Thursday, December 10, 2015

අයවැය හා බැංකු




පහුගිය 09 වෙනිදා, ඒ කියන්නේ බදාදා ලංකාවේ ප්‍රධාන නගර ගණනාවක දවල් 12.30 - 01.30 අතර තරමක රථවාහන තදබදයක් තිබ්බා මතකද? ඕක ඉතිං අහංටත් දෙයක්යැ. හැබැයි මේ කියන දවසේ පොඩි වෙනසක් නිසා තමා ඔය තද බදේ. බැංකු සේවකයින් පාරට බස්සලා ලොකු උද්ඝෝෂණයක් කොලානොවැ පහුගිය 09 වෙනිදා. ආං ඒකයි ඔය තදබදේට මුල.

මෙයාලා එළියට බැස්සෙ, මේ රට පාලනය කරන අළුත් ආණ්ඩුවේ මංගල අයවැයට විරුද්ධව. ඒ අයවැයේ කියවෙන ප්‍රධාන යෝජනා ගණනාවක් ආපහු අකුලාගන්න කියලා තමා එදා මේ කස්ටිය කෑ ගැහුවෙ. දෙපැත්තෙන් එක පැත්තක්වත් නොගෙන, අපි බලමුද මේ අයවැය බැංකු පද්ධතියට කොහොමද බලපාන්නෙ කියලා.

රන් භාණ්ඩ උකස් ණය
අළුත් අයවැය යෝජනාවක් තියෙනවා, මේ රටේ බැංකු තමන්ගෙ ණය කළඹෙන් (ඒ කියන්නෙ ණය එකතුවෙන්) 5% ක සීමාවක රන් භාණ්ඩ උකස් ණය තබා ගත යුතුයි කියලා. මේ රටේ ප්‍රධාන රාජ්‍ය බැංකු දෙකේ තමා දැනට වැඩිම රන් භාණ්ඩ උකස් ණය තියෙන්නෙ. එයිනුත් මහජන බැංකුව ප්‍රධානයි. එයාලගේ ණය කළඹෙන් 14% ක් වගේ තියෙන්නෙ මේ කියන රන් භාණ්ඩ ණය. ඒ තරම්ම නොවුනත් ලංකා බැංකුවත් 6-7% ක රන් ණය ප්‍රමාණයක් පවත්වාගෙන යනවා. දැන් තේරෙනවා ඇති විශේෂයෙන් මහජන බැංකුවට මේ නිසා ඇතිවන බලපෑම.

විශේෂයෙන් මේ ජාතියේ ණය ලබාගන්නෙ ගම්බද ජනතාව සහ පහල/මධ්‍යම පාංතික ජනතාව. බැංකු විසින් 12%-15% ක පමණ පොලියක් අවුරුද්දකට අයකරගෙන මේ ණය ලබා දෙන්නෙ. ඔය අතරෙ අර ගම, මේ සේකර ආදී වසයෙන් තව කට්ටියක් ණය දෙනවා 30%-60% හෝ ඊටත් වඩා වාර්ෂික පොලී අනුපාතයකට. දැන් මේ අළුත් යෝජනාව නිසා උන්නැහැලාගෙනං කල්ල මරේ.

ඇමෙරිකානු මූල්‍ය වෙළඳපොලේ ප්‍රසාරණය එක්ක රන් මිලත් මේ අවුරුද්ද අගදි තව බහීවි. ඉතිං අවදානං ගැන අනික් සේරටම වඩා හිතංට පටං අරං ඉන්න බැංකු වලට මේක හොඳ දෙයක් වෙන්ටත් බැරි නෑ...හැක් හැක්.

රන් ආනයන බදු ඉවතට
මේක නිසා දේසීය වෙළඳපොලේ රත්තරං මිල තව තවත් පහල යනවාය. එතකොට බැංකුවල තියෙන සංචිත වල මිලත් බහිනවාය. ඒකට බැංකු කැමති නැතිය. බැංකුවලින් රත්තරං තියාගෙන දෙන ණය ගාණත් අඩුවෙනවාය. ඒකට ණය ගන්නෝ කැමති නැතිය. බැලුවාම හැමෝම අතෘප්තිමත්ය.

කල්බදු තහනම්
බය වුණාද? ඇත්ත. එහෙම තහනමක් ලබන අවුරුද්දෙ ජූනි ඉඳලා වැටෙනවා බැංකු වලට. දැනටමත් බැංකුවල ණය කළඹේ 5% ක විතර ඔය ජාතිය තියෙනවාය. ඉතිං මල පනිනවාය. මහජන බැංකුව අනුබද්ධ ලීසිං සමාගමක් පීපල්ස් ලීසිං නමින් තියෙනවා. ඒ හංදා එයාලට ඒක ප්‍රශ්නයක් නෑය. අනික් බැංකු වලටත් එහෙම සමාගම් පිහිටුවන්න වෙයි වගේය.

ලීසිං ගන්න ගිහාම ප්‍රයිවට් ලීසිං/ෆිනෑන්ස් සමාගම් ඉක්මනින් ලිහිල් කොන්දේසි උඩ ලීසිං දෙනවාය. හැබැයි පොලියත්, අයකරන විවිධ ගාස්තු බලුවමත්, කලින් එක පාර ගෙවලා ඉවර කරන්න ගිහාමත් බැංකු ඊට වඩා හොඳයි කියලා වෙලාවකට හිතෙනවාය.

