Monday, May 11, 2015

ප්ලාස්ටික් මුදල් Plastic Money



බොහොම කාලෙකිං මේකට ගොඩ වුනේ විශේෂයෙන් අපේ මෙන්ඩා මේක ලියන්න කියලා තර්ජනය කල නිසාමයි. අනේ ඉතිං මේ වගේ මෙලෝ රහක් නැති සබ්ජැට් එකක් කුරුටු ගානවට වඩා නරකයැ කුණුහබ්බ කයියක් ලියාගෙන ඉන්න එක. ඈ... ඒ මොකක්ද කිව්වෙ? හරි... ඉස්සරෝම ඒක කියලා ඉන්නංකො. කියන්න දෙයක් නෑ. දැනටම තේරිලා ඇති.

මේ බොග දාගෙන දාගෙන දාගෙන එද්දි ඒ කාලෙ රටේ තිබුණ තත්ත්වයයි තව ඔය අපේ ඇත්තො හිටි අඩියෙ කුරුටුගාන නිසඳැස් කෑලියි දැක්කම හිතුනා මේ මගුලට වඩා කයි බොගක් දැම්මනං හොඳා කියලා. ඉතිං ඒ කාලෙ තිබ්බ අහලපහල වටපිටාවෙ හිට්ට අපේ සමහර හිතවතුන්ගෙ (බ්ලොග් හිතවතුන් නෙමේ) ලබැඳිබව හින්දම ඒ සමහර ලිපි දාන්නෙ අපි කියලා දැනෙන්ට අරින්ටත් බැරිවුනා පහුවදාට ඇඩ්‍රසුත් නැතිවෙයි කියලා නෙමේ ලබැඳිබව නැතිවේවි කියලා. හැබැයි මේ කෙලිය ලේසි වුනේ නෑ. හරියට අනියම් සම්බන්ධයක් පවත්වනවා වගේ ගෙදරට හොරා. ඔක්කොටම හපන් කෙලිය කමෙන්ට්ස් දාන්න ගිහාම අනෙක් අයගෙ එව්වයෙ. හිටි ගමං වී වැටෙනවා අනිකෙ. අනික වැටෙනවා වී එකේ. ඒ විතරක්යැ. අපේ සහෝදර බොගා මල්ලිලගෙ නංගිලගෙ එව්වයේ නම් දෙකෙන්ම කොමෙන්ට් දාන්ටත් එපෑ (ඒකත් කලා වෙලාවකට). හපෝ වින්ද දුකක්. ඒ හින්ද වී ටිකකට පැත්තකින් තියල පුරුදු කුණුහරුප විශුද්ධීකරණයේ යෙදුනා. ඒ හිතපු තරං දෙයක් අර කියපු තත්ත්වෙ ගැන ලියන්ට බැරිවුන නිසාත් දැන් තත්ත්වය යහපලනවත් නිසාත් ඔන්නොහෙ මේකත් කියලා දාන්ට ඕනි කියලා හිතුනා. බැංකු ගැන මුදල් ගැන ලියලා ලියලා එක පාරටම මම කයි පදබඳින්ට ගත්තා. ඒ කයි වල මුලද එක එක මාත්තුරුකා තිබ්බත් පස්සෙ හුදී ජන පහන් සංවේගය පිනිස ටිකක් විතර අවලං කයි දාන්ට ගත්ත. ඒක තමා නැගල ගියේ. ඉතිං දැං මේ කවුද මොනවද මේ කරන්නෙ කියලා දන්නවනෙ. ඔන්න මීට පස්සෙ වී හරි මදාවිය හරි දෙන්නගෙං එකෙක් කමෙන්ට්ස් දැම්මොත් ඒ දෙන්නම එකයි ඈ... හරී... අපි එමු අද කතාවට. (මෙන්ඩා, බොහොම ස්තුතියි සැරින් සැරේ කූරු ගෑවට)

ප්ලාස්ටික් මුදල්
රයිට්, නංගිලා මල්ලිලා දන්නවනේ දැන් දැන් කඩදාසි මුදල් භාවිතය ටික ටික දූරිංබූත වෙලා යන්ට පටාං අරං කියලා. ඒ වෙනුවට දැන් තියෙන්නේ කාඩ්. අනික ඉන්ටර්නෙට් බෑංකිං.

