Sunday, November 2, 2014

හවුසිං ලෝං එකක් ගම්මුද? Way for a Housing Loan-2



අනේ මෙහෙම ගේකිං එළියට වෙලා තුරුල්වෙලා හිටියත් මදෑ නේද? “සාරි ඉරල ජනෙල් වලට දමමු රත්තරං“. දැං අපේ ළමයි ටික හවුසිං ලෝං එකට ඕනි අඩුම කුඩුම ලෑස්ති කරගත්තනෙ. (ඒ මොකක්ද ඇහුවා? ඇයි බොලව් ගිහිං බලාපල්ලකො කලිං එක)

හරි...හරි... දැං ඔය ටිකත් අරං ගිහිං බැංකුවට දුන්නය කියමුකො. ඊට පස්සෙ ඉතිං හැමදාම උදේ හවස ගිහිං මැනේජර් උත්තමයට රිමයින්ඩර් දාන එකයි තියෙන්නෙ සල්ලි දෙනකං කවද හරි. මේ ලියකියමං ටික අරගෙන බැංකුව මක්කැයි කොරාන්නෙ කියල දැන් පොඩ්ඩක් හොයල බලමු.

ඉස්සෙල්ලම බැංකුව හොයා බලනව මේ ගණුදෙනුකාර උත්තමය කොහේට හරි පොලු එහෙම තියල තියෙනවද කියලා. ඒ ගැන අපි දවසක් කතා කලා මතකද? ශ්‍රී ලංකා ණය තොරතුරු කාරියාංසෙ (Credit Information Bureau- CRIB) තමා ඔය පැටිකිරිය ලියවිලා තියෙන්නෙ. ඒකෙ තියෙනවා බැංකු හරි වෙනත් ෆිනෑන්ස් කොම්පැනි වලිං හරි අරගත්තු ණය, ඒ වගේම බෑ කියන්ට බැරිකමට ඇප අස්සන් කොරපු ණය, ජංගම ගිණුමක් තියේනං ඒකෙ වැදිල ආපහු ගිය සිංහලෙන් කියනවානං රිටර්න් වෙච්චි චෙක් ගැන එහෙම. ණය ගත්තු ආයතනය, ණය මුදල, දැන් තියෙන ශේෂය, හිඟ මුදල් විතරක් නෙමෙයි හිඟ හිටපු දින ගානත් තියෙනවා. තමංට බැංකු ගිණුමක් තියේනං ඒ බැංකුව හරහා ඔය CRIB Report එක ඇරං බැලුවෑකි අමතක වෙච්ච ණය/ඇප වෙච්ච එහෙම තියේද කියලා. තමං ණයක් ගංටම ඕනි නෑ ඕක බලාගංට. මෙන්න මේ රිපෝට් එක අප්සැට්නං යූ-රිපෝට් එක පොසිටිව් ආව වගේ වැඩේ ටිකක් අප්සැට්. මං කියන්නෑ ණයක් ගන්ට බෑ මේ සම්ම කපේදි කියල. ඒ ඒ බැංකුව තමා තීරණය කරන්නෙ මූට ආයි දෙනවද, නැද්ද කියලා. එහෙම අප්සැට් තියේනං ඒ තැංවලට ගිහිං හිඟ පියෝල දාල ලියුං කරදහියක් ගන්න එක තමා පොදු කරමෙ. මතක තියාගංට, ණය කාඩ්පත් (credit cards) එහෙමත් ඕකෙ සටහන් වෙන බව. මේක ඔන්ලයිං රිපෝට් එකක් ඈ...

