Saturday, December 13, 2014

The Public Opinions-1 ජනතා මත-1

http://angrycashierchick.tumblr.com/

හැමදාම චැක් ගැනයි අරකයි මේකයි කොටලා මේකත් නිකං ටියුෂන් ක්ලාස් එකක් වගේ වෙලා. පහුගිය ටිකේ වරුසාවසාන ගේම් හිංද සහෝදර සමාගම් වල කරක් ගහන්නත් බැරි උනා. (ලොකු දෙයක් කිව්වා? අනෙහ් මෙහ්..) මේක පබිලිස් කොරල යංට ඕනා ඒ පැතිවලත්.

දැං මං මේ ටිකේ බොලාට ලියනවා ලිවිල්ලක්. නෑ...නෑ... එකතු කරලා තියනවා ටික ටික පබිලිස් කොරංට. ඉතිං අද මං ලෑස්ති වෙන්නෙ මොන පොල් පැලේ කංටද දන්නවද? මම හදන්නෙ සාමාන්‍ය ජනතාවට තියෙන පුරස්න ටිකක් කතා කොරංට. ඒ කොරල එව්වට පොසිබල් සොලූෂන් ටිහකුත් ඇදල අරිංට. මෙව්වත් ඉතිං බංකු බංකුම තමයි. ඒ උනාට බංකු නැතුවත් බෑනේ...නැද්ද මං අහන්නෙ?

රජයේ බැංකු තාමත් ඇයි මිනිස්සුංට සමීප නැත්තෙ?
ඔය පුරස්නෙ මෙහෙම දිග අරිංට පුලුවං. ආණ්ඩුවෙ කන්තෝරුවක තියෙන රාජකාරිමය, ඒකාකාරී, වෙලාවෙන් පිට වැඩ නොකරන (මං කියන්නෙ ගණුදෙනු නොකරන), එන මිනිස්සු කරදර කාරයො විදිහට දකින, චක්‍ර ලේඛ වලින් බැඳුනු ලක්සන තාම තියෙන්නෙ ඇයි?

බොලා දන්නවා, පෞද්ගලික බැංකු මේ රාමුවට කොටු වෙලා නෑ ඒ තරම්ම. ඒ වුනාට ඔවුන් ලාභ අපේක්ෂාව මුල් කරගෙන යමක් කමක් ඇති අයට නෙ සලකන්නෙ. ඔන්න ඔතෙංදි මිනිස්සු රජයට අයිති බැංකු වලට ගොනුවෙනවා. අනික තමංගෙ මුදල් වලට තියෙන ආරක්ෂාව ගැන මිනිස්සු හිතනවා දෙපාරක්. මොකද අපිට මෑත කාලෙ පොඩි අත්දැකීම් දෙකකුයි ලොකු අත්දැකීමකුයි තියෙනවනෙ. ඉතිං ලංකාවෙ ඉන්න මිනිස්සුංගෙං වැඩි හරිය ආණ්ඩුවෙ බැංකු වටා රොක් වෙද්දි සාපේකෂව ඊට අඩු ප්‍රමාණයක් පෞද්ගලික පැත්තට ඇදෙනවා. පෞද්ගලික එව්වයෙ ඉන්නව වගේ දෙගුණයක් විතර කාරිය මංඩලයක් තමා අරවයෙ ඉන්නෙ. හැබැයි දවසක ගණුදෙනු ප්‍රමාණය ඒ වෙනුවට පස් ගුණයක් විතර වෙනවා. මහ ලොකු ජනතාවක් හසුරුවන කාටත් (පොලීසිය, බස් කොන්දොස්තර) තියෙන මෙව්ව එක තමා මෙව්වයෙ සේවකයන්ට තියෙන්නෙ. ඉතිං නෝ කතා නො සිනා!

අපේ බැංකු ක්‍රමය අපිට ආවෙ සුද්දගෙං. දන්නවනෙ ඉතිං අධිරාජ්‍යවාදී, නිළධාරිවාදී වගේ ඇතැම් අයහපත් ලක්සන මේ ක්‍රමයටත් කාන්දු වෙන්නෙ ඒ නිසා. බලන්නකො අපේ රාජ්‍ය සේවය. මෙතනදි සේවකයා චක්‍ර ලේඛ වලින් බඳිනවා. ඒවා හරියට ෆලෝ කොරනවද බලන්න ඔඩිට් පනිනවා. හැකි තරම් ප්‍රමාණයක් ගෙදර යවන්න බලනවා. මිනිස්සු රස්සාවට ආදරෙයි නෙ. මොකද ඔය කවුරුවත් කන්ඩ අඳින්ට දෙනවයැ. සාමාන්‍යෙයන් බැංකුවල සේවකයන්ට නීති තදයි. මුදල් සමග කටයුතු කොරන හිංද අවදානම වැඩියි. නීති සහ තද ප්‍රතිපත්ති තියෙන්නෙ වංචා වලක්වන්න. වැඩි පඩියක් ගෙවන්නෙත් හොරකං කරයි කියලා. (ඒත් කොරන එකා කොරනවා. ඒක කොහෙත් එකයි.) මෙන්න මේ චක්‍ර ලේඛ සහ නීති නිසා තමා ගනුදෙනු කරංට යන අයට දැනෙන්නෙ තමංව රස්තියාදු කොරනවා කියලා. ණයක් ගංට ගියාම අරකද මේකද ලිය කියමං අටෝරාසියක් ඉල්ලන්නෙ ඔය අවදානම අඩු කරංට. දන්නවද? ලෝකෙම බැංකු දැන් ක්‍රියා කරන්නෙ විසේස ප්‍රඥප්තියක් යටතේ අවදානම් අඩු කරංට.