හරි ඔය කාඩ් තමා ප්ලාස්ටික් කාඩ්. කාඩ් කිව්වම ඉතිං නානප්‍රකාරයි. ඩෙබිට් කාඩ්, ක්‍රෙඩිට් කාඩ්, වීසා කාඩ්, මාස්ටර් කාඩ්, ක්ලැසික් කාඩ්, ගෝල්ඩ් කාඩ්, අයිඩින්ටි කාඩ් (හෑ...) ඉන්ටර්නැසනොල් වීසා කාඩ්, බුජු අම්මේ එලෝ කෝටියයි. අපි මේ එක එක ලෙහාගම්මු නේද මචංස්ලා.

ක්‍රෙඩිට් කාඩ්
මයෙ අප්පල හොඳටම දන්න එකක්නෙ ඔය. ඕක ඇවිල්ලා ණයක්. ඒ කියන්නෙ ක්‍රෙඩිට් කාඩ් එකක් බැංකුවෙන් ඉල්ලන්ට ඇහැකි තමන්ගෙ ආදායම පෙන්නලා. තරමක ඉල්ලුපත්තරයක් පුරවංට ඕනෑ. ඔන්න ඉතිං කාඩ් එකයි පිං එකයි (රහස්‍ය අංකය = PIN= Personal Identification Number) හම්බු වෙනවා. පින් එක තමන්ට හොඳට මතක හිටින තැනක ගබඩා කොරගෙන ඒක ගහපු කොලේ පුච්චංට කියලා තමා උපදෙස් දෙන්නෙ. ඊට පස්සෙ කාඩ් එක පරිස්සං කොරල තියාගංට. ඔය පිං එක ඕනිවෙන්නෙ ඕක ඔබල අර ගොලුවගෙ කටට මේ ආවෙ මංම තමා කියලා කියංට තමා.

හරි, අපි හිතම දැන් බොලාට ලැබිලා තියෙනවා ලස්සෙක ණය සීමාවක් එක්ක ක්‍රෙඩිට් කාඩ් එකක්. දැං ඉතිං කෙළපං අප්ප ෆුඩ් සිටියෙයි, පීසා හට් එකෙයි, හමීඩියා එකෙයි, ස්වර්ණමහල් (නෑ...උඹලට කරාබු ගන්ට නෙමේ, බඩු කෑල්ලට යමක් කමක් අරං දෙංට) එකෙයි, ඔක්කොටමව වඩා පැස්ටෝල් ෂෙඩ් එකෙයි හැම තැනම අර ලස්සෙ ඉවර වෙනකං. ඔය වීසා (VISA) ලකුණ හරි අනෙක් කාඩ් ලකුණක් (මාස්ටර්කාඩ්, ඇමෙක්ස්) දොරේ ගහගෙන ඉන්න තැංඔල ඔය කාඩ් වලිං සෙල්ලං දැම්මැකි.

ඔතනදි වෙන්නෙ මෙහෙමයි. අපි කාඩ් එක දික් කොරලා ඔය අපි ගත්තු කාපු බීපු ගහපු (පැස්ටෝල් බං..) ඒවට බිල ගෙවනවා. ඒ ඇත්තො කාඩ් එක මෙව්ව එකක් (store reader) මැදින් අතුල්ලලා වැඩේ තහවුරු කරගෙන ඒ ගොල්ලංගෙ බිලට අපේ අස්සනකුත් ගන්නවා. මුලිං කියන්ට බැරිවුනා, බැංකුවෙදිම ඕකෙ පස්ස පැත්තෙ ගහංට ඕනි...අස්සන, අස්සන. ඉතිං අර ෆුඩ්සිටියෙ අහිංසක ලාබාල කෙල්ලො ඔය බිලේ ගහපු අස්සන අරකෙ පස්ස පැත්තෙ ගහපු එකමද කියල බලලා කාඩ් එකයි බිලයි ආපහු දීලා තැන්කියු කියනවා.

