයි, දැං ලීසිං අැෆ් ඒ කිවු. 

ලීසිං වල පොලී අනුපාතය තීරණය වෙන්නේ මොන කරුණු උඩද?
පොලී අනුපාතය අඩු එකේ ඉඳල වැඩි එකට ඇසෙංඩිං ඕඩරේට ගියොත් මෙහෙමයි.
  1. අලුත්ම අලුත් කසාද නොබැඳපු කිරි ටොයියො-brand new 
  2. පරණ ඒත් කසාදු නොබැන්ද කිරි ටොපියො-reconditioned unregistered
  3. අලුත්ම අලුත් කසාද බැඳපු කිරි ටොයියො-brand new registered
  4. කසාද බැංද පරණ නිකං ටොයියො-reconditioned registered
  5. යන්තර සූත්තර-machinery & equipment

අනික් කාරණේ තමා වාහනය හදපු අවුරුද්ද (YOM-Year of manufacture)අනුවත් පොලී අනුපාත වෙනස් වෙංට ඇහැකි. ඒ කිව්වෙ පරණ වාහනයකට පොලියත් වැඩියි ආපහු ගෙවංට දෙන කාලෙත් අඩුයි.

හදිසියෙ සල්ලි ගොඩක් ආවොත් ගෙවලා අහවර කොරංට බැයිද?
අපෝ පුලුවං. ඒ ඒ කොම්පැනියෙ හැටියට, අර මම දවසක් ණය ගෙවන හැටි කිව්වෙ. ඒ වගේම තමා. සමහරු පොලියෙන් සෑහෙන කොටසක් අඩුකරලා දෙනවා. සමහරු ටිකක් අඩුකරලා දෙනවා. සමහරු වාරික සේරම එකපාර ගෙවංට කියනවා. සමහරු දඩේකුත් (surcharge) ගහනවා. ඕවා ඔහොම තමා.

ලීසිං වාහන වලට ඇයි ඉන්සුවරන්ස් වැඩියෙන් ගෙවංට වෙන්නෙ?
ලීසිං වාහන වලට ගංට ඕනෑ කරන්නෙ සර්වග්‍රාහී රක්සනේ (comprehensive insurance policy) කියන එක. ඒ කියන්නේ වාහනෙයි (the whole vehicle), ඒක අස්සෙ යන මගියොයි (passengers), පාරෙ වාහන එළෝන සහ පයිං යන අහිංසකයොයි (third parties) කියන තුංගොල්ලටම වන්දි ගෙවන රක්සනයක්. අපි පුරුදු වෙලා ඉන්නෙ ඉතිං අර තුනේ පංතියෙ (third party cover) රස්සනේටනෙ. මොකද මාර්ග නීති අනුව වාහනයක් පාරට දාන්ටනං බාහිර පාර්සවේකට සිද්ද වෙන අනතුරු ආවරණය වෙංටවත් රස්සනයක් ඕනි. කීයක් හරි ඉතුරු කොරගංට අපි ගන්නෙ ඕක. වාහනේ චකබ්ලාස් උණොත් මොකුත් නෑ. අස්සෙ ඉන්න උං දිවංගත උනොත් ඒත් මොකුත් නෑ. හැබැයි මේ සර්වග්‍රාහී කරමෙදි එහෙම නෑ. පූර්ණ රක්සන ආවරණෙ (full insurance). හැබැයි, රක්සන ඔප්පුව ලීසිං කොම්පැනියට නියද කරලා (assignment) තමා තියෙන්නෙ. ඉතිං පොල්ගෙඩියක් අතඇරල ක්ලේම් (accident claim) එක දැම්මම වන්දි චැක් එක යන්නෙ කෙලිංම අර කොම්පැනියට. උන්දැල එක්ක ඉතිරි හරිය බලාගන්න එකයි ඇත්තෙ.

වාහනේ මොන මොන ලියකියමංද කොම්පැනිය තියාගන්නෙ?
වාහනේ පොත ඒ කියන්නේ ලියාපදිංචි සහතිකේ (certificate of registration) සහ රක්සන ඔප්පුව (insurance policy) එක්ක ඩුප්ලිකේට් යතුරත් ඒ ඇත්තො තියාගන්නවා මතු පොරෝජන තකා. ලයිසොං කරදහිය (revenue license) අලුත් කොරංට හරි රක්සන සහතිකේ (insurance certificate) අලුත් කොරංට හරි ඕනි උනාම ඒ කොම්පැනියට කියල පොතේ සහතික කල පිටපතකුයි පොත ඒගොල්ලො ගාව තියෙන්නෙ කියලා ලියුමකුයි ගංට ඕනි. ලයිසොං කරදහියයි, රක්සන සහතිකෙයි (ඔප්පුව නෙමෙයි ඈ...) අපි ලඟ තියාගත්තෑකි. 

