Saturday, September 19, 2015

මට පෙනෙන හැටි - 02




මෙතෙක් කතාව...

ඒත් එක්කම මං ඇහැරෙනවා.

**********************

“ලොකුස් මං හරි අමුතු හීනයක් දැක්කා“
මම එයාව ස්කූල් වෑන් එකට නග්ගන්න යද්දි කිව්වා. එයා කොහොමත් මං කියන ඕනිම දේකට කන්දෙන්නෙ හරි ආසාවෙන්. ඕනිම දේකට කිව්වට ඕනිම දේකටමත් නෙමෙයි. පාඩම් කරන්න, අම්මට උදව් කරන්න, නංගිල එක්ක රණ්ඩු වෙන්න එපා, කොරියන් ෆිල්ම් බලන්න එපා, ෆෝන් එකේ පදිංචිවෙලා ඉන්න එපා යනාදී ඇතැම් නාදවල තරංග ආයාමයේ හෝ විස්තාරයේ යම් වෙනසක් නිසා ඇයගේ ශ්‍රව්‍ය තරංග පරාසයට ඒවා ග්‍රහණය වෙන්නෙ නෑ. ඒත් මේ හීන කතාව මොකක්ද කියලා එයා ඇහුවා. 

“බ්ලා...බ්ලා...බ්ලා...“ මම හීනය විස්තර කලා. ඒ අවසානයේ මයික්‍රෝ ටොනාඩෝවක් ඇගේ මුවින් පිටවුණා “හ්ම්“ සද්දයක් එක්ක. 


**********************

“ඇයි තාත්තෙ කොල්ලො කෙල්ලන්ට උඹ, මචං, අඩෝ කියලා කතා කරන්නෙ?“ 

“උන්ට කෙලින්ම කෙල්ලන්ගෙ හිතට කතා කරන්න බෑ. පිවිසීමක් ඕනි. ඒකයි මචං පාට් එකෙන් පටන්ගන්නෙ. අනික එතකොට සම්මත විදිහට හිතන කාට වුණත් හිතෙන්නෙ මේ කොල්ලාගෙ කිසි ඉන්ටරෙස්ට් එකක් නෑ මේ කෙල්ල ගැන. නැත්නම් උඹ කියයි යැ වගේ සිතිවිල්ලක්. දැන් කවුද ඔයාට උඹ කියලා කතා කරන්නෙ?“

“නෑ...එහෙම කතා කරනවට නෙමේ. ඒ වුණාට ඒක ටිකක් ඔඩ් වගේ නේද?“ 

මයික්‍රෝ ටොනාඩෝවක් මගේ මුවින් පිටවුණා “හ්ම්“ සද්දයක් එක්ක. 


**********************

කෙල්ලො ඇයි අපිට වඩා වෙනස්? අවුරුදු 10 ක් විතර වෙනකං කෙල්ලො අපිත් එක්ක හරි යාළුයි. පොඩි කාලෙ කොහොමත් මං කොල්ලන්ට වඩා කෙල්ලන්ට එකතුයි (දැන් කියලත් වෙනසක් නෑ). හයේ හතේ පන්තිවලදි අපිට කෙල්ලන්ගෙ පැහැදිලි මේරිල්ලක් පේනවා. ඒක හරි අමුතුයි. උනුත් කලින් හිටිය උන් නෙමේ. ටිකක් උඩින් යනවා වගේ දැනෙනවා. කාලෙකින් මුණ ගැහුණොත් ඒ වෙනස දිහා අපේ ඇස් යොමුවෙනවා. එතකොට උන්ගේ ඇස් බිමට යොමුවෙනවා. අපේ කම්මුල් දිගේ සීතල දියඇල්ලක් ඉහලට ගලාගෙන ගිහින් කන් පෙති ඇතුලෙන් ඔළුව පුරාම යනවා. එතනින් පපුවට කඩාගෙන වැටෙනවා. කම්මුල්වල පේශි නටනවා දැනෙනවා. කතාකරන්න වචන නෑ. වචන සේරම මෙගා ටොනාඩෝවට අහුවෙලා. අපි අසරණව ඒ වචන අල්ලගන්න හදනවා. 

