Wednesday, May 20, 2015

ලංකාවට බැංකු ආව හැටි Banking History in Sri Lanka

monte dei paschi di siena - Italy (Since 1472)
අදටත් පවතින ලොව පැරණිතම බැංකුව

කොහොමද මචංස්ලා? කාලයක් වළහා වගේ හයිබර්නේට් වෙලා හිටපු මාව බ්‍රා මෙන්ඩා විසින් අවදිකරවීමෙන් පසු ගිය මෙව්ව එකේදි අපි එක එක කාඩ් ජාති ගැන කතා දැම්මනෙ. ඒකේ අපේ ළමයි ඉල්ලලා තිබ්බා විවිධ ඉල්ලීම්. එව්වට උත්තර බඳින්ට මේ කළබලේ බැරි නිසා මට හිතුනා අද වෙන දෙයක් කතා කරන්ට.

අපිලා ඔය එක එක ගනුදෙනු කාරනාවලට බැංකුවලට යනවනෙ. ඒ ගියාට ලංකාවෙ මේ බැංකු පටාං ගත්තෙ කොහොමද? අද තියෙන තත්ත්වෙට දියුණු උනේ කොහොමද? මේ වගේ දේවල් හිතුනෙ නෑ නේද කවදාවත්? මගුලක් කතා කරනවා. වෙන වැඩ නැතුවට...නැද්ද මං අහන්නෙ? හරි. කමක් නෑ. අපි නිකමට ඔය අතීතය පොඩ්ඩක් හාරාවුස්සාලා බලමු ඈ...

ලංකාවෙ බැංකු ඉතිහාසෙ දුවනවා ආපස්සට ක්‍රිස්තු පූරුව 4  වන සතවරුසෙ වගේ අවුරුදු දක්වා. බොලා අහලා ඇති ආනමඩුවෙ තෝනිගල සෙල්ලිපිය ගැන. ඕකෙ තියෙනවැයි කියනවා නොවැ ක්‍රිස්තු පූරුව 4 වන සත වරුසෙ ලංකාවෙ බැංකු කරමයක් තිබ්බා කියලා. ඕං දැම්මා කියවහල්ලකො පුලුවංනං.


හැබැයි මචංස්ලා, ඔය බැංකු කරමෙට වඩා අපිට වැදගත් වෙන්නෙ මේ අද අපි දකින් බැංකු කරමය කවද්ද ඇතිවුනේ කියන එක. මේක ඉස්සෙල්ලම එන්නෙ අර රතුවංසලා කියන බටහිර අදිරාජ්ජවාදී යටත් විජිත කාලෙ. ඔය සුද්දො අපේ රටේ තේ වැව්වනෙ. ඉතිං තේ වවල බිව්ව නෙමෙයිනෙ. ඒවා රට පිට ඇරියා. ඒ ඇරියෙ කොළඹ වරාය හරහානෙ. ඉතිං කොළඹ වරාය ආසන්නෙ අද ඔය යෝක් වීදිය කියන හරිය ඒ කාලෙත් හොඳ වෙළඳපොලක්. තේ විතරක් නෙමේ රට පිට අරින ඕනි මගුලක් ඔතෙංට එංට එපෑ. ඉතිං මේ හරියෙ ඉන්න වෙළෙන්දංට නිතරම ඕනි වෙනවා ණය ගංට. සල්ලි තැම්පත් කරලා තියංට. 

ඕං ඔතෙංදි ඔය කාලෙ තමිල්නාඩුවෙ ගිනිකොණ පැත්තට වෙංට තිබ්බ චෙට්ටිනාඩුව කියන පළාතෙ ඉඳල ලංකාවට ඉතරක් නෙමේ ජාවා, සුමාත්‍රා, බුරුමෙ (දැන් මියන්මාරෙ), මැලේසියාව, සිංගප්පූරුව, වියට්නාමෙ විතරක් නෙමේ අපේ මේ සිලෝන් එකටත් ආවා ඔය මුදල් ගණුදෙනු වලට කප් ගහපු කට්ටියක්. මෙයාලට කිව්වෙ නාට්ටුකොට්ටෙයි චෙට්ටියාර් කියලා. ඒ අය මුල් බැහැගෙන හිටපු පැත්ත තමා අදත් අපි හෙට්ටි වීදිය කියලා කියන්නෙ. රත්තරං බිසිනොස් එකත් ඒ කාලෙ ඉඳංම තිබිලා තියෙනවානෙ. අපේ මිනිස්සු මේ අයට කියලා තියෙන්නෙ හෙට්ටි කියලා. මේ මිනිස්සු තමා ඒ කාලෙ මුදල් සහ රත්තරං ගණුදෙනුවල යෙදිලා තියෙන්නෙ. මේ ඉන්නවා එයිං ඩබලක්...