කෘෂිකර්ම කටයුතු, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපෘති, කාන්තා හා තරුණ ව්‍යවසායකයන්ට වැඩි වැඩියෙන් ණය
අළුත් යෝජනාවල් අනුව බැංකු තම ණය කළඹෙන් 10% ක් කෘෂිකාර්මික කටයුතු සඳහා ලබාදෙන්ට ඕනෑය. ඒක දැනටමත් තියෙන නීතියක්ය. ඒක කෙරෙනවාදැයි මං දන්නේ නැතිය. මේ රටේ පාලකයොත් බැංකුත් ඔය කවුරුත් අමතක කොලාට කෘෂිකර්මය කියන්නේ අපිට සේරම නැතිවෙච්ච දාට අන්තිමට තියෙන පිළිසරණය.

අනෙක් අතට 5% ක් සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන්ට ලබාදෙංට ඕනෑය. මටනං කියංට තියෙන්නේ ඕක හොඳටම මදිය. මොකද, මේ රටේ ආර්ථිකේ ඇදගෙන යන්නේ ඔය කියනා කස්ටිය නිසාය. සුළු හා මධ්‍යම කීවාට රුපියල් මිලියනයක ඉඳලා මිලියන 200 වගේ දක්වා ණය ඔය කාණ්ඩයට දෙංට ඇහැකිය. ඒ නිසා මං නං කියන්නේ, 25% ක් විතර දුන්නත් කමක් නැත. කාන්තා හා තරුණ අයට ණය සැපයීම වැඩි කරනවානං ඒකත් බොහෝම හොඳය. කාන්තාවන් ණය ගෙවීමේදී වඩා විශ්වාසනීය බව සාමාන්‍යයෙන් පිළිගන්නා දෙයක්ය. මහත්තයා නොගෙවන ණයක් වුණත් නෝනාට දැනුම්දුන්නාම පහුවදාම මහත්තයා සල්ලි දානවාය.

ක්ෂුද්‍ර, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපර සඳහා ණය ඇප ආවරණ ක්‍රමයක් සහ අරමුදල් ක්‍රමයක්
මං කලිනුත් කිව්වා වගේ අපි සලකන්ටම ඕනි නඩයක් අමතකම කරලා ඉන්නෙ. මේ කියපු කට්ටියට ලබාදෙන බැංකු ණය වෙනුවෙන් 75% ක ණය ඇප ආවරණයක් බැංකු වලට දෙංට මේ අයවැයෙන් තීරණය කොරලාය. මේ ක්‍රමය නිසා බැංකු වලට ඒ ගොල්ලො දවස දෙවේලේ කියෝන අවදානම අඩු වෙනවාය. ණය ඇප ආවරණය කියන්නේ ණයක් දීම නිසා ඇතිවන අවදානම අඩු කරන්න මහ බැංකුව හරි වෙනත් පිළිගත් මූල්‍ය ආයතනයක්/අරමුදලක් වගකීමෙන් බැඳී සිටීමය.

හැබැයි මේ දෙවනියට කියන අර මුදලනං තවත් ණය දෙන ආයතනයක් වෙනවාමය. එතකොට බැංකුවලට පොඩි වැදිල්ලක් වදිනවාය.

අපනයන හා ආනයන බැංකුව (EXIM Bank-Export & Import Bank)
ආණ්ඩුවයි, ආනයන අපනයන ක්ෂෙත්‍රයයි එකතුවෙලා රුපියල් බිලියන 25 ක අරමුදල් යොදවලා 2016 අප්‍රියෙල් ඉඳලා පටං ගංට හදනා බැංකුවක්ය. මේ බැංකුව නිසා මේ රටේ වාණිජ බැංකු වලට අම්බානකට වදිනවාය. අපේ රටේ ගොඩක් බැංකු නියම ලාභයක් ලබන්නේ නැතිය. හේතුව අපේ රටේ දේශීය ණය ප්‍රමාණය තැන්පතු ප්‍රමාණයට වඩා අඩු නිසාය. ගොඩක් වාණිජ බැංකු මේ අවුලෙං ගොඩයන්නේ ජාත්‍යන්තර වෙළඳාමට පිං සිද්ද වෙංටය. ඒ කියන්නේ, ආනයන හා අපනයන කටයුතු වලට ණය දීලාය. කොටිංම කොටිංට අගේන්ස්ට් මේ රටේ ගිය යුද්දෙදි හමුදාවලට ආයුධ අනං මනං ගෙන්නංට ණය දුන්නේ වෙන කවුරුවත් නොව මේ රටේ රාජ්‍ය වාණිජ බැංකුවක්ය. ඛණිජ තෙල් ඇතුළු රජයේ ප්‍රධාන ආනයන සේරටම වාගේ ණය දෙන්නේ වාණිජ බැංකුය. මේ අළුත් බැංකුව නිසා ඒවාට වදිනවාය.

බැංකුවලින් මුදල් ආපසු ගැනීමේදී බද්දක්
මට අහංට ලැබුණු පැමිණිලි වල හැටියට මේක සමහරු පටලෝගෙන තිබුණාය. අපේ මිනිස්සුංට තාම ඔය මිලියන්, බිලියන් අරහංය. මේ අයියලා හිතලා තියෙන්නෙ ලස්සයක් ගත්තත් බදු කියලාය. එහෙම නෑය. රුපියල් ලස්ස දහය ඉඳලා කෝටියට අඩු මුදලක් ගත්තොත් 2% යි. ඊට වැඩිනං 3% යි. මේක මහා පරිමාණ මුදල් ගණුදෙනු කොරන අයට වදින බද්දක්ය. මුදලින් ආපහු නොගත්තට ගංට ක්‍රමද නැත්තෙ අප්පාය.

