Friday, January 30, 2015

Bid Farewell Chief සුබ සන්ධ්‍යාවක් චීෆ්



ටික දොහකින් මොකුත් කොරන්න බැරි උනා. මං කිව්වෙ මේ බ්ලොග් එකට යකුනේ. සමහරු හිතන්ට ඇති ඩෝප් වෙන සීන් එකකින් ගිය අවුරුද්දෙ අන්තිම එක දාපු හින්ද මට තාම ඩෝප් ය කියලා. නෑ... නෑ... අපිට එව්ව හොඳට පුරුදුයි. කොහොම උනත් මම අවශ්‍ය යුතුකම් අවශ්‍ය වෙලාවට කොරල ඇති. ඒවා ඉතිං දන්නෝ දනිති. ඒ හින්දා මා නමින් බ්ලොග් වල කොමෙනට්ස් නැතිවට අමනාප වෙන්ට කාරි නෑ. මම එව්වා නොකඩවා වෙලාවට කොරලා ඇති.

අද මං කරන්න යන්නෙ ටිකක් අමුතු වැඩක්. ඒ කිව්වෙ කලින් නොකල වැඩක්. (නෑ... නෑ... බජට් එක ඉදිරිපත් කොරන්න නෙමේ). දන්නවද? අපේ බොහොම ලෙන්ගතු, හෘදයාංගම ලොක්ක හෙවත් සහකාර සාමාන්‍යාධිකාරීවරයා අවුරුදු 3 කට කිට්ටු කාලයක් අපි එක්ක ඉඳලා හෙට අනිද්දා පැන්සොන් යනවා. කුහකකම නැති ලොක්කෙක් කියලා කට පුරා කියන්න ඇහැකි. ගොඩක් ලොක්කො නිශ්ශංකමල්ල රජ්ජ්රුවො වගේ අනුංගෙ ක්‍රෙඩිට් තමං දාගන්න ජාතියෙ වුනාට මේ ලොක්ක ගෝලයන්ගෙ හැකියාවන් ලෝබ නැතිව ඕනි තැනක ඕනි ලොක්කෙකුට ඕනි සබාවක කියන්න පැකිලෙන්නෑ. අනික චූ යන්න බැන්නත් විනාඩි පහෙන් ආයි හිනාවෙලා පිටට එකක් ගහලා (නෑ... නෑ... බුරිය මිරිකන්නෙ නෑ) “කොහොමද බං“ කියලා හිනාවෙලා අහන නිසා අපිනං ලොක්කට බොක්ක. ගොට්ට නෙම් බොලව් බොක්ක. ඒ කියලා අපි කඩේ ගියේ නෑ. වැඩ පැත්තෙන් උපරිමේ දුන්නා ලොක්කට.

මුන්නැහැ 1950 දශකයේ දරුවෙක් බව මේක කියෝන බොලාට තේරෙනවා ඇතිනෙ අවකලන සමීකරණ නොහැදුවට. ඉතිං උන්නැහැ බොහොම කැමතියි අපේ පරණ සංගීතයට. එ් වගේම විසුවල් වලට පට්ට ඇඩික්ට්. ඉතිං අපේ ලොක්කට දෙන පාටියෙ තීම් එකට එකතුවක් විදිහට පැරණි සිංහල බයස්කෝප් සින්දු ටිකක් වීඩියෝ එක්කම (අපේ ලොක්කා මල්ටිමීඩියා ප්‍රොජෙක්ටර් ෂෝ ඔලට හෙන මනාපයි) දාන්න මං අදහස් කොලා. දැන් මේ කොරන්නෙ ඒකෙ ප්‍රිවීව් එකක් දාලා මගේ බොක්කො වගේ ඉන්න සිංහල බ්ලොක් ගල් වැඩපොලේ වැඩ්ඩො ටිකගෙන් අදහස් ටිකක් ගන්න එක. 

මෙන්න මේක බලන්න.

ගී පද : ධර්මසිරි ගමගේ 
සංගීතය : පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේව 
ගායනය : දේවානන්ද වෛද්‍යසේකර හා ඉන්ද්‍රානි පෙරේරා 
චිත්‍රපටය : තරංගා 1975 
අධ්‍යක්ෂණය : විමල් වෛද්‍යසේකර කතාව දෙබස් සහ නිෂ්පාදනය : සේන දයානන්ද


ඔය තොරතුරු ටිකත් කමෙන්ටුවක් විදිහට තිබ්බා පහලින්. විමල් වෛද්‍යසේකර කියන්නෙ දේවානන්ද වෛද්‍යසේකරගෙ කවුරු හරි වෙන්ටැති. 

