Saturday, September 12, 2015

මට පෙනෙන හැටි - 01



මගේ පිස්සු පීකුදු වල පළමුවැන්න මේන්න.

බැංකු කටයුතු ගැන විතරක් ලියවෙන බ්ලොග් එකක් විදිහට තමයි මගේ මෙව්වා එක දන්නෝ දන්නෙ. ඒ වුණාට ඉතාම කලාතුරකින් (දෙපාරක්ද කොහෙද) බයිස්කෝප් ගැනයි එක පාරක් සිංහල වෙළෙන්දන්ට පාඩමක් උගන්නන්නයි තව වෙන මගුල් දෙකතුනකුයි දාන්න ගිහිං අන්තිමේ ෂෙෆාකි කිව්වා උඹ බැංකු ගැන විතරක් ලියහං මගෙං මැරැං නොකා කියලා. ඒ වුනාට අද මට මැරුං කන්න හිතුනා. 

මම කොහොමත් මැරෙන්න ආසයි. මොකද මගේ මාර ආසාවක් තියෙනවා ආෆ්ටර් ලයිෆ් කොහොමද කියලා බලන්න. අපිට ඔය පුංචි තිරවල දකින ලෝක ගොඩක් ඒවට යන්න ආසාව හිතේ තිබුණට ආර්ථිකය ඒ හැම ලෝකෙමමත් අපිවත් වෙන්කරන අදෘශ්‍යමාන තිරයක් වෙලා. නොවැරදීම යන්න පුළුවන් ලෝකය දකින්න ඒ නිසා මම ආසයි. ඒත් ඒ ලෝකෙයි මායි අතර බොහොම දෘශ්‍යමාන තිරයක් තියෙනවා. ඒ මගේ ගෑනියි කෙළි පැටික්කියෝ තුන්දෙනයි. මේක කියවන බොහෝ දෙනා මම දැනටමත් සමීප මිතුරන් විදිහට පිළිඇරං තියෙන නිසා (අපේ වෘත්තීය සගයො අතරින් කීප දෙනෙක් ඇර ගොඩක් අය මට දිරවන්නෙ නෑ. නිකං පොඩ්ඩක් වෙල් ෆ්‍රොග් වගේ) පෞද්ගලික දේවල් මෙහෙම විවෘතව කතාකරන එකේ වරදක් නෑ මං හිතන්නෙ. මිනිස්සු විවෘත වෙන්න ඕනි...යම් ප්‍රමාණයකට ඒ ඒ තැනට සුදුසු විදිහට. 

මට කියන්න
1. මේ කියපු විවෘත වීමේ කතාවට උඹලා එකඟද? නැතිනම් හේතු පහදපියව්.

දැන් ඔය තිරය ගැන මට මෙහෙමත් හිතෙනවා. සමහර විට මම නැතිදාක තිරය අදට වඩා හොඳින් තියේවි. ඒ තිරේට මත්පැන් බිඳක්වත් නොවැටේවි. ඒ තිරය ආඥාදායකත්වයෙන් මිදේවි. මම වෙලාවකට අපේ මද්දුම දෝනිගෙන් (උන්දෑ තමා මගේ බොක්ක. අනික් උන්ටත් ඒකිට සමානව මං ආදරෙයි. ඒත් මේකිගෙ තියෙනවා මොකක්ද අමුතු මෙව්වා එකක්. මට හිතෙනවා ඒකි මමමද කියලා) අහනවා, “පුතේ තාත්තා සැර වැඩියි නේද, හරි නීති නේද? මම නැති දවසක ඔයාලා සතුටින් නිදහසේ ඉඳියි නේද?“ කියලා. මේකි මූණ බෙරි කරගෙන “අපිට ඕනිඇති නිදහසක් නෑ. තාත්ත ඉන්නයි ඕනි“ කියන තේරුම සහිත වෙන වෙන වචර බර ගානක් ඇතුලත් ඡේදයකින් පිළිතුරු දෙනවා. ඔය ජාතියෙ හැටිනෙ ඉතිං ඒක. (මිත්‍රවරුනි ඔමා, බස්සි, උපේක්ෂා, හංසමාලී, දිලිනි, තුශානි, සුසී යන සප්ත කන්‍යා කඳුකරයේ මාගේ ඩී.සී. අට හැපුණු බව කළු පෙට්ටිය සොයාගත් පසුව තහවුරු කර ගන්න) මොනා වුණත් කෙල්ල ඔහොම කිව්වට පස්සෙ මං ආයි නැවත නැවත එක් අහන්න ගියේ නෑ. ඒ වුණාට මලේ හොඳ එක පැන්නම මා අතින් කියවෙන වැරදි වාක්‍යයක් තමා, “මම මල දාට හිටපල්ලකො ඕනි හැටියට“. අම්මපා මට කේන්ති ගිහාම පොඩ්ඩක් ඕවර් කියලා හිතෙනවා. දැන් තව හොඳයි. 

