Tuesday, December 30, 2014

Blue or Green? නිල් පාටද කොළ පාටද?




හා හා ඉතිං කළබලවෙන්ට කාරි නෑ. දවසේ තෝරාගැනීම ගැන විශාල කලබැගෑනියක් ඇත්තේ. හැමෝම තීරණයක් ගන්න බැරුව ඉන්නෙ. මොකද දෙපැත්තටම ඡන්ද තියෙනවා. දෙපැත්තට බෙදිච්ච අය තමන් අකමැති බ්‍රෑන්ඩ් එකේ නුගුණ කියනවා. තව කට්ටියක් කියනවා ඔය දෙකම එකයි වෙන එකක් තෝරාගම්මු කියලා. හැබැයි නිල් කොළ දෙකට තමා වැඩි ඡන්ද.

කොළපාටට කැමති කට්ටිය කියනවා නිල්පාට තෝරාගන්නවා කියන්නෙ අපි ලෝකෙට ණය වෙන වැඩක්. අන්තිමේ ඉතුරු වෙන්නෙ මහ හිසරදයක්. විඳවන්න වෙනවා. මෙලෝ රහක් නෑ. ඒ නිසා කොළපාට තෝරගම්මු කියලා. අනික ඔය නිල්පාට එක හැදුනෙත් කොළපාට එකම වෙනස් කරලා තමා. ඒ නිසා නියම ඔරිජිනල් එක ගම්මු කියලා.

නිල්පාටට කැමති කට්ටිය කියනවා ධනය ටිකක් නාස්තිවුණත් හොඳ ප්‍රතිඵලත් තියෙනවා. සෙම නෑ, සෙවල නෑ. මේ දවස්වල වැඩිය ඩිමාන්ඩ් නැති නිසා කළවං නෑ කියලත් සුවර්. තත්ත්වයෙන් උසස්. පොඩි වියදමක් විතරයි වැඩිපුර යන්නෙ. අරකද මේකද එක කෙලියයි.

කට්ටියක් ඉන්නවා, අපිට ඔය කොයිකත් එකයි. කෝකෙනුත් වෙන්නෙ එකම සෙතේ. කොරන මගුලක් කරමු බයිල ගගහ ඉන්නකං, බොරුවට වාද කරනකං කියලා.

තව කට්ටියක් කියනවා, ඔය දෙක නෙමෙයි ඔය සෙට් එකම දහ ජරාව. අපිටනං අරහං වෙලා තියෙන්නෙ කියලා.

දැන් තේරුණානෙ වැඩේ? 

මගුලක් කතා කරනවා. මේ තමා එක්තරා වර්ෂාවසානයක සුහද සාදයේ බ්‍රෑන්ඩ් එක තේරීමේ මහා වාදය.







මහ දවාලේ ඔය කොයික ගැහුවත් හෙන අමාරුයි ඉතිං. අපේ මේ පට්ට ගිනි අව්වෙ කරවෙන ලංකාවෙ ගොඩක් උන්ට ඔය කොයිකෙනුත් කෙළවෙන්නෙ දැඩි උෂ්ණත්වය මැද්දෙ මෙව්වයිනුත් තව තවත් ඇඟ උණුසුම් වෙලා යන නිසා. නාලා කියලා හැන්දෑවක සීතලේ හෙමිහිට කොරනවනං ඕවා නරක නෑ. කොහෙද මේ අපේ ගෙවල්වල උන්දැලගෙ නෑනෙ කිසි උනන්දුවක්. මං කිව්වෙ බයිට් එකක් කාරිය හදලා දෙන්ට. 

හැන්දෑවට පබ් එකට ගිහිං වැඩිය සද්ද බද්ද නැති මුල්ලක පත්තරයක් කියව කියවා පිටපැත්තෙ පිනි බින්දු බැඳුණු පෙණ දාන ඩ්‍රාෆ්ට් බියර් එකක් තොලගානකොට, විශේෂයෙන් දවල් දවස උණුසුම් වටපිටාවක වැඩකරල ඇඟ රත්වෙලා තියෙන වෙලාවක ඇඟ සීතල කරගන්ට ඇත්නම්. අප්පා... ඒ ආතල් එකනං හොඳට ඇරං තියෙනවා. දැන් වයසට යනකොට සෙම වැඩි හින්දා එ් කෙලියත් නිතරම හරියන්නෑ.