මොනවද මේ බැලූන් පේමන්ට් (balloon payment) කියන්නෙ?
ලීසිං එකක් ගන්න කොට වාහනේ මුලු වටිනාකම වුනත් ලීස් කොරලා දෙන කොම්පැනි ඉන්නවා. අපි වාරිකයක්, දෙකක් හෝ කීපයක් දාන්ට ඕනෑ මුලදි. එහෙම නැතිව අපි ගන්නෙ ලස්ස 40 ක වාහනයක් නං අපි අතේ ලස්ස 10 ක් තියේනං, ඒ ලස්ස 10 අර කොම්පැනියට දාලා වාහනේ ගංට ඇහැකි. එතකොට වාරිකය සෑහෙන්න අඩුවෙනවා (ඇයි අපි කාලක් දාලනෙ තියෙන්නෙ). හැබැයි, මේ මුදල වාහන සේල් එකට ගෙවන්ට හැකිනං පොඩි වාසියක් තියෙනවා. මෙහෙමයි,

අපි හිතමු වැට් (VAT) කතාව පැත්තකිං තියල ලස්ස 40 ක වාහනයක් ගැන. දැං අපි 12% ක වාර්සික පොලියකට අවුරුදු 5 කිං ගෙවංට ලස්ස 10 ක් බැලුං පේමන්ට් දැම්මම වාරිකය වෙන්නෙ රු. 67,561 ක් වගේ. 

අනික් අතට අපි සේල් එකට ඒ ලස්ස 10 දාලා ඉතිරි ලස්ස 30 ලීසිං දැම්මොත් වාරිකය වෙන්නෙ, 66,733 ක් වගේ. අවුරුදු 5 ඉවර වෙනකොට රුපියල් පනස්දාහක විතර වෙනසක් වෙනවා. දෙවනි ක්‍රමේදි වාරිකයක් දෙකක් දාල පටං ගත්තොත් 66,733 ට වඩා ගාන අඩුයි. 

හොඳම දේ වාහනයක් ගංට කලිං කොම්පැනි සේරටම බඩගාල ගනං මිනුං වගේම කොන්දෙසිත් අහල දැනගෙන ගේමට බහින එක තමා. 

මේ පහල තියෙන විස්තර ටික හොයාගංට. 
  1. වාහනයේ මිල - price
  2. තමන් අත ඇති මුදල - contribution
  3. ලීසිං ගෙවීමට ලැබෙන කාලසීමාව - contract period
  4. වාර්සික පොලී අනුපාතය - annual interest rate
  5. මුලදී දැමියයුතු වාරික ගණන - down payments
  6. කවදා හෝ එකවර ගෙවා අහවර කරනවානම් පොලිය කොපමණ ඉවත් කරනවාද යන්න- interest at termination
  7. ලියකියමං, සේවාගාස්තු ආදී වසයෙං කීයක් අයකරනවාද යන්න - documentation and service charges
ඉතිං ඔන්න ඔය ටික තමා කියංට දැනටනං මතක් වෙන්නෙ. තව පුරස්න ඇත්තං අහංට. ගණං හිලව් දුන්නොත් ලීසිං වාරිකේ හදල කියන්ටත් ඇහැකි. එහෙව් පොරක් මං...හුහ්...

එහෙනං අනාගත පරපුරට ගැන හිතල චැක්පත් ගැන කතාව පටාං ගමු ලබන සතියෙ ඉඳං...

යඤ්ඤං ඈ....

19 comments:

  1. බොහොම ස්තුතියි ලොක්ක. හවුසින් ලොන් ගැන ලිපි ටිකත් මට ගොඩක් වටිනව.මෙකෙ ඉන්සුරන්ස් ගැන කොටස ගැන කියනවනම්. ඉස්සර හයර් පර්චස් වලට යම්කිසි ගානක් ඉන්සුරන්ස් කම්පැනිය චර්ච් කලා.එත් දැන් ඔක්කොම කම්පැනි වගෙ එක ෆ්‍රී දෙනව. අනික ක්ලෙම් එකක් ආවම වන්දි මුදල ලිසින් කම්පැනියට ගන්න හරියටම අයිතිය තියෙන්නෙ ටොටල් ලොස් එකියන්නෙ සින්හලෙන් කන්ඩෙම් කියන වෙලාවෙදි විතරයි. අනිත් වෙලාවට ලිසින් කම්පැනියට ක්ලෙම් එක දුන්නොත් ඉන්සුරන්ස් කම්පැනියට විරුද්ධව වෙහිකල් ඔව්නර්ට කෙස් එකක් ෆිල් කරන්න පුලුවන්. නමුත් හැම ඉන්ශුරන්ස් කම්පැනියක්ම ලිසින් කම්පැනියෙන් බිස්නස් දෙනනිසා උන්ට ඔනදෙ තමයි කරන්නෙ

    ReplyDelete
    Replies
    1. ඇසයින් කලොත් චෙක්එක කොම්පැනියට යන විදිහටයි මම දන්නෙ. ඔබ හරි වෙන්න පුලුවන් දමියා.

      Delete
    2. දමියා, ඇරියස් මොකුත් තිබුණොත් එහෙම දෙන්නෑ නේද?

      Delete
  2. නි්යමයි බං... අර චෙක් ලිස්ට් එකත් අරන් ඔය දමියල ඉන්න තැන් වලට බඩ ගාන එක තමා මට තියෙන එකම අප්සැට් එක..

