Saturday, December 20, 2014

චෙක්පත්-3 Cheques-3


හොඳයි ළමායි, අපි පළමු පාඩම් දෙකේදි (මෙන්න එක, මෙන්න දෙක) චැක්පත් කියන මහා බලගතු කඩදාසිය ගැනත් ඒකේ අංගෝපාංග ගැනත් ඉගෙනගත්තනෙ. අද අපි කතා කරන්නේ අපේ අතට ලැබෙන්න පුලුහං බොහොම සරල චැක්පත් ජාති දෙක තුනක්. 

ඔය උඩම තියෙන එක තමා සරලම එක. ඕකට කියන්නෙ විවෘත මුදල් චැක්පත (Open Cash Cheque). මේකේ මුදල් කියලා ලියලා තියෙන හිංද ඕනැ එහෙකුට සල්ලි ගන්ට ඇහැකි. ඒ වගේම විවෘත කියන්නෙ මේක රේඛනය (Crossed) කොරල නැති නිසා. අන්න එහෙම චැක්පත් අපිට ඇහැකි බැංකුවේ මුදල් කවුන්ටරේට දීලා සල්ලි ගංට. 

එහෙම කිව්වට නිකම්ම සල්ලි දෙන්නෑ. පස්ස පැත්තෙ කොරංට වැඩ ටිකක් තියේ. හරි, දැන් ළමයි හරවංට පස්ස පැත්ත.



ඔය තියෙන්නෙ දිලිසි දිලිසි. මෙතන දි අපිට කොටු දෙකක් පේනවා. අපිට කොරන දෙයක් කොරගංට තියෙන්නෙ ඔය වම් පැත්තෙ කොටුවෙ තමා. දකුණෙ කොටුව තියෙන්නෙ බැංකුවට ඕනි මගුලක් කොරගංට තමා. කොටු පනිනවා එහෙම නෙමයි ඕං. ඔය පිටසන් සඳහා (Endorsements) කියන කොටසෙ තමංගෙ අස්සනයි අනෙක් තොරතුරුයි දාංට ඕනෑ. මේ චැක් එක ලියාපු ගිණුම අයිතිකාරයා (අණකරු) ම චැක්එක කවුන්ටරේට දෙනවනං අස්සන විතරක් ගැහුවම ඇති. වෙන කෙනෙක්නං ඔය උඩ තියෙන විදිහට අස්සන ගහලා තමංගෙ නම, හැඳුණුම්පත් අංකය, ලිපිනය දාලා දෙංට ඕනෑ. මේ විස්තර දාන එක කරදරයක් උණාට කාගෙ කාගෙත් ඇඟට ගුණයි. පහලම තියෙන අස්සන මුදල් ලැබෙනකොට ගහන එක තමා සිරිත. ඒ උනාට මේ කාරියබහුල ජීවිතේ අපි දෙකක් ගහංට තියේනං දෙකම ගහලා දෙන එක තමා ඉක්මන්. නැද්ද ඈ...

ඕං ළමයිනෙ ඊ ගාවට තියෙන චැක් එක බලංටකො. ඒකෙ අනික්වා ඔක්කොම හරි. තව ඉරි කෑලි දෙකක් තියෙනවා. ඔව්, ඔව්, සමාන්තර රේඛා දෙකක්. මේ රේඛා දෙක තිරස්ව, සිරස්ව ගහංටත් පුලුහං. ඒ වුනාට සිරිත හරහට ගහන එක තමා. මේකට කියනවා අපි චැක්පත් රේඛනය කිරීම (Crossing) කියලා. දැන් මේ රේඛිත චැක්පත අපිට බෑ කවුන්ටරෙන් සල්ලි ගංට. මේක අනිවාර්යයෙන් ගිණුමකටම දාංට ඕනෑ. මුදල් කියලා තියෙන චැක්පත් නිකං අනං මනං ගිණුම් වලට දාංට බෑ, ජංගම ගිණුමකටම තමා දාංට ඇහැකි. 



එහෙම දානකොට අර නං ගං අනං මනං ඕන්නෑ. තමන් චැක් එක තැන්පත් කරන්නෙ මොන ගිණුමටද කියලා (credit instructions) මේං මෙහෙම දැම්මම ඇති.


දැං බලංට මේ පහල පිංතූරෙ. මේකෙ පේනවද කෙනෙක්ගෙ නමක් ලියලා තියෙනවා. ආ... එහෙනං මේක පුලුවං ජංගම ගිණුමක් නොවන තමන්ගෙ ඉතිරිකිරීමේ ගිණුමකට බැරකරන්ට. හැබැයි, ඒ නම සඳහන් ඇත්තාටම (ආදායක - Payee) තමා. වෙන කෙනෙක් දාගන්නවානං ඉතිං ආයිත් ජංගම ගිණුමකටම තමා. 