පේනවද මල්ලකුත් එල්ලං ඉන්නෙ. ඕකෙ තමා ඉතිං සල්ලි කාරිය දාං උන්නෙ.

එතකොට බැංකු තිබ්බෙම නැද්ද? තිබ්බා. 1888 හැටන් බැංකුව (HNB-Hatton National Bank) පටං ගත්තා සුද්දො. වතු වවන සුද්දංට අවශ්‍ය මුදල් කටයුතු වලට තමා මේක පටං ගත්තෙ. ඒ කාලෙ කිව්වෙ හැටන් බැංකුව කියලා 1970 රීනේම් කොරනකං. 

1920 දි එංගලංතුවෙ ඊස්ටර්න් බැංකුව කොළඹ ශාඛාවක් පටං ගන්නවා. පසුව මෙය ලංකා වාණිජ බැංකුව (Commercial Bank) ලෙස නම් කරනවා. ඒ සැනිං අපේ අල්ලපු රටෙං මෙහේට එනවා 1921 දි ඉම්පීරියල් බෑන්ක් ඔෆ් ඉන්ඩියා කියලා බැංකුවක්. 

මේ ඔක්කොම සුලු මට්ටමෙන් තමා කිරියාත්මක වෙන්නෙ. ඒ වගේම මිනිස්සුන්ට වඩාත් විස්වාසවන්තව ගණුදෙනුකරන්න පරිසරයක් තිබුණෙ නෑ. විශේෂයෙන් හෙට්ටිලා මිනිස්සුන්ට දුන්නා නියම ගේම්. ණය වලට ගිනි පොලී ගන්න අතරෙ තැන්පතුවලට ගෙව්වෙ සොච්චමයි. මේ ගැන ඒ කාලෙ තිබ්බ රාජ්‍ය මන්ත්‍රණ සභාවෙ කතාවුනා. අද වගේ විල මැද පච බංගලාවක් නෙමේනෙ තිබ්බෙ.

1934 දි එතකොට හිටපු ආණ්ඩුකාරයා වෙච්ච ඇන්ඩෘෘ කැල්ඩිකෝට් කිව්වා, රජයේ මැදිහත්වීමෙන් වෙන ජාතික බැංකුවක් ඕනෑ කරනවා කියලා. ඉතිං ඕකට ගිය මන්ත්‍රණ සබා විවාදෙට අපි දන්න කියන දෙන්නෙකුත් ඉඳලා තියෙනවා. බණ්ඩාරනායක මහත්තයයි ජී.ජී. පොන්නම්බලම් මහත්තයයි. පොන්නම්බලම් මහත්තය තමා යෝජනාකරලා තියෙන්නෙ රජයේ මැදිහත්වීමෙන් නෙමේ රජයට අයිති රාජ්‍ය බැංකුවක් තමා පිහිටුවංට ඕනි කියලා.



ඉතිං එව්වා මෙව්වා සම්මත කරගෙන තමා ලංකාවෙ පළවෙනි රාජ්‍ය බැංකුව විදිහට 1939 අගෝස්තු පළවෙනිදා කොළඹ යෝක් වීදියෙදි ආණ්ඩුකාරයා අතින් ලංකා බැංකුව විවෘත වෙන්නෙ. අද ලංකා බැංකුවෙ නගර ශාඛාව තියෙන්නෙ මේ ගොඩනැගිල්ලෙ තමා.




