Thursday, July 23, 2015

මුදල් මවන මන්තරේ How do commercial banks create money?



අනේ මේ මෙන්ඩ එක්ක බෑ අප්පා. මුගෙ වැඩේ රිමයින්ඩර් ගහනවා “දැං ඇති බලා හිටියා. ලියපං තව එකක්.... දැන් මාසයකුත් උනා (හරියට බබෙක් හම්බු වෙංට වගේ)“ ඔයාදී වසයෙන්. මොනා උනත් (බඩු කිං උනත්) ඌ හිත හොඳ එකානෙ. බ්ලොග් ටික ඇදං යන්න මාර සපෝට් එකක් සහ එපෝට් එකක් උෟ දෙන්නෙ. එහෙනං මෙන්ඩො, ඕං ආයි ලියනව ඈ...

*******************************

එක පුංචි නගරෙක තිබුනා විසාල ආර්ථික අර්බුදයක්. ගොඩක් අය හතර අතේ ණය වෙලා. සල්ලි දකින්නත් අමාරුයි. දවසක් මේ නගරෙ තිබුණ් එකම තානායමකට ආවා සංචාරක ටුවරිස් පොරක්. මේ මනුස්සයා කාමරයක් ඉල්ලුවා. මිනිහ කාමරේ බුක් කොරංට ඇඩ්වාන්ස් විදිහට ඩොලර් සීයක් තානායමට ගෙව්වා. ගෙවලා තමං කාමරේ නවතින්න එන්නෙ හවසට බව කියලා බෑග් ටිකත් තියලා ගියා ටිකක් ඇවිදින්න. ඉන් පස්සෙ මරු වැඩ ටිකක් වුණා.

තානායම්පල්ලා, ණයට මස් අරං මස්කඩ කාරයට ඩොලර් සීයක් ණය තිබුණා. පොර කලේ ටුවර්ස් පොර එළයට ගිය හැටියෙම පස්ස දොරෙං දූ....වල ගිහිං මස්කඩේට අර ඩොලර් සීය දීපු එක. නැත්තං පහුවදාට තානායම්පලු මස් නගරෙටම බෙදන්න ලෑස්ති තරමට මස් කඩකාරයත් මල පැනල හිටියෙ. 

දැන් මස්කඩකාරය කියලත් අපේ ඇමැටි ගොල්ල වගේ පූර්ණ නිර්මල අකලංක පරිසුද්ද පොරක් නෙමේ, අමු ණය කාරයෙක්. මිනිහා මස් ගන්න ගොවිපොලට ඩොලර් සීයක් ණය තිබුණා. පොරත් කලේ පස්ස දොරෙං දූ.....වල දූ....වල ගිහිං අර ණය වෙච්ච ඩොලර් සීය ගොවිපොලට ගෙවපු එක. 

ගොවිපොල කිව්වට ඕක සත්ව ගොවිපොලක්. ඒකෙ ගොවියා ඉතිං හැමදාම සත්තු කකා ඉංටයැ සත්ව ගොවිපොලේ හිටියා කියලා. මිනිහ අල්ලපු ගොවිපොලේ එළවළු වවන ගොවියට ඩොලර් සීයක් ණය තිබුණා. මිනිහට සල්ලි හම්බුන ගමන් පොර මොකද කලේ දූ...වල දූ...වල, නෑ...නෑ... අල්ලපු ගොවිපොලනෙ. එළවලු ගොවියව වැට ළඟට අඬගහල ගෙව්වා ණය!

එළවලු ගොවියට ඔන්න දැන් ඩොලර් සීයක් හම්බුනා. මේකා...එළවලු ගොවියෙක් වගේම එළ වල් ගොයියෙක්. ඒ කියන්නෙ මේකා ණයට සැප ගන්න පොරක්. නගරයේ ඉන්න ලස්සනම වැඩිම මිලක් අයකරන ගණිකාව එක්ක ඉඳල මේකා ඩොලර් සීයක් ණයවෙලා තිබුණෙ. (ඔව්...ඔව්... මෙහේ වගේ තමා. ණයටත් .......). දැන් ඉතිං ඔය කස්ටියගෙ අනික්වා වගේමනෙ කටවලුත්. ගොවියාට හොඳට දෙහි, දොඩම්, ජම්බෝල ඔක්කොම කප කප හිටියෙ ගෑණිත්, ණය ගෙවන්නෑ කියලා. 

එළ වල් ගොයියා දූ...වල ගියා ගණිකාව ළඟට. “මේ අර ණය... ආයිනං ණයට ........ නැතෝ“ කියල සල්ලි දීලා ආපහු ආවා. දැන් ඩොලර් සීය කා ළඟද? හරි... ඔ..ඔව්... එයා ළඟ තමා. මෙයාත් නරක නෑ. මෙයා ගමේ තිබුණු එකම තානායමේ කාමරවල ඉඳල...ඉඳල...ඉඳල...ඉඳල, තානායමට ඩොලර් සීයක් ණය වෙලා තිබුණෙ. මෙයා දූ...වල ගිහිං තානායමට ණය ගෙව්වා.

