Friday, November 7, 2014

හවුසිං ලෝං එකක් ගම්මුද? Way for a Housing Loan-3



තමංගෙ ආකාස මංදිරේ අටෝගංට ණයක් කාරිය ගංට ඕනෑ උනාම කොරංට ඕනෑ කෙරුවාව මම දැං මේ සුහුඹුලංට උගංනමිං ඉංනෙ. අදම ආපු ඇත්තො ඔය පහල තියෙන එව්වට කොටල ගිහිං බලලම ආවනං අහකයිනෙ.
  1. පළමු පාඩම
  2. දෙවන පාඩම
ඉතිං ළමයිනේ, තමංගෙ සිහින මංදිරේ ඉදිකොරාගන්න ණය වෙන ගමනෙදි තමං ගේ හදන ඉඩම තක්සේරු කොරල (Valuation) තමා අපි අන්තිමට නතර උණේ. තක්සේරු කොරනකොට තව බලන කියන කාරණා කීපයක් අපි දැනගම්මු.
  1. ඉඩමට පිවිසීම (Access) - ඒ කියන්නෙ ප්‍රධාන පාරකිං ගිහිං තව
    පාරකිං හෝ කීපෙකිං ඉඩමට ලඟාවෙනවානං (අර කියන්නෙ, කොළඹට විනාඩි පහයි, ප්‍රධාන පාරට විනාඩියයි කියලා) මෝටර් රථයකින් යන්න හැකි (Motorable Access) වෙන්න ඕනි. (අඩි 10 පළල පාරක් වගේ)
  2. මායිම් වෙන්වීම (Boundaries Demarcation) - පැලෑනෙ විදිහට
    හඳුනාගත හැකි පරිදි ඉඩමෙ මායිම් වෙන්ව තියෙංට ඕනි. ඒ කියන්නෙ මායිම් කණුවක්/ගලක්, දොළපාරක්, මහපාරක්, තාප්පයක්, ඉනිවැටක් වගේ වෙනස් නොවෙන දේකින් මායිම් ලකුණු වෙලා තියෙංට ඕනි.
  3. කුලී නිවැසියන් (Tenants) -ගෙයක්නං ඒක කුලියට දීලා තියෙනවද? එතකොට ඒ සැට් එක පන්න ගන්නෙ කොහොමද වගේ එව්වා.
  4. පළාත් පාලන සීමා (Local Authority Clearances) - එතකොට මහ නගර සබා, නගර සෝබිනී...නෑ...නෑ...නගර සබා, පුරාදේසීය සබා වගේ එව්ව තමංගෙ පවරා නොගැනීමෙ සහතිකෙං කියනවා මාර්ග පළල් කොරංට හරි පොදු වැඩකට හරි මේ ඉඩම පවරගංට එහෙම බලාපොරොත්තු වෙනවද/නැද්ද? ඒ වගේම වීථි රේඛා සහතිකෙන් කියනවා මාර්ග දෙපස කොටස විදිහට හෝ ගොඩනැගිලි ඉදිකිරීමට ඉඩ නොදෙන කොටස විදිහට ඉඩමෙ කොච්චරක් වෙං කොරංට ඕනිද? අන්න ඒවාත් තක්සේරුවෙදි සලකා බලනවා. එහෙම වෙන්කිරීම් තියෙනවානං එව්වට අඩු කරලා ඉතිරිය තමා තක්සේරු කොරන්නෙ.
  5. යටිතල පහසුකම් (Infra-structure Facilities)- මාර්ග, විදුලිය, නළ ජලය, දුරකථන ජාල (ලයිට් අතලඟ, වතුර කට ළඟ, ටොයිලට් එක .... නෑ ඕන්නෑ) වගේ එව්ව තියෙනවනං ඉඩමේ වටිනාකම ඉහල යනවා.
  6. උපද්‍රව හා වටපිටාව (Disasters & Surrounding) - අනෙක් අතරට
    ගංවතුර, නායයෑම්, මුහුදු ඛාදනය වැනි සොබාවික උපද්‍රව වගේම අහල පහල පාසලක්/සතිපොලක්/මස්කඩයක්/මාලුකඩයක්/පිට්ටනියක්/හෝං පිට්ටනියක් වගේ එව්ව එහෙම තියෙනවානං ඉඩං මිල පහල යනවා.
  7. පවත්නා මිල (Prevailing Price) - ඉඩමෙ මිලනං තීරණය කොරන්නෙ ඊට ටික දොහකට කලිං කරපු ඉඩං වෙන්දේසි, පුද්ගලික විකිණීම් ආදියේදී විකුණුනු මිල ගනං අනුව
මේ තක්සේරුවේ බලකර විකිණීමේ වටිනාකමේ යම් පොරතිසතයක් තමා ණය විදිහට දෙන්නෙ කියලාත් මං කිව්වනෙ. 