ආදායම් බදු
බදු නිදහස් සීමාව රුපියල් ලස්ස 24 දක්වා උස්සලා තියෙනවාය. ඒක නැගී එන ව්‍යාපාරිකයින්ටනං හොඳ දෙයක්ය. අනෙක් අතට මාස් පඩි කාරයිංගෙ පේයී ටැක්ස් හෙවත් උපයනවිට ගෙවීමේ බද්දත් මේ සීමාවේය. ඒක එක එක විදිහට නැතිව පොදුවේ 15% ක්ය. සේරම ආදායං ගණං ගන්නවාය. එක්සෙම්සොං නැතිය. හුටාය.

වැට් බද්ද 12.5% දක්වා ඉහලට
ඔය හත්තිලව්ව පටං ගත්තෙත් ඔය ගානටමය. ඒ කාලේ ඕකට කිව්වේ බාන්ඩ හා සේවා බද්ද හෙවත් ජී අැස් ටී කියලාය. පස්සේ බාණ්ඩ අතෑරලා සේවා වලට විතරක් 12% ක් ගහංට තබා ගත්තාය. අළුත් කස්ටිය ආපු ගමං ඕක 11% ට බැස්සුවාය. දැං ආයි තිබුණාටත් වඩා නග්ගලාය. විලි ලැජ්ජා හැත්තෑවය.

ඕක ගෙවන්නේ ඉතිං පාරිභෝගිකයා නිසා වෙළෙන්දාටවත් බැංකුවලටවත් ඇති රුදාව මක්කැයි කියා කෙනෙක් අහංට ඇහැකිය. එහෙම කියංට එපාය. කොයි බඩ්ඩට වුනත් බද්ද වැදිලා මිල වැඩි උනාම ඒක ගංට මිනිස්සු අදි මදි කොරනවාය.

ජාතිය ගොඩනැගීමේ බද්ද 4% දක්වා ඉහලට
ගොඩනගපු ජාතියක්නං මංදා, ඕක තිබුණේ 2% ක් විදිහටය. ඕකත් අර වැට් එකත් එක්කම අතේ එල්ලිලා යන කිරි දරුවෙක්ය. දැං ඉතිං ඒකත් කිරි මරුවෙක් වෙලාය. ප්‍රතිපලේ අර කලිං කියාපු එකමය.

පොලිය මත රඳවා ගැනීමේ බද්ද ඉවතට
මේං මේක නිසා තැන්පතු දාංට මිනිස්සු වැඩියෙං පෙළඹෙනවාය. රට ගිය/අට ඉන්න ඇත්තංගෙ තැන්පතු පොලියට ගහන 20% බද්දත් 15% දක්වා බස්සලාය. මේ දෙකම හොඳ වැඩය.

බැංකු හා මූල්‍ය ආයතන ඒකාබද්ධ කිරීම
මෙතනින් බැංකුවලට වදින්නේ දිවිනැගුම, සමෘද්ධි වගේ අරමුදල් සම්බන්ධවය. ඒ කියන්නේ එයාලාගේ දැන් තියෙන තැන්පතු, ජංගම ගිණුම්, භාණ්ඩාගාර බිල්පත් වගේ එව්වා බැංකුවලට නැති වෙනවාය. ඒ වෙනුවට ඒවා ඒ අරමුදල් සම්බන්ධවන එක බැංකුවකට විතරක් ගලා ගලා යනවාය. ඔන්න ඉතිං තද වෙනවාය.

දුර පළාත් බැංකු ශාඛා ගණන 15% කින් වැඩිකිරීම
මේකනං ඇත්තටම හොඳ දෙයක්ය. මේ නිසා බැංකු ගමට යනවාය. 6 දෙනෙක්ගේවත් කාර්ය මණ්ඩලයක් ඒ ඒ පළාත් වලෙින් යොදවන්ටත් කියා තියෙනවාය. ඒ නිසා රැකියා අවස්ථා සැලකියයුතු තරම් වැඩිවෙනවාය. ඒ වුණාට අයියලා කරන්නේ 6 ක් ඕනි තැනට 3 ක් දාන එක නිසා ඔව්වා ඔය විදිහටම වේවිද මංදාය.

ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථිර තැන්පතු
ජ්‍යෙෂ්ඨ පුරවැසියංට ආණ්ඩුවත් බැංකුත් කොහොමත් බොහොම ආදරේය. උන්නැහේලා නිතර සල්ලි ආපහු නොගන්නා නිසාත් සමහර විට කවදාවත් ආයි නොගන්නා නිසාත් වෙංට ඇහැකිය. කොහොමවුණත් පහුගිය කාලේ ඔය 15% ක පොලියක් ගෙවන කතාව ආවාම රටේම ඉන්න ජ්‍යෙෂ්ඨ පුරවැසියෝ කෙරේ පතල මහා කරුණාවෙන් කණිෂ්ඨ පුරවැසියෝ උන්නැහේලාව දක්කාගෙන බැංකුවලට ආපු ඒම දැකලා බයවෙච්ච ආණ්ඩුව එක්කෙනෙකුගේ තැන්පතු සීමාව රුපියල් ලක්ෂ දහය කොරලා දැම්මෝය. ඕං දැං ඒක ලක්ෂ 15 කොරලාය. ඒ මදිවාට ජ්‍යෙෂ්ඨ පුරවැසියා කියන්නේ අවුරුදු 60 කිංය කියනා නීතිය අවුරුදු 5 කිං ඩිස්කවුන්ට් කොරලාය. ඉතිං අපිත් ඉක්මනටම ජ්‍යෙෂ්ඨ වෙනවාය.