ගමේ එකම තානායමේ නවතින්න ආපු ටුවරිස් පොර ඉන් පොඩ්ඩකට පස්සෙ ඇවිත් තානායම්පල්ලට කිව්වා, “මේ ගමේ බලන්න දෙයක්වත් විනෝදවෙන්න තැනක්වත් නෑ. මම යනවා අල්ලපු ගමට. මගේ බුකිං කැංසොල් කොරංට. ඇඩ්වාන්ස් එක ආපහු දෙන්න“ කියලා. තානායම්පල්ලා ඔන් ඩිමාන්ඩ් ඇඩ්වාන්ස් එක ආපහු ගෙව්වා!

***************************************

නෝ පේන්... නෝ ගේන්... කතාව දික්වුණාද මන්දා. මොනා උනත් දැන් පේනවා නේද, කවුරුවත් අන්තිමේ කාටවත් ණය නෑ. හරි පුදුමයි නේද? රොල්න්ඩ් ඩාල් හරි දේශකයා හරි දන්නවානං කෙටි කතාවක් ලියනවා අගේට.

මෙච්චර මේ හෑල්ලක් කිව්වේ අපි මහා ලොකු ආර්ථිකයක් කියලා හිතා ඉන්න අපේ පෞද්ගලික ආර්ථිකයත් රටේ ආර්ථිකයත් දුවන්නෙ මේන් මේ වගේ සිස්ටම් එකක. මේ සිස්ටම් එකට කියන්නේ මුදල් මැවීම කියලා. ඉස්සර සෙවන ලොතරැයියෙ මොටෝ එකක් දානවා “මුදල් මවන මන්තරේ. ගෙවල් හදන යන්තරේ“ කියලා. මේකත් ඒ වගේ. රටක ආර්ථිකයෙ තියෙනවා විශාල වශයෙන් මැවුණු මුදල් ප්‍රමාණයක්. ඒ කියන්නේ අද දවසේ රටේ සියළුම මිනිසුන්, ආයතන, බැංකු ආදියෙ තියෙන සියළුම නෝට්ටු, කාසි, රත්රන් ප්‍රමුඛව අනෙකුත් ධනය ලෙස හැඳින්වෙන වත්කම්, හෙට වෙනකොට වැඩිවෙනවා. ඕක වැඩිහරිය කරන්නෙ වාණිජ බැංකු. අපි බලමු එ්ක වෙන්නෙ කොහොමැයි කියලා.

ඔන්න අපේ මෙන්ඩාට හම්බවෙනවා බෝනස් එකක් රුපියල් ලක්ෂෙක. (ඕකට හම්බ වෙන්නෙ මිලියන් ගණන්. මම මේ ගාණ ලේසිවෙන්න ලක්ෂයක් ගත්තෙ). ඉතිං මේ ලක්ෂෙ, මෙන්ඩා ගිහිං දානවා බෑන්ක් ඔෆ් කුරුටු වෝල් එකේ ඉස්තීර තැන්පතුවක් (හරි මොකක් හරි). දැන් මෙන්ඩා නමින් කුරුටු බැංකුවේ තියෙනවා රු.100,000 ක තැන්පතුවක්. 

බොලා මෙන්න මේක දන්නවද දන්නෑ. කිසිම බැංකුවකට බෑ තමන් ළඟ තියෙන් තැන්පතු වලින් 100% ක් ණයට දෙන්න. උන්දැලා එයින් නිශ්චිත ප්‍රතිශතයක් සිරි ලංකා මහ බැංකුවෙ තැන්පත් කොරංට ඕනි. ඕක 6% - 8% වගේ ඇවරේජ් එකක්. වෙනස් වෙනවා කාලෙං කාලෙට. මේ තැන්පතුවට අපි කියනවා ව්‍යවස්ථාපිත සංචිතය (Statutory Reserve) කියලත්, අර ප්‍රතිශතයට ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය (Statutory Reserve Ratio - SRR) කියලත්. කුරුටු බැංකුවටත් ඒ ආනිසංසෙ එහෙමමයි. අපි මෙතෙනද ගාණ හදන්න ලේසිවෙන්න 10% ක් කියලා ගම්මු (නැත්තං ඔය මහේෂ් රත්නායක වගේ පොරවල් ඇණගන්නවා).

දැන් ඔන්න අපේ අටම්ස්ට අහුවෙනවා පරණ මැසිං කබල් ටිකක් කසුට්ටගෙ ගෙදර දවසක් සැට් වෙංට ගිය වෙලාවක. මේකාට ඕවා පේන්ට බෑනේ. ගෙදර ගෙනත් තියාගන්නවනෙ කොට්ටෙට තියංට. හැබැයි අපි දැනට හිතමු පොරට ඔයටික ගංට රුපියල් අනූදාහක් ඕනි කියලා. පොර යනවා ළඟම තියෙන කුරුටු බැංකුවට ණයක් ගංට. ගිහිං අහනවා අනූදාහක විතර මැසිං ගංට ණයක් දෙංට කියලා. ඔය ලංකාවෙ අනික් බැංකු වගේ නෙමේ කුරුටු බැංකුව බෑ නොකියා වද නොදී ණය දෙනවා ඔන් ඩිමාන්ඩ්. ඉතිං කුරුටු කැමති වෙනවා රු.90,000 ක ණයක් අටම්ස්ට දෙංට. එහෙම වෙලා කුරුටු බැංකුව අර මෙන්ඩගෙ රු.100,000 න් 10% ක් හෙවත් රු.10,000 ක් මහ බැංකුවෙ අර මොකක්ද සංචිතේට තියලා ඉතිරි රු.90,000 ණයට දෙනවා අටම්ස්ට. (දැං අහයි.. මෙන්ඩගෙ ලක්සෙ විතරද ඔය බැංකුවෙ තියෙන්නෙ කියලා. හරි...හරි...යකුනේ. මේක පැහැදිලි වෙංටයි මං ඒ ලස්සෙම ගත්තෙ. ඊ ළඟට අහංට එපා කොහොමද සංචිතේ තිබ්බම ඉතුරුවෙන ගානම මැසිං ප්‍රයිස් එක උනේ කියලා)