කෙලිය තියෙන්නෙ ඊට පස්සෙ. අපි හිතමු අපි රුපියල් 5000 ක බඩු ගත්තා කියලා ජනවාරි පළවෙනිදා. ඔන්න  පුතාලට හම්බුවෙනවා ඔය 5000 ණය ගෙවන්න පොඩි කොමර්ෂල් බෙරෙක් එකක්. ඒක දින 45ක්, 51 ක් වගේ වෙන්ට ඇහැකි. ඒ දින ගාන ඇතුලත බැංකුවට ගිහිං හරි, ඊ-බෑංකිං කෙරමෙට හරි ඕක ගෙවලා දැම්මොත් නෝ පොලී හරි ජොලී. හැබැයි දිනේ පැන්න ගමං වදිනවා... උගෙ අම්මගෙ පොලියක් (නෑ...නෑ... එච්චර සැර නෑ. සමහර ඒවයේ අවුරුද්දටම 24%යි, නැත්තං 36%යි, සමහර ඒව්වයෙ...නෑ එක්කො ඕන්නෑ). දැන් ඉතිං පහු උනු දින ගානට හැදෙනවා පොලිය අර වාර්සික අනුපාතෙ අනුව.

කියන්න ඕනිම දෙයක් තියෙනවා. ක්‍රෙඩිට් කාඩ්වල ණයව ඇති ශේෂයෙන් නිශ්චිත ප්‍රතිශතයක් (5% ක් බොහෝවිට) සෑම මාසයකම ගෙවිය යුතුමයි. නැත්නම් දඩයක් වදිනවා ලේට් පේමන්ට් කියලා. ඊ ළඟට පොලිය හැම මාසෙම අගදි අර ණය වෙච්ච බැලන්ස් එකට එකතු වෙනවා. පමා උනොත් ඒකටත් තව පොලී වදියි.

ඔය කාඩ් එක අර ගොලුවගෙ කටට ඔබලා සල්ලි ගංටත් ඇහැකි. එතනදි ණය සීමාවෙන් එක්තරා ප්‍රතිශතයක් (50% ක් වගේ) තමා උපරිම අදිංට ඇහැකි. හැබැයි සමහර බැංකුවල ඔය ගොලුවගෙං (දැං බලයි මොකාද මේ ගොලුව කියලා. මං මේ කියන්නෙ ඒටීඑම් එක ගැන ඈ... ) සල්ලි ගත්තම කෑෂ් ඇඩ්වාන්ස් ෆී කියලා එකකුත් වදිනවා. අපේ සිකුරිටි පොරක් අපි හවහට සැට් වෙනකොට කොන්ට්‍රිබියුසොං දාද්දි ලෝබකමට එවලෙට කාඩ් එකෙන් තුංසීය තුංසීය අරං දුන්නා. අප්පට සිලි දවස් පහක් අරං බලනකොට ගත්තෙ එක්දාස් පංසීයයි. කෑෂ් ඇඩ්වාන්ස් ෆී... ඒත් එක්දාස්ම පංසීයයි. අපි සද්ද නැතිව හිටියා ගනුකො කියලා.

ක්‍රෙඩිට් කාඩ් ණය සීමාව පුලුවං හැම වෙලේම බිංදුවට බස්සල තියංට. හදිසියකට පාවිච්චි කරන්න හරි මාසෙ පඩිය එනකං බඩුගන්ට හරි යොදාගන්ට. ඔය ණය සීමාව දිගින් දිගට (බිංදුවට නොබස්සා) පාවිච්චි කරන එක පාඩුයි ලමයිනේ. ඕක හරි වටිනවා ප්‍රයිවට් හොස්සපිටල් එහෙකට එහෙම ඇතුලු වෙද්දි වගේම බිල් ගෙවද්දි.

එතකොට ඔය කාඩ් වල පිං එක නැතිඋනොත් හරි අමතක උනොත් හරි ඒ බැංකුවෙ මහ ඉස්පිරිතාලෙට කතාකරල අලුත් කාඩ් එකකුයි පිං එහෙකුයි ගංට පරණ එක තොපිම තියාගනිව් කියලා ආපහු දීලා දාලා.

තව එකක්. ඔය කාඩ්වල තියෙනවා ලෝකල් සහ ඉංටනැසනොල් කියලා දෙජාතියක්. තේරෙනවනෙ ඉතිං. ලෝකල් ඒවා මේ රටේදී විතරයි. අනික්වා ඕනි තූත්තුකුඩියක බාර ගන්නවා.