අක්‍රිය ගිණුම් වල තැන්පතු ඒකාබද්ධ අරමුදලකට
කවුරුත් වැඩිය නොදන්නවට ඕක දැනටත් තියෙන නීතියක්ය. හැබැයි ක්‍රියාත්මක නෑ වෙන්න පුළුවන්ය. ඇත්තටම බැංකු ගිණුමක් අවුරුද්දක් ගණුදෙනු නොකර හිටියොත් ඒක අක්‍රිය වෙනවාය. ඒක අවුරුදු 2 යනකොට සදා සොත්ති වෙනවාය. හරිනං මේ සදා සොත්ති තැන්පතු මහා භාණ්ඩාගාරයට යවන්න නීති තිබුණේය. ඉස්සර එහෙම කලාය. හිමිකම් නොපෑ ශේෂ ගියලා තියාගෙන ඉඳලා ආණ්ඩුවට දුන්නාය. එහෙම කලාම බැංකුවල තැන්පතු ප්‍රමාණය අඩුවෙන නිසා පස්සෙ පස්සෙ ඕක නොකලා කියලා කාටවත් කචල් ඇදුනේ නං නෑය.

පුද්ගලික මූල්‍ය සමාගම් වල තැන්පතු සඳහා 100% ක මහ බැංකු ආවරණය
මේකට ගණුදෙනුකාර භවතුන් හැමෝම කැමතියි. ඒ වගේම පුද්ගලික මූල්‍ය සමාගම් බැංකු වලට වඩා පැහැදිලි ඉහල පොලියකුත් ගෙවනවාය. ඉතිං මෙච්චරකල් තිබුණු පුරස්නේ ඔය කොම්පැනි කාරයෝ බංකොලොත් උනොත් හරි රට පැන්නොත් හරි අපිට බූමිතෙල් හොයාගෙන රට වටේ දුවංට උනු එකය. දැං ඒකත් හරිය. හැබැයි මේ විදිහට සමාගම් ගණනාවක් එකපාර දියාරු වුණොත් වැඩේ හබක් වෙනවාය.
තව පුරස්නයක් තියෙනවාය. මහ බැංකුව මේ රටේ බැංකු ගැන විතර මූල්‍ය සමාගම් ගැන ඇඟිලි ගහලා බලන්නේ නැතිය. ඒ හින්දා එයාලා මක්කා කොරනවාදැයි දැනගංට ලැබෙන්නේ ලමයා හම්බු උනාටත් පස්සේය. ඒකත් පොඩ්ඩක් අවුල් වගේය.

රැකියා කරන්නන් සැමට බැංකු ගිණුමක් /පාසල් සිසුන්ට අවුරුද්දකට රු.250 බැගින් දමා ගිණුමක්
මේකට බැංකු බෝම කැමතිය. තැන්පතු වැඩි වෙනවාය. මිනිස්සුත් රුපියලක් හරි ඉතිරි කොරනවාය.
ළමයිංගෙ කේස් එකේදි කියන්ට තියෙන්නේ වැඩේ පටං ගන්න ඉස්කෝලෙට යනවා වගේ දිගටම ඒ පැත්තේ යනවානං නරක නැත කියාය.

චෙක්පත් අගරු වීම අපරාධ නීතිය යටතට
චෙක්පත් සම්බන්ධ නඩු කාලෙන් කාලෙට දිස්ත්‍රික් උසාවි වල වගේම පොලිස් උසාවි වලත් අහනවාය. පොලිස් උසාවියේදිනං චෙක් එක ලියපු එකාට බලු කූඩුවේ ලැගීමේ වරප්‍රසාදයත් හිමිවෙන තැං තියෙනවාය. ඒ කෙසේ වෙතත් මේක නිසා කොල්ලයි බල්ලයි සේරම කරන්ට් එකවුන්ට් ඇරිල්ලයි පලා ලියනවා වගේ චෙක් ලිවිල්ලයිනං අඩුවෙනවා ඇතිය.


*********************************************************************************


මේ කියාපුවා ඇර තව එකක් දෙකක් තිබ්බත් ඒවා ඒ තරම් බරපතල නැතිය. මෙහෙම බැලුවාම අයවැය ගෙනල්ලා තියෙන්නේ හොඳ නරක දෙකම එක්කය. ඒ වුණාට අපෙං අරං අපිටම දෙන අයවැයේ මේ පාර අපෙං ගන්න ඒවා රිදෙංටම ගන්නා බවත් පේනවාය. අන්න ඒ තාලෙටම බැංකු වලටත් ඇවරේජ් රිදිලාය.

මේන්න මේකත් කියංට ඕනෑය. මේ රටේ බැංකු පටං ගන්න කාලේ තිබණේ එකයි දෙකයිය. ඒ නිසා එයාලාට හැම රෙද්දම කොරංට වුණාය. ඒ කියන්නේ බැංකු කටයුතු වගේම බැංකු කටයුතු නොවන වෙනත් ඒවාය. එයාලා තාම ඒවා කොරනවාය. ඕවා එකපාර ගැලෙව්වාම පෝසෙප් ඇබෝසන් කෙරුවා වගේය. කොරංට ඕනිම දේවල් මේ අතරේ තියෙංට ඇහැකිය. ඒ උනාට එකපාරම කොලාම ආණ්ඩු ගෙදරම යනවාය. එයාලා පව්ය. මේ රටේ මිනිස්සු වෙනසට ඇලජික්ය. වෙනස කබරයා පොලවේ ගැහුවා වගේ කොරන්නේ නැට්ටටම ඇණුනාමය. එතකං දෙන දෙයක් කාගෙන වෙන දෙයක් බලාගෙන ඉන්නවාය. ඒ හින්දා වෙනසක් උවමණා වුණත් ඒක කොරංට ඕනෑ සතෙං සතේ රුපියලෙන් රුපියල මිසක් මිලියන්, බිලියන් වලින් නොවේය.