අටම්ස් ණය රු.90,000 අරං ගිහිං කසුට්ටට දීලා මැසිං ටික ගෙදර ගෙනත් කොට්ටෙට තියාගන්නවා (අටමා, තරහා වෙංට එපා ඈ...). කසුට්ට මොකද කරන්නෙ, මේ සල්ලි ටික ගෙදර තියාගත්තොත් හොර හතුරු ආංතරාවක් වෙයි කියලා ගිහිං දානවා තමගේ එකවුන්ට් එක තියෙන බෑන්ක් ඔෆ් සජ්ජා ඩි පඩංගුව ට (දැං ඉතිං නම නොකියවුනු එවුන් හිටපියව් සංතෝසෙං... තව ලිපියක් දෙකක් වැටෙනකං). දැන් මොකද වුනේ? සජ්ජා බෑන්ක් එකේ කසුට්ටා නමින් තියෙනවා රු.90,000 ක තැන්පතුවක්. ඒ බැංකුවටත් අර ආනිසංසෙම හිංදා ඒ ගොල්ලොත් 10% ක් සංචිත තියංටෝනෑ මහ බැංකුවෙ. ඔන්න දැන් මුලින්ම රු.9,000 ක් ඒ විදිහට තිබ්බා කියමුකො. 

දවසක් අපේ ෂෙෆාකි ට හිතෙනවා එයාගෙ සප්තපාදි හෝටලේ පබ් එකක් ඇරලා ගල් බලකාය තීම් ඩ්‍රින්ක් එකක් ඉන්ට්‍රොඩියුස් කොරලා දියුණු කරංට. දැං ගල් අරක්කු ගංට එපෑ එකට. අපි හිතමු පළවෙනි ඉස්ටොක් එක විදිහට රු.75,000 ක් ඕනි වෙනවා කියලා. පොර බොහොම අමාරුවෙං සජ්ජා බෑන්ක් එකේ මැනේජර්ගෙ දොරෙන් ඇතුල් වෙලා ඊට වඩා අමාරුවෙන් එතන තියෙන පුටුවක වාඩි වෙනවා (ඔය කිව්වට මටත් ඔහොම වෙයිද දන්නෑ... නෑ නෑ ඒ පරිමාව අල්ලන්ට බෑ මලාට). එතන හිටං අර බර කටහඬෙං මැනේජර්ගෙං ඉල්ලනවා රු.75,000 ක ණයක් (ෂෙෆාකිට ණය ඕන්නෑ. සමහර රජවරුන්ටත් වඩා සල්ලි තියෙනව උන්නැහැට. අපි නිකමට හිතමු). බෑන්ක් ඔෆ් සජ්ජා ඩි පඩංගුවත් ඇවිල්ලා මේ රටේ සාමාන්‍ය බැංකුවලට වඩා අපගමණය වුනු එකක්. ඒ කියන්නේ ණය දෙනවා. 

සජ්ජා බැංකුව ක්ෂණිකව ණයක් දෙනවා ෂෙෆාකිට. ෂෙෆාකි යනවා ගස්ලබ්බා සහ පුත්‍රයෝ (පිරිසිදු රට බීම තොගමිලට සපයන්නෝ) කියන ඩිස්ට්‍රිබියුසොං ඒජන්සියට, ගල් බෝතල් හැත්තෑ පහක් විතර ගංට. ගිහිං ණයට ගත්ත රු.75,000 ගස් ලබ්බා සහ පුත්‍රයංට දීලා බොටල්ස් ටික ගෙනත් ඒවට අන්නාසියි, ඇපලුයි කපලා දාලා බ්ලෙන්ඩර් කර කර දෙනවා (නෑ...නෑ... මාතලංට නෙමේ. ඌ බොයි ගල් මේං කියලා) පාරිබෝගිකයංට. 

දැං, ගස්ලබ්බා සහ පුත්තරයෝ තමංට ලැබුණු රු.75,000 දානවා ගෙනිහිං...කොහේද? (මං දන්නවා දැන් සමහරුන්ගෙ ලබ් ඩබ්) මනා ඩි පිංටාරු බෑන්ක් එකට. දැං අර රටබීම නියෝජිතයා නමිං මනා බෑන්ක් එකේ තැන්පතුවක් තියෙනවා රු.75,000 ක. ඒ බැංකුව අර සංචිතය විදිහට රු.7,500 ක් මහ බැංකුවෙ තියලා බලා ඉන්නවා ඉතිරි රු.67,500 ගංට පුණ්‍යවංත ණය අයදුම්කරුවෙක් එනකං.