මොනවද මේ ක්ලැසික් (සිල්වර්), ගෝල්ඩ්, බ්ලැක්, ප්ලැටිනම් කාඩ් කියන්නෙ? ඒ තමා තමංට දීලා තියෙන ණය සීමාවෙ විසාල කම අනුව කාඩ් වර්ගීකොරනය කොරලා තියෙන විදිහ. ක්ලැසික් එක පොඩියි. ප්ලැටිනම්/බ්ලැක් වගේ ඒවා හෙන ලොකුයි.





තව දැකල ඇති ඔය කාඩ් එකේ ලෝගෝවක් තියෙනවා වීසා, මාස්ටර්කාඩ්, අැමෙක්ස් (වැඩිය නෑ) වගේ. ඒ තමා ඒ කාඩ් අයිති සමාගම්. ඔයිං වීසා තමා වැඩිම. මාස්ටර්කාඩ් නිකුත්කිරීම සමහර බැංකු නවත්තලාම දැම්මා ටික දොහකට කලිං.

වීසා මාස්ටර් වගේ එව්වයෙ සීරියල් නොම්බරයක් තියෙනවා ඉලක්කං දාසයක. ඒ වගේම ඔය කොයි කාඩ් එකෙත් අයිතිකාරයගෙ නම තියෙනවා. කාඩ් එක අවලංගු වෙන දිනය තියෙනවා. ඔය සේරම උඩට පුම්බලා (embossed) හරි යටට ඔබලා (engraved) හරි තමා තියෙන්නෙ අතට දැනෙංට. තව සමහර එව්වයෙ පස්ස පැත්තෙ තියෙනවා CV (Card Verification Number) නොම්මරේ කියලා එකක් ඉලක්කං 3 ක වගේ. ඒක තියෙන කාඩ් වලිං ඔය ඊ බේ, ඇමසෝං වගේ අඩවියකිං බඩු ඕඩර් කරලා ගෙන්නන කොට ගෙවීම් කලෑකි.

ඩෙබිට් කාඩ්
ඔය කාඩ් එක ඩෙබිට්ද ක්‍රෙඩිට්ද කියලා වෙංකොරලා අඳුනගංට පැහැදිලි ක්‍රමයක් නෑ. සමහර කාඩ් වලනං ගහලා තියෙනවා ඩෙබිට් කාඩ් කියලා... ඒත් ඒ කලාතුරකිං. තමංම තමා දැනගංට ඕනි මගේ එක මේ දෙකෙං කෝකද කියලා.

රයිට්! ඩෙබිට් කාඩ් එක මතුපිටිං අඳුනංට බැරුවට ඒවායේ කටයුතු වෙනස්. ඩෙබිට් කාඩ් එක කියන්නෙ තමංගෙ ජංගම හරි ඉතිරිකිරීමේ හරි ගිණුම. අපි මේ කාඩ් එකෙං බඩුගත්තත්, ගොලුවට දීල සල්ලි ගත්තත් අපේ ගිණුමෙ තියෙන මුදල් තමා අඩුවෙන්නෙ. (ඒ ඇර අර අනික්වයෙ වගේ පොලී, නානාප්‍රකාර ගාස්තු මොකුත් නෑ). ගිණුමෙ සල්ලි නැත්තං මේ කාඩ් එක වැඩක් නෑ. මැසිමෙං ගත්තොත් රුපියල් පහක් දහයක් කැපෙංට ඇහැකි. මොකද ඔය ගොලුව හෙන ගණං වගේම නඩත්තු කෙරුවාවත් සෙල්ලං නෑ. මේං පහල තියෙනවා ඔය ගොලු මල්ලි වැඩකොරන විදිහ.