නම වෙනිදා කළබලයෙන් පේන්නේත් ඒකමය. හොඳ හොඳ සෙල්ලං එලිවෙන ජාමෙටය. ඒ වගත් එසේය.

(ඉට්ටැයිලිය මාතලං බොසා අනුව යමිනි)


40 comments:

  1. යකෝ මෙන්න මූ අය වැය ඉදිරිපත් කරනවා වගේ හිටපු ගමන් පෝස්ට් එකක් දාලා.

    ReplyDelete
    Replies
    1. කියහංකො බං මොකක් හරි, මේක උඩිං පල්ලෙං බැලුවා කියලාවත් පේන්න...හැක්

      Delete
    2. පලවෙනි කොමන්ටුව දැම්මට පස්සේ ඇත්තටම අද තමයි ආයෙත් ආවේ බං.අය වැයේ තිබුන සමහර කරුණු ගැන නිවරදි විග්‍රහයක් ඇතිව දැනගත්තේ උඹේ මේ පෝස්ට් එකෙන්.

      ...//බැංකුවලින් මුදල් ආපසු ගැනීමේදී බද්දක්//...

      රුපියල් පන්සීයක් තියනවා පොතේ.මම මේ කල්පනා කරේ ගන්නවද නැද්ද කියලා

      Delete
    3. ඊයේ නිවුස් බලද්දි හිතුනද මේකත් කියෙව්වනං හොඳා කියලා?
      බයවෙන්ටෙපා, මිලියනයට වැඩිනං විතරයි බද්ද.

      Delete
  2. රන් භාණ්ඩ උකස් ණය -
    ඉතා හොඳ තීරණයකි. බැංකු තිබිය යුත්තේ එක එකාට මඟුල් කන්නයි, එදිනෙදා වියදම් වලටයි ණය දෙන්නට නෙමේය. රටේ ආර්ථික වර්ධන වේගයට උදව් කිරීමටය. දැන් මේ මුදල් ඒ සඳහා යෙදවිය හැක. මින් පසු ණය ගන්නට වන්නේ ගිනී පොළී කෑඋවන්ගෙබ් නිසා, ජනතාවද ගොන් බූරූ වියදම් කිරීම ගැන දෙසරයක් සිතනවා ඇත.

    රන් ආනයන බදු ඉවතට -
    ඉතා හොඳ තීරණයකි, මොළේ තියෙනා උන් ඉන්නවා නම් රත්තරන් මිළදී ගැනීම සඳහාම ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින් මෙරටට ගෙන්වා ගත හැක. ගෝඨා සෑදු ගෝල්ඩ් ආකේඩ් එකෙන් වැඩක් ගත හැක්කේ එවිටය. මේ සමඟ මැණික් කර්මාන්තයද වර්ධනය කර ගත හැක.

    කල්බදු තහනම් -
    මෙය වාහන සඳහා පමණක් සීමා කලේ නම් ඉතා හොඳය. එහෙත් යන්ත්‍රෝපකරන ව්ලටද අදාල වන්නේ නම් ගොන් තීරණයකි.

    කෘෂිකර්ම කටයුතු, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපෘති, කාන්තා හා තරුණ ව්‍යවසායකයන්ට වැඩි වැඩියෙන් ණය -
    ඉතා හොඳ තීරණයකි. විය යුත්තේ මේ ණය සහන පොළී යටතේ තව තවත් වැඩි කිරීමය. එමෙන්ම ණය සඳහා රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දීමෙන් ණය දෙන ආයතනයද ආරක්ෂ කර ගත හැක. රක්ෂණ ක්ෂේස්ත්‍රය ගැන රජයේ දැණුමක් ඇති පිරිසක් ඇත්තේම නැති තරම්ය.

    ක්ෂුද්‍ර, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපර සඳහා ණය ඇප ආවරණ ක්‍රමයක් සහ අරමුදල් ක්‍රමයක් -
    කලින් මා(තලන්) සඳහන් කළ රක්ෂණ ක්‍රමය මේ සඳහා හඳුවා දිය හැකිය.

    අපනයන හා ආනයන බැංකුව (EXඓM ඹන්ක්-Exපොර්ට් & ඓම්පොර්ට් ඹන්ක්) -
    ඕමප්න් ඉකොනොමි යනු තරඟකාරීත්වයමය. එනයින් බැලූ කළ යහපත් ආර්ථික තීරණයකි. බැංකුවල ඒකාධිකාරිත්වය නැති කල යුතුමය. එය නැති වෙමින් පවති.

    බැංකුවලින් මුදල් ආපසු ගැනීමේදී බද්දක් -
    ගොන් තකතීරූ තීරණයකි. මුදල් සංසරනය විය යුතුය. බැංකුවලම තිබ්බාට ආර්ථිකයට ඇති වාසියක් නැතිය.

    ආදායම් බදු -
    හොඳ තීරණයකි. විස්තර අවශ්‍ය නැත.