දැන් මදෑ නේද? ඕක ඔහොම වැල වගේ ඇදි ඇදී යනවා. නියායාත්මකව ඔය මුදල ඉවර වෙන්නෙත් නෑ මුදල් ඒකක මිනුම් නොසලකා හිටියොත්. අපි බලමුද මෙච්චර වෙලා සිද්ද වෙච්ච සංගෙඩියෙ පොරතිපලේ....?



ඕං බලාපල්ලකො ඉතිං... මුදල් මැවිල නැද්ද කියලා. මෙන්ඩා, කසුට්ටා සහ ගස්ලබ්බා නමින් තැන්පතු තියෙනවා බැංකු තුනක එකතුව රු.265,000 ක්. බැංකු තුනේ සංචිත තියෙනවා එකතුව රු.26,500 ක්. ණය තියෙනවා දෙන්නෙක්ගෙන් විතරක් රු.165,000 ක්. තව ණයට දෙන්ට බලාගෙන ඉන්නවා රු.73,500 ක්. ඒ පැත්තත් එකතුව රු.265,000 හිංදා ට්‍රයල් බලන්ස් බැලන්ස් ඈ... මොනා වුණත් රු. 530,000 ක වත්කම් හා වගකීම් දැනටම කීප පොලක බැලන්ස් ෂීට් වල තියෙනවා. 

මේ සේරම වුනේ මොකෙංද? මෙන්ඩගෙ අර රු. ලක්සෙං. ඒකනෙ මං කියන්නෙ ඕකා හිත හොඳ එකා කියලා. (මෙන්ඩෝ........... උඹ ඔහේ ඉන්නව නේද?)

මං මේ විස්තර කලේ මුදල් මැවීමේ වඩාත් ප්‍රචලිත සහ ප්‍රමුඛතම ඉට්ටැයිල් එක වන වාණිජ බැංකු විසින් මුදල් මැවීම ගැන. මේකෙ අවුල් තැන් තියෙනවනං කියංට මං ලෙහල දෙඤ්ඤං.

නොදැනිම හෙන ගොඩක් ලියවිලානෙ.... හති බොලව්... පස්සෙ උත්තර දෙංට එඤ්ඤංකො ඈ...

ඔබ සැමට වැඩි වැඩියෙන් මුදල් මැවේවා!



54 comments:

  1. පික්සු පීකුදු ඈ...
    තාම ටියුබ් ලයිට් වගේ.මේක ටිකක් විමර්ශොනය කොරන්ට වෙනවා..ඔව්

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩකිං හරියයි. යං, එතකං කෝපි එකක් බීලම එමු.

      Delete
    2. විමර්ශනය කරලා මහන්සිත් ඇතිනේ බොමුද සිතල වතුර විදුරැවක්?

      Delete
    3. වටබවුට් කොත්තමල්ලි?

      Delete
  2. 1- http://economatta.blogspot.com/2015/07/blog-post_15.html
    2- http://economatta.blogspot.com/2015/07/blog-post_16.html
    3- http://economatta.blogspot.com/2015/07/blog-post_17.html
    4- http://economatta.blogspot.com/2015/07/blog-post_22.html

    වැඩිය කවුරුත් කියවන්නෙ නැති බ්ලොග් එකක්... මාත් ඉද හිටල විතරයි කියවන්නෙ කියව්වට කොමෙන්ටු දාන්න බෑ උස්මුරුත්තටෙ ම ඇවිත් ඉද හිටල දැම්මත් මහ මාන්දමික කමෙන්ටු ඔය මං දුන්නෙ අතිරේක කියවීම් වලට කියෝල බල...

    බොගෙ එකත් කියෙව්ව කමෙන්ට් කරන්න නං බෑ එපා වෙනව මං ගියා

    ReplyDelete
    Replies
    1. ඉකොනොමැට්ටා කියන්නෙ පට්ට සිරා ඩයල් එකක්. එත් එක්සෑම් එකකුත් ලඟ නැති නිසාත්, මේවයෙ වැඩකරකොට දැකලම එපාවෙලා නිසාත් ඒ සංකීර්ණ විග්‍රහයන් කියවන්න පොඩි පැකිලීමක් තියෙන්නෙ. පොර ලියන දේවල් ගැන කියලා වැඩක් නෑ... ඉස්තරම්. අර උඩ කතාව ඒකෙ දාලා තිබුණු බව දැනං හිටියෙ නෑ. ස්තූතියි මහේෂ්!

      මම මේකෙ කරන්නෙ ඉකොනොමැට්ටාට වඩා සරල කරුණු ටිකක් මගේ දැනුම අනුව උඹලාට කවංට ට්‍රයි කොරන එක. මේ ඩුවල් ප්‍රොෆයිල් කේස් එක හින්දාත් උගේ එක පැත්තෙ ගිහිං මොකවත් ලියන්න බැරිවුණා. අද ගියා.. කතා කලා.