ඒ දකින සෑම රූපයටම අපි ආදරය කරනවා. අපිට නැති ඒ සියළු දේට අපි ආදරය කරනවා. ඒ අතරෙ, හිත ඇතුලෙ විශාල ඉදිකිරීමක් අපිත් නොදැනී සිද්ධවෙනවා. එදා ඉඳන් පත්තර, පොත්පත්, චිත්‍රකතා, රිදී තිරය, පුංචි තිර දෙකම ආදී මේ හැම දේකම දකින මේ අමුතු රූපවල වඩාත් සිත්ගන්නා අවයව එකතු කරලා වසර ගාණක් තිස්සේ අපි ඉදිකරනවා පිළිමයක්. 

ඔව්! සියළු සිත්ගන්නා අංගෝපාංග ඇති දර්ශීය කාන්තාවක් අනාගත සහකාරිය ලෙස...

ඇය සොයාගෙන යනවා මං මාවත් දිගේ පවා. සෑම බස් එකකම, පාසැලේ සෑම අස්සක් මුල්ලක් නෑරු, ගමේ ගෙයක් ගානෙ, පන්සලට එන අය අතරෙ පවා සොයනවා. ඒත්....

ඇය කිසිදාක නෙත ගැටෙන්නේ නෑ. 

අර්ධ අවසන් වටය එනවා නොදැනිම. මේ ලක්ෂණ වලින් කීපයක්වත් තියෙන කෙනෙක්? ඔව්. එහෙම අයනම් අපි දකින අය අතර ඉන්නවා ගොඩක්. හැමෝගෙන්ම අහන්නත් බෑනෙ. යාළුවො විදිහට දැනටමත් කිට්ටුවෙන් ඉන්න අය හරියන්නෑ. එයාලගෙ අඩුපාඩු අපි දන්නවනෙ කාලයක් ආශ්‍රය කරලම. වෙනස් කීප දෙනෙක්ගෙන් අහලා බලනවා. කොහොමද ඒත් අහන්නෙ? අහ්... යාළු කෙල්ලන්ගෙ යාළුවො තමා හොඳම ව්‍යාපෘතිය. විකල්ප සැලැස්මකුත් ඒකෙම තියෙනවා. යාළුවා ලවා අස්සනවා මුලින්. බැරි වුණොත් කෙලින්ම අහනවා. 

අවාසනාවකට වගේ, අපි පරමාදර්ශී කාන්තාවට වඩාත් ආසන්න කාන්තාව අමතලා බලන කොට ඇය නෑ. ඇය ගිහින් ඇගේ පරමාදර්ශී පුරුෂයා සොයන්න. කොහෙත්ම ඒ මමනම් නෙමේලු. මෙහෙම ගියොත් මොකුත් කරගන්න බැරිවෙනවා. දෙයියෝ සාක්කි. අවුරුදු කීයද තව තියෙන්නෙ. අවුරුදු කීයක් නාස්ති වෙලාද? (මේ අවුරුද්දක් කියන්නෙ නිකං පැයක් වගේ කාලයක්. නොඉවසිල්ල කාලය පරදවන්න පුළුවන් එක් උපායක්.)

පළමු හා දෙවන කවචයේ මුක්ත ඉලෙක්ට්‍රෝන නැති තැන ඊ ළඟ කවචයට යනවා. යාළුවන්ගෙත් යාළුවන්ගෙත් යාළුවෙක්! කොහොමත් බාහිර කවච වල මුක්ත වියහැකි ඉලෙක්ට්‍රෝන වැඩියි. 

යාළු නෙට්වර්ක් එක හරහා මුලින්ම අදහසක් දාලා බලන කෙනා අපි හිතේ ඇඳගත්තු දර්ශීය කාන්තාවට හාත්පසින් වෙනස්. මෙයා පොඩියි. මගේ කෙනා මං තරම්ම උසයි. නෑ...නෑ...මටත් වඩා උසයි. මෙයාගෙ දත් චූටියි. එයාගෙ දත් සාමාන්‍ය විදිහට මීට වඩා ලස්සනට තියෙනවා. මෙයාගෙ තොල් හීනියි. එයාගෙ යටි තොල ටිකක් පිරිලා. රතු පාටයි. ලිප් බාම් එකක් ගාන නිසා දිලිසෙනවා ආසාවෙ බෑ. මෙයා කොණ්ඩෙ බෙල්ලටම කපලා බොබ් කට්. එයාගෙ කොණ්ඩෙ පිට මැද විසිරිලා. තව............ මොනා වුණත් හැම දේම වෙනස් වගේ. ඒ වුණාට එයා ගැන බලා හිටියොත් මට හුලං. වෙන දෙයකට නෙමේ මොකුත් නැතිකමට මේකවත් බලනවා. ඒ නිසා යාළුවො හරහා අදහස දානවා ඕනි එකක් කියලා. කාලය පරදවන නොඉවසිල්ල! ඉර බහින්නෙ නෑ. කුරුල්ලො සින්දු කියන්නෑ. මල් පිපෙන්නෙ නෑ. කොටින්ම මේ ලෝකෙ කිසිම දෙයක් සිද්ද වෙන්නෙ නෑ. 