දැන් මේ විදිහට බැංකු කරමෙට රජයේ මැදිහත්වීම පටං ගත්තට මේක විධිමත් කොරගංටත් එපැයි. ඔන්න ඊට අවුරුදු 10 කට පස්සෙ පණතක් ගේනවා 1949 අංක 58 දරණ මුදල් නීති පණත ඕක විදිමත් කොරංට. එහෙම කොරංටනං ලංකාවටත් ඔය එංගලංතෙ තියෙන බෑන්ක් ඔෆ් ඉන්ග්ලන්ඩ්, එතකොට 

ඇමෙරිකාවෙ තියෙන ෆෙඩරල් රිසර්ව් වගේ මධ්‍යම බැංකුවක් ඕනි වෙනවා. ඕං 1950 අගෝස්තු 28 වෙනදා පටංගන්නවා මහ බැංකුව. ඔන්න ළමයි මතක් තියාගංට අද අපි ශ්‍රී ලංකා මහ බැංකුව කියන ඕකෙ ඉස්ඉස්සෙල්ලම අධිපති උනේ ජෝන් එක්ස්ටර් කියන මහත්තයා. මේ ඉන්නෙ... නිකං බ්ලේක් කැරිංටං වගේ.

ඉතිං ඔය ඔක්කෝම පිහිටෝගෙන ටිකක් කල් යනකොට තව පුරස්නයක් ආවා. මේ කාලෙ වෙනකොට මිනිස්සු බැංකු ගණුදෙනුවලට ටික ටික සැට්වේගෙන එන කාලෙ. පොඩි පොඩි වෙළෙන්දන්ට වගේම ගමේ මිනිස්සුන්ටත් මේ කටයුතු වැදගත් උනානෙ. හැබැයි රජය යටතේ පිහිටවපු ලංකා බැංකුව ඒ තරම් මේ මිනිස්සුන්ට සමීප වෙලා තිබුනෙ නෑ. එයාලා වැඩිපුර හිටියෙ නාගරික තරමක දෙයක් කරගංට පුලුවං වියාපාරික පොරජාවත් එක්ක තමා. 

ඔන්න ඉතිං ගමේ මිනිස්සුංටත් සුලු ව්‍යාපාරිකයංටත් සලකන්න බලාගෙන 1961 ජූලි පළවෙනිදා කොළඹ චිත්තම්පලම් ඒ. ගාඩිනර් මාවතේ පිහිටුවනවා මොකක්ද, මහජන බැංකුව. මේක ගම් දනවු සිසාරා යනවා සමූපාකාර ක්‍රමයත් එක්ක පසුකාලීනව.

ඔය 1977 ද අටේද මංදා ලංකාවට විවෘත ආර්තිකේ අඳුන්නල දීලා අවුරුදු නමයකට දහයකට පස්සෙ ලංකාවෙ පුද්ගලික බැංකු එක දෙක වැඩි වෙන්න ගන්නවා. ඒ අතරින් වඩාත් ප්‍රසිද්ධ 1986 දි Investment & Credit Bank විදිහට පටං ගත්තු සම්පත් බැංකුව සහ අපේ ලලිත් අයියා 1987 දි දාපු සෙලාන් බැංකුව Seylan Bank. තව බැංකු බොහොමයි දැන්නම්. ලංකාවෙ වාණිජ බැංකු (වාණිජ බැංකු කියන්නෙ චෙක්පත් ගණුදෙනු කළහැකි ජංගම ගිණුම් පවත්වාගෙන යන ඒවගේම විදේශ මුදල් ගණුදෙනු කළ හැකි බැංකු වලට... ඕවා හැමෝටම බෑ) 25 ක් තියෙනවා.