ඔය රිපෝට් එකේ හැටියට මිනිහගෙ පැටිකිරිය හොඳයි නං බැංකුව පටං ගන්නවා තමුන්නාන්සෙල ගෙනාපු ඉඩමෙ පැටිකිරිය හොයන්ට. ඒකට මුලිංම කොරන්නෙ හිමිකම් වාර්තාවක් (Title Report) ඒ බැංකුවට පත් කොරල ඉන්න නීතිඥ මහත්තයෙක් මාර්ගයෙන් ලබා ගන්න එක. මේ රිපෝට් එක හොඳයි නං ඔන්න ලේ එකක් චැක් කොරල සැටිස් උනා වගේ තමා. ඉස්සරහට යංට ඇහැකි. හැබැයි වැඩේ කචල් වෙන වෙලාවල් තියෙනවා. එහෙම වෙන්නෙ ඇයි? අයි ඩෝන්ට් නෝ වයි? නෑ...නෑ... අයිනෝ අයිනෝ පිහියෙං. ඔහොම වෙන්නෙ පුතේ මෙහෙමයි.
  1. ඉස්සර මේ කියන ඉඩම බෙදලා වෙන් නොකර අයිතිය පැවරි පැවරි ඇවිත් ඇත්නං (නොබෙදූ 1/5 ආදී වසයෙන්)
  2. ඉඩමේ නියම වටිනාකමෙන් 1/2 ක් වත් නොදා ඔප්පුව ලිව්වම
  3. වෙනත් යම්කිසි කහටක් මේ ඉඩමේ පිරිසිදු අයිතියට වැටුනොත්
අන්න එතෙංදි ගංට ඕනි හිමිකම් රක්ෂණයක් (Title Insurance Policy). මේක ඇවිල්ල පිළිගත් රක්ෂණ සමාගමකිං ගංට ඕනි. එයාලා ඉඩමේ තක්සේරු වාර්තාවකුත් ඉල්ලනවා. ඒ ගැන මං කියන්නං පහල. හොඳට දැනුවත් වෙලා ඉංට, බැංකුවෙන් අහලම ඔය රක්ෂණ සමාගම තෝරගංට. මොකද සමහර බැංකු සමහර රක්ෂණ සමාගම් වලින් නිකුත් කරන හිමිකම් රක්ෂණ ඔප්පුවල වටිනාකම් එකතුවට සීමා දාලා තියෙනවා. ඒවා නොදැන ඔක්කොම කොරල බැංකුව ඒ රක්ෂණ ඔප්පුව භාර නොගත්තොත් ජලා..හුටා...සල්ලි ජලේ. මොකද, ඔය කියන රක්ෂණයට තරමක විශාල මුදලක් වාරිකය විදිහට ගෙවන්ට ඕනෑ. එහෙම ගෙවන්නෙ එක පාරයි (Once & For All). 


හොඳයි, මේ හිමිකම් වාර්තාවත් හරිනං ඔන්න තක්සේරු වාර්තාව ගංට ඕනි. ඒකට ඒ ඒ බැංකුවට පත් කොරපු තක්සේරු මහත්තුරු (Panel Valuers) ඉන්නවා. උන්නැහේට බැංකුවෙන් දන්නාපු ගමං එයා ඉඩමටම ඇවිත්, විස්තර හොයල, මැනල කාරිය තක්සේරු වාර්තාවක් දෙනවා. මේ වාර්තාවෙ ඇතුලත් වෙනවා වටිනාකම් 3 ක්.
  1. හොඳ මාකටිං පාරකට පස්සෙ ඉඩම ගැන හොඳ දැනුමක් ඇති ගැණුම් කාරයෙක් ඉන්නවානං කිසි අවුලක් නැතිව අයිතිකාරය ඉඩම විකුණන්නත් කැමතිනං හැම දෙයක්ම ඕ.කේ. නං, කිසිම බලපෑමක් නැත්තං ඉඩම විකිණෙන මිලට කියනවා Open Market Value හෙවත් විවෘත වෙළඳපොල වටිනාකම කියලා. ඕක හදන්නෙ ඉඩමෙ පර්චස් ගානට වගේම ගොඩනැගිලි තියේනං ඒවයෙ වර්ග අඩි ගාණ ආදියට වටිනාකම් ගණනය කරල හෝ නිවසක්/ගොඩනැගිල්ලක් කුලියට දෙනව වගේ ආයෝජනයකින් ලැබෙන වටිනාකම අනුව.

  1. අනෙක් වටිනාකම පුනස්ථාපන රක්ෂණ අගය හෙවත් Reinstated Insurance Value. ඒ කියන්නෙ ගොඩනැගිලි තියෙනවානං ඒවට ගින්නෙන් හෝ වෙනත් ආකාරයකිං හානි වෙලා විනාශ වුනොත් නැවත ඉදිකිරීමට යන වියදම. මේක ඉඩමට අදාල වෙන්නෙ නෑ. මේ වටිනාකමට ගිණි හා අකුණු බිය රක්ෂණයක් ලබාගන්න ඕනි බැංකුව නමට නියද (Assign) කිරීමක් එක්ක. නියද කලාම යම් විදිහකින් රක්ෂණ වන්දිය ගෙවන්න රක්ෂණ සමාගමට සිදුවුනොත් සල්ලි එන්නෙ බැංකුවට.