මෙහි එන නම් ගම් මන..(කො යකෝ මේ බිංදු දෙක? හරි හරි පැරිස් කොලෝන් එකෙං දෙන්නං) මන:කල්පිතයි. 

දැන් අහන්න එපා ඇයි බිරින්දෑ ගැන ඉස්සෙල්ලා නොලියන්නෙ කියලා. මම සම්මතය කඩන එකෙක්. මේ දැන් වෙනකං මා එක්ක රොට්න් ටුමැටෝ එකට පෝස්ට් හතලිහක් ලියන්න පුළුවන් දේවල් කතාකරලා දවල් පොත් රාක්කෙක දැවාරක්ෂිත ගාලා කැක්කුම හැදුණු දකුණු අත මං ලව්වා මසාජ් කරවගෙන නින්දට ගිය එකා ගැන ලියලා පටං ගන්නවා කියලා හිතුවා. 

ලොකුස්
වයස අවුරුදු - 19 යි
අධ්‍යාපනය - උසස් පෙළ ජීව විද්‍යා (2015)
නිල වර්ණය - රෝස
කැමතිම ඇඳුම - බැගී ටොප් සහ ටයිට් බොටම්
කැමතිම පාවහන් - ඕපන් ටොස් ඕනි මගුලක්
කැමතිම කෑම - සොසේජස්, කුකුල් මස්, බිත්තර (බුල්ස් අයිස්), තෙල් දාපු පරිප්පු, ෆ්‍රයිඩ් රයිස්
අකමැතිම කෑම - ඉතිරි සියල්ල
කැමතිම බීම - කිරි පාට යන්න කහට දාපු තේ, ඕනි පළතුරු බීමක් (ශීත කල), වයින් (වසරකට දෙවරක් පමණ)
අකමැතිම බීම - කොළ කැඳ, ඔසු පැන් (මේකනං සමහර බුකි පොරවල් එක හෙලාම හෙලා දකියි)
යහළුවන් - සීමිතයි. කොල බොක්කෙන් ඇසුර. 
සංගීතය - එනි කන්ට්‍රි නිව් ඒජ් ඕ සෙන්ටිමෙන්ටල් මියුසික්, සිංහල සරල ගී
විනෝදාංශ - කොරියන් ප්‍රමුඛ සියළුම ෆැන්ටසි ෆිල්ම් බැලීම, ෆෝන් එක තුල පදිංචි වී සිටීම, ලොකු නංගී සමග මෝටල් කොම්බැට් කිරීම, නාන කාමරයේ පදිංචි වී සිටීම, මගේ එක බ්ලොග් එකක් හොරෙන් බැලීම, අනික් බ්ලොග් සියල්ල එළිපිට බැලීම, මගේ ෆේස්බුක් එකවුන්ට් එක උගේ වගේ පාවිච්චි කිරීම