ගණුදෙනු කාලසීමාවත් හරි පුරස්නයක්. තමන්ගෙ දෛනික කාල සටහන ඇතුලෙ බැංකුවට යන්න වෙලාව වෙන්කරගැනීම පුරස්නයක්, විසේසයෙන් බිසිනස් කාරයින්ට. ඕකට හොඳම විකල්ප තමා ඉංටනෙට් බෑංකිං, මොබයිල් බෑංකිං සහ සොයංක්‍රීය ටෙලර් යන්ත්‍ර බාවිතා කොරන එක. පෝලිං ඇත්තෙම නෑ. මං හූනා කියන්නැහේ කියංනං, තව අවුරුදු දෙක තුනකිං තමුන්නැහැලට බැංකු පැත්ත පලාතෙ යංට ඕනි වෙන්නෑ. (බැංකු ටික වැහෙයිද ඇහුවා? නෑ...නෑ...) දැනට ඔය ගෙදර ඉඳං කොරංට බැරි වැඩ සේරම එතකොට පුලුවං වෙනවා.


සමහරුංට පුරස්නයක් ඇයි බැංකු කවුන්ටර් වල තරුණ ඉටිකිරිස් කෑලි නොදා පුප්පගෙන ඉන්න මැන්ටල් දාන්නෙ කියලා. හේතුව සේවක හිඟය. අනෙක අලුත් අය මුදල් කටයුතු වලට එක පාර දැම්මාම උන්ව ෂොක් වෙනවා. හැමෝම එක වගේ නෙමෙයිනෙ. එක වගේ දක්ෂ නෑ. සැලෙනවා. බය මීටරේ එක එක පාඨාංක. ඈ... අනික තමා මේ පුරස්නෙ නගරයෙන් බැහැරට වැඩියි. ඒ කියන්නෙ ඈත පලාත්වල සාකාවල ඉන්නෙ අර මං කියපු කට්ටිය. ඉටිකිරිස් ඔක්කෝම එක්කො බැඳලා, නැත්තං බබා හම්බු වෙලා, නැත්තං ඉගෙනගන්න කියලා ඉස්තාන මාරු හදාගෙන නගරෙට ඇදෙනවා. රොඩු බොඩු ඉතුරු වෙනවා. කොට ගවුමක් අැඳපු කොණ්ඩෙ රී බොන්ඩ් කරපු තොල් රතු කරපු කෑල්ලක් කවුන්ටරේ ඉන්නවනං සේසතම හූරලා ගෙනත් බැංකුවේ දාලා ටික ටික ගංට අපිත් කැමතියි ඉතිං. ඒක මනුස්ස සොබාවෙ.

කොයි ක්ෂේත්‍රෙයත් ශරීර හොරු ඉන්නවා. උසස්වීම් සහ ශ්‍රේණි කිරීම් වගේ එව්වයෙ ගැටලු තියෙනවා. මතකද ඉස්සර ඔය ආණ්ඩුවෙ කන්තෝරු, බැංකු වගේ එව්වයෙ පියන් කියලා පොරක් ඉන්නවා. උන්දැ පොතක් පයිල් එකක් ගෙනත් දෙනකං ක්ලාක්ලා වැඩ කරන්නෑ නොවැ. දැන් ඔය තත්ත්වෙ බැංකු වලනම් වෙනස් වෙලා සෑහෙන දුරට. එ්ත් තාමත් සමහර කෙනෙක් තමංගෙ ශ්‍රේණියට අදාල නොවන වැඩ කරන්නෑ මලාට. ඕකේ සාධාරන පැත්තකුත් තියෙනවා. මොකද? තමන්ට අයිති නැති රාජකාරියක් (උදාහරණයක් විදිහට නිළධාරියා වෙනුවට කැෂියර් අත්සන් කිරීම, කළමණාකරු කළයුතු තහවුරුවක් පහල නිළධාරියෙක් කිරීම) කෙනෙක් කරලා කොතන හරි වැරදුනොත් කල එකාටයි ඒක නීතියෙ හිටියට කොරංට නියම වෙච්ච එකාටයි දෙන්නටම බඩු බනිස්.

ඔබ දැකලා ඇති කාලයක් ගණුදෙනු නොකල ගිණුම් සක්‍රිය කරගෙන එන්න කියලා ඔබව කළමණාකරු හෝ වෙනත් ඉහල නිළධාරියෙක් ලඟට යවනවා. ඕක මහ වදයක් තමා. ඒත් මෙහෙම හිතන්න. අක්‍රිය ගිණුමක මුදල් ටිකක් වැඩිපුර තියේනම් ඒ ගිණුමේ යම් අවදානමක් තියෙනවා. ගිණුම් හිමියා නිතර නොඑන නිසා හඳුනාගැනීම ගැන ගැටලු තියෙනවා. මුදලක් අදාල පුද්ගලයාටම නොගෙවීම කියන වරද ඉතාම කිරිනිමෙල්. ඒ නිසා ඒ ගිණුම් දැඩි පාලනයකට ලක් කරනවා, වෙනත් කෙනෙක් වංඤා කොරන්ට ඉඩ තියෙන නිසා.

මම මේ සාධාරනීකරණයක් තමා කලේ. ඒක කරංට හේතුවක් තියෙනෙවා. බැංකුවල වැඩ කරනවා කීවම පිටිං බලන කෙනෙක් හිතයි “අයියෝ...ඕක මොකක්ද? උදේ නමයට අරිනවා. තුනට වහනවා. ඇමති වරුනට වගේ පඩිත් තියෙනවා. උන්ට මොන ප්‍රශ්නද?“ කියලා.