  1. තව ඉතාම වැදගත් අගයක් තමා බලකර විකිණීමේ වටිනාකම හෙවත් Forced Sale Value. මෙතනදි අර වෙළඳපොල කියන සංකල්පෙන් මිදිල උපකල්පනය කරනවා සාධාරණ කාලසීමාවකුත් නැතිව, අනපේක්ෂිත හේතුවක් මත ඉඩම හදිසියේ විකුණන්න උනා කියලා. එතෙංදි අර වෙළඳපොල වටිනාකමට වඩා තරමක් අඩු අගයක් තමා ලැබෙන්නෙ. ඉඩම බලෙංම ඇඟේ ගැහුවොත් බෑ නොකියා ගන්න හැකි ලංසුව තමා මේ. මේ වටිනාකම වැදගත් වෙන්නෙ බැංකු විසින් තමන් ලබාදෙන ණය මුදල තීරණය කරන්නෙ මේ බලකර විකිණිමේ වටිනාකමෙන් නිශ්චිත ප්‍රතිශතයකට. ඒක බැංකුවෙන් බැංකුවට වගේම ණය ගන්න කාරණය වගේම ගණුදෙනුකාරයගෙ තත්ත්වය අනුවත් වෙනස් වෙනවා.
හිතුවට වඩා දික්වුනා මේක. මේ කාරණ එහෙම දිග හෑලි විදිහට ලිව්වොත් මෙලෝ රහක් නෑ. ඒ හිංදා මං දැං ගොහිල්ලා බොලාගෙ පුරස්න වලට උත්තර බඳිංට ආයි එන්නංකො ඈ............ ටටා...... 


37 comments:

  1. දිග නම් නෑ. දැන් ඔය වගේ එකකට ඇප වෙන එවුන්ට තියෙන්නේ මොන වගේ risk එකක්ද? ඇප වීම භයානක දෙයක්ද ?

    ReplyDelete
    Replies
    1. අන්තිම භයානකයි. අපේ එකෙක් තුන්වෙනි පාරටත් නුවර උසාවියට ගියා මේ ලඟදිත් නඩුවට. පාන්දර තුනේ ඉඳන් හරි ආතල් එකක් තියෙන්නෙ ඌට සල්ලි වියදම් කරගෙන අතින් කාල හරක් බඳිනව වගේ.

      Delete
    2. ඉවාන්,
      ඇප වීම සහ ඇපයක ස්වභාවය ගැන මම දාන්නං පෝස්ට් එකක්. නඩු දානකොට මචං ඇපකාරයින්ටත් එක්ක තමා දාන්නෙ. බැංකුව ණය දෙද්දි ගන්න risk එකම තමා ඇපකාරයට තියෙන්නෙත්. ඒ කියන්නෙ, ගෙව්වොත් හරි, නැත්තං බඩු. අන්න එතකොට මනෝෂ් හරි. සමස්ත බැංකු ක්‍රමයත් ඊට ඈඳුණු සියල්ලත් ‘විශ්වාසය‘ මත තමා රඳා පවතින්නෙ.
      මනෝෂ් මේක ඇවිල්ල නීති පද්ධතියේ ගැටලුවක්. ඒවා වෙනම කතා කරන්න ඕනි දේවල්.

      Delete
    3. ණයකට ඇප වීම, ඒ ගාන උඹ ඌට ණයට දෙනව තරම්ම භයානකයි.

      Delete
    4. ඊටත් වඩා කිව්වත් නරක නෑ. ණයට දීල පාඩු විඳගෙන ගෙදර හරි ඉන්න පුලුවන්. ඒත් ඇප උනාම සමහරවිට මොහොතකට හරි හිරේ ලගින්නත් වෙන්න පුලුවන්.