එක එක්කෙනා ලස්සන දකින හැටි වෙනස්. ඔය මානෙල් වානගුරු ඉන්නවා නේද? (ඇයි ඔය රවියත් ඉන්නෙ පැනි හලාගෙන) මම බොහොම ආසකරන සුන්දර රූපයක්. මූණ නිකං මී අඹ ගෙඩිය වගේ. දැන්නම් වයසට ගිහිං හරි අමුතුයි. චරිතත් ටිකක් නපුරු පහේ එව්වා. මම කීවෙ තරුණ කාලෙ තත්තෙ. මෙයාගෙ කටහඬත් ටිකක් අමුතු බර බරයක් තියෙන්නෙ හරියට ගයාත්‍රි ඩයස් ගෙ වගේ. ප්‍රශ්නයක් නෑ, අපේ ගෙදර උන්දැගෙත් ඒ වගේ. හැබැයි උන්දැට ලා...ස්සනට සින්දු කියන්න ඇහැකි... (අපේ නෝනට යකුනේ). හරි. ඉතිං අපේ මානෙල් අක්ක ඔය සින්දුවෙ ඕපනිං එන්ඩිං සීන් ඔලදි එච්චර මේකප් අනං මනං නැතිව වගේ හිටියට සින්දුව මැදදි පට්ට. කෙහෙරැලි නිකං කියඹුලතාව වගේ හුළඟට යන හැටි දැක්කම ආස හිතෙනවා. ඒ වගේම රවිය දිහා දානව බැල්මක්... ඔය බයිස්කෝප් වල ඒ කාලෙ හිටපු සමහර නිලියො ලස්සනට ඇඟට ඇරං ඉමෝෂන් පෙන්නනවා. ඕකෙ ටයිම් ලයින් එකේ 2.11 හරියෙදි රවියගෙ කණත් මිරිකනවා නොදැනෙන්න වගේ. බොහොම ලස්සන වීඩියෝවක් මටනම්. බොලාත් රහ බලල කියාල්ලකො.


ඊ ළඟට මේක...


ඕකත් අර බයස්කෝප් එකේම සින්දුවක්. කියන්නෙ ජොතිපාලයි ශ්‍රීමතී තිලකරත්නයි. දොන් සිරිසේනයි (අර බොහොම පැරණ ලයින් පාරක් වන උගුර පෑදිල්ල මෙයත් කරනවා), බුද්ධි වික්‍රමයි (අර පිට උලන්නෙ ගලක), රවියයි තමා ඔය ගෑනු නාන තැන්වල පැනගෙන ලයින් දාන්නෙ. අර එතකොට දාගෙන රෙදි අපුල්ලන්නෙ චන්ද්‍රා කලුආරච්චි. ඔව්වොව්... ලක්ෂ්මන් විජේසෙකරගෙ හීන් මැනිකෙ. රවී ටික ටික පොල්පැලේට කිට්ටු වෙනවා. මට හෙන ගේම පොරත් එක්ක... අන්තිමට ඔය එන්නෙ කට්ටියම නාගෙන.

මේ ඊළඟ එකනම් අපේ මචංස්ලා අනන්ත අහලා තියෙනවා ඇති. හැබැයි ඔරිජිනල් වීඩියෝව නිතර දකින්න නෑනෙ. ඔන්න බලාගල්ලා.




ගීපද : සෝමපාල ලීලානන්ද 
සංගීතය : සරත් දසනායක 
ගායනය : එච්.ආර්.ජෝතිපාල /ඇන්ජලින් ගුණතිලක 
චිත්‍රපටය : කස්තුරි සුවඳ (1974) අධ්‍යක්ෂණය : සේන සමරසිංහ නිෂ්පාදනය : පියසේන ද සිල්වා..

මාලනීගෙ හැඩ කොහොමද ඒ කාලෙ. මෙයාට හොඳට නටන්න පුලුවන්. සිංහල සිනමාවෙ හොඳටම නටන්න පුලුවන් නිලිය තමා දිල්හානි අසෝකමාලා. නටනවා ලස්සනටත් වඩා දිල්ගෙ මූණෙ ලස්සනයි ඇඟේ හැඩයයි නිසා ගති තමා. මාලනී කෙල්ල කාලෙ බොහොම ඉටිකිරිස්. හිනාව... හම්මේ. විශ්ව සිනමාවෙම ලස්සනම හිනාව මම දැකලා තියෙන්නෙ මධුරි ඩික්සිත්ගෙ. ඔය කොයි ලස්සන ගෑනිත් කලුවර... නෑ ඕන්නෑ එක්කො.