දැන් අපිට පුරස්නයක් එනවා නම සඳහන් වෙන කෙනෙක්ගෙනම් කොහොමද තවත් කෙනෙක් මේක තමංගෙ ගිණුමට දාන්නෙ කියලා. නෑ... එහෙම ප්‍රශ්නයක් නෑ. ඔය චැක්පතේ දකුණට වෙන්න "හෝ රැගෙන එන්නාට (or bearer)" කියලා තියෙන්නෙ. ඒ කියන්නේ ගේන කෙනාට ඕනි එකක් කොලෑකි. 

ඔය ආණ්ඩුවෙ චැක් වල, එතකොට ගෙවුම් ඇණවුම් වගේ එවුවයෙ ඔතන "හෝ රැගෙන එන්නාට" කියන එක වෙනුවට තියෙනවා, "හෝ අණට (or order)" කියලා. එතෙංදි මේ කතාව තරමක් වෙනස්. ආන් ඒ ගැන අපි කතාකරමු ඊ ළඟ ලිපියෙන්. 

මේ චැක්පත් අලුතිං අඳිංට ගිහිං මාංසියි හරියට. මං දැනට ගිහිං... අනික් ඇත්තංගෙ එව්වයෙත් කරක් ගහලා එඤ්ඤංකො ඈ....



25 comments:

  1. හරිම අගෙයි.................. මේ දැනුම සමාජගත කිරීම වැදගත්......... විශේෂයෙන් ම මේ විදිහට තේරෙන්න............

    ReplyDelete
    Replies
    1. ස්තුතියි! කලින් යම් යම් අය ලිපි ලියා ඇතත් මගේ අරමුණ යම් අංශයක් ගැන වැදගත් සියල්ල දැනුවත් කිරීමයි.

      Delete
  2. පට්ට. google එකේ චෙක් ගැන දැනගන්න හොයලා බලද්දී තමා අහු උනේ. follow පාරකුත් දැම්මා. අනෙක් ලිපි ටිකත් ඉක්මනටම දාන්න

    ReplyDelete
    Replies
    1. ඉඳහිට සමාජීය කරුණු දැක්වුවත් අධ්‍යාපනික දේවල් තමා ඉතිං වැඩි. මේ ක්ෂේත්‍රය ප්‍රෙයා්ජනවත් වුණත් ඒ ගැන කතා කරනවා අඩුයිනෙ.

      Delete
  3. නියමයි විසිටර.

    ---

    ඉන්ෆෝ ටික නම් බොහොම යූස්ෆුල්.

    ReplyDelete
    Replies
    1. හැබැයි මචෝ, තාම උඹලාට වඩාත් වැදගත් බහුලවම යෙදෙන ගණුදෙනු කටයුතු ගැන ලියලා නෑ කියලයි මට හිතෙන්නෙ. කොතනිං පටං ගන්නද මන්දා. දියංකො පොඩි අයිඩියා ටිකක්. උඹ ඉතිං කරුණු විග්‍රහ කොරංට රුසියනෙ.

      Delete
  4. විසිටරයාගේ මේ වැඩේ අගය කරන්න වචන නෑ. දැන් අපිත් බැංකු වැඩ ගැන අනික් උන්ට පොර ටෝක් දෙන්නේ නික අපි හෙන ඔස්තාර් ලා වගේ , විසිටරයාට පින්සිද්ධ වෙන්න

    ReplyDelete
    Replies
    1. අර උඩ විභීෂණයට කිව්වා වගේ උඹෙනුත් මං ඉල්ලන්නෙ කතා කරන්න මාතෘකා ටිහක් යෝජනා කරහංකො. මට කරුණු තියෙනවා කොතනිං පටං ගන්ටද තේරෙන්නෑ.

      Delete
    2. ඉවානයට ගඩොල් බාගෙකින් ගහන තැනින් පටන් ගනිං..... ඕ යේස්....!!!!

      Delete
    3. හැංගිලා හිටියටද?

      Delete
    4. ඔය වගේ බරපතල කාරනා නිකන් අමුවට කතා කරන්න පුලුවන්ද..ගල් බොතල් ටිකක් ගෙනත් තියහන් මම සින්දුවා නිමෝ බුට් පත්තර කම්මල ඉන්දික එකකරගෙන එන්නම්.
      @ඉවනයා
      තෝ ලියන්නෙ නැද්ද යකෝ?