නෑ එහෙමම නෑ. පඩි ගෙවන්නෙ දරන අවදානමට සහ වංඤා වලක්කංට. මොකද සල්ලි එක්කනෙ වැඩ. අනික මෙවුන්ට නිවාඩු දවස් වලත් වැඩ තියෙනවා. (ඕ.ටී. ගෙවනවා කිව්වා?) ඔව් ගෙවනවා. හැබැයි හැමදාටම නෙමෙයි. නිකං වැඩ කරන දවස් ඕනි තරං තියෙනවා. ඔය ගෙවල් ගානෙ එන්නෙ ටී ෂර්ට් කලිසං ගහගෙන සෙරෙප්පු, ඩෙක් ෂුස් දාගෙන. ඒවා නිකම්ම තමා. අනික පවුලෙ අය ගැන හොයංට වෙලාව මදි. මල ගෙදරක මගුලක යංට වෙලාව නෑ. ඉතිං පැංසොං ගිය දාට පොලිස් කාරයට වෙච්ච එකේ අනික. ඒ වගේම දවසම එක විදිහක ඉරියව්වකින් ඉඳලා ලෙඩ. බලන්න නිකමට හොයලා, බැංකුවල වැඩ කරන පිරිමිංට වයසට යනකොට තට්ටෙයි බඩයි සුවර්. ගෑනු අයට පස්සයි බඩයි ටයරුයි සුවර්. සීනි, ප්‍රෙෂර්, කොලෙස්ටරෝල් බුදු ෂුවර්. හැමදේම සතේට බැලන්ස් කරන්න ඕනි. අද කරන දේ අදම තමා ආයි හෙටක් නෑ. ඒ නිසා කෙල්ලොත් රෑ දෙගොඩ හරිය වෙනකං වැඩ කරලා කොල්ල වලිත් දානවා.

මම දන්නව මේක කියවලා පැමිණිලි පෝලිමක් එන බව. ඉතිං මම මේ කිව්වෙ මේ කට්ටිය දිහා වෙනස් ඇහැකිනුත් බලන්න වෙන බව. එහෙම නැතිව සුද්ද කරනවා නෙමෙයි. මම ඊ ළඟ ලිපියෙන් ලියනවා මෙයාලා අතින් මිනිස්සු අපහසුතාවයට පත්වන අවස්ථා ජනතාවගෙ ඇසින් බලලා. එහෙම නැතිව ඒක මුලින් කරලා මේක අන්තිමට දැම්මනම් මමයි ජනතාවට අසාධාරණයක් කරන්නෙ. ඉතින් සහෝදර සහෝදරියනි, රටකට නැතිවම බැරි මේ ක්ෂේත්‍රය වඩාත් යහපත් තැනක් කරගන්නට හැකි අයුරු අපි ඉදිරියේදි කතා කරමු. එතෙක්..

ගිහිං එඤ්ඤං ඈ...

22 comments:

  1. හරි ඔය ඔක්කොම හරි කියමුකො. ඕවයේ ඉන්න එකීලට ටිකක් ප්‍රියමනාපව මිනිස්සුන්ට මුහුණ දෙන්න, කතාකරන්න බැරි මොකක් හරි පුරස්නයක් තියෙනවැයි?? යකෝ පොලීසියට ගියාට හපං.

    හැබැයි මං මේක කියන්න ඕනි. ලංකා බැංකුවේ වැඩ කරන එවුන්ගෙ තරම් ලෙංගතුකමක්, නිහතමානි කමක්, නැතිබැරි වයසක දුප්පත් මිනිස්සුන්ට ගරු කරන කතාකරන ගතියක් වෙන කිසි බැංකුවක කිසි එකෙක්ගෙ නෑ. ලංකා බැංකුවේ උන්ගෙ හිනාවත් ඇති.

    ReplyDelete
    Replies
    1. ඒ ඒ අවස්ථාවල මානසික තත්ත්වයන් සහ ඒ ඒ අයගේ හැසිරීම් රටා අනුව මේවා වෙනස් වෙන්නෙ මනොෂ්. මම කොහෙමත් ඉදිරියෙදි කතා කරනවා මේවා වෙනස් කිරීමට සාමාන්‍ය ජනතාවට ගතහැකි පියවර ගැන.

      Delete
  2. ඔබ, රාජ්‍ය බැංකුවක ඉහල පැලැන්තියේ නිලධාරියෙකු බව පෙනේ. බැංකුවක සේවා/ ගාස්තු පිලිබඳ සාමාන්‍ය පාඨකයා දැනුවත් කරන මෙවැනි බ්ලොගයක් පවත්වා ගෙන යා ගැන ස්තුති කල යුතුය. ( මම දුටුවේ අද ය ) .
    කෙසේ වෙතත්, මෙම ලිපිය නම් , සෑහෙන්න ..දුර්මත, අසත්‍ය ,අර්ධ සත්‍ය....වලින් පිරි ඇති බව මගේ අදහසයි. එවැනි තැන් කිහිපයක් උපුටා දක්වමි. .

    1. \\ පෞද්ගලික බැංකු..... ලාභ අපේක්ෂාව මුල් කරගෙන ...//
    මෙය රජයේ බැංකුකකාරයෝ / සේවකයෝ , තමන් ගේ තත්වය ඉහල දමා ගැනීමට ප්‍රචාරය කරන දෙයකි. තනිකර බොරුවකි.

    2. \\පෞද්ගලික බැංකු.....යමක් කමක් ඇති අයට නෙ සලකන්නෙ..//
    මෙය ද එවැනිම බොරුවකි.එම බැංකුවල පාරිභෝගිකයින් තෝරා බේරා විවිධ සැලකිලි කරන්නේ නැත. ගාස්තුවලදී, volume discount සංකල්පය, තරගකාරී වෙලදපලක ඕනෑම බැංකු ආයතනයක් ක්‍රියාත්මක කරයි. රජයේ බැංකු සේවා වලදී තරඟකාරී නොවීම වෙනත් ප්‍රශ්නයකි.බොහෝ විට යමක් කමක් තියෙන අය මෙවා ගැන සොයාබලති. දැනුවත්ය, හොඳමසේවා /ගාස්තු ප්‍රදානය කරන බැංකුව තෝරා ගනිති.