අපොයි දෙයියනේ! එයා කැමති වෙලා. දෙයි හාමුදුරුවනේ මට කෙල්ලෙක් සෙට් වෙලා....! මම තරම් වාසනාවන්තයෙක් ඉන්නවද තවත්? ලස්සනට ඉර පායනවා. කුරුල්ලො සින්දු කියනවා. මල් පිපිලා හැම තැනම. හැබෑටම මේවා මේ ලෝකෙ කවද තිබුණ දේවල්ද?

දෑස රිදෙනකම් පාර බලාගෙන ඉඳලා අන්තිමේ ඇය එනවා ප්‍රාර්ථනාවේ මල් පොකුරු අරන්! වෙනදා දැක්කට වඩා පුදුම ලස්සනක් නෙ තියෙන්නෙ. කම්මුල් දිගේ සීතල දියඇල්ලක් ඉහලට ගලාගෙන ගිහින් කන් පෙති ඇතුලෙන් ඔළුව පුරාම යනවා. එතනින් පපුවට කඩාගෙන වැටෙනවා. කම්මුල්වල පේශි නටනවා දැනෙනවා. කතාකරන්න වචන නෑ. වචන සේරම මෙගා ටොනාඩෝවට අහුවෙලා. මම අසරණව ඒ වචන අල්ලගන්න හදනවා. 

වචන අල්ලනවට වඩා මේ අසිරිය විඳින එක හොඳයි වගේ. ඒත් එයා දිහා කන්න වගේ බලා හිටියොත් එයා වැරදියට හිතයි. ඒත්... දෙයියනේ! මේකි කොහේද මෙච්චර කල් හිටියෙ. ඇයි මම මේ ලස්සන දැක්කෙ නැත්තෙ? 

අන්තිමේ වචනෙ දෙක අල්ලගන්න පුළුවන් වුණා. කෙල්ලො අපිට වඩා හෙන නිර්භීතයිනෙ. උන් ලැජ්ජාවෙන් වගේ වුණත් අපි වගේ වචන පටලෝගන්නෙ නෑනෙ බැලුවම. 

**********************

“ම‍ොකද බං පහේ ශිෂ්‍යත්වෙ කරන සයිස් එකක් අල්ලගත්තෙ? උඔ ලොරි ටෝක්නෙ දුන්නෙ ඒ දවස් වල හොඳ සයිස් කඳක් නැත්නම් වැඩක් නෑ කියලා“

“නෑ බං...මේකිගෙ තියෙනවා පොඩි ගතියක්. උඹ දන්නෑ. මං කෙල්ලෙක්ගෙ දකින්න ආස ගොඩක් දේවල් මේකිට තියෙනවා. හුස්ම සුවඳයි. නියපොතු නරක් වෙලා නෑ. දත් නරක් වෙලා නෑ.“

“උඹ ඔය නරක් නොවිච්චා හොය හොයාද ගියේ? එහෙම උන්නං ඉන්නවා බං ඕසෙට. මටනං ඒකිගෙ කිසි ගතියක් නෑ.“

“අනේ තෝ හැඳිගෑවිලාම පල. වෙන මොකක්ද? ඉරිසියාව...පැහැදිලි ඊරිසියාව. උඹේ උලමි ඒ වගේ ලස්සන නැති හින්දා..“ ඇත්තටම හිත රිදුනා. 