එතකොට කොහොමෙයි කාඩ් එක මැසිමෙ පාවිච්චි කරන්නෙ. මේ කාඩ් එක දාන පැත්තක් තියෙනවා. ඒක මැසිමෙ ගහලම තියෙනවා. ඒ කියන්නෙ මුහුණත උඩට, වීසා වගේ ලකුණ තමන්ගෙ පැත්තට කොට පැත්ත තමා ඇතුලට දාන්නෙ. එතකොට එයා ඕක ඇදලා ගන්නවා. ඊට පස්සෙ (වෙලාවකට බාසාව තෝරංට ඕනි) අපෙං ඉල්ලනවා පිං. ඔය මැසිමෙ තිරේ දෙපැත්තෙ තියෙනවා බොත්තං. ඒ ඒ බොත්තම ඒ ඒ වෙලාවට මොනවද කරන්නෙ කියලා තිරේ වැටෙනවා. සමහර එව්වයෙ ඕවා නෑ තිරේම තමා ඇඟිල්ලෙං ඇනලා ටච් සිස්ටොම් එකට කොරගංට තියෙන්නෙ. ඉතිං තව තිරේට පහලිං තියෙනවා කී පෑඩ් එකක්. ඒකෙං තමා පිං අංකය ඇතුලු කොරන්නෙ. ඔය මැසිං වල කඩදාසි රෝල (රිසිට් එක මුද්‍රණය කරන) ඉවර උනාම එයා කියනවා රිසිට්නං දෙන්න විදිහක් නෑ ගනුදෙනුව දිගටම කොරනවද කියලා. ඕකට නෑ කියලා ගහනකං කාඩ් එක එලියට දානවා. තොගේ රිසිට් තෝම තියාගං මට සල්ලි දීහං කියලා ඔව් කියලා ගැහුවම ඉදිරියටම යන්ට ඇහැකි. සමහරු ඔය මැසිම අස්සෙ පදිංචි වෙනවා. අන්න එහෙම එකෙක් දැක්කොත් කියංට අන්න අර වී කියලා එකෙක් ඕක කොරන හැටි ලියලා තියෙනවා ගිහිං බලාපිය කියලා.

ඔය කී පෑඩ් එක පාවිච්චි කරලා තමංගෙ පිං එක වගේම තමංට ඕනි මුදලත් සඳහන් කලෑකි. බොලාට මාරු සල්ලි ඕංනං 5000 වගේ ගහන්නැතිව 4900 වගේ ගහපල්ලා සීයෙ කොල එනවා. ලංකාවෙ මැෂින්වල 100 ට අඩු ගණන් ගංට බෑ. 100, 1000 ගොඩක් මැසින්වල නිකුත් කොරනවා. 500, 2000 සහ 5000 සමහර මැසිං ඔල නිකුත් කරනවා. ඒක ගහලම තියෙනවා සමහර සත් ගුණවත් කට්ටිය. ඔය මැසිමෙං දවසකට ගංට පුලුවං උපරිම මුදලකුත් තියෙනවා. ඒක 40000, 100000 වගේ වෙංට ඇහැකි. ඔය මැසිමට සෙට් කරලා තියෙනවා කැමරාවක්. ඉතිං කවුරුහරි එකෙක් අනුංගෙ කාඩ් එකක් බකයා ගහගෙන ඇවිත් පිං එක දන්නැති හිංද දන්න පිං දෙනවා...වරදිනවා...දෙනවා...වරදිනවා...දෙනවා...ඇදල ගන්නව කාඩ් එක ගොලුවගෙ බඩටම. පොටෝ තුනකුත් ගහනවා. ඉතිං පොටෝ තුන තුන තියෙන අයගැන සහ එදා මැසිමට ඇදලාගත්තු කාඩ් අනුව යමක් කමක් කොරංට ඇහැකි බැංකුවලට.

සමහර විට ඔය මැසිම තියෙන කූඩුව ලොක් කොරලා තියෙන්නෙ ඇතුලෙන් මැසිමට සල්ලි දාන වෙලාවට තමා. ඒ වෙලාවට පොඩ්ඩක් ඉතිං ඉවසලා ඉංට ඕනි. තව එකක්! අපි හිතමු රුපියල් සීයෙ කොල මැසිමෙ ඉවරයි දාහෙ කොල විතරයි තියෙන්නෙ කියලා. ඉතිං එහෙම වෙලාවක අපි 2500 ක් ගැහුවට උන්දැට දෙංට බෑ. ඉතිං 1000 දෙකට ඉරල දෙංටයැ. එයා කියනවා මේක කරංට බෑ කොල්ලො කියලා. එහෙම වෙලාවට ඉල්ලන්න 3000 ක් වගේ. හරියයි.

තව මක්ක හරි දැනගංට ඕංනං අහංට ඕනැ හොඳේ! මං ඉතිං යංට තමා තනන්නෙ. අවසානෙට තව දෙයක්...