      Delete
    2. මමත් මහේෂයාගේ කමෙන්ටුව හා එකගයි..ඒ බ්ලෝග් එක බරසාර වැඩියි

      Delete
    3. එහෙනං‘පොපයිල් දෙක එකක් කලා නං ඉවරනෙ...
      පස්න අඩුයි... හැබැයි එතකොට නිකං ගෝවයි රාබුයි වගේ වෙන්නත් පුලුවං...
      අර මං දාල තියෙන ලිංක් හතරම එකම කාරණාවක් සම්බන්ධයි... ඒකයි දුන්නෙ... මං හිතන්නෙ මනුස්සය ඉකොනොමැට්ට කියල නම දාන් හිටියට විසිටර යට වඩා ඕන නං උපරිම අවුරුදු පහ හයක් වැඩුමල් ඇති හිහි
      පොර හැට ගණන් වල කියන්නෙ

      Delete
    4. මෙන්ඩා,
      ඒක උගේ අවුලක් නෙමේ බං. අපේ වරද.

      මහේෂ්,
      කොහෙත්ම බෑ බං. කරවිලයි උක් ගසුයි වගේ.
      ආන්න අපේ වයස ඇදගත්තා ඉතිං... ඇඩෝව්, වරෙව්කො තොපිත් ඔය වයසට. දඬුවං දෙන්නෙ ආනාගත පරපුර හරිද?

      Delete
  3. මචං............... කතා දෙකම පට්ට අෑ............

    මුලින් ම අපිට බැංකුවක් දාලා දුන්නට උඹට පිං..... අපිට මෙන්ඩාගෙන් ලක්ෂයක් හම්බුණානම් අපි පළවෙනියටම කරන්නේ බැංකුව වහලා මෙන්ඩට පොල්ලක් තියලා රට පනින ඒක.......

    මචං පළවෙනි කතාවේ රූම් අයිතිකාරය මුලින් ම ණය කරුවෙක් වුණාට... උෟ අනික් පැත්තට ණය හිමියෙක්..... දැන් වෙලා තියෙන්නේ උගේ ණය හිමිකම ණයකරුකමට කැපිලා ගිය ඒකයි... අනික් උන්ටත් ඒකම වෙලා....... හැබැයි අර සංචාරකයාගේ මුදල නිසා ඒ ගැලපීම සිද්ධ වෙලා තියෙනවා විතරයි......

    දෙවැනි කතාවෙනම් ලොකු අැත්තක් තියෙනවා... ඒත් මචං මෙන්ඩාට පරණ බ්‍රා ටිකක් සෙට් වෙලා ගන්න මුදල් ඔ්නේ වෙලා අායෙම අපේ බැංකුවට අාවොත් අපි මොනවැයි කරන්නේ...?????අනාතයිනේ........ අපිනම් ඒ වෙලාවට කියනවා දැන් උඹේ සල්ලි තියෙන්නේ මහ බැංකුවෙයි මනාගේ බැංකුවෙයි..... ගිහින් ඒහෙන් ඉල්ලගනින් කියලා....... හහ් හහ් හා...........

    ReplyDelete
    Replies
    1. ඉස්තූතියි!
      එකොලොස් දෙනාම?
      ඒක හරි. මම ඒක ගත්තෙ එක්තරා ෆැන්ටසි ටයිප් එකක් ඒ කතාවෙ තියෙන නිසා. ඇත්තටම දෙපැත්ත කැපිලා ගිහාම හරි. පොඩි පොම්ප කිරීමක් තමා ඕනි වෙලා තිබුණෙ.

      බැංකු කරන තව වැඩක් තමා මචං මුදල් ප්‍රමාණ කළමණාකරනය සහ කාල කළමණාකරනය. ඒ කියන්නෙ ලොකු තැන්පතු කුඩා ණය බවටත්, එහි අනෙක් අතටත්, කෙටි කාලීන තැන්පතු දීර්ඝ කාලීන ණය බවටත් එහි අනෙක් අතටත් හරවමින් කළමණාකරණය කරනවා. ඒ නිසා වෙන කෙනෙක්ගේ තැන්පතු වලින් තමා මෙන්ඩට එයාගෙ සල්ලි ආපහු දෙන්නෙ. කොහොමත් ණය : තැන්පතු අනුපාතය 90% වගේ ඉහල අගයන් ගන්නෙ නෑ සාමාන්නියෙන්. විශාල පිරිසක් ගණුදෙනු කරනවානෙ. ඕක හැඳිගාලා දෙන එකත් වැඩක්ද? ඩෝන්ට් වොරි!

      Delete
    2. කුරැට්ටෝ
      හොද ප්‍රශ්නයක්
      විසිටරයෝ
      මම දැම්මේ ඉස්තිර තැන්පතුවක් නිසා බැංකුව මට පොඩි පාට් එකක් දානවා නේද? එහම නැත්නම් මගේ තැන්පතුවෙන් මට ණයක් ගන්නත් පුලුවන්ද?

      Delete
    3. උඹේ තැන්පතුවෙන් ණයක් ගැනීමේ කිසි පුරස්නයක් නෑ මෙන්ඩා. මං කිව්වෙ උඹේ තැන්පතුව දීර්ඝ කාලීන වුණත් කෙටි කාලීන ණය ඒකෙන් දීලා ඇති. උඹේ තැන්පතුව කෙටි කාලීන උනාට දීර්ඝ කාලීන ණය ඒකෙන් දීලා ඇති. බැංකුවලට ඕවා සිංපල් බං... ෆන්ඩ් මැනෙජ්මන්ට් යන්නෙ එළට.