ඉඩමෙ මිල තක්සේරු වටිනාකමට අඩුනං?
හැබැයි, නිවාස ණය වලදි සමහර බැංකු විවෘත වෙළඳපොල වටිනාකම අනුව ණය තීරණය කරනවා. උදාහරණයක් විදිහට ඉඩමක්/ගෙයක් (ඉඩං නැතිව ගෙවල් හදන්නෙ අහසෙයැ නේද?) සල්ලි දීලා ගංට තනනකොට, ඒ ඉඩම/ගෙය විකුණන මිල (selling price) හෝ එ්කෙ විවෘත වෙළඳපොල වටිනාකම (open market value) කියන දෙකෙං අඩු එක අරං යම්කිසි නියමිත පොරතිසතයක් තමා ණය දෙන්නෙ. ඔව්ව ඉතිං දර්ශීය සැලැස්මක් වගේ කියංට බෑ, බැංකුවෙන් බැංකුවට පොරතිපත්ති වෙනස් නොවැ.

ඉඩං අයිති බුවාත් ණයනං?
හොඳයි, අපි හිතමු ඉඩම අපිට විකුණන බුවාත් දැනටම ඒ ඉඩමට ණයක් අරං තියෙනවා කියලා. අන්න එතෙංදි වැඩපිළිවෙල පොඩ්ඩක් රුයිතෙට යනවා. ඒ කියන්නෙ, අපිට ඔරිමජිනල් ලියකියමං (ඔප්පුව වගේ) ටික අතට ගන්ට බෑ ඒ ණය පියවෙනකංම. ඉතිං සහතික කොරාපු පිටපත් තමා දෙන්නෙ. අන්තිමට අපිට ණය දෙන වෙලාවෙ කලිං අයිතිකාරයා ගත්තු ණය මුදලේ බැලන්ස් එකට (මෙතනදි පොලිය ගෙවංට ඕනි ණය ගත්තු බුවාමයි) බැංකුවෙ නිළධාරියෙක් චෙක්එකක් අරං ගිහිං ඒක ඒ බැංකුවට දීලා කැන්සල් කොරපු උගස් ඔප්පුවයි (discharged mortgage bond), අනෙක් ඔරිමජිනල් ලියකියවිලි ටිකයි මේ බැංකුවට අරං එනවා, හරියට ගෙදෙට්ටම ගිහිං නෝනා ඇරං එනවා වගේ.

ණය අනුමත කොරන්නෙ කොහොමැයි?
ඒවා මේ පොඩි ළමයිංට දැනගංට ඕනි කාරණා නෙමෙයි. එව්ව ඇවිල්ල අබ්යංතර කටයුතු, හුහ්! ණය අනුමත කරංටනං අනෙක් අවශ්‍යතා සේරම හරිනං, ඒ කියන්නෙ ඉඩමෙ අයිතිය නිරවුල්නං, තක්සේරුවෙදි අවුලක් නැතිව සියල්ල සිද්ද වෙනවානං, කලිං ගත්තු ණය නොගෙවාපු අනං මනං කචල් නැත්තං, ණය ගෙවංට තරමෙ හැකියාවකුත් තියෙනවානං බැංකුව ණය සංදේශයක් හදලා අනුමත කරගන්නවා. එතෙංදි යම් යම් කොන්දේසි දාංට පුලුවං ණය අනුමත කොරන උත්තමයො. මෙන්න මේ වගේ,
  1. නිවසක් ඉදිකිරීම හෝ ඉඩමේ ඉදිකල නිවසක් ඇත්නම් එහි වටිනාකමට අකුණු/ගිනි/සොරබිය/ගංවතුර වැනි ආවරණ සහිත රක්ෂණයක් (Fire & lightening, theft, flood...Insurance Cover) ලබාගැනීම.
  2. මාසික වැටුපෙන් ණය මුදල කැපීයාමට ප්‍රමාණවත් මුදලක් බැංකුව වෙත හැරවීම (Deduction from pay).
  3. නිවසක් හදනවානං, කොටස් වශයෙන් (උදා. අත්තිවාරම, බිත්ති
    බැඳීම, ජනෙල් දොරවල් සවිකිරීම, වහලය ගැසීම, අනෙකුත් වැඩ ආදී වශයෙන්) ඒ ඒ වැඩ කොටස අවසන් කරන ආකාරයට ණය නිදහස් කිරීම (stage-wise disbursement).
ඉතිං ඊට පස්සේ....
හිතුවෙ සරත් මධු වගේ මාත් චිත්‍ර අඳියි කියලද? නෑ...නෑ...මට එව්ව බෑ. ඉතිං ළමයිනේ ණය අනුමත උනා කියන්නෙ බබා හම්බවුනා වගේ තමා. ඉතිරිටික හරි පහසුයි. සරලයි.