මේ ප්ලාස්ටික් කාඩ් කෙරමෙ හරිම පහසුවක්. මොකද සල්ලි පර්ස් එකේ දාගෙන ඇතිවන අවහිරේ වගේම පික්පොකට් කාරයොංගෙං බේරගංටත් ඇහැකි. මොකද 0001-9999 අතර ඉලක්කමක් ගෙස් කිරිල්ල ලේසි නෑ හොරෙකුට උනත් තුං පාරකිං.



30 comments:

  1. හොයාගන්නකං ඉන්නේ නැතිව කිව්ව එකයි අවුල.. මදාවියෝම තමා..

    ReplyDelete
    Replies
    1. හේ හේ... පව් වැඩේ. හොරාට කලිං කැන වැට පැන්නා නේද?

      Delete
  2. Replies
    1. Cheers Machan! I was tickling myself when comment you (& when you comment) whether to amaze you or not.

      Delete
  3. හප්පටසිරි, ඔය ඇවිත් ඉන්නේ වලෙන් නැගිටලා, හැක්,,,,,!!

    ReplyDelete
    Replies
    1. ඇයි බං ඔය උඩිංම කියලා තියෙන්නෙ නිදහසට කාරණා.

      Delete
  4. හම්මේ උඹ ආපු දාම මාත් ආව ඕං...
    ඔව් ඒත් තාම ලීවෙ නෑ නිකං මොකද්ද මොකද්ද වගේ...
    වබ් කාඩ් එක ගැනත් හොයල බලල ලියකො... සිරාවටම ඒ ගැන තමා මෙලෝ හසරක් දන්නෙම නැත්තෙ

    ReplyDelete
    Replies
    1. ඒවා හරියන්නෙ නෑ, ලියපිය.
      හරි මචෝ, ඊ ළඟ එකේ දාන්නම්. අඩු ගානෙ ලින්ක් ටිකක්වත් දෙන්නම්.

      Delete
  5. හොඳ විස්තරයක් V

    ReplyDelete
    Replies
    1. ස්තූතියි බස්සියෝ!

      Delete
  6. නියමයි.පස්ට් ටයිම් ආවෙ.ඩෙබිට් කාඩ්,ක්‍රෙඩිට් කාඩ් අවුල මටත් තිබුනා.වෙබ් කාඩ් ගැන දන්නෙම නෑ.. පේ පෑල් අනන් මනන්.. එතකොට ඊ බේ එකෙන් අනන් මනන් ගෙන්නන හැටි එහෙමත් ලිව්වොතින් පට්ට වටී.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඊ-කොමර්ස් නම් වැඩිය ෆැමිලියර් නෑ. බෑංකිං තමා ඉතිං සබ්ජෙක්ට් එක.
      වෙල්කම් කිව්වා මේ අඩවියටත්!

      Delete
  7. මම හිතන් හිටියෙ විසිටර් වී කියන්නෙ වෙන කවුරුහරි එක්කෙනෙක් කියල නෙව. සෑහෙන්න දේවල් ගොඩක් දැනගත්තා මේකෙන්. නියමයි. ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. ඒ දවස්වල වෙනම අනන්‍යතාව තියාගන්න උනා මනා. අනික මේ එකවුන්ට් දෙක පටලැවෙන නිසා මේක ටිකක් වහලා තිබ්බෙ. කොහෙද අපේ මේ මෙන්ඩා ඉන්න දෙනවයැ. වෙල්කම්! තෑන්ක්ස්!

      Delete
    2. නෑ මචං උඔට වෙනමම වටිනාකමක් තියනවා..
      පොරවල් වගේ හිටියට අපි ගොඩක් දේවල් උඔගෙන් ඉගෙන ගන්නවා.
      මනා මොකද කියන්නෙ?

      Delete
    3. ඒකනේ මචං කියන්නේ කාලයේ වැලිතලාවෙන් වැසී යන්නට පෙර මේවා ලියා තියන්න ඕනි කියලා. නැවතත් ස්තූතියි මේ දෙන ගෞරවයට.

      Delete
  8. ටික කාලෙකින් නොවැ දැක්කේ.... සතුටුයි....

    ReplyDelete
    Replies
    1. කලකට පස්සේ වෙලකට බැස්සේ...
      මටත් දැන්නම් සතුටුයි මේකෙ මකුලුදැල් කඩලා ගත්තට.