      Delete
  4. මේ ක්‍රමෙත් මාරයි ඈ.
    දැං මෙන්ඩට පුලුවං කුරුටු බෑන්ක් එකට ගිහිල්ල උගෙ සල්ලි වලින් හම්බකරපු ගානත් එක්ක ලක්ෂ පහක්ම ඉල්ලගන්න. :D

    ReplyDelete
    Replies
    1. ලක්ෂ පහක්? එච්චරනං කොරගංට අමාරු වෙයි. කලුසල්ලි සෙල්ලං වල තමා තියෙන්නෙ ඔහොම වර්ධන.

      ඒක නෙමෙයි. සාදරයෙන් පිළිගන්නා ත්‍රයි භාෂා පරමේස්වරව ඈ...

      Delete
    2. තැංකියු කිව්ව.

      Delete
    3. ත්‍රයි භාෂා පරමේස්වරව...එල ද බ්‍රා..
      උඔත් වරෙන් ඒක අරන් පාටියක් දාමු

      Delete
    4. Praසන්ன,
      මේ අහට ඒමම මට ලොකු ගෞරවයක්. මධුමාධවියට නොඒම ගැන දුකයි.

      මෙන්ඩා,
      උඹ හැම එකාම නමන්න දක්සයා, මූවත් ගෙනහං මධුමාධවියට.
      පබ්ලිසිටි පිණිස නෙමේ.. මූ දාන කොමෙන්ට්ස් එළකිරි නිසා.

      Delete
  5. අම්මටසිර.... මරු විසිටරයො මරු. අගේටම තේරුනා. ඒ උඹ වරෙන්කො බං අපේ ට්‍රේනින් කොලේජ් එකට ටීචින් මෙතඩොලොජි ගැන ලෙක්චර් එකක් කරන්න.

    ඒකනෙවෙයි, ඒකත් අන්තිමට නිකං සියඹලා ගෙනල්ලම නෑ වගේ නේද.

    ReplyDelete
    Replies
    1. මං ඉස්කෝලවල දේශන වලට යනවා මචෝ... පොඩි වෙනසක් නිසා පොඩි උනුත් කැමතියි ඒවට. තැන්කු...තැන්කු...

      සියඹලා ගෙනල්ලම නෑ... ඒත් එක අතකින් බැලුවම නෑ කියංටත් බෑ.

      Delete
    2. මනෝ
      මමත් දවසක් මුට.. කිව්වා ඉස්කෝලේ යන කාලේ මුව මුන ගැහුනා නම් මම අද මහ බැංකුවේ තද පොස්ට් එකක..
      විසි..
      ඒක මට හොද ඔත්තුවක්..මම උදව් කරන ඉස්කෝලයක් තියනවා මට උඔගෙන් උදව් ඔනේ වෙයි..

      Delete
    3. මෙන්ඩා, අනේ බං... සවුන්ඩ්, ප්‍රොෙජක්ටර් උස්සගෙන ගිරාඳුරුකෝට්ටෙට එන්න අමාරුයිනෙ ඉතිං....

      Delete
  6. මෙන්ඩෝ උඹට පිං මේ යෝදයව ඇහැරවනවට
    විසිටරයෝ,
    //සෙවන ලොතරැයියෙ
    මයේ අම්මේ උඹේ මතකේ ඕක මුලින්ම ආවේ මහවැලිය හදපු අලුතමද කොහෙද? තඩි හුරන ලොතරැයියෙක් වගේ මතකය.
    කොහේ හරි දැක්කා සිස්ටොන් එක දුවන්නේ ණයෙන් කියලා.ඒ කියන්නේ මේ විදියට වෙන්නොනි.කට්ටිය ණය නොගෙන හිටියොත්
    සිස්ටොන් එක හබක් නේද?(අපි නොගෙනම ඉඳි දෙනවනං.පස්සෙනේ ගෙවන්නේ)
    ව්‍යවස්ථාපිත සංචිතය වගේ ක්‍රමයක් භාවිතා කොරන්නේ ඇයි?
    ඔය වගේ මහ බැංකුවේ තැම්පත් කොරන සල්ලි වෙනුවෙන් වාණිජ බැංකු වලට ලැබෙන්නේ මොනාද?

    ReplyDelete
    Replies
    1. සිරිබිරිස්
      ඔයාව දැක්කෙ අදයි...බ්ලොග් එකක් ලියනවා නම් අපිටත් කියන්න අපි එනවා..

      Delete
    2. සිස්ටොං හබක් කියලා දෙයක් නෑ අනේ ඉතිං,
      බැංකු වලට තමන්ගෙ විත්ඩ්‍රෝවල් ගෙවාගන්න තරමට අවශ්‍ය අතිරික්තය තමා ඔය සංචිතය ඉතිං.
      නෝ පොලී... හරි ජොලී...
      (ප්‍රශ්න කිරීම ගැන පුදුමාකාර සංතෝසයි)

      Delete
  7. මට මෙච්චර ලොකු වටිනාකමක් දෙන්න එපා බං..මට කෑ ගහලා අඩන්න හිතෙනවා...