ඔය නිහඬ පරිසරයේ තනියෙන් බුදුවෙනවා තරම්ම ආතල් එකක් තමා යාලුවො 4 ක් සෙට් වෙලා සැරජාති බෝතලයක් දෙකකට සෙට් වෙන එක. හොඳට කට දන්ට ගම්මිරිස් වැඩිපුර දාලා හදපු මටන් ස්ටුවක් එක්ක රෝස් පාන් දහයක් විතර කෙළලා අරින කොට දන්නෙම නෑ බෝතලේ නිකම්ම දෙක, තුන වෙනවා. මෙහේ තියෙනවා අර තායි අකුරු ගහපු මාලු සෝස් වලට කොච්චියි, සුදුලූණුයි, දෙහියි, ලුණුයි දාලා හදන නම්පා සෝස්. කට දන්ඩ කියාපු ජාතිය. ඒකට කට දනකොට ෂැගියි, ස්කූබියි වගේ ටුමැටෝ සෝස් දාගන්නවා දිව දිගටම. කොයි ලෝකෙ ලෙඩ හැදිල නවතීද මන්ද ඉතිං. අනේ මේ ඉන්න ටිකේ තමන් ආස දෙයක් කාලා බීලා හොග් ගාලා යනවා මිසක් සිල් අරගෙන අවුරුදු 120 ක් හිටියත් වැඩක් නෑ මටනං. යාලුවො 4 ක් සෙට් වුනාම දෙන්න දෙන්න එතනත් පොඩ්ඩක් කැඩෙනවා. දෙන්නෙක් සෙට් වුණාම ඉතිං වෙනම ලෝකෙකට ගිහෑකි. මමනං ඔය කොයිකෙනුත් ගන්නෙ ආතල් ම තමා. මට නිතරම ඕනි වෙනසක්. අද යාලුවො එක්ක බිව්වනං හෙට තනියෙන්. අනිද්ද ගෙදරටම ගෙනත්  හංගගෙන. අන්න එ් වගේතමා. 

අපි එකපාරක් ගියා ලොකු තේ වත්තක් තියෙන කස්ටමර් කෙනෙක්ගෙ ආරාධනාවකට සීතල කඳුකර ගමකට. දවල් කෑමට තිබ්බා ලොකු සර්ෆ් එක්සෙල් බාල්දියක් පුරෝලා මඤ්ඤොක්කා (අකුරු හරිද මන්දා) තම්බලා. අලි මැටි කෝප්පෙක තැඹිලි පාටට පොල් සම්බෝල පුරෝලා. අර පොඩියට කෑලි කපලා ගමේ තාලෙට උයපු කුකුල්මස් හට්ටියක්. ආයි දීසි වල මොකවත් නෑ. ඊට පස්සෙ අර නිල්පාට තඩි ඇසිඩ් බැරල් (ඇසිඩ් හෝදල ගන්ඩ ඇති) එකක් පුරෝලා කිතුල් රා. (දැන්නං කිතුල් රා බෑ. උගෙ අම්මගෙ ඔලුවෙ කැක්කුමක් අල්ලන්නෙ). අපි ඔක්කොම දහයක් විතර ගියා. එදා තමා දුන්නෙ පොරි හැලෙන්න. ගෙදර ආවද කියලවත් මතක නෑ. ඒ වගේ උත්තමයොනං මෙතේ බුදුන් දැක නිවන් දකිංට ඕනෑ ඒ කරපු මහා පුණ්‍යකරුමෙට. 

ඉතිං මේක ලිව්වෙ පොඩි වෙනසකටත් එක්ක. අනික අද දවාලට හොඳට කාලා බීලා හවස් වරුව විඳෝලා යංට ඕනෑ රෑ වෙනකොට පෙනදාන, සීතල කූල් බියර් එකක් බොන්ට. ඕවා කොරලා බොග දාන්ට බෑ නොවැ.