    3.\\ පෞද්ගලික එව්වයෙ ඉන්නව වගේ දෙගුණයක් විතර කාරිය මංඩලයක් තමා අරවයෙ ඉන්නෙ.//
    මේ , අකාර්යක්ෂමතාවය, දේශපාලන පත්වීම් ,දේශපාලන අරමුණු වෙනුවෙන් වැඩ කිරීම නිසා සිදු වන දේවල් ය.

    4.\\ගණුදෙනු ප්‍රමාණය ඒ වෙනුවට පස් ගුණයක් විතර වෙනවා.//
    සාපේක්ෂකව බලන විට , සුලු පරිමානයේ ගනුදෙනුකරුවන් වැඩි ප්‍රමාණයක් සිටීමත්, සුලු පරිමානයේ ගනුදෙනු වැඩි ප්‍රමාණයක් වීමත්, නවීන බැංකු ක්‍රම / තාක්ෂණික ක්‍රම භාවිතා නොකිරීම / කිරීමේ ප්‍රමාදය ත් නිසා ඇති වී ඇති තත්වයකි.

    5\\ අධිරාජ්‍යවාදී, නිළධාරිවාදී වගේ ඇතැම් අයහපත් ලක්සන..//
    මේ කතාවට නම් හිනා යයි..!. සුද්දන් ලංකාවේ බැංකු කෙරුවේ තිස් හතලිස් ගණන්වලය. අවුරුදු 50 -60 කට කලිනි. අපේ මෝඩකම් නුගත්කම් වලට තවම පලි සුද්දන්ය. සුද්දන් ගේ රටවල දැන් කරන ක්‍රම ගැන එහෙම අදහසක් නැද්ද ? ඉහල පෙලේ බැංකු කරුවෝ පිටරට පුහුණුවීම් වලට යන්නේ බඩු භාණ්ඩ මිලදී ගැනීමට පමණක් මද ?

    6.\\ වැඩි පඩියක් ගෙවන්නෙත් හොරකං කරයි කියලා.//
    හිනා යයි ! රජයේ බැංකුවල රජයේ රෝහල් සේවා වල විදුලි බල, තෙල් සංස්ථාවල , පඩි වැඩි කරගෙන ඇත්තේ , වර්ජන කිර්ම් ,වර්ජන තර්ජන හරහාය. වර්ජනයකිකින් සෙව්වන් බිඳ වැටුනොත් රජය අමාරුවේ නිසා වැඩේ කරගත හැකිය. ය. තනිකරම ඒ කාරණය නිසා ය.

    7.\\ තරුණ ඉටිකිරිස් කෑලි නොදා පුප්පගෙන ඉන්න මැන්ටල් දාන්නෙ කියලා. හේතුව සේවක හිඟය//
    හිනා යයි !! .....සේවක හිඟය නොවෙයි., ඉටිකිරිස් කෑලි රටේ ඕනා තරම් සිටිති. පරණ සේවකයන්ට වඩා අඩු පඩියකට වැඩ කරති. මෙය ආයාතනයක අරමුණු, කළමනාකරණය පිලිබඳ ප්‍රශ්නයකි.

    8.\\ කොට ගවුමක් අැඳපු කොණ්ඩෙ රී බොන්ඩ් කරපු තොල් රතු කරපු කෑල්ලක් කවුන්ටරේ ඉන්නවනං සේසතම හූරලා ගෙනත් බැංකුවේ දාලා ටික ටික ගංට අපිත් කැමතිය//
    ලේඛකයාගේ හිතේ තිබෙන ෆැන්ටසියක් බව පෙනේ.

    9.\\ පඩි ගෙවන්නෙ දරන අවදානමට සහ වංඤා වලක්කංට..//
    මෙහෙම දෙයක් ජිවිතේට ඇහුවාමයි. .....
    .දැන් කාලයේ , මහා බැංකුවේ ලොක්කා, භාණ්ඩාගාරයේ ලොක්කා ට බන්කුවලලොක්කන්ට, ටෙන්ඩර්වලින් විදේශ ගනුදෙනු වලින් ..මිලියන ගණන් හම්බු කර ගන්නට / යටි මඩි ගහ ගන්නට ආණ්ඩුවෙන් ම ඉඩ දීලා තිබෙන්නේ මේ නිසා වෙන්න ඇති .

    තවත් තිබේ.දැනට මේ ඇති......... ලිව්වේ සංවාදයක් සඳහා පමණක් මය.