ඔන්න බැංකුව හරි බැංකුවෙ ලියාපදිංචි නීතිඥ මහත්තයෙක් හරි උගස් ඔප්පුව (mortgage bond) හදනවා. ඉඩමක් සල්ලිවලට ගන්නවනං විකුණුම්කරය (deed of transfer) කියන ඔප්පුවත් හදනවා. මුලිංම හදන්නෙ ඒකෙ කෙටුම්පත (draft). අපි ඒක තහවුරු කලාම තමා මුල් පිටපත් (fair copies) හදන්නෙ.

ඊට පස්සෙ උවමණා පමණට මුද්දර කාරිය ගහල සාක්කි කාරයො (witnesses) දෙන්නෙක් සහ අර නීතිඥ මහත්තැං ඉස්සරාපිට අපි උගස් ඔප්පුව අස්සං කොරනවා. ඒක නීතිඥ මහත්තැං සහතික කොරල ඉඩං කච්චේරියට යවනවා. ඒක ලියාපදිංචි උනාම (දැංනං දවස් 3 න් වගේ වෙනවා) ඒ ලියවිච්ච පත් ඉරුව (extract of registered folio) අරං බැංකුවට ගෙනත් දුන්නු ගමං බඩු අතේ.

මතක තියාගංට, ඉඩමෙ කලිං අයිතිකාර බුවා ණයක් අරං තිබෙුණොත් ඒ ඉඩමටම, ඒ උගස කැන්සල් කලබවට ඉඩං කච්චේරියෙ ලියවෙංට ඕනෑ. 

ඒ වගේම මම කලිං දවසෙ කිවුව වගේ හිමිකම් රක්සනයක් එහෙම දාලානං ඒ කොම්පැනියට තව පත් ඉරුවක් එක්ක උගස් ඔප්පුවෙ 3 වෙනි පිටපත (counter-part original) දීලා ඒකට පිටසනක් (endorsement to title insurance) ගංටත් ඕනි. එතකොට තමා වැඩේ සම්පූරණ වෙලා දෙයියාගෙ මල්ලි අතට වඩින්නෙ (කුපාඩි කොල්ලො වරදවා තේරුං ගන්නවා හෙම නෙමෙයි!).

හප්පා... කොටාගෙන කොටාගෙන ගියා මාංසිත් එක්ක. එහෙනං විසිටරයා මාංසි නිවාගෙන ආයි එන්නංකො මේ පැත්තෙ, ඔහෙලගෙ පුරස්නවලට උත්තර බඳිංට හෙම ඈ....

21 comments:

  1. 01. බදු ඹප්පුවකින් නය ගන්න පුළුවන්ද ?
    02. ජය භූමි ඹප්පුවක් හිමි ඉඩමකටත් ණයක් ගන්න පුළුවන්ද?
    03. රජයේ බලපත්‍ර ඉඩමක නිවසක් හදනවනං ඒවාට නිවාස ණය ගන්න පුළුවන්ද?
    04. ණය පියවීමේ හැකියාව ඇත්නම් ලබාගත හැකි උපරිම ණය ප්‍රමාණය කොපමණද?
    05. රැකියාවෙන් හැර වෙනත් ආදායම් මාර්ග ඇත්නම් ඒවා තහවුරු කරන්නේ කෙසේද?
    (උදා- වෛද්‍යවරයකු පුද්ගලික සේවයෙන් ලබාගන්නා මුදල්)

    තරහ අවසර පොඩ්ඩක් පහදනවාද?