මෙයාට ගෙදරට කියන නම අහලා අපේ මාතලං අයියා එහෙම හිතා ඉන්නෙ ඇති නිකං එයා වගේ කියලා. තාම කෙල්ලව දැකලා නෑ. දැක්ක දාට තමා කෙලිය. මේකිත් මං වගේම...නෑ නෑ අපේ මෙන්ඩා වගේම කට්ට කළුයි. (තොපි පද හදන්න ආවොත් ත්‍රෛතල තිලක නැතිව තමා යන්න වෙන්නෙ...දැනගනියව්) මේකි පට්ට සිරා කෙල්ලෙක්. ඉගෙනගන්නත් මට වඩා දක්ෂයි. (නෑ...නෑ... මම මෙතනදි අර අම්මලා ජොකියන් වශයෙන් පිටේ නැගගෙන රේස් එළවන කිරි අස්ප පැටව් ටික අයිං කරලා ඉතිරි උන්ට සාපේක්ෂව දක්ෂයි කියලා කියන්නෙ. ඒක ඊ ළඟට වරද්දගන්න එපා මගේ පිටේ අපේ අම්මා එහෙම රේස් පැද්දා කියලා. අපි කැලෑ අස්සයෝ). මේ කෙල්ල සිරා වගේම ටිකක් පොඩි සෑඩ් මූඩ් ගතියක් තියෙනවා. හැබැයි මේ ලෝකෙ සෑහෙන දුරට විවෘතව මා එක්ක කතාකරන පොරක් නෙමෙයි පොරියක්. මමත් දූලා සේරටම කතාකරන්නෙ පොරි කියලා නෙමේ පුතේ කියලා. වෙන අයගෙ දූලට දුව කියනවා. (2. ඒක වැරදිද? ඇයි?). මේකිත් මගේ ජාතියෙම චිත්‍රපටි පිස්සෙක්. ටීන් ෆිල්ම්, සයි ෆයි, කොමඩි ඇන්ඩ් ෆැන්ටසි තමා ෆේවරිට්. හැරී පොටර් කිව්වොත් ඩැනියෙල් රැඩ්ක්ලිෆගෙ ආච්චිගෙ ඉඳං එමා වොට්සන්ගෙ තාමත් නූපන් ළමයාට දාන්න ඉන්න නම දක්වා සියල්ල දන්නවා. දැන් හැදෙන කෙල්ලන්ගෙ හැටි වෙන්න ඇති නේද? අපිත් ඔයකාලෙ ටොම් ඇන්ඩ් ජෙරී, වුඩී වුඩ් පෙකර්, රෝඩ් රනර් ෂෝ එහෙම බලලා ගත්තු ආතල් එක අපේ පොඩි උන් හැරී පොටර්, ටින්කර්බෙල් (අා... මතක්වුණා නේද කෙනෙක්ව), බාබි ෂෝ බලලා ගන්නවාට අපි දොස් කියන්න හොඳ නෑ. ඇලී ගැලී ඉන්නකොට තමා මං ටිකක් මගේ අවම බලය පාවිච්චි කරලා දෙකක් කියන්නෙ. 

මුන්දැට තියෙන තව පිස්සුවක් තමා මොබයිල් ෆෝන් පිස්සුව. ඕක කොඩිවිනයක් කියලා ඒකිගෙ ආච්චි කියද්දිත් මං එක් පිළිගන්නෙ නැත්තෙ, මෙයාට මට හොරෙන් දෙයක් කරන්න බෑ කියලා ලොකු විශ්වාසයක් මගේ තියෙන නිසා. උඹලා මේ කතාව විශ්වාස කරයිද මන්දා. මගේ එකෙකුට වෙන්න ඉඩ තියෙන මොකක් හරි දෙයක් තියේනං, සමහර වෙලාවට ඒක මට කල් ඇතිව හීනෙන් පේනවා. වෙච්චි හැම නරක දේම (අපේ තාත්තාත් අම්මාත් මියයාම) එහෙම නොපෙනෙනුනත් සමහර සාමාන්‍ය දේවල් පවා කල් ඇතිව මට හීනෙන් පේනවා. සමහර වෙලාවට මම ඒක කියනවා එයාට. 