    ReplyDelete
    Replies
    1. ඔබ හිටි අඩියේ මෙසේ පැමිණෙන බවත් ලේඛකයන්ගෙන් ප්‍රශ්නකරන බවත් දැකඇත්තෙමි. නමුත් ඔබ නියම සංවාදයක දිගටම යෙදේවි යැයි මම විශ්වාස නොකරමි. හොඳයි, මුහුදේ ඉන්න මාලුවෙක් (මෝරෙක් නොව බලයෙක් යැයි සිතමු) මෙන්න ගොඩ ඉන්න කෙනෙකුට පිහිනීමේ ස්වභාවය ගැන දෙන උත්තර. මතක තබාගන්නෙ මේ මාලුවාගේ දෘෂ්ඨියයි.
      1. ලාභ අපේක්ෂාව රාජ්‍ය බැංකුවලද ඇත. එහෙත් ඒවාට ඊට අමතරව රජය සහ ජනතාව වෙනුවෙන් බොහෝ දේ කිරීමට ඇත. සංවර්ධන කාර්යයන් සහ රජයේ විශේෂ ඉල්ක්ක/අභිලාෂ ඊට අයත්ය. ලාභය රජයට යාමේදී සහ තම සාක්කුවට යාමේදී පුද්ගලයින් ක්‍රියාකරන ආකාරය පහදා දීමට අවශ්‍ය නැත. දෙවන ප්‍රශ්නයෙන් ඊට පිළිතුරු ඔබම සපයා ඇත.
      2. ණය පොලී අනුපාත සසඳන්න ගණුදෙනුකාර කාණ්ඩ අනුව (Micro, Small, Medium, Retail, Corporate)
      3. දේශපාලනය මත සමස්ත රාජ්‍ය බැංකු පද්ධතිය තුලට සේවකයන් එන්නත් කර ඇත්නම් එය ගණුදෙනුකාර සේවා සමග යා වෙන්නේ කොතැනද? දේශපාලන අරමුණු වෙනුවෙන් බැංකු සේවකයන් පෞද්ගලික ජීවිතයේ යම් කොටසක් වෙන්කර ඇති. ඒත් රාජකාරි ජීවිතයේදී?... සිනා පහල වේ.
      4. ඔබ මෙරට ප්‍රමුඛතම බැංකු 6 වත් සසඳා බලන්න. ඒවායේ සේවක ප්‍රමාණය, ලාභ, ආදායම්, වත්කම්, තැන්පතු හා ණය ආදියත් බලන්න. සුලු පරිමාණ මෙන්ම මහා පරිමාණ අයද රාජ්‍ය බැංකු සමග ඇත. එහෙත් සුලු පරිමාණ අය බහුතරය රාජ්‍ය බැංකු සමගය. ඔබ නැවත 2 ට ගොස් ඇත. එය නොගැලපේ. තාක්ෂණයේ ගැටලුව අධික ශාඛා ප්‍රමාණය සහ පසුව ඔබ විශ්වාස නොකරන නිළධාරිවාදය නිසා ඇතිවේ. තාක්ෂණික ගැටලු විසඳෙමින් පවතී.
      5. පුහුණවක් සඳහා පිටරට යාම සහ ලබන පුහුණුව මෙරට ක්‍රියාත්මක කිරීමට ප්‍රායෝගිකව කෙතරම් දුරට ඉඩ තිබේද යන්නයි ගැටලුව. අපේ රටේ නීතිය රකින නීතිඥ තුමාලාගේ සහ පොලීසියේ කෙතරම් නවීන ක්‍රම තියෙනවාද නේ? ඒවා තාමත් තිස් හතලිස් ගණන් වල. රජයේ දෙපාර්තමේන්තු/කාර්යාල වලත් තත්ත්වයට ඒ බලපෑමම නේද තියෙන්නේ. කොහොමද අපේ දුම්රිය සේවය? මේ ක්ෂේත්‍රෙයත් ඒ අවතාර තාම තියෙනවා. පොඩ්ඩක් ඉන්න. හරියයි.
      6. ඔබ බැංකු ඉතිහාසය හදාරන්න. ඒවායේ වැටුප් තීරණය කිරීම මුලින්ම වූයේ වර්ජන නිසාමදැයි බලන්න.
      7. නගරයට සංක්‍රමණය පිළිබඳ මම කරුණු දක්වා ඇත්තෙමි. මෙහිදී කතාකරන්නේ කොළඹින් හා ප්‍රධාන නගරවලින් බැහැර තත්ත්වයයි. මේවා මගේ හිතලු නොව, ජනතාවට ඇති ගැටලු අනුව ලියූවක් බව සලකන්න.
      8. අන්තිම සංකීර්ණ විදිහට මේවා කතාකරලා පහදන්න හැකිනම් මෙලහට සමහරුත් රටේ ජනාධිපති. මේ ෆැන්ටසිය යට සැඟවුණු සරල අරුත තේරුම් නොගෙන මෙය මතුකිරීමයි ෆැන්ටසිය.
      9. ඔබ කියන අයගේ සහ සාමාන්‍ය බැංකු සේවකයන්ගේ ඉපයීම් සැසඳීමට යාම....? එය ප්‍රමාණවත් මගෙ හිතේ.

      සංවාදයට විවෘතයි. පැමිණීම සහ ප්‍රශ්නකිරීම ඉතාම අගය කරමි. නැවත එන්න. මම ප්‍රායෝගික මිනිසෙක් නිසා, ඔබේ ගැටලුවලට පිළිතුරු ලැබෙන්නේ ඒ අයුරින් මිස, සාමාන්‍ය ජනයාට නොවැටහෙන සංකීර්ණ න්‍යායාත්මක කරුණු ගෙනහැර පා මෙම අඩවිය හරහා ඔවුනට යම් නිවැරදි දැනුවත් කිරීමක් කල හැකි අවස්ථාව මග නොහරින බව කරුණාවෙන් සලකන්න. නැවතත්, ස්තුතියි!

      Delete
    2. V..එල ද බ්‍රා උත්තරය

      Delete
    3. නෑ මචං මෙන්ඩා... මේවා මේ ආවේග සහ ජනප්‍රිය වචන වලින් දුවන ක්ෂේත්‍ර නෙමෙයි. උඹ බිස්නස් කරන මිනිහෙක් විදිහට දන්නවා, උඹේ ප්‍රොඩක්ට් එකට ගල් මල් දෙකම එනවා. මල් වැඩි නැත්නම් උඹ කවදාවත් උඹේ ෆීල්ඩ් එක ගැන බ්ලොගක් ලියයිද? එතනට ආවට පස්සෙයි මමත් මේ ලියන්නේ. පිටින් බලන කෙනාට නිදහස වැඩියි. අපිට ඒක නෑනේ. හැබැයි අපි ගහන පාර සැරයි. මොකද? අපි බෝලේ දන්නවා. පිච් එක දන්නවා. එල ද බ්‍රා...!

      Delete
  3. ඇත්තටම සමහර බැංකු වලට ගියාම මට හිතෙනවා , ගෙවල් දොරවල් විකුනලා ගෙනත් බැංකුවේ දාන්න , හැබැයි රාජ්‍ය බැංකු ගියාම නම් තත්වේ වෙනස , යකෝ අපි උන්ගේ සල්ලි ඉල්ලන්න ගියා වගේනේ සමහර වෙලාවට .