එයින් 13 ක් දේශීය බැංකු.
  1. ලංකා බැංකුව
  2. මහජන බැංකුව
  3. කොමර්ෂල් බැංකුව
  4. හැටන් නැෂනල් බැංකුව
  5. සම්පත් බැංකුව
  6. සෙලාන් බැංකුව
  7. National Development Bank - NDB
  8. Pan Asia Banking Corporation - PABC
  9. Nations Trust Bank
  10. DFCC වර්ධන බැංකුව (DFCC බැංකුව නොවේ)
  11. Amana Bank
  12. Union Bank
  13. Cargills Bank
විදේශීය රටවල් පවත්වාගෙන යන වාණිජ බැංකු තියෙනවා 12 ක්
  1. State Bank of India - ඉන්දියාව
  2. Indian Bank - ඉන්දියාව
  3. Indian Overseas Bank - ඉන්දියාව
  4. Industrial Credit & Investment Corporation of India - ICICI - ඉන්දියාව
  5. Axis Bank - ඉන්දියාව
  6. Standard Chartered Bank - බ්‍රිතාන්‍යය
  7. Hongkong & Shanghai Banking Corporation - HSBC - බ්‍රිතාන්‍යය
  8. Citibank - අමෙරිකා එක්සත් ජනපදය
  9. Deutsche Bank - ජර්මනිය
  10. Public Bank - මැලේසියාව
  11. Habib Bank AG Zurich - ස්විට්සර්ලන්තය
  12. Muslim Commercial Bank - MCB - පාකිස්ථානය
ඔය කිව්වෙ වාණිජ බැංකුනෙ. වාණිජ නොවන ඒ කියන්නෙ විශේෂ බලපත්‍රලාභී බැංකු තියෙනවා කීපයක්.
  1. ජාතික ඉතිරිකිරීමේ බැංකුව - National Savings Bank - NSB
  2. MBSL Savings Bank
  3. ශ්‍රී ලංකා ඉතිරිකිරීමේ බැංකුව - SLSB
  4. ප්‍රාදේශීය සංවර්ධන බැංකුව - RDB
  5. ලංකාපුත්‍ර සංවර්ධන බැංකුව 
  6. DFCC Bank
  7. සණස සංවර්ධන බැංකුව  - SDBL
  8. නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථාව - HDFC
  9. රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව - SMIB
  10. ශ්‍රී ලංකා වාණිජ බැංකුව - Merchant Bank of Sri Lanka - MBSL
  11. මහජන ව්‍යාපාරික බැංකුව - People's Merchant Bank
  12. Seylan Merchant Bank
  13. Mercantile Merchant Bank
  14. Sterling Investment Management Corporation

ඔව්වා තමා ශ්‍රී ලංකා මහ බැංකුවෙ විශේෂ බලපත්‍ර යටතේ ලියාපදිංචි බැංකු. ඔය 10 ඉඳලා අවසානය දක්වා එව්වට කියන්නේ වණික් බැංකු කියලා. ඒවා ව්‍යාපාරවලට දීර්ඝකාලීන පහසුකං දෙංට තමා පිහිටෝලා තියෙන්නෙ.

සෑහෙන විස්තරයක් ලීවනෙ. දැං ඇති..මාංසියි අප්පා. ආයි දොහක ලියන්නංකො තව ටිකක් ඈ....

එහෙනං විසිටරයා ගෙහුං එඤ්ඤංකො ඈ....


33 comments:

  1. වටිනා ලිපියක්..... පාසල් දරුවන්ටත් වැදගත්....

    ReplyDelete
    Replies
    1. මම පාසැල් දරුවන්ට පවත්වන දේශනයක් ඇසුරෙන් තමා කුරුටුස් මේකෙ වැඩි හරිය ලියවෙන්නෙ

      Delete
  2. අඩේ මේකා මැරිල නැ

    ReplyDelete
    Replies
    1. මොන පිස්සුද....Vව මටයි, ඉවානයටයි, මාතෙටයි පෙරේදා ඇස් පනාපිට හම්බ උනා..මූ ඇස් පිල්ලන් ගහනවද කියලත් බැලුවා..කොහොම හරි හොල්මන් වලට තියෙන බය නිසාම මම නම් බැස්සේ නැහැ වාහනෙන්....මූ මහ මදාවියා නිසා හොල්මන් කරනවාද..පනපිටින්ද කියලා හොයාගන්නේ කොහොමද බං...

      Delete
    2. අටම්ස්, උඹලා හෙන ආතල් එකේද බං හිටියේ?

      Delete
    3. ෂෙෆාකි, ඔහොමත් ගලවනවද මහත්තයෝ කලිසම...? එහෙනං ඒකයි බැස්සෙ නැත්තෙ. මාතයි ඉවානයයි කිව්වෙ දැවැන්ත සරීරෙ දවසකට එක වතාවයි වාහනෙං බස්සන්න පුලුවං කියලා..
      ඕවට ආවොත් ඉතිං රස්පුටින්ට කොරපු එව්වා තමා කොරලා යවන්නෙ... හැක හැක