    ජ ය වේ වා !!! !!! !!! !!! !!! !!!!

    ReplyDelete
    Replies
    1. ඔබේ ගැටලුවලට සැනෙන් විසඳුම්!
      01. නිසැකවම. නමුත් බදු දීමනාකරුවා සම උගස්කරුවකු ලෙස අත්සන් කලයුතුය. බදු කාලය ණය ආපසු ගෙවීමේ කාලසීමාවට වඩා තරමක් දිගු විය යුතුය. රජයෙන් බදු දුන් ඉඩමක් නම් එය බදුදීමනාකාර දෙපාර්තමේන්තුවේ/අධිකාරියේ/කොමිෂන් සභාවේ අවසරය මත සිදුකල හැක. එවිටද බදු කාලය පෙර පරිදි වේ.
      02. නිසැකවම. ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම්තුමාගේ අවසරය ලබාගත යුතුය.
      03. රජයේ බලපත්‍ර උකසට තැබිය නොහැක. නමුත් රජය ‘බිම් සවිය‘ යටතේ ලබාදෙන බලපත්‍ර උකසට තැබිය හැක.
      04. ලංකාවේ මෙය බැංකුවෙන් බැංකුවට වෙනස් වේ. එක් පුද්ගලයෙකුට අදාල බැංකුවේ සහ එයට අයත් සමාගම් ඇතුලුව සමූහයේ ප්‍රාග්ධනයෙන් 33% ක ප්‍රමාණය ලබාදිය හැක.
      05. ආදායම් මාර්ගය අනුව එය වෙනස් වේ. උදා- නීතිඥයෙකුගේ ආදායම Bar Association නම් සංවිධානය තහවුරු කරයි. එමෙන්ම වෛද්‍ය වරයෙකුගේ පුද්ගලික සේවයේ ආදායම බැංකුවේ කළමණාකරු විසින් පෞද්ගලිකවම සාමාන්‍ය දෛනික රෝගීන් සංඛ්‍යාව වැනි සාධකයක් මත පදනම්ව ආදායම තක්සේරුකර වෛද්‍යවරයාගෙන් ලිඛිත තහවුරුවක්ද ලබාගෙන එය ආදායම් සහතිකය ලෙස පිළිගත හැක. ඒ හැර කොට්ඨාශයේ ග්‍රාම නිළධාරිවරයාගේ නිර්දේශය මත ප්‍රාදේශීය ලේකම් වරයා ලබාදෙන ආදායම් සහතිකයද සෑම විටම වලංගු වේ.
      මොකට තරහ ගංටද ආයිබොවං. කෝ? ඔච්චරද ඉතිං? :D
      ඉතාම වටිනා ගැටලු කීපයක් විදානේ. ස්තුතියි බොහෝම!
      ජය වේවා !!! !!! !!! !!! !!! !!! !!!!

      Delete
    2. ස්තුතියි පිලිතුරු ලබාදුන්නාට.. පොඩි නිවරදි කිරීමක් කලයුතුයි.. // නමුත් රජය ‘බිම් සවිය‘ යටතේ ලබාදෙන බලපත්‍ර උකසට තැබිය හැක.// රජය බිම් සවිය යටතේ ලබා දෙන්නේ බලපත්‍ර නොවෙයි.. හිමිකම් සහතික.. මේවා රජයේ හා පුද්ගලික යන ඉඩම් දෙවර්ගයටම ලබාදෙනවා.. බිම් සවිය යටතේ ඉඩමක මැනුම් කටයුතු කරන ලද ඉඩමක හිමිකම් නිරවුල් වූ විගස මෙම හිමිකම් සහතිය ලබා දෙනවා.. අනාගතයේදී ලංකාවම හිමිකම් සහතික වලින් ආවරණය වේවි..