    ReplyDelete
    Replies
    1. //යකෝ අපි උන්ගේ සල්ලි ඉල්ලන්න ගියා වගේනේ// මේ ගැටලුව අපි ඉදිරියෙදි සවිස්තරව කතාකරමු. බැංකු පවතින්නනම් ජනතාව ඉන්න ඕනි. ඒක අමතක කරලා සම්ප්‍රදායික නිළධාරිවාදී හණමිටි කරින් ගෙනයන්නන් තාමත් ඉන්නවා. රජයේ වෙනත් ආයතන ඊටත් හපන්.

      Delete
    2. @ Visitor V - December 13, 2014 at 4:49 AM

      \\..ඔබ හිටි අඩියේ මෙසේ පැමිණෙන බවත් ලේඛකයන්ගෙන් ප්රේශ්නකරන බවත් දැකඇත්තෙමි...//
      මගේ ..., කිසියම් අතීත ක්රියාවක් , ඔබ නිරීක්ෂණය කර තිබීම උනන්දුවක් දක්වා තිබීම , අගයමි.
      ක්‍රම ක්‍රමයෙන්, . පියවරෙන් පියවර ( බැංකුවල අය , සතෙන් සතේ එකතු කරන්නාක් මෙන්..!) blog site එකකට පැමිණීම ,අදහස් දැක්වීම, ප්රශ්න කිරීම .. කරන්නේ කෙසේදැයි නම්, ..... නොදනිමි. ( වරදක් වුවා නම් සමාවන්න. අකමැති නම් නොපැමිණ සිටීමට , ප්රeශ්න නොඅසා සිටීමට වුව ද පුළුවන).
      කෙසේ වුවත්, ‘’පැමිණීම සහ ප්රනශ්නකිරීම ඉතාම අගය කරමි’ යනුවෙන්ද අවසානයේ සඳහන් නිසා තව දුරටත් කතා කිරීමට කැමැතියි.
      \\ඔබ නියම සංවාදයක දිගටම යෙදේවි යැයි මම විශ්වාස නොකරමි...// ඔබේ(අනෙකුත් විශ්වාස කෙසේ වුවත්, මෙම “ විශ්වාසය” වත් බිද හෙලීමට try කරමි. පිළිවෙලකට මාතෘකා කිහිපයක් ගැන අවධානය යොමු කරමු
      .
      1. රජයේ බැංකුවල සේවකයන්ගේ “ උසස් ආකල්ප.” ....
      පෞද්ගලික බැංකු සේම , රජයේ බැංකු ද මුලිකව ක්රියා කරන්නේ ලාභ අපේක්ෂාවෙන් බව ට ඔබ එකඟවේ. එසේ නම් රජයේ බැංකුවල සේවකයන්, ( පෞද්ගලික බැංකුවල සේවකයන් හා සැසදීමේදී ) මහජන සේවය සඳහාම කැප වී සිටින, මහජනයාට උසස් සේවාවක් සලසන පිරිසක් යයි තව දුරටත් කතා කිරීම නිෂ්ඵල වේ.
      එහෙත් ...\\ ලාභය රජයට යාමේදී සහ තම සාක්කුවට යාමේදී පුද්ගලයින් ක්රිේයාකරන ආකාරය පහදා දීමට අවශ්යී නැත// යනුවෙන් ඔබ පවසයි. මෙහි තේරුම කුමක්ද ? නැවත, රජයේ බැංකුකරුවන් උසස් සේවාවක් සලසන බවද ?
      ඇත්තෙන්ම පෞද්ගලික හෝ රජයේ වේවා , ලාභය කොහාටද යන්නේ කියන එක ගැන, සේවකයන්ගේ තැකීමක් නැත. ඔවුන්ගේ ඒකායන අරමුණු, රැකියාව රැක ගැනීම, වැටුප් වර්ධක බෝනස් වෙනත් මුල්යමය ප්රතිලාභ උපරිමයෙන් ලබා ගැනීම, ඊළඟ ප්රරමෝෂන් එක ලබා ගැනීම.... ..වැනි කරුණුය.
      කරුණු මෙසේ නම්, සමස්තයක් ලෙස රජයේ බැංකු සේවකයන් වෙනත් අරමුණුවලින් , උසස් ආකල්පවලින්, මහජනතාවට සේවය කිරීමේ පරම පවිත්ර අරමුණින්ම ක්රියා කරන්නේ යයි කිව හැකිද ? සාධක තිබේද ?