      Delete
  3. ස්පිට්ල් ලියපු "brave island-වීර දිවයින" කියන පොතේ තියනවා ඔය ඉංදියාවෙන් මෙහාට ආපු පොළියට දෙන ඩෑල් ගැන.තිලක පොතේ තියනවා හෙට්ටියෝ ගැන.ඒකේ තියන විදිහටනම් ආණ්ඩුවේ සේවකයෙක් හෙට්ටියෙක්ගෙන් ණය ගන්නවා කියන්නේ ඔහුව සේවයෙන් පහ කරන තරමට බරපතල වැරද්දක්.ඇයි කියලනම් දන්නේ නෑ.බැංකු කියන වචනේ හැදුනේ බංකුවක ඉදන් වැඩකරපු නිසා කියන්නේ ඇත්තද බං?

    ReplyDelete
    Replies
    1. සුබ උදෑසනක්...වැරදුනා...සන්ධ්‍යාවක්... කසුට්ටා!
      උඹ ආවාමයි නේද මහ ගෙදරට
      අදටත් ගොඩක් බැංකුවල අයට වෙන කිසිම සෝස් එකකින් ණය ගන්න බැරි විදිහට තමා රෙගුලාසි තියෙන්නෙ. පැහැදිලිවම සේවයෙන් පහකරන්න පුලුවන්. රජයේ සේවකයන් ගැන දන්නෙ නෑ.
      ඔව්, බෙන්ච්, බැන්කා වගේ වචන කීපයකින් තමා බිඳිලා ඇවිත් තියෙන්නෙ.

      Delete
  4. හොඳ වටිනා විස්තරයක් දැන ගත්තා. නිකමටවත් බැංකු පටන් ගත්තෙ කොහොමද කියල හිතුනෙ නෑනෙ හිටං.

    ReplyDelete
    Replies
    1. මනා...සාදරයෙන් පිළිගන්නවා මේ මහගෙදරටත්.
      එහෙනං...හිටං...

      Delete
  5. හැටන් නැෂනල් බැංකුව පටන් ගත්තේ හැටන් ටවුමෙ කියල කියනවා නේද? ආන්න ඒකත් පොඩ්ඩක් හොයපංකො.

    ReplyDelete
    Replies
    1. ඔවු.ඒක ඉස්සල්ලා පටන් අරගන තියෙන්නේ හැටන් ටවුමේ.යටත් විජිත සමයේ තේවතු ආශ්‍රිත බැංකුකටයුතු කිරීමට.

      Delete
    2. කිචියා, කටුසු,
      උඹලා දෙන්නම හරි. හැටන් වල තමා. ඉතාම පැරණි සිතුවමක් මතකයි ඔය බැංකුව තේ වත්තක පහල ඇඳලා තියෙන. දැක්කේ කවදාද මතක නෑ. පුංචි කාලෙ අම්මලා එක්ක ගිය තේ ෆැක්ටරියකදි වගේ මතකයි. ජාලෙනං හොයලා වැඩක් නෑ පුතාලා.

      Delete
  6. මම හැමදාම කියන්නේ..උඔ මේ ලියන්නෙ කිසිම එකෙක් කැමති මතෘකා නෙමෙයි පට්ට බෝරිං..ඒ වුනාට උඔ ඒවා නමලා දිග ඇරලා බටර් ගාලා බස්සනවා කියවන එවුන්ගෙ බොක්කටම..අන්තිමට තමයි දන්නෙ කෑල්ලක්වත් නැති වෙන්න මු මේක අපිට ගිල්ලවලා කියලා..
    ඒ අතින් උඔගේ හැකියාව එල ද බ්‍රා
    මේ ලිපි ටික අපි උසස්පෙල කරන කාලේ තිබුනානම් අද මම මහබැංකුවේ දෙවැනියා..

    ReplyDelete
    Replies
    1. උම මටත් ගානවා මාර බටර් පාරක්...හැක් හැක්... විහිලුවට බං කිව්වෙ.
      උඹට හැමදාම කියනවා වගේ උඹ තමා මේ බ්ලොග් එකේ දෙවන මව. අඩේ සමාවෙයං උඹව ඉස්තිරියාවක් කලාට.