*************************************

ලොක්කට කොල්ලෙක් ලයින් පාරක් දානවා, සෙට් වේගෙන එනවා වගේ ආරංචියක් එනවා. මම ගියා ඌ හම්බුවෙන්න. ගිහිං බැලුවම ඌ කැරපොත්තෙක්!
ඕ ලෙවල් දෙසැම්බර්. මාස හයක් ඇති විභාගෙට. කවදා හරි කොල්ලෙක් විදිහට ඉඳලා තියෙන නිසා මම දන්නවා කොල්ලො ලව් කලා කියලා එග්සෑම් ෆේල් වෙන්නෙ නෑ. නියම කොල්ලො සිරා ලව් කරන්නෙ නෑ. කොල්ලො මතකයට වඩා තර්ක හැකියාව මත වැඩකරන ජාතියක්. වැඩිමනක්ම කෙල්ලො විභාග ගොඩයන්නෙ පාඩම් කරලා. ඒකයි ඉස්කෝලවල වුනත් මැත්ස් කරන්න කොල්ලො වැඩිත් බයෝ කරන්න කෙල්ලො වැඩිත්. කෙල්ලො ලව් කරන්න ගත්තම පාඩම් කරපුවා වැඩිහරිය හාඩ් එක ෆෝමැට් කලා වගේ කෙළවෙලාම යන්නෙ. මේකිට ඒක වෙන්න දෙන්න බෑ!!!. (3. මම වැරදිද? වැරදිනම් ඇයි ඒ?) මං තැලුව කැරපොත්තව චප්ප වෙනකං. පොල්ලෙල්ලක දාලා අපේ මහගෙදර ඉඩමෙ මායිමේ තිබුණු මං පුංචිකාලෙ කඩදාසි බෝට්ටු ඇරපු ඇල දිගේ පා කලා. ඇල මහපාරෙ බෝක්කුව අයිනෙන් පාර යන අතටම ගලාගෙන ගිහින් බෝක්කු කට ළඟදි හැරෙන කොටම එතනට නැමිලා තිබුණු වැටකෙයියා පඳුරු වල දිගෙ කොළ අතරෙ ඒ පොල්ලෙල්ල නවතිනවා. කැරපොත්තා මා දිහා ඇස් ඇරලා බලනවා කෝචොක් එකට වගේ. මේ පාර අල්ලගෙන සුන්නද්දූලි කරනවා කියලා හිතං මං යනවා බෝක්කුව ළඟට.

*************************************




------------------------- මතු සම්බන්ධන් -------------------------



66 comments:

  1. මම අද පංතියට යන්න කලින් උඹෙ පෝස්ටි එක බලල යන්න කියලා ආවෙ.උඹ කුරැල්ල වගේ දැකලා පුරැදු වගේ දැකලා පුරැදු වෙලා මෙ බිලොග් එක නුහුරැයි වගේ.දැන් ඒකත් හුරැ වෙයි.අදත් හවස එන්න වෙන්නේ.ඇවිල්ලම වැඩි පුර ගුනදොස් ගැන කියන්නමි.එහෙනමි ඔන්න අපි ගියා.හවස මඩා බාල්දියකුත් අරගෙන ආයෙත් එන්නමි හොදේ

    ReplyDelete
  2. මේක ඔක්කෝම කියවන්න ඕන කියලා හිතනවා නම්.. උඹ මේක දාලා තියෙන්නේ වැරදි තැනක.... මේක දාහන් මධු මාධවී එකේ... මම කියනවට... කිසි අවුලක් නෑ..

    එහෙනම් තාමත් මාතලන් ඉඳ හිට ඩර්ටි ජෝක්ස් හිටං ලියන්නේ...

    ReplyDelete
    Replies
    1. උඹ කියන දෙයක් මග හරින්න බැරි තරං බකප් එක දීපු එකෙක් උඔ. ඒක කයි විතරක් හින්දා, ලින්කුවක් දැම්මා ඒකෙ.
      //එහෙනම් තාමත් මාතලන් ඉඳ හිට ඩර්ටි ජෝක්ස් හිටං ලියන්නේ...// මේක මේකට ඇමිනෙන තැන කියහං සුද්දා.

      ෂෙෆාකි/විදානේ, දී කිරිද බළලුනේ?

      Delete
  3. මං තැලුව කැරපොත්තව චප්ප වෙනකං//
    තාත්ත කෙනෙක් වෙන මොනව කරන්නද?..