      Delete
  9. යකෝ...උඔ ලියන ඒවා උඔටත් මටත් වඩා වටින්නෙ අපේ අනාගත පරපුරට.
    උඔයි මමයි ඡිවත් වෙලා ඉවරයි පොඩි මෙන්ඩියාලා වෙනුවෙන් මෙවා ලියලා තියපිය.
    සතුටුයි මචං එල ද බ්‍රා.
    අපේ ගෑනි මගේ ක්‍රෙඩිට් කාඩ් එක ඉල්ල ගත්තා වියදම් වැඩි කියලා..මම බැංකුවට කියලා අරක අවලංගු කරලා අලුත් එකක් ඉල්ල ගත්තා අනේ එයා ඒක තවම හංගලා තියාගෙන ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. උඹ කූරු නොගාන්න මම මේක ආයි නොලියන්නම තිබ්බා මෙන්ඩෝ. ඒකයි මම එදත් කිව්වෙ උඹ හොඳ ෆ්‍රෙඬෙක් කියලා. උඹට තමා මේක නැවත පණ උපද්දවපු පින අයිතිවෙන්න ඕනි.

      බලාගෙන මචං... අපි නොහිතුවට ගෑණුන්ට තියෙන්නෙ මාර ඉවක්. මම වෙලාවකට අන්දන ඒවට ඇන්දිලා වගේ පෙන්නල පස්සෙ පොඩි එවුන්ට කිය කියා හිනාවෙනවලු. බලහංකො මෙහෙමත් ගෑනු!

      Delete
    2. Never say thanks to Friends කියලා තියනවානේ.. වෙලාවක සෙට් වෙලා ගහමු.
      බ්‍රෑන්ඩ් එක ගල්

      Delete
    3. අනේ ඕක් ඇර වෙන ඕනි බ්‍රෑන්ඩ් එකක් ගහමු.

      Delete
    4. පිස්සුද මචං..බ්‍රෑන්ඩ් එක ගල් ඒ වුනාට බෙන්නෙ වෙන ඒවා

      Delete
    5. ගොඩක් උන් එහෙම තමා බං.

      Delete
  10. හපෝයි අනන්‍යතාව එලිකොරල නොවෑ...

    ඉඳහිටවත් ලියාපිය මේකත්.

    ReplyDelete
    Replies
    1. දැන් ඉතිං යහපාලනේ නෙ බාං...
      තෝත් ලියාපිය මාත් ලියන්නං
      සඳරුවනෝ බොල් සඳරුවනෝ

      Delete
  11. // මාස්ටර්කාඩ් නිකුත්කිරීම සමහර බැංකු නවත්තලාම දැම්මා
    ඇයි මේ සේවා ගාස්තු ගණන් වැඩි හින්දද?

    ReplyDelete
    Replies
    1. ඇමෙරිකාවෙ මාස්ටර් කාඩ් සහ වීසා ආයතන එක්ව ඇමෙරිකන් එක්ස්ප්‍රස් කාඩ්පත් වලට එරෙහිව විවිධ අලෙවිකරන හා ප්‍රතිපත්තිමය උපාය මාර්ග යෙදුවා ගණුදෙනුකරුවන්ට ඒවා එපා කරවන්න. එතනදි මාස්ටර් කාඩ් ආයතනය තමන් සමග පමණක් ගණුදෙනු කරන ලෙස නියමයන් (exclusive clauses) යෙදෙව්වා ගිවිසුම් වල. ඒ වගේම ඇමෙක්ස් සමග ගණුදෙනු කරන බැංකු බ්ලැක් ලිස්ට් කලා. මේ නිසා ඇමෙරිකානු නීති දෙපාර්තමේන්තුවට හැකිවුණා ලිඛිත සාක්ෂිම පදනම් කරගෙන මාස්ටර් කාඩ් ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න. ඔවුන් සහ ඇමෙක්ස් ද ඇතුළුව මිලියන 4 ක් සමාගමට විරුද්ධව නඩු කිව්වා. එතනදි ඇමෙක්ස්ලාට සහ තවත් අයට විශාල වන්දියක් ගෙවන්න වුණා මාස්ටර් කාඩ් ආයතනයට. පසුව සමහර බැංකු විසින් මේ සිද්ධිය මත මාස්ටර් කාඩ් නැවැත්තුවා.

      Delete