      Delete
    2. බටර් නෑ මල්ලි...හොද දේ හොදයි..මම ආදරය කරන දේ රකිනවා ඒවාට කවුරැ හරි මොනවා හරි කිව්වාම මරාගෙන මැරෙනවා.
      උදාහරනයක්
      දැන් නම් ඇමති නෙමෙයි අම්මගෙ මිනිහා ආවත් එහම අරන් යන්න දෙන්න පට්ට වෙිසියෝ ගාමන්ට් වල නෑ.
      පැෂන්බග් නෝලිමිට් යන කෙඩ්‍රිට් ඩෙබිට් කාඩ් පාව්චිච කරන ටැබ් ඇපල් අයි ෆෝන් පාවිච්චි කරන කෙල්ලො දැන් ගාමන්ට් වල ඉන්නෙ.
      ගාමන්ට් වල ඉන්න කෑලි පට්ට වෙිසියෝ අතිතයට එකතුවෙලා ඉවරයි.

      Delete
    3. ඒ දියුණුව ගැන උඹට සේවා ප්‍රධානියෙක් විදිහට ආඩම්බර වුණෑකි. කවුරු හරි දවසක් ඔය ඇමති කතාව කිව්වා මතකයි. කොළඹගමයාද කොහෙද.

      Delete
  7. මෙන්ඩ ටොක්කක් ඇනල පෙන්නුවනිසා ආව.. අලුත් එකෙක් නිසාවට අදමයි ආවේ.. බොහොම වැදගත් ලිපියක්. දිගටම මේ පැත්තෙ එන්න ඕන නිසා රෝලටත් දාගත්ත.. ජයවේවා...

    ReplyDelete
    Replies
    1. මුගේ පරන ලිපිටික බලපන් උඔට මාර වටිනවා.

      Delete
    2. සාදරයෙන් පිළිගන්නවා සජ්ජා... උඹට ඉතිං අතීත කතාව ඕන්නං කලිං ලිපිය බලාපං.
      මේ වගේ මෙලෝ රහක් නැති සබ්ජෙක්ට් එකක් රහ කරලා ලියන්න සෑහෙන කාල වේලාව ඕනි නිසා නිතර ලියන්න බෑ මචෝ. මේ මෙන්ඩා තමා මාව දක්කන්නෙ කුඹුරට.

      මෙන්ඩා, උඹ මේක උස්සන්න දඟලන හැටි දැක්කම මට හිතෙන්නෙ මටත් වඩා මේ අඩවියට උඹ ආදරෙයි කියලා. උඹ දිනලා වගේ අන්තිමට බැලුවම.

      Delete
    3. අනිවාර්යෙන් බලනවා.. මෙන්ඩ කවදත් බ්ලොග් කලාවට ආදරේ මනුස්සයනෙ ඉතිං..

      Delete
    4. //මේ මෙන්ඩා තමා මාව දක්කන්නෙ කුඹුරට //

      හුකෑස් ..

      උඹ හරක කියල අපි ඉතිං අද ඊයෙයැ දන්නෙ. ඕ යේස්

      Delete
    5. මෙන්ඩා,
      පරණ උණාම හොඳයි කියනවනෙ වයින් සහ ගැහැණු.

      Delete
    6. සජ්ජා, මෙන්ඩා නොලීවාට ඌ කරන මෙහෙවර ලියන එවුන්ට දෙවෙනි නෑ කොහෙත්ම.

      Delete
    7. පත්තරේ,
      උඹට අපේඅනික පැත්තෙත් ඇවිත් යන්න කියලා මම දණ්ඩ නමස්කාර පූර්වකව ආයාචනා කර සිටිනවා. මොකද හොඳ හොඳ එව්වා ටිකක් අහගත්තැකි උඹෙං.

      Delete
    8. ගල් තියනවා නම් පැනලා එයි පත්තර මල්ලි

      Delete
    9. හෑ...ඕකා ගල් කාරයෙක්ද?

      Delete
  8. මේ ලිපියේ දෙවැනි කොටසක් තියනවා...
    නිවාඩුපාඩුව ලියපන්....
    සමාවෙයන්...කරදර කරනවට...

    ReplyDelete
    Replies
    1. සමාව ඉල්ලන්න දෙයක් නෑ මචෝ.
      තව ටිකක් ලියඤ්ඤංකො මිසක් දෙවනි කොටහක් නෑ බං...
      අපි දන්න අතීතයේ බැංකු ගණුදෙනු ගැන තමා ඊ ළඟට කොටන්නෙ.