      Delete
    5. ඉන්දිකය ෆෝම් වෙලා එයි කියල මේක ලියද්දි අම්මපා හිතුනෙ නෑ. උඹේ කතාව සහතික ඇත්ත.
      මනෝෂ් ඔය හිරේ දැමිල්ල තීරණය වෙන්නෙ නඩු අහන උසාවිය අනුව. මහේස්ත්‍රාත් උසාවිය (පොලිස් උසාවිය) තමා අපරාධ නීතිය යටතේ හිරේ දාන්නෙ. දිසා අධිකරණයෙ දාන නඩු වල එහෙමම නෑ.

      Delete
    6. හපොයි , උසාවි නගිනවා හීනෙනුත් පෙනුනා මේ රිප්ලයි ටික දැකලා

      Delete
    7. අයියණ්ඩිය බිය නොවන්න
      ණය වෙන හැටි මම පෙන්වන්නම්

      Delete
  2. ඔය krib එක මේ ලඟදි නේද ආවේ? මීට අවුරුදු කිහිපයකට කලින් බැංකුවෙන් දෙන ෆෝම් එකකුත් අරන් වටේ තියෙන බැංකුවල ණය අංශ වලට යන්න ඕනි නේද ඇරියස් නෑ කියල සහතික කරගෙන එන්න.

    ReplyDelete
    Replies
    1. krib නෙමෙයි ලමයා crib. (කිරිඉබ්බ හෙම නෙමෙයි ඈ).
      නෑ මචෝ ඕක 1990 අංක 18 දරණ ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශ පණතෙන් තමා ඉස්තාපනේ කොලේ. ඉස්සර මාස්පතා/කාර්තුපතා බැංකු වලින් තමන්ගේ රු.100,000 ට වැඩි අප්සැට් ණයත් රු.500,000 ට වැඩි සේරම ණයත් රිපෝර්ට් කරන කෙරමයක් තිබ්බ. 2008 පණත සංශෝධනය වෙලා සිස්ටම් එක ඔන් ලයින් ගියා. දැන් බැංකු ණයට දෙන හැම සතේම රියල් ටයිම් රිපෝට් වෙනවා.
      උඹ ඔය කියන ‘බැංකු මතය‘ කොලේ දැං යන්නෙ නෑ මං දන්න තරමින්. හොඳ වටිනා කාරණයක් මතුකලේ.

      Delete
    2. //100,000 ට වැඩි අප්සැට් ණයත් //

      මොනාද බං අප්සැට් ණය කියන්නෙ?

      Delete
    3. අප්සැට් ණය කියන්නෙ සිංහයො, මාස 3 කට වඩා වාරික ගෙවීම හිඟ ණය. අක්‍රිය ණය කියලයි පොතේ හැටියට කියන්නෙ.

      Delete
  3. මායි කවිකාරියිත් හිතන් ඉන්නෙ ලක්ෂ 20ක විතර ලෝන් එකක් එකවර දාල ඉඩමකුත් අරන් ඒකෙ පොඩි ගේකුත් හදලා තව පරණ කාර් එකකුත් ගන්නකියලා! ජීවිත කාලෙම වාරික ගෙව ගෙව ඉන්න බැරියෑ..

    ReplyDelete
    Replies
    1. ගෙටයි ඉඩමටයි ගන්න එකටනං අවුරුදු 25 ක් විතර උණත් ගෙව්වැහැකි. කාර් කේස් එකනං මචෝ අවුරුදු 4-5 න් ඉවර වෙයි. අරලිය මල් ආරාමෙ මතක් වුණා :D

      Delete
    2. //ලක්ෂ 20ක විතර ලෝන් එකක් දාල//

      ඇලහැර පැත්තෙන් ඉඩමක් අරන් ගේ හදල, ඉතුරුවට ලාන්සර් බොක්ස් එකක් වගේ ගතෑකි ඔය ගානට.

      Delete
    3. මහියංගනෙත් පදියතලාව පාරෙන් හැර පොඩ්ඩක් ගැමුණුපුර සයිඩ් එකට වෙන්න ඉඩමක් අරන් පොඩි ගේ කෑල්ලක් හදාගෙන ඕල්ඩ් කොරොල්ලා මොඩල් එකක් ගතහැකිවෙයි ඉන්දික අයියේ..!!!