“හරි හරි... උඹ දිණුම්. කොහොමත් උඹ දිණුම්නෙ. දැන් ඉතිං අඩ කොටයක් තියෙනවනෙ.“

ඒ අන්තිමට කියපු දේ මොකක් වුණත්, මගේ මූණ පිම්බිලා යනවා සතුටින්. මම ඇවිදින්නේ අඟල් දෙක තුනක් උඩින්. ඒත් එයාගෙත් මගෙත් යාළුවො පොඩ්ඩ පොඩ්ඩ ඈත්වීම තමා දෙවනි සිත් රිදීම. ආදරයට කොහෙදෝ බාධා නැත්තේ. ඔය අතරෙ සමහර ලස්සන කෙල්ලො වෙනදාට වඩා උවමණාවෙන් මගෙත් එක්ක හිනාවෙනවා වගේ මට දැනෙනවා. ඇත්තටම ඉතිං...උන් මේකිට වඩා ලස්සනයි නම් තමා. අනේ මන්දා... කෙල්ලෙක් එක්ක ඉන්න කොල්ලෙකුට තනියම ඉන්න කොල්ලෙකුට වඩා කෙල්ලන්ගෙන් ඉල්ලුමක් තියෙනවා කියලා අපේ පංතියෙ මා මිත්‍ර මහාචාර්යතුමා මට කියපු දෙයක් හැබෑවෙමින් තිබුණා මටත් හොරා. 

**********************

කෑලි කෑලි වලට බිඳුණු බිරිඳගේ ජංගම දුරකථනය ගල් රෝලකට යට කරන්න මට ඕනි වුණා. ඒ කෑලි අතරෙ කල් ඇතිව මකාදමන්නට නොහැකිවූ නිසා මම අන්තිමට දැක්ක කෙටි පණිවිඩයේ කෑලි තවමත් පෙන්න තිබුණා. 


“අඩෝ, උඹ නිදිද? මොකද කරන්නෙ?“



෴෴෴෴෴ මතු සම්බන්ධයි ෴෴෴෴෴


47 comments:

  1. හැක මරු , ආර්ථික විද්‍යා ලේඛකයා සොඳුරු ප්‍රේමාන්විත ලේඛකයෙක් වෙලා , උඹ ටැලන්ට් ගොඩක් හංගගෙන බුලත්විට කකා ඉන්න එකෙක් , බුලත් කෙල පාරක් ගහන්නෙත් රටාවක් ඇඳෙන්න , ලියපං දිගටම මේ කතා රටාවට මම කැමතියි .

    මට මතක් වුනේ ලෝකේ සර්ව සම්පූර්ණ පිරිමියා හොයාගෙන ගිය කානතාවගේ කතාව

    එක කාන්තාවක් ලෝකේ අංගසම්පුර්ණ පිරිමියා හොයමින් ගියාලු, දවසක් මිතුරියක් අහනවා
    " ඔබට තවම අංග සම්පූර්ණ පිරිමියා මුණගැහුනේ නැද්ද?"

    "මුණ ගැහුනා "

    " එහෙනම් මොක්කද ප්‍රශ්නේ , මොකද ඔය දුකින් "

    " ඔහුත් ලෝකේ අංග සම්පූර්ණ ගැහැණිය සොයනවා "

    ReplyDelete
    Replies
    1. හැමදේටම තියෙන්නෙ ඇබ්බැහි වීමක් බං. උඹේ කමෙන්ටුව මට සම්මානයක් වගේ.
      හැක හැක... කවුරුත් හොයනවා බැලුවම.

      Delete
    2. ...//උඹ ටැලන්ට් ගොඩක් හංගගෙන බුලත්විට කකා ඉන්න එකෙක් //..
      ආයෙත් අහලා.රන් පදක්කමක් දෙන්න වටිනවා. (දැන් ඉතින් උඩ ගිහිල්ලා බිම වැටෙන්න අමතක වෙනවා.හරි හරි බැහැපං දැන් බිමට)

      පුහ්...ඉවානයගේ කොමන්ටුව සමිමානයක් වගේ.
      දැන් එතකොට අපේ ඒවා.දාපංකෝ අරකේ අලුත් පෝස්ටි එකක්.වැඩෙ බලාගන්නමි.