    වැට් බද්ද 12.5% දක්වා ඉහලට -
    ගොන් තකතීරූ තිරණයකි. දේශපාලන වශයෙන් ගත්තද, ආර්ථික වශයෙන් ගත්තද, එය එසේමය.

    ජාතිය ගොඩනැගීමේ බද්ද 4% දක්වා ඉහලට -
    මෙය ජාතිය ගොඩ නැගීමේ බද්ද නොව දේශපාලන කම්බා හොර රැල නඩත්තු කිරීමේ අරමුදල ලෙස නම් කරන්නේ නම් යහපති.

    පොලිය මත රඳවා ගැනීමේ බද්ද ඉවතට -
    හොඳ තීරණයකි, ඉවත් කල හැජි නම් ඊටත් වඩා අගනේය.

    බැංකු හා මූල්‍ය ආයතන ඒකාබද්ධ කිරීම -
    හොඳ ක්‍රියාවකි. තරඟකාරීත්වය කොයි දේටත් හොඳය.

    දුර පළාත් බැංකු ශාඛා ගණන 15% කින් වැඩිකිරීම -
    බැංකු ක්‍රමය ජනතාව් අතරට ගෙන ගියේ සෙලාන් බැංකුවයි. (ඉතිරිකිරීම් හැරුණ විට.) එහි ගෞරවය ලලිත් කොතලාවලට හිමි විය යුතුය. ඊට පෙර බැංකු කියා මිනිසුන් සිතුවේ මුදල් ඉතිරි කරන්න පුළුවන් තැනක් කියා පමණය. ඉතා හොඳ තීරණයකි.

    ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථිර තැන්පතු -
    ඉතා හොඳ තීරණයකි. රටක ජේෂ්ඨ පුරවැසියන්ට සියල්ලන්ටම වඩා සැලකිය යුතුය. දියුණු රටවල් එසේය.

    අක්‍රිය ගිණුම් වල තැන්පතු ඒකාබද්ධ අරමුදලකට -
    හොඳ තීරණයකි, එමෙන්ම ඒම මුදල්ද නැවත සංසරනයට යෙදවිය යුතුය. යටි මඩු ගසා නොගත් යුතුය. දැනට මහා බාරකාර අරමුදලේ සිඳු වන්නේ ගසා කෑමක් පමණි.

    පුද්ගලික මූල්‍ය සමාගම් වල තැන්පතු සඳහා 100% ක මහ බැංකු ආවරණය -
    ගොන් තකතීරූ තීරණයකි. ඉල්ලාගෙන කෑමකි. රවී කරුණානායකගේ ඥාතින් සතුව මූල්‍ය සමාගම් ඇත්දැයි නොදනිමි. කළ යුත්තේ රක්ෂණ ක්‍රමයක් හඳුවා දීමය. නැතිව පොලී මුදලාලිගේ පවු ආන්ඩුව කර ගැසීම නොවේ. ධම්මික පෙරේරා පුකෙන් හිනා වෙනවා ඇතිය.

    රැකියා කරන්නන් සැමට බැංකු ගිණුමක් /පාසල් සිසුන්ට අවුරුද්දකට රු.250 බැගින් දමා ගිණුමක් -
    හොඳ තීරණැයකි. ඉතිරි කීරීම් සඳහා පෙලඹවීමකි. 250 හෝ නොමිලේ දීම නම් අනුමත කරන්නේ නැත. බැංකු මගින් පවත්වාගෙන යනු ලබන ව්‍යාපාරකයින් වෙතටම ගොස් ඉතිරිකිරීමේ මුදල් ලබා ගැනීම නිවෙස් වෙතද ව්‍යාඔත කිරීමෙන් මෙය වර්ධ්නය කර ගත හැක. ගණුදෙණුකරු බැංකුවට එනවා වෙනුවට බැංකුබ ගණුදෙණු කරු වෙත යෑම බිස්නස් වලටත් හොඳය. බෑන්ක් ඔෆ් සිලෝන් එකේ උනුත් ටී සෝට් ගහලා පාරේ ඉන්නවා දැකීම සොහින් හිනාවක් ඇති වන කාරණයක්ය. ඉස්සට ඔය බැංකුවේ නෝනා මහතුන් උන්නේ ගමේ මැම්බර් මහත්තයා වාගේය.

    චෙක්පත් අගරු වීම අපරාධ නීතිය යටතට -
    සෑම ව්‍යාපාරික ඉස්තානයකම ණයට දීමෙන් මුදලත් මිතුරාත් දෙකම නැතිවේ යන බෝඩ් ලෑල්ලට යටින් ඩෙටඩ් චැක් දීමෙන් මුදල මිතුරාත් දෙකම නැතිවේ යන බෝඩ් එකද එල්ලා තැබිය යුතුය.

    කෙසේ හෝ සමස්තයක් වසයෙන් ගත් කලෑ. මේ බජට්ටුව දුටු විට සිහි වන්නේ රත්තරන් බිජු ලූ තාරාවාගේ කතාවය. ඉල්ලාගෙන කන්න මෙයම ඇතිය. මෙතක් පහලවූ එකම රජයක්වත් ගල් බෝතලෙට දෙසරයක් ගැහුවේ නැතිය. හෙන ගහන්න එයම ඇතිය. ආන්ඩුව ජනතාව අතරේ එකසිය විසි ගානට අප්‍රසාදයට පත් වී හමාරය.