      Delete
    3. තව දෙයක් බලපත්‍රයකට වඩා හිමිකම් සහතිකය ගොඩක් බලවත්

      Delete
    4. ඇත්ත. නමුත් මිනිස්සුන්ගෙ ව්‍යවහාරයේ තියෙන්නෙ ඒකත් බලපත්‍රයක් වශයෙන්. ඒකයි මම ඒ වචකය භාවිතා කලේ. ඇත්තෙන්ම හිමිකම් සහතිකය මගින් දැනට තිබෙන සියලුම ඔප්පු අනාගතයේදී ප්‍රතිස්ථාපනය වේවි.
      එය බලවත් බවත් සත්‍යයක්. මන්ද යත් හිමිකම් සහතිකය තිබේනම් නීතිඥයෙකුගෙන් හිමිකම් වාර්තා ලබාගැනීමේ අවශ්‍යතාවයකුත් නෑ.

      Delete
    5. අපොයි ඔය බිම් සවිය මහ ගොං සවියක්. තවත් එක නාස්තිකර පියවරක්. මේ ගැන ඊට වෙනස් අත්දැකීමක් හරි දැනීමක් හරි බොට තියෙන්ං ලියහං විදානෙයො.

      Delete
  2. මටනම් ඉතිං ග්‍රික් වගේ..
    ලිසිං ගැනත් ඉදිරියෙදි ලියනවද?

    ReplyDelete
  3. මම මේ ලිපිපෙළ උවමනාවෙන් කියවනවා. ඔය ගොඩ පෙරකදෝරුවෝ ගාව රස්තියාදුවෙවී උපදෙස් පතන අහිංසක උදවියට මේවා හරි ප්‍රයෝජනවත් වෙයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි! අරූ, වැඩි පිරිසක් අතරට මේ දැනුම යවන්න බැරිකමයි දුක.

      Delete
  4. ෆෙඩප් වෙනව බං ඇයි යකූ පොඩි ෆන් එකක් තියෙන ලිපියක් එහෙම දැම්මොත් මක්ක වෙයිද...
    මුල ඉදල මේ ලිපි කියවං ආව හන්ද මේකියන්නෙ ඈ...
    වෙඩිතියනව දා දා
    ගණං හිලවු අනං මනං නැති පට්ට පට පට නැගල යන එකක්..
    ඒ යේස්...

    ReplyDelete
    Replies
    1. දා..දා...? ඒ වෙඩි සද්දෙද?
      උඹ කියන එක හරි මහේෂ්. වෙනසක් කරන්න ඕනි, වහ වහාම.

      Delete
  5. මට ගන්න ඕනි දූපතක්. ඒකෙ මැද ගෙයක් හදන්න ඕනි.

    ReplyDelete
    Replies
    1. ඇයි බාං අර මල් ආරාමෙ? රොබින්සන් අන්දරය වගේ තියෙයි. මම එනව අනිත් සෙට් එකත් එක්ක මූදු කොල්ලකාරයො වගේ.

      Delete
    2. ඒකෙ වගේම මායි කවි කාරියි උඹල සේරටම ගහල පන්නනවා. ඕ යේස්!!

      Delete
    3. ඒ වගේම මතක ඇතිව කවි කාරිත් එක්ක හදපං පඩිපෙලක් පේලියට. (උදව් ඕන්ං කියාං ඈ... :D)

      Delete
    4. මං කිව්ව කියල හිතාගංකෝ.. ඕ යේස්!!

      Delete
  6. එක්කෝ හවුසින් ලෝන් ඕනේ නෑ බන්.. පොල් අතු පැලක් අටවන් ඉන්නවා... :3 මේ ලොක්ක, මොන බැංකුවේද වැඩ කරන්නේ ආ???

    ReplyDelete
    Replies
    1. අඩේ, පොළොංගු බං හැමතැනම. පොල් අතු පැලවල් කේස්.
      //මේ ලොක්ක, මොන බැංකුවේද වැඩ කරන්නේ ආ???// ලේ බැංකුවෙ මචෝ..:-)

      Delete
    2. ඒත් කමක් නෑ මචෝ ලෝන් ගහල ගෙවල් හදනවට වඩා.. :v

      Delete
  7. මම ඔය ගගට පනින්න අමුඩෙ ගහන ගමන් මෙ දවස්වල. බොහොම ස්තුතියි මචො කලින්ම ගැබුර ගැන පිනන විදිය ගැන දැනුවත් කලාට. ඔක්කොම එකපාරට කියවල හිටිය

    ReplyDelete