      Delete
    4. ඉන්දික,
      ලාන්සර් බොක්ස් කියන්නෙ එළ කාර් එකක්. ඒ තරං හතර මුල්ල හරියට පේන කාර් එකක් තවත් නෑ. සයිඩ් කණ්ණාඩි වුණත් හැරි හැරී බලන්න දෙයක් නෑ. මිලෙන් අඩු වුණත් ඕකට මාර පිළිගැනීමක් තියෙනවා. සුදු ලාන්සර් බොක්ස් එක පට්ට ලස්සනයි.
      මනෝෂ්,
      ඇලහැර පැත්තෙං ගන්නවනං ඉඩම ටිකක් ලොකුවට ගනිං, පතල් කපන්නවත් බැරියැ. හැබෑටම බං දැං ඔය පැත්තෙ මැණික් තියෙනවාද? බැකෝ පාර දෙන්නෙ නැද්ද?

      Delete
    5. මනෝස්,
      ලස්ස විස්සෙන්, ලස්ස එක හමාරක් දීලා කාර් එකක් අරන්, පනස්දාහක් දීලා අක්කර කාලක් ගත්තොත්.. ඉතිරිවෙන සල්ලි ටිකෙන් පුංච් මෙව්වා එකක් අටෝගත හැකි..


      Delete
    6. එහෙම තමයි බං හිතන් ඉන්නෙ. මොකද අපි ඉපදෙනකොටයි, කසාද බඳිනකොටයි, මැරෙනකොටයි විතරනේ මේ රටට අයිති. ආයෙ, බැරිවෙලාවත් සියදිවිහානි කරගන්න හැදුවොත් එතකොටත් අයිතිකාරයෝ ගොඩයි.

      Delete
    7. මනෝෂ්, තේරුණේ නෑ බං.

      Delete
    8. //සුදු ලාන්සර් බොක්ස් එක පට්ට ලස්සනයි.//

      මැණික් කාරයන්ගෙ වාහනේ. කිරිපාට ලාන්සර් බොක්ස් එක.

      Delete
    9. නෑ මචන් රටක මිනිසුන්ගෙ මූලික අවශ්‍යතාවන්වත් සපුරගන්න බැරි රටක අපි ඉන්නෙ. එත් අපි උඩ කිව්ව හැමදේකටම බදු ගෙවනවා.

      Delete
    10. ආ...Badu...මං බැලුව ඒත් මේ...

      Delete
  4. අඩේ අප්පා... බයානක කේස් එකක් වගේනේ....

    ReplyDelete
    Replies
    1. හරිම හයානක සිහිනයක්.

      Delete
  5. මම එක ලෝන් එකක් දාල ඉඩම අරන් දැම්ම. දැන් තියෙන්නේ තව ලෝන් එකක් අරන් ගේ හදන්න පටන් ගන්න . මේ දවස් වල බැංකුවත් එක්ක කතා කරන ගමන් . අපි රට ඉඳන් ලෝන් ගනින්ද්දී වෙන මොනවාද හොයල බලන්න තියෙන දේවල් ? ඒ වගේම මට බැංකුවෙන් කිව්වා අපි රට ඉන්නවනම් අවුරුදු 5ක් ඇතුලත ලෝන් එක ගෙවන්න ඕනේ කියල . එහෙම සින් එකක් තියෙනවද ?

    මම අදමයි මේ පැත්තේ ආවේ .. ණයෙන් දුවන අපි වගේ අයට සැහෙන වටින දේවල් තියෙනවා වගේ . ..

    ReplyDelete
    Replies
    1. ඉස්සෙල්ලම ආයුබෝවන් කියල පිළිගන්නවා පැතුම්,
      පිටරට ඉඳල ලෝං ගංනවනං ඇටෝනි බලපත්තරේකිං තමංගෙ විස්වාසවංතයෙකුට බලය පවරලා එයා ලව්වා තමා සේරම කොරෝගංට වෙන්නෙ. දැනට රට ගොහිංනං ඔහේ ඉන්න ඇංබැසඩර් උන්නැහැ ඉස්සරහ පිට ඔබ බලපත්තරේ ලියන්නෙ. බලාගෙන! නිකංම නිකං ඇටෝනි බලපත්තරේ සමහර බැංකුවල සමහර බැංකු කටයුතු වලට හරියන්නෑ. ඒකට වෙනම එව්වා තියෙනවා. බැංකුව වැඩිපුරම බලන්නෙ මාසයක් ගානෙ ණය කැපෙංට සල්ලි එනවද කියාල තමා. ඔය ඇන්.ආර්.අැෆ්.සී. එකවුන්ට් තියෙන අයට විශේෂ ණය කෙරම තියෙනවා.
      අර අවුරුදු 5 කතාවනං හැම බැංකුවටම පොදු දෙයක්වත්, නීතියෙ තියෙන දෙයක්කත් නෙමේ.