      Delete
    5. ගයා නිම කළ ගීතයක් වෙද
      තනුව විසි කර ළතෙත හිම මත
      හඬන පවුලූෂාවනී
      ඉවාන් පවුලූෂාවනී

      කඩා නටුවෙන ඔවුන් නුඹ හිත
      වැයෙන වෙණ තත විසි කරන්නද
      සුසුදු සීතල හාදුවක් ගෙන
      මලක සුවඳක් මුව තියන්නද
      දෙපස වී විරසක ව ඉන්නද
      කඩදාසි සෙල්ලම කරන්නද
      ඔබේ උර මත මුව තියන්නද
      ඉවාන් පවුලූෂාවනී

      නැඟී ඉහිරෙන රැළිති සර සර
      වෙරළ කොණ සිට අසමු හෙමිහිට
      ඉර ගිලෙන හැටි පෙමක දිය මත
      දිලෙන දෑසින් කියා දෙනු මට
      ජීවිතය කුසුමක සියුම් පෙති
      විලස අරගෙන හද අත්ල මත
      සිඹිමු හෙමිහිට නොබිඳෙනා ලෙස
      ඉවාන් පවුලූෂාවනී......

      ගත්තේ මෙන්න මෙතැනින් --http://amaleymunasinghe.blogspot.com/2013/04/blog-post_5.html

      Delete
    6. අනේ අම්මේ තෝ එක්ක බෑ තෝට ඇස්වහ කටවහ වදියි සින්දුවෝ

      Delete
  5. දැන් ඕකෙ ඉතුරු ටික, ඒ කියන්නෙ චැක් බවුන්ස් වීම, චැක් එකක් රිටන්වීමට හේතු වන වැරදි වගේ ඒවත් ලියහං.

    ReplyDelete
  6. පරායෝගිකව කොරලම බලන්න වෙයි හඉයටම තේරුං බේරුං කොරගන්න. ඒපිට කොයින්ද චැක් කිව්වලු. අනාගතේ අපේ අතේ.

    ReplyDelete
    Replies
    1. කවද හරි ලැබෙයි බං.

      Delete
    2. චැක් එකක් අත්සන් කරලා මට එවාහන් ගාන මම දාගන්නම්

      Delete
  7. ඉගෙන ගන්න එවුන්ට වගේම හැමෝටම පට්ට වැදගත් මචෝ ..සොරි වේවා පරක්කු උනාට .
    ජයවේවා !!

    ReplyDelete
    Replies
    1. පරක්කු වෙලා හරි උඹ ආවනේ බං. අද සින්දු නැතෙයි?

      Delete
    2. මේ දවස් වල හැමෝම සින්දු කියනවානේ මචෝ ...ඒවා අහලා මටත් දැන් සින්දු මතක් වෙන්නේ නැතෝ ..

      Delete
    3. ඒවා සින්දු නෙමේ. බයිලා.

      Delete
  8. මචං..බැංකුවක් එක්ක ලෙඩක් කොක්කක් දාගත්හම අපේ පැත්තට උදව්වට කවුරැත් නැද්ද? අර ණය තොරතුරැ කාර්්‍යංශය ගැනයි ඒකේ සේවාවන් ගැනයි ලියපන්..
    ඔම්බුස්මන් කියන්නෙ කවුද? මිනිහා මෙනවද කරන්නේ?
    හදිස්සි නෑ නිවාඩු පාඩුවේ මේ දේවල් ගැන ලිපියක් ලියපන්..
    ඇමරිකාවේ සුද්දියොන්ට හෙලුවෙන් ඉන්න කියලා මම නිවාඩු ගියා බං අද ආවේ එකයි එන්න පරක්කු වුනේ.

    ReplyDelete
    Replies
    1. මචං ඔය පළවෙනි කාරනේ අන්තර් පුද්ගල සම්බන්ධතා බිඳවැටීම හා පුද්ගල මතවාද ගැටීමක්. පෞද්ගලික පළිගැනීම් වගේ වෙන්ට පුලුහං. ඒත් උඹට පූර්ණ නිදහස තියෙනවා ඔම්බුඩ්ස්මන්ට උණත් පැමිණිලි කරංට. පොර තමා මුදල් අමාත්‍යංශයේ පාර්ලිමේන්තු කොමසාරිස්. මූල්‍ය ක්ෂේත්‍රෙය් පැමිණිලි විසඳන්ට තමා ඉන්නෙ.
      අනිවා, උඹ කියාපු හැමදේම මං ඉදිරියෙදි ලියනවා.
      එතෙක් උඹලාගේ එළ ද බ්‍රා පවුලටම සුභ අලුත් අවුරුද්දක් වේවා!!!

      Delete