      Delete
  9. හා..හා..ලියපන් අලුත් එකක් මාසයකුත් පහුවුනා..

    ReplyDelete
    Replies
    1. හරි හරි ඉතිං.........චූට්ටක් ඉවසහංකො මචෝ..
      (අරවා විතර ලේසි නෑ බං මේවා)

      Delete
  10. අඩේ ඩ්‍රැකී හරහා තමා මේකව අහුවුනේ.පට්ටයි පුතේ මේ අඩවියනං.
    // හෙට්ටිලා මිනිස්සුන්ට දුන්නා නියම ගේම්
    ඒ කාලේ සාමාන්‍ය මිනිස්සුන්ට බැංකු වලින් ණය නොදුන් නිසා චෙට්ටියාර්ලා ඇප කාරයන් විදියට ඉඳලා ඔය යෝදයන් දෙපැත්තෙන්ම ගාණ කපාගෙන තියනවා.මර්සිලින් ජයකොඩි පියතුමාත් හෙට්ටින්ගේ ජඩ වැඩ ගැන එතුමාගේ බාල කාලේ ගැන ලියපු පොතක ලියලා තිබුනා.මුළු ගමම තුන්ඩු කෑලි වල ලියලා උකසට අරගෙන දුන්නු ගේමක්.මීටර් ඩයල් හින්දා දෙවන ලෝක යුද්දය ලං වෙන කොට සේරම ආපහු විකුණලා රත්තරන් වලට කන්වර්ට් කරගෙන මාරු වෙලා තියනවා.
    දැන් පුරස්න
    ප්‍රමුක බැංකුව වාස්ප වුනේ කොහොමද?
    ඒ බැංකුව තිබුනේ මොන කැටගරි එකේද?
    නොදන්නා නිසාම අහමි

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගන්නවා, සිරිබිරිස්!
      හෙට්ටි ගැනනං කියලා වැඩක් නෑ. පාළු ගෙයි වළං බින්දා.

      ප්‍රමුඛ බැංකුව තමා ලංකාවෙ පළමුවන පුද්ගලික ඉතිරිකිරීමේ බැංකුව වුනේ. ඔවුන් මහ බැංකුවේ අවසර ඉල්ලුවේ වාණිජ බැංකුවක් වශයෙන් ක්‍රියාත්මක වෙන්න. නමුත් අවසර ලැබුණෙ විශේෂ බලපත්‍රලාභී බැංකු යන කැටගරිය යටතේ.
      මේ නිසා වාණිජ බැංකු ක්‍රියාත්මක කරන ලඝුවිධ ඇස්කීසි බලය (Parate Execution) ක්‍රියාත්මක කරන්නට බැරිවුණා. මේ නිසා ණය මුදලක් ආපසු නොගෙවීමකදී අධිකරණ ක්‍රියාමාර්ගයකින් තොරව උකස්කල දේපල වෙන්දේසි කර ණය අයකරගැනීමට ඔවුන්ට හැකියාවක් තිබුණේ නැහැ. එයින් අක්‍රිය ණය ප්‍රමාණය ඉහල යාම තමා බැංකුව කඩා වැටීමට හේතු වුණේ. එය ලංකාවේ බැංකු ක්ෂේත්‍රයේ දැවැන්තයෙක් නොවන නිසා (දැවැන්තයින් 6 දෙනයි කැනඩාවෙ වගේ. ලංකා බැංකුව, මහජන බැංකුව, කොමර්ෂල් බැංකුව, හැටන් නැෂනල් බැංකුව, සම්පත් බැංකුව සහ සෙලාන් බැංකුව) මේ කඩා වැටීමට පිළියම් යෙදීමට මහ බැංකුව ඉදිරිපත් වුණේ නෑ (සෙලාන් බැංකුව සම්බන්ධයෙන් මෙය එසේ නොවුණු බවත්, ක්ෂණිකව අධ්‍යක්ෂ මණ්ඩල බලතල ලංකා බැංකුවට භාරදුන් බවත් ඔබට මතක ඇති).
      http://www.bbc.com/sinhala/news/story/2008/12/081229_golden_key.shtml
      ඉතාම වැදගත් ප්‍රශ්නයක් මතු කිරීම ගැන සතුටුයි. නැවත එන්න.

      Delete