      Delete
    3. මට හොඳම සම්මාන වැඩිපුර දීලා තියෙන්නෙ මාතලං.
      1. මධුමාධවී 5000 ගහපු වෙලේ කිව්වෙ ‘කවි බ්ලොග් එකක් මේ කඩඉම මේ තරම් ඉක්මනට පහුකලාමද කොහෙද?“ කියලා.
      2. ඊට පස්සෙ මුණගැහිලා, මධුමාධවී ලියන්නෙ මම කිව්වම “ඒකනං නැගල යනව නේද?“ කියලා ඇහුවා.
      3. රාජ්, කුරුටු සින්ඩිය මං වෙනුවෙන් ම පෝස්ට් දැම්මා.
      මේවා තමා බං සම්මාන.
      ඔය ලව් පූසා කතාකොරන්නෑනෙ වැඩිය. ඌත් සුපිරි මනසක් තමා. උගේ මොලේ ඇතුලෙ කැරකෙන දේවලින් බොහොම ඩිංගයි අපිට දෙන්නෙ. කුණා! ඕකාට පුළුවන් මුළු රටක් වෙනස්කරන්න පුළුවන් දේවල් ලියන්න.
      (පූසො හෙන හීලෑයි පිට කහනකොට)

      Delete
  2. සූ ලොජි වලින් කෙමිස්ට්‍රියි, අයි.ටී යි, බියුටිකල්චරුයි ඔක්කොටම ගිහිල්ල අද.

    මොකටද අර ෆෝන් එක පොළොවෙ ගැහුවෙ.

    ReplyDelete
    Replies
    1. සකලවිධ විද්‍යාවම යොදාගෙන නේද?
      ඒ සීන් එක ලියවිලා ඉවරයි නේද දැන්?

      Delete
  3. ///කෙල්ලෙක් එක්ක ඉන්න කොල්ලෙකුට තනියම ඉන්න කොල්ලෙකුට වඩා කෙල්ලන්ගෙන් ඉල්ලුමක් තියෙනවා කියලා අපේ පංතියෙ මා මිත්‍ර මහාචාර්යතුමා මට කියපු දෙයක්/// සහතික ඇත්ත. එහෙනං.....

    ReplyDelete
    Replies
    1. ඕ යේස් !! ඉල්ලුමට සැපයුම නෙවැ දෙන්න බැරි :D

      Delete
    2. අඩෝ... කොමෙන්ට් හොරා...
      සිරාවට බං.මේක නං සහතික ඇත්ත.සමහර වෙලාවට මම ගස්ලබ්බිට කියලා අව්ස්සන්නත් එක්ක සමහර කෙල්ලො ෆෝම් කරපු වෙලාවල් තියෙනවා..(ඔව්..ඔව්.. ඊට පස්සෙ ගුටි කෑවා.)

      Delete
    3. කැමා,
      හැකියාවට රැකියාවක් වගේ තමා.

      පත්තරේ,
      සැපයුමේ තරමට ගුටිකෑම.

      ගස්,
      මාත් ඕක කලා...ඉස්සර. (දැන් ඉන්න එක්කෙනත් එක්ක බෑ අප්පා)

      Delete
    4. පත්තරේ,
      අම්මප ඈ... ඇස් දෙක පමණිද මෙතරම් පිං කර ඇත්තේ...? :(

      ලබ්බෝ,
      ඒකටත් එක්ක මගෙ දිහා බලන උන්ව ඇඟිල්ලෙන් ඇන ඇන පෙන්නනවා අන්න අර නංගි බලනවා පොඩ්ඩක් හිනාවෙනවකෝ කියලා. ඉතින් හිතහං මං කියලා මොනා කරන්නද කියලා...

      Delete
    5. කැමා ඒත් වැඩෙ කියන්නේ බැදපු අපි වෙන කෙල්ලෙක් එක්ක ටිකක් වැඩිපුර ටෝකට ගියොත් ගිගුරැමි සහිත වැසි බලාපොරොත්තු වෙන්න වෙනවා.

      ලබිබෝ ඔවුන් ෆෝමි කරා වගේ නෙවෙයි උඹව උස්සලා අරගෙන බෙංගාල බොක්කේ දා ගනිවී.

      Delete
    6. ඇයි මම? දැනුත් හැරි හැරී බලලා අහුවෙලා ඇවිත් සාලෙ බිම නිදාගන්නවා.

      Delete
    7. ඒකට තමයි බොලව් පිං කරන්න කියන්නෙ. මට ඔය කචල් නෑ. ඇඟිල්ලෙන් ඇනල පෙන්නන එකේ මට තියෙන්නෙ බලන්න.