ඉතිං ලබන්නාවූ 2015 අලුත් අවුරුද්ද මේ අහ නිතර යන එන විභියා (අඩෝ මාත් 5000 යි හරිය), සින්දුවා, මෙන්ඩා, මනෝෂයා (මුල ඉඳන්ම හිටි එකා), මහේෂයා (මේ අනිකා), ඉන්දික සිංහයා, කුරුටුස්, දමියා ඇතුලු මගේ මිතුරු කැලටත් ඉඳහිට හරි මේ පැත්තේ ඇවිත් මෙලෝ රහක් නැති මේ ලිපි කියෝපු හැමෝටමත් විශේෂයෙන් මට උදව් කල අටමා සහ දේශාටත්, කෙනෙකුට බ්ලොග් ලියන්න හිතෙන තරම් පට්ට ලිවිල්ලක් ලියන මාතලං ලොක්කටත් මෙකී නොකී නම් කී නොකී හොකී අයිස් හොකී හැම එකාටත් එකීටත් වගේම මටත්, අපේ ගෙදර උන්ටත් තම තමන්ගේ දුක් කම් කටොලු සියල්ල දූරිම්බූත වෙලා හැමදාම හිනාවෙලා සතුටිං ඉංට ඇහැක් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!!!


එහෙනං විසිටරයා ගොහිං ඩෝප් වෙලා එඤ්ඤංකො (අකුරු හරිද මංදා) ඈ....

29 comments:

  1. වෙරි වේවා , හතර ගාතෙන් වත් යන්න බැරි වේවා :P

    ReplyDelete
    Replies
    1. එසේම නොවේවා. මොකද මං දන්න ඉවානයා බොන්නෑ.
      හරි මචෝ, මොක වුනත් උඹට සහ පවුලූෂා සැමට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!

      Delete
    2. එහෙනම් උඹ දන්න ඉවානයා මම තමයි , ටැංකු වී

      Delete
    3. මං නොදන්න තෝ හුකෑස්.

      Delete
  2. මේක උඹ බීලා ලීව්වද මන්දා.. මම හිතන්නේ මම උඹේ කියවපු හොඳම ළිපිය.. මගෙත් හොඳම ඒවා ලියවෙලා තියෙන්නේ මලක් හරි ගලක් හරි ගහපු වෙලාවට.. අමුවෙන් ලියන ඒවා මෙළෝ රහක් නෑ.. පස්සෙ මට මං ගැනම ලැජ්ජයි...

    එහෙනම් මෙතේ බුදුන් දැක නිවන් දකිවා....!!!!

    ReplyDelete
    Replies
    1. මට පෙන්නන්න බැරි බීමක් තමයි බ්‍රැන්ඩී.. ඒත් සමහර උන්ගේ ෆේවරිට්.. ඕන් විස්කි නම් අයිස් මැණික් කැටේ වගේ තමා ඉතින්... මඤ්ඤොක්කා වලට කුකුල් මස් නෙමෙයි හරියන්නේ.. කට්ට සම්බලයි.. නැට්ට කොටා මිරිසට හිඳවා.. කෙලින්ම දිවිය භෝජන ඩස්බින් දාන්න වෙනවා...

      Delete
    2. ඌරු මස් ටිකක් ඇරං ටිකක් හොද්ද හිටින්ට හදල ඇරං මය්යොක්කත් එක්ක කාල බලන්ටකො අය්යන්ඩි...
      මං නං හිතන්නෑ ආයෙ වෙන දෙයක් ගැන කියයි කියල
      හිහි

      Delete
    3. @මාතා December 30, 2014 at 11:49 PM,
      බොන්ඩ පොඩ්ඩකට කලිං බං. එතකොටනෙ ඩෝප් වැඩි. තෑන්ක්ස් මචං. බෝතලේ පෙනි පෙනී කොටන එව්වාලු හොඳම එව්වා. උඹටත් එසේම වේවා.
      @මාතා December 30, 2014 at 11:52 PM
      මචං නොකීවට විස්කිත් මගෙ බ්‍රෑන්ඩ් එකක්. ඒව්වා ඉතිං හැමදාම නෑ... හැම තැනම නෑ අපිට. නැට්ට කොටා කියන්නෙ වයිල්ඩ් පිග් වෙන්නැති. අපිනං කියන්නෙ එහෙමයි හුහ්... මොන දිවිය බොජනද? දෙයියො උයන ...ක. (මේකනං ඩෝප් පිට කොටන්නෙ. අද උදේම අපේ (සිංහල) වෙළෙන්දෙක් එක්ක ඇරගත්ත. නෑ... ඌ ඇරෝගන්ඩ දඟලන එකෙක්. අලුත් අවුරුද්දෙ මේ කාලකන්නින්ටම ලියනවා පෝස්ට් එකක්. ඕ යේස්)
      @මහේෂයා,
      කාලා තියෙනවා මළණ්ඩ, මොකද නැත්තෙ. මළයත් සියඹලා ගෙනල්ලා වගේ.