    ReplyDelete
    Replies
    1. ලක්සේ කුරුටු බැංකුවේ දැම්මොත් උඹට කොහොමත් අඬන්න වෙනවා , මගේ ළඟ තියපන් පරිස්සමට , ඔය බැංකු වල නොදා

      Delete
    2. නෑ..බං ඉවනයා උඔලා ලියන නිසයි මෙන්ඩව ලංකාවම දැන ගත්තේ..අනික මම ලියන්නෙ නෑ කියලා උඔලා කවදාවත් මාව කොන් කරේ නෑ..හැමදාමත් මාව සහෝදරකමින් පිලිගත්තා.

      Delete
    3. මෙන්ඩා,
      අඬන්නෙ ඇයි සුදු මෙන්ඩෝ.... මේ වැනුවත් මදිනේ....

      ඉවාන්,
      ඩ්බ්ලියු ඒ සිල්වාද කොහෙද ලිව්වා පරිස්සමට තියාපු දේ ඈලියාවට ගියා වගේ කියලා

      මෙන්ඩා අගේන්,
      උඹ ලියන්න එපා කවදාවත්... මම දැක්ක විදිහට කොමෙන්ට්ස් වලින් එළියට ඇවිත් බ්ලොග් ලියපු උන් පොඩ්ඩක් අවුල් සින්දුවා ඇර....

      Delete
  8. උඹ පැන්සොන් ගිය දවසක පටන් ගනින් ආර්ථික විජ්ජාව පංතියක් , මම A/L කරද්දී එන්නං.
    මේ එක නෙවෙයි අර එළවලු ගොවියා ගිය නගරේ මොකක්ද දන්නේ නෑ නේ ?:P

    ReplyDelete
    Replies
    1. පරන බස් ස්ටැන්ඩ් එකේ..දම්මි, චුටි, කොට නදි, මැදවච්චියේ සුමනා, ශ්‍රියානි
      අලුත් බස් ස්ටැන්ඩ් එකේ...ප්‍රේමා, ගොලු, බබි, සුභා
      මල්අතු ඔය පාලම යට..සෝමේ, සිරානි,වැද්දි
      සුදු අයියගේ පොට් එකේ..චතු, නිලන්ති, සුද්දි

      Delete
    2. නිකන් බොරැ ඔනේ නෑනේ ඉවානයා...ඔන්න දුන්නා ඔත්තුව

      Delete
    3. ඉවාන්,
      අහංකාර් නගර්...........පී:

      ෙමන්ඩා,
      අා....අා.... උඹ තුනී ලෑල්ල ෙස් ඉන්නවා අැති

      Delete
  9. වී කරේ ඕල්වේස්.. මේ තියෙන්නෙ ලෙසටම.අජිත් නෙවාඩ්ලා,පී.බී ලා එතකොට සල්ලි මවනවා කියල කොරේ මේකද? මචං ඉල්ලීමක් තියෙනවා..මහබැංකු බැඳුම්කර සීන් එක තේරෙන්න දාන ඇහැකිය? (දේශපාලනේ ගාවන්නෙ නැතිව දැම්මොත් වටී.)
    මම බොට 'ගස්ලබ්බා සහ පුත්‍රයෝ' "රට බීම" සැලෙන් පිරිසිදු රා බෝතල් පාටියක් දෙනවා.. දෙනවමයි..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. රායිට්...ලබ්බෝ මම කොන්ත්‍රත්තුව බාර ගත්තා. මම මුට කියලා ඒ ලිපිය ලියවන්නම් උඔ ගස් ටික මැදලා, තුවක්කු දෙක තුනක් බැදලා වනචර ඌරෙක් බිම දාලා තියපන් අපි එනවා ලගදිම,

      Delete
    2. ගස් ලබ්බ
      වී කෙයා වෙන්න ඇති නේද? (උඹත් දෙන්නෙ මාර අබියෝගනොවැ... හොටලේ ගැන කතාකරන්න කියනවා පරිප්පු ගැන නොකියා....

      මෙන්ඩා,
      අහ්... උඹ තව ටික දොහකිං මගේ සේරෝම හැන්ඩල් කොරංට ගනී වගේ... ඔන්න මල්ලි කන තැන.

      Delete
  10. මං අදයි දන්නෙ මේ බ්ලොග් එකත් බොලාගෙ කියලා. මෙන්ඩා හිත හොඳ එකා කියලා කතා කරපු දවසෙම තේරුණා. මාත් ඔන්න ඔහෙ බැංකුවක වැඩ කරපු එක මතක් උනා මේකෙන්. තීම් ඩ්‍රින්ක් එක හැදුවට වැඩක් නෑ ඕකුන් ගල් බොන්නෙ නෑ....

    ReplyDelete
    Replies
    1. කෑමා..
      මේ බ්ලොග් එක මම කුලියට අරගෙන තියෙන්නෙ..
      උඔ වැඩ කරේ ශුකානු/ ලේ/ පටක/ ඇස් බැංකුවෙද?
      අපි ගල් බලකාය

      Delete
    2. කැමා,
      මං ඒක දැනගත්තෙ බුකියෙ මූව දකින්නත් කලිං (හැබැයි බුකියෙ දැක්කට පස්සෙ හිතුනා මං මූ ගැන අර්ලි ජස්ටිෆයිඩ් ද කියලා). උඹ මක් කලාද බං බැංකුවක? ඇයි එහෙනං මේ පොටෝ ගහන්නෙ?