    ReplyDelete
    Replies
    1. මාතා එල ද බ්‍රා
      පොස්ට් එකට කමෙන්ට් එකෙන් වටිනාකමක් එකතු කරලා

      Delete
    2. //බැංකු ක්‍රමය ජනතාව් අතරට ගෙන ගියේ සෙලාන් බැංකුවයි.//
      අපට අදාල නැත. අ‍නික් සෑම බැංකුවකම ශාකාවක් මෙහි තිබුණත් සෙලාන් එකක් සොයාගෙන හැතැක්ම 25 ක් පමණ යා යුතුය.

      Delete
    3. එලකිරි මාතලං බොස්..

      @ ප්‍රසා - හිටිං ඉස්සරහ බිල්ඩිම හදල ඉවරවෙනකං

      Delete
    4. මාතෙ,
      හරිනං පෝස්ට් එක උඹේ. කමෙන්ට් එක මගේ. බොහොමයකට එකඟයි.

      කල්බදු තහනම
      කවුරු වුණත් යන්ත්‍රොපකරණ වලට ලීසිං දෙන්නෙ මරන්න හැදුවොත් තමා. උඹට මතකද බැංකු දැං වගේ හිටු කියලා ලීසිං නොදුන්න කාලෙ ෆිනෑන්ස් කොම්පැනි වල පොලී අනුපාත?

      රක්ෂණය
      අපේ රටේ රක්ෂණය මිනිස්සුන්ට එපා කෙරෙව්වේ ආණ්ඩුවේම සංස්ථාවට තිබ්බ එකාධිකාරයයි, මුලදි ප්‍රිමියම් එලෝ එලෝ එකතු කලත් පහු වෙනකොට පැත්ත නොබලන නියෝජිතයොයි නිසා.

      එක්සිම් බෑන්ක්
      බැංකුවල ඒකාධිකාරය නැතිවෙලා ආණ්ඩුවේ ඒකාධිකාරය ඇතිවේවි. එතකොට ඒත් හබක්.

      ඒකාබද්ධ කිරීම
      තරඟකාරිත්වය අඩුවීමට හේතුවකි.

      සෙලාන් බැංකුව
      ඇත්තටම මේ රටේ බැංකුවල ඇස් ඇරෙව්වෙ සෙලාන් බැංකුව තමා.

      බැංකු සියල්ල ගණුදෙනුකරුවන් වෙත යනවානම් ඉතා හොඳය. රජයේ බැංකු වශයෙන් ඒකාධිකාරයක් තිබීමත්, අපේ වැඩවසම් සම්ප්‍රදායට සුද්දාගේ අණ කිරීමේ අණකිරීමේ ආර එක්වූ කලක බිහිවූ බැංකු ක්‍රමය අද බොහොම වෙනස්. ඒ නිසා දැන් මැම්බර්ලා නැත. කළාතුරකින් හිටියත් හෙට අනිද්දාම පැංසොං යනවා ඇත.

      අනෙක් සියල්ලටම එකඟයි. බොට ඉතිං ගල් බෝතලේ අමතක වුණානං තමා පුදුම!

      මෙන්ඩා,
      මට පුදුම මේ තරමට ලියන්න පොරට වෙලාව තිබුණ එක.

      ප්‍රසා,
      එහෙම සර්ව ප්‍රදේශග්‍රාහී ශාඛා පද්ධති කාටවත් නෑ බං.

      විදානේ,
      උඹද බිල්ඩිං අයිතිකාරයා.

      Delete
  3. එල ද බ්‍රා මචං..
    පහුගිය කාලේ උඔට වැඩිය කරදර කරේ නෑ මේක ලියන්න කියලා..
    මචං..මේ පොස්ට් ටික උසස්පෙල කොමස් කරන ළමයෙකුට මාර වටිනවා..

    ReplyDelete
    Replies
    1. ලබන අගෝස්තුව වෙනකොට මේ යෝජනා කීයක්නං අකුලගෙන තියේද දන්නෑ. තව පෝස්ට් එකක් ලියන්න වෙයි සංශෝධිත අයවැය ගැන.

      Delete
  4. රත්තරං ගණං අඩුවීමට බැංකු කැමති නැතිඋනාට සාමාන්‍ය ජනයා කැමතිය.
    ඔය රජයේ බැංකුවකින් ලෝන් එකක් ඉල්ලුවාම මාස හයකට පස්සෙත් 'ෆයිල් එක බැංකුවෙ' කියන තත්වෙට පිළියමක් යෙදිය යුතුය. නැත්තං අපි අනාතය :D

    ලිපිය හොඳයැ.

    ReplyDelete
    Replies
    1. /ඔය රජයේ බැංකුවකින් ලෝන් එකක් ඉල්ලුවාම මාස හයකට පස්සෙත් 'ෆයිල් එක බැංකුවෙ' කියන තත්වෙට පිළියමක් යෙදිය යුතුය. නැත්තං අපි අනාතය/
      ඌරගේ මාලු සහ පිට

      Delete
    2. ප්‍රසා,
      ඒ වුණාට උකස්කරන්න ගිහාම එයාලාත් කැමති නැතිය.
      (අනේ මේ අසරණ මං මක්කොරංටද බාං...?)

      විදානේ,
      බලපංකො මූව අඳුනගත්ත එකේ විපාක.

      Delete
  5. /අක්‍රිය ගිණුම් වල තැන්පතු ඒකාබද්ධ අරමුදලකට/

    පස්සෙ අපි මේ ගිණුම් ආපහු සක්‍රිය කළාම ආපහු අපේ සල්ලි ඒකාබද්ධ අරමුදලෙං අරං දෙනවද?

