Saturday, December 6, 2014

චෙක්පත්-2 Cheques-2


ගියපාර අපි අඳුන්නල දුන්නනෙ ආයිබොවන්ඩ ඔය උඩ රූපෙ තියෙන චැක් පත කියන කඩදාසියයි ඒකෙ තියෙන අංගෝපාංගයි, ඔය පහලම 7 අංකෙ යටතේ කියවෙන MICR තීරය ගැනයි. අද අපි ඉතිරි අංගෝපාංග ගැන කතාකරමු. අදනං යන්නෙ අංක පිළිවෙළට ඈ...

1. දිනය
චැක් එහෙක දිනේ හරිම වැදගත්. ඒක දාංට ඕනි ඔය දිනේට තියෙන කොටු 6 ට පහලින් තියෙන පිළිවෙලට දිනය, මාසය, අවුරුද්ද කියන පිළිවෙළටයි. දැං අහයි අනෙක් පැත්තට (සිංහල කෙරමෙට) හරි මාසෙ මුලට එංට ඇමෙරිකන් කෙරමෙට හරි දිනේ දාංට බැයිද කියලා. බැරි නෑ, හැබැයි නීතිමය පුරස්නෙකදි අවාසි වෙන්ට බැරිනෑ. දන්නවනෙ ඉතිං නීතියෙ හැටි. 

මේ දිනය වැදගත් වෙන්නෙ චැක්පතේ දිනේ ඉඳලා මාස 6 ක් යනතුරු පමණයි චැක්පත වලංගු. ඉන්පස්සෙ ගණුදෙනු ඔප්පුකරන්න යොදාගංට ඇහැක් උනාට, ගණුදෙනුවලට යොදාගංට බෑ. එහෙම මාස හය ගිහාම අපි කියනවා ඒකට යල් පැනපු චැක්පත කියලා.

අනික තමා ඉදිරි දිනයක් දාලා තියෙන චැක්පත් බැංකුවට ඉදිරිපත් කරංට බෑ පොතේ හැටියට. ඒ වුනාට ඒවයින් බැංකුවෙන් පිට ඕනිම ගණුදෙනුවක් කරංට ගැටලුවක් නෑ. කල් ඇතුව බැංකුවට දැම්මොත් ඒක මතු දාතම චැක්පතකි කියලා රිටං කොරන්ට ඇහැකි.

2. අණලාභී බැංකුව
මේක ඉතිං චැක් එකේ ප්‍රින්ට් කොරලමනෙ තියෙන්නෙ. මෙතන තියෙන්නෙ චැක් එකෙන් කරන නියෝගය මොන බැංකුවෙ මොන සාකාවටද කොරන්නෙ කියන එක තමා. වෙනත් විදිහකින් කියනවානම් මේ චැක්පතේ මුදල අන්තිමට ගිහිං අඩුවෙන්නේ ඔය කියන බැංකුවෙ ඒ කියන සාකාවෙ තියෙන ජංගම ගිණුමෙන් තමා.

3. ආදායක
මේක ඇවිල්ල චැක් එකේ මුදල් ගෙවංට ඕනි කාටද කියන එක. මෙතන ඒ පුග්ගලයගෙ හරි ආයතනයෙ හරි නම ලියනවා. ඒ නම තියෙන කෙනාට තියෙන අයිතිය හරි ඉහලයි. සමහරු ඔතන ලියනවා මුදල් කියලා. ඒ කියන්නේ මේ චැක්එක ඕනිම කෙනෙකුට මුදල් ගන්න හෝ ජංගම ගිණුමකට දාන්න පුලුවන්. මුදල් චැක්පත් තැන්පත් කොරංට ඉතිං ජංගම ගිණුමක්ම තියෙන්ට ඕනි. අනෙක් වර්ගවල ගිණුම් වලට මුදල් චැක්පත් තැන්පත් කරන්ට බෑ. ඒ වගේම මතක තියාගන්න මුදල් චැක්පත කියන්නෙ කවුන්ටරෙන් සල්ලි ගන්ට ඇහැක් චැක් එක කියන අර්ථය නෙමෙයි. ඒ වගේ එව්වට කියන්නෙ විවෘත චැක්පත් කියලයි. 

4. මුදල අකුරින්
මෙතන රූල් 3 ක් තියෙනවානෙ. ඉතිං අත දිග ඇරලා අකුරිං ලිව්වෑකි. හැබැයි මුලිං හිස්තැන් තියංට එපා, වඤ්ඤා වෙංට ඇහැකි. ගණන අකුරින් ලියලා අගදි පමණයි කියන වචනෙත් ලියන එක තමා සිරිත. මෙහෙම,
“පණස් දහස් තුන්සිය හැට පහක් පමණයි“. 
රූල්වල ඉතිරි ඉඩ ඉරක් ඇඳල දාන අයත් ඉන්නවා. ඒක හොඳා කෝකටත්.

5. මුදල ඉලක්කමෙන්
මේ කොටුව ඇතුලෙ අර කලිං අකුරෙන් ලියපු ගානම හරියටම ලියලා දානවා මෙන්න මේ වගේ, 50365/-. ඔතන ශත ගාණක් තිබුණොත් 50365.50 හෝ 50365/50 වගේ ලියන්නත් ඇහැකි. ශත නැත්තං /- ලකුණෙං අහවර කරන එක තමා හොඳ. ඔය ඇල ඉරි කෑල්ල නැත්තං ස්ලෑෂ් එක ටිකක් උසට ලියංට ඕනි 1 ඉලක්කමත් එක්ක පැටලෙන්නැති වෙංට. තව සමහරු අර අග ඉඳං ඉලක්කං 3 ගානෙ කඩලා කොමා ඉට්ටයිල් එකට ලියනවා. කොමාව ඉලක්කමක් වගේ පේන්නැත්තං අවුලක් නෑ. මේ වගේ, 50,365.50.