      Delete
    4. \\ඌරු මස් ටිකක් ඇරං ටිකක් හොද්ද හිටින්ට හදල ඇරං මය්යොක්කත් එක්ක කාල බලන්ටකො//

      ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
  3. ඇත්තටම බොලල්ල අර රා කල්දේරමටම වග කිව්වද බොලං
    හප්පේ මේව එසේ ෙමසේ බඩවල් නෙවි වගේ...
    මයියොක්ක එක්ක අර මාතෙට දාල තියෙන දේත් ඉතිං නියමයි කාල බලල තියෙන අය දන්නවලු ඉතිං ඈ...
    මම නං දන්නැල්ලු...

    ඇත්තටම විසිටරයො අවුරුද්දකුත් ඉවර වුණා නේහ්.... අනේ මංද බොලං...
    මේ හිටිය මේ නෑ වගේ දැනෙන්නෙ...
    හා හා කතා ඇති....
    මාත් සෑහෙන දවසකින් බ්ලොග් පැත්තෙ ආවෙ... කෝ අර සදුමලා... ඌ කවුරු හරි පොරමොලා කෙනෙක්ගෙ කැකුළියක් ඇන්න කැලේ පැන්නද කියල පොඩ්ඩක් හොයල බලාාන් විසිටර් තුමෝ...

    ඉතිං විසිටර් තුමාටත් උන්දැගෙ ගෙදර කාර්ය මඩුල්ලටත්(?????) මේ ලබන්නා වූ අලුත් අවුරුද්ද රම්පෙට පොරි පොකුරු පොකුරු හැලෙන අවුරුද්දක් වේවා...
    ආයුබෝ වේවා.....

    ReplyDelete
    Replies
    1. ඇයි මලයා මං කීවෙ දහ දෙනෙක් කියලා. මං දන්නවා ඔය රහ. ඒ වුනාට මේ ගෙදර ඇත්තංගෙ නෑනෙ කිසි උනන්දුවක් (නැට්ට කොටා ගැන)
      උඹ ආවා කියන්නේ අම්මා අප්පා දැක්කා වගේ. සඳුමලා ඇඩ්‍රසුත් නෑ. පොරමොලාගෙන් කයිද දන්නෑ කෙටේරි පාරක්. මළයාටත් මළීටත් (එහෙම ඉන්නවනං) පොරි හැලෙන පොරි කැපීයන (අනේ වැරදුනා බං) සුබම සුබ අවුරුද්දක් වේවා! අවඩා ආයිබෝ!!!!!!!!!!!

      Delete
  4. Wish you a successful 2015....! cheers...!!!!

    ReplyDelete
    Replies
    1. Same to you my dear chef-archi.
      Want to share a glass with you.

      Delete
  5. අඩෝ..බ්‍රෑන්ඩ් එක ගල්..
    මම කියන්නෙ ඒකනේ උඔ ලියන ලිපි වල අමුතු ගතියක් තියනවා..
    හිටපිය...මේ මගේ කට දෙපැත්තෙන් බේරෙන කෙල පිහදා ගන්නකන්..අනේ අම්මේ දිලිසි දිලිසි ඉන්න ලස්සන.ආසාවේ බෑ..
    හරි එහනම් උඔටත් පවුලේ සැමටත් සුභ නව වසරක් වේවා කියලා ප්‍රර්ථනව මම සදු පොඩි මෙන්ඩියා ගෙන්..

    ReplyDelete
    Replies
    1. අඩේ, පාතම එකට ඉස්සෙල්ලා දාලා දැං මේකට මක්කැයි කොරන්නෙ? මචං හැමදාමත් උඹ කරන ඇගයීම මට බිලියන් ගානක් වටිනවා. උඹට ඔය පින්තූරු දැකලා ආතල් යන කොට මටත් යනවා (ආතල්).
      උඹට, සඳුට, පොඩි මෙන්ඩට සාමය සතුට සපිරි ප්‍රීතිමත් (සහ මාතාට වගේ බිසීම බිසී) සුබ අලුත් අවුරුද්දක් වේවා, ආයිත්!!!

      Delete
  6. ලිපියනම් එල ද බ්‍රා

    ReplyDelete
    Replies
    1. බොටත් බ්‍රා පිරුණු ඉතිරුණු නව වසරක් වේවා!