    ReplyDelete
    Replies
    1. ඉස්සර තිබ්බ නීතිය යටතේනං පුළුවං ඩ්‍රැකියො. දැං අළුත් නීතිය කෝමදනං මංදා.

      Delete
    2. මෙන්න මදාවිය මේක අස්සෙ රිංගලා. විසිටරයෝ...!!!!

      Delete
    3. මෙහෙ වරෝ............(මේ පාර අවුරුදු 10 ක් අක්‍රිය ඒවාලු ගන්නෙ)

      Delete
  6. උඹට මේ බ්ලොග් ඒකත් තියෙනවා කියලා මං මතක් කරලා දෙන්නම් කියලා හිටියේ....

    ReplyDelete
    Replies
    1. මං මේ උඹ මතක් කරනකං හිටියෙ..හැක්

      Delete
  7. හොඳයි බං මේකත් ඉහලට ගත්තු එක. පට්ට වටිනවා මෙ කරුණු. බැංකුවල ඉන්න උඹල විතරක් දන්න මේ සමහර දේවල් මහජනය අතරට යන්නෙ බොහොම අඩුවෙන්.

    ReplyDelete
    Replies
    1. දැංනං ආණ්ඩුවටම පොලී ගෙවපියව් කියලා ණයක් ගත්තැකි මචෝ උඹට.

      Delete
  8. Replies
    1. විලි ලැජ්ජා හැත්තෑවයි!

      Delete
  9. අපූරුයි... මට මේක කියෝලා ඔය ගැන අදහසක් ගත්තැකි .. මේ සම්බන්ධ දැනුමෙන් මම නිල්...

    ReplyDelete
    Replies
    1. මම හිතුවේ ‘නල්‘ කියලා.

      Delete
  10. Replies
    1. ඒ්කාබද්ද කොරන්නෑ කියලා ජේ අැස් අැස් ඒකට පොරොංදු උනාය කියන්නෙ.

      Delete
  11. /සිං ගන්න ගිහාම ප්‍රයිවට් ලීසිං/ෆිනෑන්ස් සමාගම් ඉක්මනින් ලිහිල් කොන්දේසි උඩ ලීසිං දෙනවාය. හැබැයි පොලියත්, අයකරන විවිධ ගාස්තු බලුවමත්, කලින් එක පාර ගෙවලා ඉවර කරන්න ගිහාමත් බැංකු ඊට වඩා හොඳයි කියලා වෙලාවකට හිතෙනවාය./

    හනේද කියන්නේ....

    ReplyDelete
    Replies
    1. අපි නොදන්න මොනරතැන්න.

      Delete
  12. යන්තං ලාවට හරි තේරෙන්න මෙහෙම ලියහං... නැහ්නං සදා සොත්ති නෙව..
    ජයවේවා..!!

    ReplyDelete
  13. මේක හරියට තේරුම් ගන්න වෙන්නේ 2016 මැද භාගයේදී විතර කියලයි මට හිතෙන්නේ.

    ReplyDelete
    Replies
    1. මං හිතන්නෙ ඊට කලිං ගොඩක් ඒව්වා අකුලගනීවි වගේ.

      Delete
    2. ඕං අගමැති උන්නාන්සේ අද පාරලිමේන්තුවේදී විසේස පොරකාසයක් කොරනවාලු. බලමුකෝ මොකද්ද කියලා.

      Delete
  14. මොකද මේ විසිටරයාගේ පොස්ට් එකට උඹ රිප්ලයි දාන්නේ හෑ.. හැක හැක හැක..

    මචෝ.. එළකිරි.. අර බැංකු වලින් මුදල් ගද්දි ගහන බදු සින් එකයි අදායම් බදු සින් එකයි මට අවුල්.. ලස්ස දහයම එක පාර ගන්නේ නැතුව නවය හමාරයි ඉතුරු පනස්දාහ වෙන දවසකයි ගත්තත් බදු වදිනවද? මන් ඇහුවේ අපහු ගන්න මුදලේ එකතුවද (මාසයක් තුල අවුරුද්දක් තුල වගේ..) අනිත් එක අදායම් බදු.. අවුරුද්දක පඩිය ලක්ෂ විසි හතරට අඩු නම් බදු වැදෙන්නේ නැද්ද? ඊළඟට අවුරුද්දට ලක්ෂ විසිහතරක් ඒ කියන්නේ මාසෙකට ලක්ෂ දෙකක් පඩි ගන්න එකාට මාසෙකට කියක් අදායම් බදු වදිනවද? (උඹ කියල තියෙන විදියට 15%? ඒ කියන්නේ ලක්ෂ දෙකක් ගන්න එකාගෙන් රුපියල් 30000ක්? හෆොයි.. )

    ReplyDelete
    Replies
    1. මං ඉතිං ජෙමිනි මෑන් නේ...
      ඇත්තටම මේ ඩෙබිට් ටැක්ස් එක පැහැදිලි නෑ. මම හිතන්නේත් එක වරකට ආපසු ගැනීම ගැන වෙන්න ඕනි.
      පඩිය විදිහට 199,999 ක් ගත්තානං අවුලක් නෑ. පැන්නනං බඩු!

      Delete
  15. කියෙව්වා, දැන් කමෙන්ට් කරන්න වෙලා මදි. පස්සේ එන්නං...

    ReplyDelete
    Replies
    1. සුවර් එකටම ඩෝප් ඇති මේ වෙලාවෙ.

      Delete