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නෙ දමිය අර ජාතියෙ කොම්පැනියකද? හුටා. මූ මට බෝම්බයක් ගහයිද මංදා.

      Delete
  3. ඔය තියෙන්නේ. මට නම් සෑහෙන ප්‍රොයෝජනවත් උනා මේ විස්තර ටික. ජය වේවා...!!!

    ReplyDelete
    Replies
    1. එහෙනම් සතුටුයි. ඒක නෙමේ මොනා හරි ලියාපං බාං...

      Delete
  4. ඔය වගේ කේස් එකක් ගැන මේ ළඟදි මරු කතාවක් ඇහුවා. මනුස්සයෙක්ගෙ වාහනයක් ඇරියස් වෙලා ඔය සීසර්ලා ඒක උස්සන්න හොයලා. ඉතින් අර මනුස්සයා කරල තියෙන්නෙ සීසර්ලා ගෙදරට එන්න කලින් ගෙදර වාහනේ දාපු ගරාජ් එකේ ඕපන් එක ගඩොලින් බැඳලා වාහනේ ඇතුලෙ තියෙද්දි. ආයෙ මොන සක්කරය හොයන්නද. ඊළඟට අවුරුද්දකට විතර පස්සෙ ඇරියස් එක ගෙවල වාහනේ එලියට අරං. ආතල් එකට හදපු කතාවක්ද මංදා. මටත් කවුරු හරි කිව්වා.

    හොඳම දේ එහෙම ඇරියස් එකක් වෙච්ච ගමන් ෆිනෑන්ස් එකට ගිහින් කතාකරන එක. ඒක බොහොම සාර්ථක විසඳුමක්. ඒකෙන් කම්පැණියෙ අපි ගැන විස්වාසය තහවුරු වෙනවා.

    ReplyDelete
    Replies
    1. ගොඩක් උන් හංගනවා වාහනේ. සමහරු පිස්තෝල අදිනවා. අමර කෙලියක් වාහන ඉස්සිල්ල.
      උඹ කියන එක හරි දෙවන ඡේදෙ.

      Delete
  5. ඇති බං ලීසිං...
    ලියා ඊළග එකේ හොද කොමඩි ස්ටෝරියක් හරි...
    නැත්තං වෙඩි තියනව ආයෙ අබ සරණ වෙන්ට තේරුණෙයි

    ReplyDelete
    Replies
    1. අම්මපා මූනං.. හිටු, දාඤ්ඤං

      Delete
  6. මේවා දාන්නේ දැන් නේ ....
    මරු මචෝ ගොඩක් වටිනවා ..

    ReplyDelete
    Replies
    1. අදනං ලොක්කට සිංදුවක් අහුවෙලා නෑ වගේ. ලෝක පුදුමයක්!

      Delete
    2. මචෝ ඉස්සරහට හොද හොඳ සින්දු දෙයි ...මට වැඩක් නැති වෙයි ..

      Delete
    3. එව්ව බයිල බං. උඹ බයවෙන්ට කාරි නෑ.

      Delete
  7. එල ද බ්‍රා..මචං..පට්ටයි සුපිරියි...
    උඔගේ ලිපි වෙනස්ම විදිහක්..බැංකු, ණය ලිසිං, සිස් කියන්නේ මිනිස්සුන්ට හාලුයි චිස්, ගූ-තක්කාලි, බෝල්ට් ඈන-කඩල වගේ මාතෘකා එත් උඔ ලියලා තියන විදිහට අපි කැමෙත්තෙන් කියවනවා.
    උඔ සාර්තකයි...එල ද බ්‍රා
    ඉතිං මචං ඉන්ෂුවරස් ක්ලේම් එක ලිිසං කම්පනියට ගියාහම අපි වාහනේ හදා ගන්නේ කොහොමද?
    අර ඔන්ද ස්පෝට් අතට සල්ලි පස්සේ දෙන ඒවායන්වත් අපිට අතට සල්ලි ගන්න බැරිද?

    ReplyDelete
    Replies
    1. ඇසයින් කලාම සිද්ද වෙන දේ මචං කීවෙ. ඇරියස් නැත්තං කොම්පැනියෙං අවුලක් නෑ. ඔන්ද ස්පොට් වුනත් ඇරියස් කේස් නැත්තං නේද සල්ලි අතට දෙන්නෙ.
      තෑන්කු වේවා මෙන්ඩා ඇගයීමට. එල ද බ්‍රා.

      Delete
  8. රත්තරනේ..

    උඹේ පොස්ටු ටික නම් පංකාදුයි..

    මෙව්වා බුක් මාක් කරලා තියාගත්තත් පාඩු නැහැ. අපි ඉතින් වද්දියේ කතා කලේ නැතුවට මෙව්වා අපි දැනගෙන ඉන්න ඕන කාරනා...

    ReplyDelete
    Replies
    1. වද්දියේ කතා කලේ? වැඩිය කතාකලේ වෙන්න ඇති නේද?
      තැන්කුයි මචෝ!

      Delete