      Delete
    8. තරාදියෙ අනික් පැත්තෙ ඇති බං මොනා හරි උඹවත් උළුක් වෙන දෙයක්!
      (මොනවා කරන්නද? එහෙමවත් කියලා හිත හදාගන්නවා)

      Delete
    9. ඉරිසියා කරන්න එපා බං. හදාගන්නින් ඒ විදිහට.
      උඹ දන්නවද දවසක් ට්‍රේන් එකෙදි කෙල්ලො දෙනෙක් මගෙ දිහා බල බල ඉන්නවා කියලා ට්කක් ඈතට වෙලා ඉඳලා උන් බැස්සට පස්සෙ කියනවා පව්නෙ අනෙ උන් දෙන්නා ඒකයි ඈතට වෙලා හිටියෙ කොහෙද ඔය උන් එක්ක හිනා උනෙවත් නෑනෙ කියලා. උන් දෙන්නා මං ගැන කතා උන ඒවා රස කර කර කියනවා එනකම්.

      Delete
    10. අඩේ කෙල්ලො මන්දා මාත් එහෙම බලනවා තමා. පස්සෙ උන් බැහැලා යන ගමනුත් මං ගැන කතාවෙනවා.
      “ආං අර පිස්සා ජනේලෙනුත් බලනවා“ කියලා.
      නෝනා අහනවා “පිස්සුව සනීපද දැන්“ කියලා.

      Delete
  4. ආදරය හා විවාහය ගැන අර කුඹුරක ඉරිඟු කරල් තෝරන්න ගිය උපමාව මතක් උනා.. මේක කියවනකොට මහා අමුතු හැඟීමක් එනවා.. යකෝ මගේ ලොකු ඉකිටත් දැන් 10ක් නේද වගේ කියල.. මගේ හුස්ම හිර වෙන්න කලින් ඉක්කනට ලියහන්..
    පුංචි ටොනේඩෝවක්.. හ්ම්ම්..

    ReplyDelete
    Replies
    1. තමන් කොල්ලෙක් විදිහට හිටපු නිසා තමන්ගෙ දුව ගැන කොල්ලො හිතන විදිහ ගැන එන අමුතු හැඟීම.
      (ඇයි...උඹට සීපීආර් දාලද?)

      Delete
  5. හොලන්ද බේරේ පොල් කොල... ගලායයි ගාළු මුවදොර අතරින්... නයි කයි රෝස් පාන්.. කකුළුවෙක් ට්‍රයි කරයි ඇදේට යන්න..

    කොහෙද බං මේවා මෙතුවක් කල් තිබ්බේ... උන්ඩුක පුඡ්ඡෙයි... ??

    ReplyDelete
    Replies
    1. 2015 ලබනකොට දාපු එකේදි උඹ ඇහුවා මතකද, “උඹ මේක බීලාද ලිව්වෙ?“ කියලා.
      මේක මලක් ගහලා ලිව්වා කියලා හිතපං මචෝ.
      (අපි අලුත් ගෙදරකට ගියානෙ. පට්ට නිස්කලංකයි. රෑට හැමෝම නිදාගත්තම මේ මතකයන් අවදිවෙනවා බං. ෆැන්ටසියක් වගේ ලියවෙනවා)

      Delete
    2. මේ මොකද මේ විසිටරයාගේ බ්ලොග් එකේ මධාවියා රිප්ලයි දන්නේ.. හැක හැක හැක..

      Delete
    3. අනේ මේ කොල්ලො ටික රෙද්ද පාත දාන්න දෙන්නෙම නෑ..................

      Delete
  6. ෂා .හරි දක්ෂයිනේ.චිත්‍ර රෑප මැවෙන ක්‍රමෙට ලියලා තියනවා.කවුද දන්නැ මෙ බිලොග් එක ලියන්නේ.නිකමි පැන්ටියක වගේ V අකුරක් නමි තියනවා.ගැටිස්සියෙක්වත්ද ?

    ReplyDelete
    Replies
    1. “චිත්ත රූප“ නේද?
      මෙන්ඩා තව හොඳා. උඹට වී අකුර පේන්නෙත් පෑන්ටියක් වගේද?
      An Indian said on FB "When we buy Indian Map, we get Sri Lanka free. Respect ur father Sri Lankans"
      A Sri Lankan replied "Its because India seems like a pantie without Sri Lanka"

      Delete
    2. යා යා ඒක තමයි.චිත්ත රෑප.පොඩි මිසින් එකක්.
      ඇත්තටම කවුද බං මෙ බුවා.සෑහෙන ඇගයීමක් කොරන්ඩ වටින එකෙක්.අන්න සැබැ දක්ෂයෝ.
      ඒකනෙවෙයි .උඹ මොකද මෙ අනුන්ගේ බිලොග්වලට රිප්ලයි දාන්නේ පලයන් උඹෙ එකට.