      Delete
  7. සුභම සුභ නව වසරක් වේවා විසිටරයෝ .....
    බ්‍රෑන්ඩ් එක නම් ගල් නැත්නම් කිතුල් රා ...


    කිරි ඉතිරේවා නව වසරේ
    කිරි ඉතිරේවා නව වසරේ
    සාමයේ ගීතයේ රැව් නැගී දස අතේ
    සාමයේ ගීතයේ රැව් නැගී දස අතේ
    කිරි ඉතිරේවා නව වසරේ
    කිරි ඉතිරේවා නව වසරේ

    දුක් දොම්නස නැති වුණා
    නව වසරක් එළඹුණා
    අවුරුදු දා ප්‍රීති වන්න
    මතුකරමින් මල්හිනා
    සාමයේ ගීතයේ රැව් නැගී දස අතේ
    සාමයේ ගීතයේ රැව් නැගී දස අතේ

    කිරි ඉතිරේවා නව වසරේ....

    බත බුලතින් අඩුනොවී
    සුරසැප මිහිපිට මැවී
    උපන් බිමේ කිරි ඉතිරී
    ගොඩ මඩ සරු සාර වී
    සාමයේ ගීතයේ රැව් නැගී දස අතේ
    සාමයේ ගීතයේ රැව් නැගී දස අතේ

    කිරි ඉතිරේවා නව වසරේ....


    ගායනය - එච්. ආර්. ජෝතිපාල

    ReplyDelete
    Replies
    1. සින්දුවා සහ පවුලේ සැමටත් සුබම සුබ නව වසරක් වේවා!!!

      Delete
  8. සුභම සුභ නව වසරක් වේවා................................

    කුගැගීප

    ReplyDelete
    Replies
    1. කුරුටු ගාන පවුලේ සැමටත් සුබ නව වසරක් වේවා!

      Delete
  9. සුබ අලුත් අවුරුද්දක් වේවා. උඹ මට අර කමෙන්ටුව දැම්මෙත් කන සාක්කුවෙ දාගෙන නේද?

    ReplyDelete
    Replies
    1. නෑ මචෝ. එතකොට අබවුට් ටු ඩෝප්.
      අඩේ පට්ට ආතල් එකක් බං ගත්තෙ. දවල්ට බතුත් නෑ..........

      Delete
  10. සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා විසිටර් තුමාට. අද තමා මේ පැත්තෙ ආවෙ :D. ඔන්න ලියාපදිංචි සාමාජිකයෙකුත් උනා ඈ. එහෙනම් ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. මනා ල මනෝ ල එනවා යනවා. අඩුම ගානෙ උඹ ඒ ගොඩට වැටෙන්නෙපා බං. අදහස් මොනවා වුනත් උඹට සුබ අලුත් අවුරුද්දක් වේවා කියා පතම්. මොකද, මොන මති මතාන්තර තිබ්බත් අපි උඹලා හැම එකම මිනිස් කුලකයේ.

      Delete
  11. බියර් එක ගැන කියපු කිවිල්ලට මටත් බියර් එකක් ගහන්න තරම් ආසාවක් ආවා. මේ ඉට්ටැයිල් එකෙනුත් ලිපියක් දෙකක් ඉඳල හිටලවත් ලියමු අප්පා..සුපිරියි..

    එහෙනම් ඔන්න අලුත් අවුරුද්දට මනෝෂයාත් හදවතින්ම සුබපැතුවා.

    ජයෙන් ජයම වේවා!!

    ReplyDelete
    Replies
    1. හප්පේ දැක්ක කල්. කොයි ලෝකෙ තොලොංජි උනාද බොල. මං හිතුවෙ ධවල රථයකින් වත් පැහැරගෙන ගිහිං කියලා. (අනෙප්පලයං යංට, උඹයි මායි බොන බියර්...හැක්)
      මනෝෂයාටත් පවුලේ සැමටත් ගැවුණු ගැවුණ තැන් වලටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.

      Delete
  12. උඔ හොදින්ද?
    අලුත් දෙයක් ලියපන් මචං

    ReplyDelete
    Replies
    1. මාසෙ මාරුවෙන්ට කලිං අනිවා එකක් හරි දානවා. තෑන්ක්ස් මචෝ මතක් වුනාට. උඹ හොඳ ෆ්‍රෙඬෙක්.

      Delete