    මන:කල්පිතයි.//, මනඃකල්පිතය.. ඔන්න කොපි පේස්ට් කරලා තියාගං..නැත්තං alt+x ගහං..

    මේ මං මේ නිකං අහන්නේ නරකද දැං කසාදයක් එහෙම බඳින්න හිතුවොත්

    ජ ය වෛ් වා

    ReplyDelete
    Replies
    1. උඹලා ඇසුරෙන් මට ලැබෙන මැණික් තමා ඔය. //මනඃ//

      ආයි ඉතිං ලබන ලෝකෙ තමා බං

      Delete
  4. අපිත් කැරපොත්තෝ ඉස්සර

    ReplyDelete
    Replies
    1. අපි කැලෑ අස්සයෝ. ඇතැම්විට කැරපොත්තෝ.

      Delete
    2. ශුවර් එකටම ඔළුව තලලා තියෙනවා කැරපොතු පූසගෙ... මන්ද වැඩ කරන්නෙ ඒකනෙ ඇඳ අස්සෙ බැරල් තියාගෙන..

      Delete
    3. අපේ සියල්ල ඇඳ උඩ ඇතිරිලි මතම තමා බං.

      Delete
  5. පොඩ්ඩක්..හිටහන් ආයම එන්නම්...

    ReplyDelete
  6. අන්තිමේ ෂෙෆාකි කිව්වා උඹ බැංකු ගැන විතරක් ලියහං මගෙං මැරැං නොකා කියලා.
    ඇත්ත කතාව ...ලියපිය බැංකු ගැන...
    මේ බඩකඩිත්තුව තේරැම් ගන්න දැනට සිගරට් 3 ක් බිව්වා..

    ReplyDelete
    Replies
    1. ඔට්ටුයි!
      උඹ මේකට කැමති වෙනවා ළඟදීම.
      (මං නොදන්න මෙන්ඩා)

      Delete
  7. මම හැම දුවෙකුටම..(මගේ බොක්කට දැනුන දුවලා)..
    මම කියන්නේ දෝනි

    ReplyDelete
    Replies
    1. අපේ වයිපරේට කියලා බලපංකො... රෙස්පොන්ස් එක කෝමද කියලා.

      Delete
  8. මේකිට ඒක වෙන්න දෙන්න බෑ!!!
    එකෙන්ම උඔ හරි

    මං තැලුව කැරපොත්තව චප්ප වෙනකං.
    අපිත් ලව් කරා තමයි එහම කියලා කට #ක වහගෙන ඉන්න බෑ..උඔ ඌ තැලුවේ නැත්නම් මට හරි අයිතිය තියනවා ඌ තලන්න..ඒ මගෙත් දෝනි
    නෑ නෑ..යකෝ මම වගේ කිව්වට නෙමෙයි එහම කිව්වේ..මම කිව්වේ මේ...මේ යාලුකටම යාලුකමට

    ReplyDelete
    Replies
    1. අපි ලව් කරපු හින්දා තමා බං එහෙම තලන්න හිතෙන්නෙ. අපිනෙ දන්නෙ අපේ හැටි.

      Delete
  9. මෙහෙමයි, කරපොත්තගේ වරදක් නැද්ද කියලා හොයල බලන්න ඕන මුලින්ම, ඊටපස්සේ චප්ප කලාට කමක් නැහැ ඕනෙමනම්....

    ReplyDelete
    Replies
    1. හිටිං මල්ලයෝ කලබල නොවී. ඊ ළඟ එකේ තේරෙයි කොහොමද තැලුවේ කියලා.

      Delete
  10. යකෝ මොකක්ද මධුවෝ මේ කියන්නේ..... මේකත් උඹලාගෙමද???? යකෝ ඩබල් ගේම්නේ....

    ReplyDelete
    Replies
    1. හාල්-චිස්
      ගූ- තක්කාලි
      කඩල-බෝල්ට් ඈන
      වගේද?

      Delete
    2. මුල ඉඳන් ඉඳලාත් උඹලාට ඕක අහු උන්නැද්ද කුරුට්ටෝ.