      මෙන්ඩා,
      මටත් එහෙමයි බං දැනෙන්නෙ. උඹ මේක ඇදගෙන යන යෑමටම මට බයයි උඹ නැති දවසක මේක කරන්න මට බැරිවෙයි කියලා. අනේ, උඹ යනවා හෙම නෙමේ තරහවෙලා මක්කටවත්

      Delete
    3. Privet Bank එකක Central Operations වල Check Clearing Department එකක හිටියා. නිදහස ඕනෙ උන නිසා අයින් උනා. පොටෝ ගහන එක රස්සාව නෙවෙයි බං. ඒක ඔන්න ඔහෙ ආතල් එකට කරන වැඩක්. රස්සාව නිසා ඔළුවෙ බර අඩු කරගන්න.

      Delete
    4. පැහැදිලිවම නිදහස කියන එකනං බැංකුවලට ගෑවිච්ච තැනකවත් නෑ.

      Delete
  11. අඩේ,මට හදිස්සියකට මම දාපුවගෙන් රුපියල් 5000ක් ඉල්ලලා දීපන්කෝ සජ්ජගෙන්.බෝතලයක් ගහන්න.

    වැඩේනම් සුපිරියි.උඹට සිරාවටම දෙයක් හිතට වදින්න කියල දෙන්න පුළුවන්.අපි දාමු ටියුශන් කඩයක්.මම කාර්ඩ් කපන්න එන්නම්

    ReplyDelete
    Replies
    1. විත්ඩ්‍රොවල්ස් ආ(ර්) ඕල්වෙස් ඇක්සෙප්ටඩ් කසුට්ටො. ෆන්ඩ් වොලියුම් ඇන්ඩ් ටයිම් මැනේජ්මන්ට් ලෙසටම යනවා බැංකුවල

      තැන්කුයි! මගේ කාඩ් එක කපන්නද?

      Delete
  12. උඔ මෙතනදි පට්ට සාර්ථකයි..
    මේ ක්‍රමයට ඉස්කොල වලත් උගන්නනවනම් සාර්ථකයි කියලා උඔට හිතෙන්නෙ නැද්ද?
    මේ බ්ලෝග් එක මිට වඩා අවධානයට ලක්විය යුතුයි..
    (බටර් නෙමෙයි මචං...)

    ReplyDelete
    Replies
    1. පැහැදිලිවම! ඉස්කෝලවල ඉගැන්නිලි අපිට හදන්න බැරි වුණත් අපිට පුළුවං සපෝට් එකක් අපි දෙන්න එපෑ මචං.
      ඒක නෙමෙයි. මට මේ ඉස්කෝලවල/අධ්‍යාපන ක්‍රමයේ වැරැද්ද කිය කියා බණින ගමන් අම්මලා සැට් එක පොඩි එවුන්ව ශිෂ්‍යත්වෙටයි ඒ ලෙවල් වලටයි මරාගෙන කන්න හදන එක ගැන ලිපියක් ලියන්න හිතුනා. මොකද උඹ කියන්නෙ?

      Delete
    2. දාපන්කෝ බලන්න..ශිෂ්‍යත්වටේ බැනලා මට ඇද යට නිදාගන්න වෙයිද ?

      Delete
    3. එහෙනං ඕන්නෑ බං...

      Delete
  13. අඩේ මන් අද මේක කියෙව්වෙ විසිටර් මධු. මගේ නමින් බැංකුවකුත් තියෙනවා නෙව. පට්ට සන්තෝසයි :D.
    ඇත්තටම හොඳ පැහැදිළි කිරීමක්. මේක කියවනකන් මේ වගේ සිස්ටම් එකක් තියෙන්නෙ කියල දැනන් හිටියෙ නෑ. උදාහරණ දෙක නිසා හොඳටම පැහැදිළි උනා. ගොඩක් වටිනවා.
    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. තමුන්නැහැ ඉතිං පහුං දොහේ හිටියෙම නෑ නොවෑ.
      යමක් දැනගත්තානං සතුටුය ඉතිං.

      Delete
  14. ගස් ලබ්බාගේ ඉල්ලිම ගැන පොඩ්ඩක් බලපන්...
    නොදන්න දෙයක් තියනවනම් මගෙන් අහගනින්...හැක්..හැක්..හි..හි

    ReplyDelete
    Replies
    1. ඒකට දේශපාලනය ගාවා නොගෙන ලියන හැටි තමා මං මේ කම්පොනා කොලේ.

      Delete
    2. ගෑඋනත් කමක් නෑ බං.. ඔක්කොම එකයි නෙ දැං.ඒ කාලෙ ඡන්දෙ කාලෙ.දැං ඕක ඉක්මනට දාහංකො මචෝ...

      Delete
  15. මේ පැත්තටත් මොනවා හරි ලියපන්

    ReplyDelete
    Replies
    1. උඹනං මට ඉන්ට දෙන්නෙම නෑනෙ හැබෑට. ඉඳා..........

      Delete