      2. රජයේ බැංකුවක දේශපාලන පත්වීම් ඇඟිළි ගැසීම් නිසා අකාර්යක්ෂමතාව....
      \\ දේශපාලනය මත සමස්ත රාජ්ය බැංකු පද්ධතිය තුලට සේවකයන් එන්නත් කර ඇත්නම් එය ගණුදෙනුකාර සේවා සමග යා වෙන්නේ කොතැනද //
      දේශපාලනික ඕනා එපාකම් පිරිමසා ගැනීම සඳහා .. දේශපාලකයන් රජයේ බැංකු පාලනයට කළමනාකරණයට මැදිහත් වන ක්රම සහ විධි කිහිපයක් ඇත.
      -බැංකුකරණය, මුල්ය පාලනය කලමනාකරනය වැනි විෂයයන් ගැන කිසිදු දැනුමක් අවබෝධයක් නැති පුද්ගලයන් ( වෙනත් දේශපාලනික හෝ දේශපාලකයන්ගේ පෞද්ගලික ඔනාකම් මත ) අධ්යක්ෂක මණ්ඩලයට පත් කිරීම .
      - සාමාන්යාපධිකාරී, සහ ඉහල කළමනාකාර තනතුරු වලට පුද්ගලයන් ප්රමෝට් කිරීමේදී, සුදුසුකම් පළපුරුද්ද වැනි කරුණුවලින් මුල් තැන ගන්න නිලධාරින් නොසලකා , දේශපාලනික හිතවත්කම ප්රධානව සලකා පත් කිරීම් කිරීම.
      - මානව සම්පත් කළමනාකරණය පිළිබද මුලික දැනුම් භාවිතාවන් අනුව පුරප්පාඩු ගණනය කිරීම් නොසලකා , දේශපාලකයන් ගේ උවමනාව මත, අනවශ්ය තරම් සේවකයන් වාර්ෂිකව බදවා ගැනීම
      - නය දීමේදී පිළිගත් බැංකු ඇගයීම් වලට පටහැනිව , දේශපාලකයන්ගේ ඕනා එපාකම් මත ඔව්න්ගේ හිතවාදීන්ට නය පහසුකම් ප්රකදානය කිරීමට බැංකු නිලධාරින් පෙලභවිම. බලපෑම් කිරීම , කටයුතු සැලසීම .
      - බැංකුවල මුදල් ,මහජන තැන්පතු, වෙළදපල තරඟකාරී පොලි අනුපාතවලට ,ඉතා අඩු පොලියකට රජයේ “ සුදු අලි “ ව්යාපෘති වලට යොදා ගැනීම.
      රාජ්ය බැංකු පිලිබඳ මනා දැනුමක් ඇතැයි සේ පෙනෙන ඔබ, මේ කරුණු ගැන 100% ක් ඒකඟ වෙතැයි සිතමි. කරුණු මෙසේ නම් එසේනම් ( ප්රධාන මුල්‍යමය පරිපාලනමය තීරණ වලදී ඉහත අන්දමේ කරුණු කිසිසේත් අදාල කර නොගන්නා ) ,පෞද්ගලික බැංකුසේවාවන් සමග සැසදීමේදී , රජයේ බැංකුවල ගනුදෙනුකාර සේවා පසුගාමී තත්වයක පැවතීම ගැන තව දුරටත් කතා කල යුතුද ?

      අනෙකුත් කරුණු... , කාල වෙලා ඇති පරිදි ...ඉදිරියට..

      Delete
    3. නැවත පැමිණීම අගයමි. මහත්මයාණනි,
      මේ ලිපිපෙල හුදෙක් අධ්‍යාපනික හා සම්ප්‍රජානන අරමුනකින් ලියවෙන්නක් බැවින් දේශපාලනය වැනි කාලීන මාතෘකා අදාලකර ගැනීමට අකමැත්තෙමි. ඒ සඳහා ඔබ එවැනි ආයතනික කළමණාකාරිත්වය සමග තර්කයට යා යුතුය. මා කතාකරන්නේ බිම් මට්ටමේ බැංකු සේවකයාගේ දර්ශනයෙනි. එසේම මා මෙම ලිපිපෙල මාගේ දැනුම, අත්දැකීම් සහ පළපුරුද්ද ඇසුරෙන් ඉදිරිපත් කරන්නකි. එහිදී ඔබ නගන ඕනෑම තර්කයකට සාධනීය පිළිතුරක් දියහැක.
      1. ආයතනික අරමුණු සහ සේවකයන්ගේ පුද්ගලික අරමුණු ඔබට පැටලී ඇත. ඔබ පවසනා පරිදි ජනතා සේවය පරම පවිත්‍ර චේතනාව කරගත් සේවකයන් ගැන මම මෙහිදී කියා නැත. ආයතනික අරමුණ පුලුල්ය. ඒ තුල බිම් මට්ටමේදී සේවක හිඟයක් සහිතව යම් පීඩිත තත්ත්වයක රාජ්‍ය බැංකු සේවකයා සේවය සලසයි. නමුත් රාජ්‍ය ආයතන අතරින් බැංකු ඉතා පහල තත්ත්වයක ඇතැයි ඔබ අදහස්කරන්නේ නම් එය පවසන්න. එවිට නිසි පිළිතුරක් දෙමි. රාජ්‍ය බැංකු සේවකයන් “උසස් ආකල්ප“ වලින් සමන්විත බව මා ලිපියෙහි කොතැනක හෝ දක්වා නැත. සමාන වී උපදින මිනිසුන් රාජ්‍ය ආයතන තුලට යාම හෝ වෙනත් ආයතන තුලට යාම මත උසස් හෝ පහත් ආකල්ප දරන්නන් වේද? පුද්ගලයාගේ ස්වභාවය අනුව ඔහු සපයන සේවාවේ ස්වභාවය තීරණය වේ. පැහැදිලිවම ඔබ පුද්ගලික මූල්‍ය ආයතනයක නිළධරයෙකු හෝ රාජ්‍ය බැංකුවකින් යම් අසාධාරණයකට ලක් වූවකු යයි හඟිමි. පළමු කාණ්ඩයේනම් ඔබට සිදුවූ අපහසුතාව ගැන කණගාටු වෙමි. දෙවන කාණ්ඩයේනම් ඔබට යම් වැරදි මිනිසෙකු මුණගැසී ඇත. ඒ ගැන ද කණගාටුවෙමි. පුද්ගලික බැංකුවලට වඩා ගණුදෙනු ප්‍රමාණය විශාල වීම සහ ඇතැම් රාජ්‍ය බැංකු ප්‍රතිපත්ති හා පටිපාටීන් මත සේවකයන් පීඩනයක් යටතේ කටයුතු කරන බව පමණක් නැවත සිහිපත් කරවමි.
      2. දෙවන කාරණය මගේ මට්ටමේදී මට කිසිවක් කිව නොහැකිය. නැවත කියන්නේ සපයන සේවාව පුද්ගලයා අනුව තත්ත්වයෙන් උසස් හෝ පහත් වේ. ඒ සඳහා අදාල පුද්ගලයා වටා ඇති සාධක සියල්ලද බලපානු ඇත. මා කතාකරන්නේ සාමාන්‍ය ජනතාවට මුණ ගැසෙන බැංකු සේවකයා ගැන මිස ඉහල අහසේ සිටින්නන් ගැන නොවේ. දේශපාලනය ඔය කියන තරම් රජයේ බැංකුවලට බලපාන්නේ නම්, ඒවා පොලීසිය හා අනෙකුත් දෙපාර්තමේන්තු ආදියට වඩා “යන්තම්වත්“ ඉහල තත්ත්වයක සේවයක් සපයන්නේ නම්, මම සතුටු වෙමි. නැතිනම් එ්ත් සතුටු වෙමි.
      ස්තුතියි! නැවත එන්න.