      මෙන්ඩෝ, මොනාද බං? මේවාටද උඹ මගේ අග්‍රගන්‍ය බ්ලොග් කුට්ටම සම කරන්නෙ.
      (මොනා වුණත් ඇඩ් වලට උඹට පිං. ඊ ළඟ එකට රසිකයො හිටීවි තව. හොඳ හොඳ සෙල්ලං එළිවෙන ජාමෙටනෙ බං)

      Delete
    3. එකකට එකක් නොගැලෙපෙන ඒවා..

      Delete
    4. visitor ලියන පෝස්ට් එකකට එකක් ගැලපෙන්නැද්ද? එහෙම නැතිනම් කේන්දර පෑහෙන්නෙ නැද්ද?

      Delete
    5. එකෙක් එක දෙයකට වෙයි සමතා කියන එක බොරැ කරා
      උඔ වැඩ්ඩා

      Delete
    6. අනේ මං මොකෙක්ද බං. මේ අවකාශෙ මේ විදිහෙ ඒවා ලියන උන් බැලුවම මම නිකං අඟුටුමිට්ටෙක්.

      Delete
  11. මාත් කියෙව්වා...!

    ReplyDelete
    Replies
    1. මේක මචං අත්දැකීම් එක්ක යන්න ඕනි. නැතිනම් පොඩ්ඩක් අවුල් තමා ඉතිං.

      Delete
    2. නිකං වචන ටික මතක තියාගනිං. උඹට කවදා හරි මාව මතක් වෙයි.

      Delete
  12. නියමයි.. ගස්ලබ්බත් දුවලට පට්ට ලයික් ලු නෙ.(තාම නැතුවට.)
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඒක හොඳ ප්‍රවණතාවක්. තාත්තෙකුට දුවෙක් කියන්නෙ ජීවිතේ තමන් අතින් වූ අසාධාරණ වැරදි බොහොමයක් නිවැරදි කරගන්න ලැබෙන අග්‍රගණ්‍ය අවස්ථාවක්.

      Delete
  13. කැරපොත්ත තැලුවෙ බැංකුවක් ඔළුව උඩට දාලද.
    මොනව උනත් මේ වගේ එකක් තේරුං ගන්නනං සෑහෙන්න බොන්න ඕන.

    නැද්ද මෙන්ඩො

    ReplyDelete
    Replies
    1. ආහ්... ඊ ළඟ එකේදි ගැටේ ලිහන්නං ප්‍රෙසා් (හෑ... මොකක්ද බං ඒ වැදුනෙ?)

      Delete
    2. ගස් ලබ්බා අනුග්‍රහය දක්වන්න කැමැති ප්‍රසා..මධුවා ලබ්බාගේ ඉල්ලිම ඉෂ්ට කරානම් අපි බොනවා.

      Delete
    3. මෙන්ඩා,
      ඒ කියන්නෙ ගස් ලබ්බාට දුවෙක් ලබාදීම ද?

      ගස්ලබ්බා,
      මෙන්න දැනටමත් වෙරි වගේ.

      Delete
    4. ගස් ලබ්බJuly 24, 2015 at 9:05 AM

      වී කරේ ඕල්වේස්.. මේ තියෙන්නෙ ලෙසටම.අජිත් නෙවාඩ්ලා,පී.බී ලා එතකොට සල්ලි මවනවා කියල කොරේ මේකද? මචං ඉල්ලීමක් තියෙනවා..මහබැංකු බැඳුම්කර සීන් එක තේරෙන්න දාන ඇහැකිය? (දේශපාලනේ ගාවන්නෙ නැතිව දැම්මොත් වටී.)
      මම බොට 'ගස්ලබ්බා සහ පුත්‍රයෝ' "රට බීම" සැලෙන් පිරිසිදු රා බෝතල් පාටියක් දෙනවා.. දෙනවමයි..
      ජයවේවා..!!

      මම කිව්වේ මේ ඉල්ලිම ගැන

      Delete
    5. මම මේකෙ දෙක ලියලා පෝස්ට් කලානෙ බං. අපරාදෙ! හිටපං දැම්මම ලියලා දානවා මේක යට පලයං කියලා. යකෝ, සමාන්තර විශ්වය වගේද රා බෝතලේ?