දැන් බොලා බනියි නිළියො ගැන විතරයි... මුගෙ තියෙන කුකුල්කම කියලා. නෑ... නෑ... ගාමිණිත් ඉන්නෙ ඔය බොරු කොණ්ඩෙකුත් දාගෙන. ඉස්සර මගේ ඉමීඩියට් බොස් කෙනෙක් හිටියා ඔය වගේමයි. සිගරට් පප්පා. හැඩ, වැඩ වගේම ඇක්ෂනුත් ගාමිණීම තමා. හැබෑට මේ ලෝකෙ නලුවන්ට නටන්න බෑනෙ අම්පා. කෙහෙද තිබුණා ගෙම්බෙක් බ්ලෙන්ඩර් එහෙකට දැම්මා වගේලු පිරිමි නටන කොට.

ඇත්තටම ගෑණු ඇඳුම් පිරිමින්ට කැතයි. යට ඇඳුමෙන් විතරක් ඉන්නකොටත් පිරිමි කැතයි. (ඒවත් නැතුව ඉන්න කොට කොහොමත් කැතයි). ඒකට මොකද ගෑණු උදවියට පිරිමි ඇඳුණුත් හරි. අපි කරන ඕනිම වැඩක් කරන්නත් පුලුවන්. ඈ... බෑ කිව්වා. ඔව්වොව් එහෙම එව්වත් තියෙනවා. හැබැයි උන්දෙලා අපිට හිතන්නවත් බැරි වැඩ බර ගානක් කොරනවා. මොනවද දැන් මේ ලියන්නෙ? 

හරි ඔන්න අන්තිම එක. 


වසන්ත ඔබේසේකර හදලා 1976 දි මුලින්ම පෙන්නපු “දියමන්ති“ නම් චිත්‍තරපටයට නන්දා මාලනී කියපු මේ ගීතය මටනම් බොහොම ලස්සනයි. මාලනී සහ විජේ තමා ඔය ඉන්නෙ. (එනව මෙතන පඬිය වගේ උගන්නන්න) යකෝ ඒ කාලෙ රඟපාන එකත් මහ බෙල්ල කඩල යන වැඩක්නෙ. අස්පයො පිටේ යන්නයි මී හරක් පිටේ යන්නයි. 

ඉතිං... මේ බයිස්කෝප් කෑලි ටික තමා දැනට තෝරගෙන තියෙන්නෙ. මයෙ අම්මල ටික එහෙනං කියාපල්ලකො හොඳ නරක. දැන් මං අනික් පැති ඔලත් ගෙහුං එඤ්ඤංකො... (අද හවසටත් සැට්. ඊයෙත් ෆ්ලැට්. මොකට මේ කාලකන්නි ඩිස්නිලන්තෙ ඉපදුනාද මන්ද...). 


8 comments:

  1. ඔය ඉතින්.. ගෙදර යනකල් ඉන්නෙපැයි ඉතින් වීඩියෝ ටික බලන්න. ඒකෙන් කාරි නෑ. කොහොම උනත් මේ අලුත් වැඩේනම් මල් හතයි. ඔය අගේට රහට ලියල තියෙන්නෙ කළුසුදු කලර් වෙන්න.

    අනිව මේකට බොස් නම් එකෙන්ම, උඩින්ම කැමතිවෙයි, සමහර විට බොට ප්‍රමෝෂන් පාරකුත් දෙයිද මන්ද. ඒව හොඳ වැඩ.

    ඇත්ත ඇත්ත, පහුගිය කාලෙ පේන්න නොහිටියට උඹෙන් අඩුවක් පාඩුවක්නම් උනේ නෑ තමයි.

    ReplyDelete
    Replies
    1. උඹලාට ඒවා තෙරුනාට හැමොටම එහෙම නෑ. එක වෙලාවකට හිතෙනවා සේරම ඇදලා දාන්න. දැන් අවුලකුත් නෑ. අපත සනුහරේ නොකවුට්.

      Delete
  2. රෙද්ද එක වීඩියෝවක් වත් ලෝඩ් වෙන්නේ නෑනේ , ශික් අම්මප

    ReplyDelete
    Replies
    1. පිස්සුද බං.. ඔය එන්නෙ. ලින්ක් ටික දාන්නද?

      Delete
  3. මචෝ පුරුදු විදියට ගනුදෙනු ගැන අපිව දැනුවත් කරානං මීට වඩා හොඳයි මයෙ හිතේ..

    ReplyDelete
    Replies
    1. හරි මස්සිනා, තව ටික දොහෙන් දාන්නං.

      Delete
  4. කොහෙද යකෝ මකබෑවුනේ? මම සැරෙන් සැරේ ඇවිත් බැලුවා..
    හා..හා.ලියපිය ඉක්මනට පොස්ට් 7 ක් 8ක් ඇරියස් අල්ලලා..

    ReplyDelete
    Replies
    1. ඇරියස් කවර් කොරන්ට තමා තනන්නෙ. බොට විතරයි මෙන්ඩො මාව මතක් වුණේ.

      Delete