      Delete
  4. මං හිතන විදිහට අපි මේ පැත්තට අාවේ අදයි............. බ්ලොගය නියමයි......... පුරාම ගියා............ දිගට ම ඒන්නම්.................

    ReplyDelete
    Replies
    1. ස්තුතියි! ගී පවුර,
      ලිපිනම් ඔබලාගේ කාව්‍යයන් තරම් රසවත් නැතිව ඇති. නමුත් අපේ මට්ටමෙන් දෙයක් කරන්න එපායැ නේද?

      Delete
  5. මචං..ලිපිය කියෙව්වා.එල ද බ්‍රා.
    සමහර පෞද්ගලික බැංකුත් ඔය කියන තරම් හිතවත් නෑ බං..නම කිව්වට කමක් නැත්තන් එක බැංකුවක් මාව මරාගෙන කාපු හැටි කියන්නම්.

    ReplyDelete
    Replies
    1. මම මචං මෙතනදි කැමති නෑ බැංකු නම් වශයෙන් කියන්න. මොකද ඒක මේ අපි උඹල ඉන්න බ්ලොග් ලෝකෙදි + කඩේ යාමක් සහ - මඩ ගැසීමක් වෙන නිසා. උඹ අපිට බොක්කක්. උඹ අද ඉන්න තත්ත්වදි මං හිතන්නෑ කිසිම බැංකුවක් උඹට පිටුපාවි කියලා. මොකද බැංකු කියන්නේ වැස්ස නැති වෙලාවට කුඩයක් අතට දීලා අනෝරාවට වහින කොට කුඩේ ආපහු ඉල්ලන ජාතියක් නිසා. පුද්ගලික/රාජ්‍ය කවුරුත් එකයි ඒ පැත්තෙන්. මම මේක අවංකවම කියුපු අදහසක් බව විතරක් මතක තියාගනිං.බොලා හැමෝම...ඈ...

      Delete
    2. මම උඔව මුරැංග අත්තේ තියනවා නෙමෙයි ඒ වුනාට උඔ ලියන විදිහ බෝරින් නෑ..උඔ සාර්ථකයි..
      ඇත්ත මම උඔ කියන එක පිලිගන්නවා මේ ලගදි මම හැමදාම ගනුදෙනු කරන බැංකුවකින් ලක්ෂ 5ක් ඉල්ලුවා 10ක් දෙන්නම හදනවා..හරියට නිකන් දෙනවා වගේ හැබැයි කෙඩ්‍රට් කාඩ් එකේ පෙමන්ට් එක පරක්කු වුනෙත් ගෙදර බඩු උස්සගෙන යන්න අහනවා.

      Delete
    3. නෑ බං මුරුංග කේස් ඇත්තෙම නෑ මේකට කාගෙන්වත්. දන්නා ටික හොඳට කියනවා.

      Delete
  6. මට මේ සිරි ලංකාවෙ පෙන්නන්නම බැරි බැංකුව තමා මහජන බැංකුව
    අනික එන් ඩී බී එක
    ඇතුලට ගියාම තූ කියල හිතෙනව
    දැං අලුත් උං දාල ඉන්නව ඔක්කම ඇමතිලාගෙ ලස්ස හතරෙ පහෙ කෑලි
    නෙද්දකිං
    මගෙ මහජය බැංකු එකවුන්ට් එකක් නෑ ඒත් අරකට මේකට හැම රෙද්දටම සල්ලි බද්නින කියන්නෙ ඕකට නැත්තං ලංකා බැංකුවට ඒක නං ටිකක් හරි හොදයි
    තුක් කීවැකි දුක නැතිව

    ReplyDelete
    Replies
    1. ඇයි බං ස්ටාඩැඩ් චාටර් බැංකුව..?#%%^*())___(*&^%$#@#

      Delete
    2. මහේෂයා, කොහෙද යකෝ හිටි ගමං යන්නේ?
      අනේ බං ඔය දේශපාලනේ කතාවටනං මං දැං එකෙකුට දුන්නා උත්තරේ. ඔය කවුරුත් එකයි. මම සුද්ද කරන්නෑ. හැබැයි මම ඉස්සරහට ඔය ගොඩක් සලු පිළි ගලවලා තමයි දෙන්නේ. මොකද, මේක ඇවිල්ලා මිනිස්සුත් එක්ක කරන්න ඕනි බිස්නස් එකක් කියන එක ගොඩක් උන්ට (අර කියපු දෙගොල්ලටම) අමතක වෙනවා මීටර් රීඩිං උඩ යනකොට.

      Delete
    3. මෙන්ඩා, උඹ දන්නවනේ මං ගැන. ඔය කොයිකත් එක්කෙනෙකුට හොඳයි. තව කෙනෙකුට නරකයි. උඹට අද එහෙම පිටුපාන කවුරුවත් නැතිව ඇති බං. මොකද උඹට දැන් කුඩ ඕනි නෑනේ....!

      Delete
    4. අනේ මචං..මම ගැන එහම හිතන්න එපා මම සිම්පල් ඡිවත් වෙන මිනහෙක් අඩුම තරමේ මගේ ගෙදර ටිවි රෙඩියෝ සෝෆා මුකුත් නෑ ඉලකකම් 5ක පඩියක් ගත්තට මමත් සේවකයෙක්.
      උඔ හරි කලකදි රහලු කලකදි වහ වෙනවාලු.

      Delete
    5. ඉලක්කං 5 කිව්වම 99999 ත් අයිතියිනෙ නැද්ද?

      Delete