      Delete
  14. Hat's Off මචෝ....
    අප්පච්චිව මතක් උනා බං. වැඩිය මුකුත් කියන්න ඕනෙ නෑ නේද..?
    ඒක නෙවෙයි උඹ බං බොලං කිවුවට හිතේ උඹ ගැන වැඩිහිටියෙක් විදිහට හිතේ ගෞරවයක් තියෙනවා. මෙන්ඩා, චෙෆ්, මාතෙ, ප්‍රසා, විචා, ඩූඩ්, අනික් උන් ඔක්කොටෝමත් එහෙම තමයි. මේ පෝස්ට් එකට අදාල නැති උනත් පෝස්ට් එක හින්දා හිතට ආපු දෙයක් කිවුවෙ.

    ReplyDelete
    Replies
    1. අනේ පලයන්ඩ නරියා...මම තොට වැඩිය බාලයි..

      Delete
    2. අඩෝ... තෝ ඉන්නවද බොල.. මොකෙන්ද දන්නෑ බාල...

      Delete
    3. හැක්.. ඒ කියන්නෙ අපි හැට පැන්න සීයල කියලද බොලා හිතා ඉන්නෙ.

      Delete
    4. සීයලා නොවුනත් උඹලා මට කලින් මේකෙ පැලපදියම් වෙච්ච් උන්නෙ. වයස නෙවෙයි ක්ෂේත්‍රයක් ඇතුලෙ තියෙන පරිණත බව නේද බොල වටින්නෙ?

      දාපංකො පොඩි කාලෙ ෆොටෝ එකක් මල්ලි බබෝ කියන්නවත්...

      Delete
    5. කැමා,
      උඹ හිතා ඉන්නවට වඩා සෑහෙන වෙනස් ස්වරූපයක් තමා උඹට මගෙන් දකින්න ලැබෙනවා ඇත්තෙ මුණ ගැහුණ දවසක. හැක් හැක්. උඹ කියන දේ මේ පෝස්ට් පෙලටම අදාලයි හොඳටම.

      මෙන්ඩා,
      බලපංකො මෙන්ඩො මූ හෙන ලපටි පාට් එකක්නෙ දාන්නෙ.

      කැමා,
      වයසින් හැර අනෙක් සියල්ලෙන්ලු.

      ප්‍රසන්න,
      ඕන්නං කාර්තු හැටක් පැනලා ඇති. නැද්ද බං.

      කැමා,
      මෙන්න වෙන තැටියක් වාදනය කොරනවා ඒ පාර.

      Delete
    6. මේ පෝස්ට් එකෙන් ඒ ස්වරූපෙ හිතාගන්න පුළුවන්. මිනිහෙක් කෑවා බීවට, කට වාචාල කමට කියෙවුවට ඒ මනුස්සයාගෙ ඇතුලෙ ඉන්න එකා ගොඩක් වෙලාවට වෙනස් කියන එක මං දන්නවා බං.

      Delete
    7. ඉවානයාම ඇරං බලපං. කොහොමද බ්ලොග් ලෝකෙ දෙන ලොරි ටෝක්ස්. මුණගැහුණම මීක් නෑ. අනික් අතට සිතිවිලි දාමය මුදාහරින්නෙ වෙනස්ම විදිහකට. මේව තමා බං ජීවිත. එළියෙ ලෝකෙ සමහර ඒවා මෙලෝ රහක් නෑ.

      Delete
  15. කැමරාවෙන් එහා ලෝකය
    ඌගේ හිත රිදිලා...එක්කෝ
    වහ බොනවලු...නැත්නම්
    තපසට යනවලු....බැරිනම්
    ගගේ මුහුදේ පනිනවලු...
    අනේ ..කට්ටිය ගිහින් පොඩ්ඩක් අහිංසකයාගේ මුණ අන්තිම වතාවට බලලා එනවද..

    ReplyDelete
    Replies
    1. උඹ ගහන මඩ වලට වහ ටිකක් බීලා, බෙල්ලෙ වැල දාගෙන, ඔළුවට වෙඩි තියාගෙන මැරෙන්න හිතිලා තමා තියෙනවා...