      Delete
    3. යකෝ මගෙ මිනිහගෙ එකේ මම රිප්ලයි දාන්නැතිව උඹද දාන්නෙ? (රෙද්ද උස්සමින්) මගෙන් කන්න එපා හරිද?
      - මීට මාධවී

      Delete
    4. මාධවි නංගි රෙද්ද පල්ලේහට දාගන්න...මේක පෑන්ටි කෙස් එකක් මම බලා ගන්නම්.

      Delete
    5. මෙන්ඩයියා.......! යන්නෙපා මෙන්ඩයියා යන්නෙපා! නුඹගේ මේ ඇපියරන්ස් එක මා හද කුල්මත් කරයි මෙන්ඩයියා!

      Delete
    6. හා.හා..නාඩා ඉන්න....! නාඩා...ඉන්න...!...ඔය අත ගන්න ගන්න...ඔයා හදන්නෙ මම මෙච්චර කල් රැකගෙන ආපු පතිවෘත්තාව රටේ ලෝකයා ඉස්සරහා කඩලා බිදලා දාන්නද?

      Delete
    7. යකෝ ඕක වීදුරුද? කැඩිලා බිඳිලා යන්න. වීදුරු එව්වත් තියෙනවනෙ හැබෑට.

      Delete
  7. මේක නියමෙට යනවා... කුතුහලේ උස්සනවා නම් ඊලඟ පෝස්ට් එකත් ඉක්මනට ඕනෙ රජෝ... (හුටා.. නොඉවසිලිමත් වෙලා නේද?)
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. වන්ස් අ වීක් තමා මචෝ. මේවා මේ කවි වගේ ඇදලා අරින්න බෑ. අවස්ථා ගලපන්න ඕනි සමාන්තර විශ්වයන් දෙකක.

      Delete
  8. යස අගේට කියවගෙන ඇවිත්, අන්තිම පේළි දෙකෙන් උස්සල අනිත් පැත්ත හැරෙව්වනෙ උඹ...

    හැබෑට උඹ නිදියගෙන හිටියද?

    ReplyDelete
    Replies
    1. මුල සහ අග තුලනය කර මැද නන්නානේ කිරීම හෙවත් රිකන්සිලේෂන් න්‍යාය.

      Delete
    2. රවියත් ඔහොම එව්ව කියනව. මේ ළඟදි කියල තිබුණා... he was straight tushnimbooted කියලා. ඒ කියන්නෙ “ඔහු කෙළින්ම තූෂ්නිම්භූත විය“ කියන එකලු.

      Delete
    3. රවියයියගෙ එක පැත්තෙ යන්නත් බැරිවුණා බං කාලෙකිං. යංටෝනෑ.

      Delete
  9. මම තාම උඹේ කතාවේ මැද හරිය පහු කරන ගමන්...
    ---------------

    බැංකු ගනුදෙනු ගැන ලියවෙන බ්ලොගක මේ වගේ ගනුදෙනුවක් ගැන අහුවාමද කොහෙද....

    ReplyDelete
    Replies
    1. මේ ගණුදෙනුව ලේසියෙන් ඉවර වෙන එකක් නෙමේ බං.

      Delete
  10. මේකේ අාවස්ථික පිරිවැය ගැනවත් ලියයිද අන්තිමට???

    ReplyDelete
    Replies
    1. මේකේ කියවෙන්නෙ හීනවන ආන්තික උපයෝගීතාවය ගැන.

      Delete
  11. මේක නියමයි මචං...
    පස්සේ කතා කරමු මේ ගැන...

    ReplyDelete
    Replies
    1. කවි කේස් එක නිසා අනිකෙ දැම්මෙ නෑ බං. පස්සෙ වෙනස් කලා.

      Delete
  12. Replies
    1. ලියන්නනං ඇතිතරම් නිදහස ඕනෑ මගේ මිත්‍රයා.

      Delete
  13. ලියන ශෛල්‍ය විශිෂ්ඨයි

    ReplyDelete
    Replies
    1. ඒත් මේ පැත්තට නොගැලපෙන හින්දා අනෙක් පැත්තට දැම්මා
      madhumadhavi135.blogspot.com

      Delete