අකුරෙනුයි ඉලක්කමෙනුයි ලියපු ගණං දෙක වෙනස් නං බැංකුවට ඇහැකි රිටං කොරංට. ඒත් අකුරෙං ලියාපු ගාණ ගෙවංට නීතියෙං තහනමක් නෑ. 

6. අණකරු අත්සන
මේකෙං තමා චැක් එක වලංගු වෙන්නෙ. අස්සන කිව්වම ඉතිං බැංකුවට දීලා තියෙන ආදුරුස අස්සන තමා ගහංට ඕනි, තමංට ඕනි එව්ව නෙමේ. අස්සන නැත්තං හරි අර කීව ආදුරුසෙං වෙනස් අස්සනක් ගහලා තිබබොත් ඉතිං රිටං තමා. අස්සන ගහන කොට ඔය පහල තියෙන සුදු තීරයේ එහෙම ගහංට එපා. ඒක MICR තීරයනෙ. 

අපි එහෙනං බලමු ඔය කියාපු විදිහට ලියාපු චැක් එකක්. 


අදට මදෑ... එහෙනං ආයිම පාඩමකිං හම්බු වෙමු ඈ...

14 comments:

  1. අපිට ඉතින් ජංගම ගිණුම් නැහැ නොවැ. මොකද කියනවනම් එව්වා පාවිච්චි කරන්න වෙන අවශ්‍යතාවක් නැහැනේ.

    මොනවා වුනත් මේ විස්තර ටික නම් බොහොම වටිනවා. ඕනෑම වේලාවකදී ප්රෝයෝජනෙට ගන්න පුළුං.

    ඊළඟ කැලෑසියටත් වඩින්නම්කෝ ..--
    ===

    එක නෙමයි බන් මට මේ ළඟදී පොඩි ප්‍රශ්නයක් ඇති වුනා PAY ORDER එකක් හින්ද.

    මේ චෙක් වගේම PAY ORDERS ගැනත් පුළුවන් නම් විස්තර ටිකක් දියන්කෝ.
    ---
    එහනම් ගොහින් එන්නම්...

    ReplyDelete
    Replies
    1. Pay Order එකත් චෙක් එකක්ම තමයි මචෝ. ඒක සාමාන්‍ය ජංගම ගිණුම් හිමියෙක් නෙමෙයි බැංකුවේ නිළධාරීන් අත්සන් කරන බැංකවටම අයිති නිළ චෙක් පතක්. ඒකට කවුන්ටරයෙන් මුදල් ගෙවන්නෙ නෑ, රේඛන අවලංගු නොකලොත්. හැබැයි නම සඳහන් අයගේ ගිණුමට තැන්පත් කල හැකියි. මේවා රිටර්න් නොවන නිසා සහතික කල ගෙවීම් ස්වරූපයක් ලෙසයි පිළිගන්නෙ.

      Delete
    2. තැනක් යූ වෙරි මච්..

      Delete
  2. දැන් ඉන්ටවල් මම යනවා අයිස් පලං එකක් කන්න.. දෙනවා අයිස්ක්‍රිම් මාමටත් චෙක් එකක්..
    සෑර් පාඩම එල ද බ්‍රා..
    මිට
    තිසරපට බැදිගේ මෙන්ඩා

    ReplyDelete
    Replies
    1. මෙන්ඩා, මම දුන්නෙ තිසර පටබැඳිගේ
      විභී, එතකොට මචාං ටී.පී. ටිපිටිප් වගේ.

      Delete
  3. පට්ට මචෝ ...
    චෙක් නම් එපා වෙනවා .අපි "පේ ඔර්ඩර්" නිසා අවුලක් නැ ..
    ස්තුතියි
    බ්‍රෑන්ඩ් එක ගල්

    ReplyDelete
    Replies
    1. එව්වත් චැක්ම තමා බං.

      Delete
  4. අපේ ඉස්කෝලෙ ගාව ලැවරිය ඇන්ටිටත් චැක් පොතක් තිබ්බ...
    එයා නං අපිට ලැවරිය එක්කත් චැක් දුන්න හිහි

    ReplyDelete
    Replies
    1. ඈ...ඈ...ඈ...ඈ... ඈ...........

      Delete
  5. ජංගම ගිණුම් වල කාර්‍යභාර්‍ය මට හරි හැටි තේරෙන්නෙ නෑ බං. ඊළඟට කෙනෙක්ගෙ නමට චෙක් එකක් ලිව්වම ඒ කෙනා ඒක මාරුකරන්න ගියාම අනිවාරෙන් අයි.ඩී එක ඕනි ඇති නේද.

    ReplyDelete
    Replies
    1. එව්ව මචෝ කාගෙ කාගෙත් ආරක්ෂාවට යොදන පිළිවෙත්. මොකද උඹේ නමට ලියාපු චැක් එක වෙන එකෙක් ඉස්සුවොත් ඌට උඹේ අයිඩින්ටියත් උස්සන්න වෙනවනෙ.

      Delete