      Delete
    2. මෙන්ඩා,
      ඕකා මේ දාගෙන ඉන්න මූණට වඩා හෙන ගති මූණු තියෙනවා බුකියෙ. මේක දැක්කමනං අන්තිම වතාවට හොම්බට දෙකක් අනින්නමයි හිතෙන්නෙ.

      කැමා,
      මුහුදට පාත්වෙච්ච අත්තක එල්ලියං. එතකොට වෙඩිල්ල වැලට වැදිලා උඹ මූදට වැටිලා ලුණු වතුර පෙවිලා වමනෙ යනවා. ඊට පස්සෙ ආයි පීනලා වරෙං මඩකලපුවට.

      Delete
    3. එච්චරටම කැතයිද බං...?

      Delete
    4. පිස්සුද බං? කැතනං වචනයක්වත් කියන්නෑ.

      Delete
  16. මේ බ්ලොග් එක මට මිස් වෙලානෙ. පරණ පෝස්ට් අර පරණ කාසි සහ නෝට්ටු ගැන ඒවට මම පට්ට ලැයික් මගෙ ලගත් හොද කලෙක්ෂන් එකක් තියනව.
    කැරපොත්තා තැලීම මචං පරණ පෝස්ට් ටික කියව්පු හින්ද මෙතන මේ පෝස්ට් එකට හිතේ හැටියට කමෙන්ට් කරන්න බෑ. කැරපොත්තා තැලීම ගැන කියවද්දි මට මතක් උනේ අපේ කැමාව, ඌත් ලගදිම වෙන්ඩ මාමගෙන් චප්ප වෙයි.
    දුවෙක් ඉන්න තාත්තෙක් විදිහට මටත් ඔය වගේ දෙයකට මුහුණ දෙන්න සිද්ද වෙයි ... අනේ මන්ද මගෙ රියැක්ෂන් එක මොනවගේ වෙයිද කියල. සමහර විට මම ආයෙ දුවත් එක්ක කතා කරන එකක් නෑ. තාත්තල දොණිලට ආදරේ කරන තරම එතරම් වැඩි ඇති.

    ReplyDelete
    Replies
    1. මේ අනික් නාකියා....
      ලඟදිම චප්ප වෙන්න දෙයක් නෑ බං. එක පාරක් චප්ප වෙන්න ගිහින් කට හින්දා බේරුණා. දැන් මග රැක රැක හොයනවලු අඬු කඩලා දාන්න. මූණට එන්න බැරුව. සිරාවටම.

      Delete
    2. කම්මලේ,
      කළබල වෙන්න එපා මචෝ. මේ චප්ප කිරිල්ල ඒ විදිහටම වෙන්නෙ නෑ.

      කැමා,
      ඒ මාමාගෙ සීන් කෝන් එකත් ලියලා දාපං මල්ලියෙ.

      Delete
  17. මේක දාපු දවසෙම කියෙව්වත් මහා මොකක්දෝ මෙව්වා එකක් වගේ එකක් නිසා මොකක් කොමෙන්ට් කරන්නද කියල හිත ගන්න බැරි උනා.. පස්සට තිබ්බ කොමෙන්ටෙක එහෙමම මිස් උනා,, දැන් අලුත් කොටහ කියවන්න ආවහම මතක් උනේ මේක.. බලමු ඊළඟ එකටවත් අදම කොමෙන්ටෙකක් ද ගන්න පුළුවන් වෙයිද කියල..

    ReplyDelete
    Replies
    1. බලමු...බලමු. ඒක ටිකක් ටියුබ් ලයිට් වෙන්නම තමා ලියන්නෙ.

      Delete
  18. මගෙ අවධානෙක හැටි කියන්නෙ මේක මීට කලින් දැකලම තිබ්බෙ නෑ. මට මතක් වෙන්නෙ අජිත් තිලකසේනගෙ කතා ශෛලිය.
    පට්ටයි.

    ReplyDelete
  19. අදයි දැක්කේ....ෆන් තාත්තෙක්...ඊ ලග කොටස තවත් රසවත්ද මන්දා

    ReplyDelete