      Delete
    2. එල ඔය ටිකම තමයි බැංකුවෙන් කිව්වෙත් ... ඇටෝර්නි බලපත්‍රයක් හදන්න වෙනවා කිව්වා .. අවුරුදු 5 කතාව තියෙන්නේ මෙහෙමයි මම දිගටම රට ඉන්නවනම් අවුරුදු 5න් ගෙවන්න ඕනේ .. ලංකාවට ආවොත් ලංකාවේදී මම කරන රස්සාවෙන් ලැබෙන පඩිය අනුව ගෙවීමේ කාලය දීර්ග කරන්න පුළුවන් කිව්වා ...

      තාම තීරණයක් ගත්තේ නෑ ...

      අපරාදේ මම NRFC ගිණුමක් හදල නෙවෙයි මෙහෙ ආවේ .. දෙපාරක් ලංකාවට ගියත් හදාගත්තේ නෑ .. දැන් ඒක හදන්න එක්කෝ යන්න වෙනවා නැත්නම් අර ඇටෝර්නි බලපත්‍ර සින් එක කරන්න වෙනවා .. ඔන්ලයින් , ඊමේල් වලින් ඒවගේ වැඩ කරන්න බැලූ.. :(

      Delete
    3. මැන්ඩේට් එක ෆැක්ස් කරලා NRFC අරින්න පුලුවංද බලන්න.

      Delete
  6. සැහ් දුකයි කියන්න.. පොඩි නයකට ඇප වෙලා. තව ඩිංගෙන් උසාවි යන්නත් වෙනවා.. මොනව කරන්නද අතිං ගෙවල නිකං හිටියා..
    මචෝ මේ පෝස්ට් පෙල නං ඉස්තරං....

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. ඇපවුණු එක ණයක් අප්සැට් උනාම එකම එක වාසියක් තියෙනවා මචං. ඒ තමා තව එකෙක් ඇප වෙන්ට කිව්වම ‘බෑ, අරක ඇරියස්‘ කියලා මගඅරිංට පුලුවංකොම. තෑන්ක්ස්!!!

      Delete
  7. හොඳ විස්තර ගොඩක්!!!!

    ගත්ත ලෝන් එකක් තාම ගෙවනවා. උඹට බැරිද ගෙවලා දාන්න :D

    ReplyDelete
    Replies
    1. ස්තුතියි,
      දැනට මමත් ලයිෆ් ටයිම් ලෝන් එකක් ගෙවනවා, මචං. ඒක ඉවර වෙලා සපෝට් එකක් දෙන්නම්.

      Delete
    2. ඔය බිල් ගේට්ස් ල වගේ පොරවල් වලට ඕවගේ දේවල් හිතෙන්නේ නෑනේ .. 3න් වෙනි ලෝකේ ඉන්න අහිංසක අපි වගේ අයගේ බැංකු ණය ටික ගෙවල දාල මහත්ඵල මහානිසංස ලැබෙන පින් කරගන්න ඒ මිනිස්සුන්ට පින නෑ ඉතින් ..

      Delete
    3. ණය ගෙවීම කෙසේ වෙතත් හැමදාම බිල් එන ගේට්ස් නං අපිට ඇතිවෙන්ට තියෙනවා.

      Delete
  8. හවුසින් ලෝන් එකක් ගන්නවට වැඩිය නිවාස වි්‍ය්‍යපත්තියකින් ගෙවන්න ගෙයක් අරගත්තහම කරදර ලියකියවිලි අවමයි නේද?
    ලිපි පෙල එල ද බ්‍රා

    ReplyDelete
    Replies
    1. මුලදි කරදර, ලියකියවිලි අවම වෙන්න පුලුවන් මෙන්ඩා. හැබැයි, පොලිය ගැන සංසන්දනයක් කොරාලම බලංට.

      Delete